The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

මංගල: වැඩවසම් රටක ලිබරල්වාදියෙකුගේ ඉරණම -චන්ද්‍රරත්න බණ්ඩාර

T

The Leader Desk

October 3, 2021 • 7:28 AM

මංගල: වැඩවසම් රටක ලිබරල්වාදියෙකුගේ ඉරණම -චන්ද්‍රරත්න බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුනිල් පෙරේරාගේ වියෝවට සතියක විරාමයක් තබා මංගල සමරවීර මහතා කල් ඇතුවම මියගියේය.
  •   මංගල වෘත්තීයවේදියෙකු ලෙස මෝස්තර නිරෑපණ ශිල්පියෙකු විය.
  • ඇතමුන් ඒ නරා වලේම ගිලෙමින් බලයම රසයක් කොට ගනිමින් ජීවත් වෙති.
  • දොඩම්ගොඩ      THE LEADER TV    අන්ධකාරයේ රිදී රේඛාව | The Leader TV     Silver linings in the dark clouds of Covid-19 | The Leader TV      
අකුරු ප්‍රමාණය (Font Size):
 
මංගලගේ වියෝවීම දේශපාලනයේ දුර්ලභ උපතක් අහිමි වීමකි. සුනිල් පෙරේරා ද ලාංකික සංස්කෘතියේ එවැනිම අහිමිවීමකි. 
 
එහෙත් දෙදෙනාම සිය ප්‍රධාන විෂය කේෂේත්‍රයන්ගෙන් අනෙකට බලපෑම් කළෝ ය. ඒ මංගල සංස්කෘතික ක්ෂේත්‍රයටත් සුනිල් දේශපාලන ක්ෂේත්‍රයටත් වශයෙනි.
 
මංගල වෘත්තීයවේදියෙකු ලෙස මෝස්තර නිරෑපණ ශිල්පියෙකු විය. මෝස්තර නිර්මාණ ශිල්ප විෂයයේ දී ඔක්ස්පර්ඩ් කේම්බ්‍රිජ් මට්ටමේ කීර්තියක් දිනා සිටි එංගලන්තයේ සෙන්ට්‍රල් මාටිනස් විශ්ව විද්‍යාලයෙනි මංගල මෝස්තර ශිල්පය උගත්තේ. 
 
එතැනදී ඉතාම සාර්ථකව ඔහුගේ ආත්මය දරා සිටි ලිබරල්වාදි සංස්කෘතික සත්වයා ජයග්‍රාහී විය. ඒ ඔහුගේ සේවාදායක ප්‍රජාව වූයේ ලිබරල් වටිනාකම් හි අගය මැනවින් දත් පිරිසකි. 
 
එහෙත් ඔහුට දේශපාලනයේ දී මුණ ගැසෙන්නේ එයාකාර සේවා දායකයින් පිරිසක් නොවේ. කප්පරක් වැඩවසම් මතවාදයන්ගෙන් පිරිණු මනස් සහිත පිරිසක් තමන්ගේම ක්‍රමයකට තනාගත් දේශපාලන විලාසයක සිරි අසිරි බලන්නට මංගලට සිදුවිය. 
 
බල දේශපාලනයේ දී චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ හැරුනු කොට මංගලගේ නූතනත්ව අදහස් තේරුම් ගත හැකි කිසිවෙකු සිටියාදැයි සැක සිතේ.
 
ලංකාවේ බල දේශපාලනයේ ස්වරූපය නම් එය ගලා යන ආකාරයට අකමැති උදවිය පවා බැහැර නොවී එහිම ඇලී ගැලී සිටීමයි. ඇතමුන් ඒ නරා වලේම ගිලෙමින් බලයම රසයක් කොට ගනිමින් ජීවත් වෙති. සමහරු එය නිවරැදි කරන්නට යත්න දරමින් ම ඒ බලය භුක්ති විඳිති. 
 
මංගල අයත් වන්නේ දෙවැනි ගොනුවටය. එහෙයින් මංගලගේ හැසිරීමෙන් ලංකා සමාජයේ ලිබරල් හා නිදහස්කාමී චලනයන් සිදුවිය. අප ඔහුට ගරු කරන්නේ සීමා මායිම් තිබුණ නමුත් ඒ උත්සාහයටය.
 
 
Chandraratne Bandaraචන්ද්‍රරත්න බණ්ඩාර
සංස්කාරක
යාත්‍රා
 
 
 
 
 
 
සබැඳි විශේෂාංග:
 
 
 

 
THE LEADER TV 
 
අන්ධකාරයේ රිදී රේඛාව | The Leader TV
 
 
Silver linings in the dark clouds of Covid-19 | The Leader TV
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...