The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

හමුදා විසුරුවා හරිමු. සාමය ස්ථාවර කරමු !

T

The Leader Desk

October 8, 2021 • 5:52 AM

හමුදා විසුරුවා හරිමු. සාමය ස්ථාවර කරමු ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ලිපිය ලියන්නට හේතු වුණේ ප්‍රසාද් වැලිකුඹුර විසින් ෆේස්බුක්හි තබා තිබූ සටහනකුයි. එය මෙසේයි:
  • – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 17.3 ≈ 1/5.
  • හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ.    හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි.    අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ.
  •       මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ගුරුවරු ළමයි ලක්ෂ ගණනකට උගන්වනවා. – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 17.3 ≈ 1/5.
 
සෞඛ්‍ය සේවකයෝ – රෝගීන් ලක්ෂ ගණනකට ප්‍රතිකාර කරනවා. – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 10.9 ≈ 1/10.
 
ත්‍රිවිධ හමුදාව – ??? – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 18.2 ≈ 1/5.
 
Screenshot 2021 10 08 at 11.36.05 AM
 
 මේ කතාව අහපු ගමන් ඔබ කම්පනයට පත්වේවි. සිංහල ජාතිවාදියෝ අපට බනින්නට පටන් ගනීවි. අපි කොටින්ට කඩේ යනවාය, මුස්ලිම් අන්තවාදීන්ට කඩේ යනවාය කියාවි. හමුදාව නැතුව ආරක්ෂාව සලස්වාගන්නේ කොහොමද අසාවි. ඒ සියල්ලට පිළිතුරු මෙම ලිපියේ තියෙනවා.
 
ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. 
 
හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. 
 
අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ.
 
  
 මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.
 
 
හමුදාවල රැකියා කරන අයට යන එන මං නැතිවෙයි කියලා බයවෙන්න එපා. ඒ අයව පොලිසිය, වෙරළාරක්ෂක සේවය, ආපදා කළමනාකරණ සේවය ආදිය සමග සම්බන්ධ කරන්නට පුළුවන්.
 
මෙම කාරණය පිළිබඳ මහාචාර්ය රොහාන් සමරජීව විසින් අප වෙබ් අඩවියට ලියන ලද අර්ථශාස්ත්‍ර ලිපියක පැහැදිලි කරනු ලැබුවේ මෙසේයි:
 
 
2042c0be9494864535b2e461a4d696fb XL
 
මහාචාර්ය රොහාන් සමරජීව 
 
 
විදේශීය ආක්‍රමණවලින් හා බලහත්කාරයන්ගෙන් ආරක්ෂා වීම ලෙස අර්ථ නිරූපණය කර තිබෙන ජාතික ආරක්ෂාව නම් පොදු යහපත සැපයිය හැකි ආකාර කීපයක් තිබෙනවා. ජාතික ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන් යුද, ගුවන් හා නාවික හමුදා නඩත්තු කිරීමට අවශ්‍ය නැහැ. 
 
සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු, 1948දී, කොස්ටාරිකාවේ ජනාධිපති හොසේ ෆිගර්රෙස් ෆෙරර් එරට හමුදාව විසුරුවාහැරියා. වසර 1949දී, එම විසුරුවාහැරීම කොස්ටාරිකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළා. හමුදාව වෙනුවෙන් වෙන්කරන ලද අරමුදල් දැන් කැපකරනු ලබන්නේ ආරක්ෂාව, අධ්‍යාපනය හා සංස්කෘතිය වෙනුවෙනුයි. 
 
කොස්ටාරිකාව පොලිස් මුර බලකායක් පවත්වාගෙන යනවා. කොස්ටාරිකාව දූපතක් නෙමෙයි. එහෙත්, එරට විදේශ ආක්‍රමණවලට ගොදුරු වී නැහැ. අසල්වැසියන් සමග යුද්ධවලට ද පැටලී නැහැ. සෙසු ලතින් ඇමරිකානු රටවල නිරන්තරයෙන් සිදුවන ආකාරයේ කුමන්ත්‍රණ ද එරට සිදුවන්නේ නැහැ. 
 
දැවැන්ත හමුදාවක් නොමැතිව අපට පැවතිය හැකිය යන අදහස පවා බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ කම්පනයක් නිර්මාණය කරනවා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම සඳහා හමුදාව අවශ්‍ය වූ බව ඇත්තක්. 
 
එහෙත්, කොටි සංවිධානය කියන්නේ දේශීය ප්‍රශ්නයක්. විදේශීය බලවේගයක් නෙමෙයි. කොටි සංවිධානය වැනි දේශීය බලවේගවලට එරෙහිව ක්‍රියාමාර්ග වඩා හොඳින් ගතහැක්කේ විශේෂ කාර්ය බලකාය වැනි ප්‍රති ත්‍රස්ත ඒකකවලටයි. එය පොලිසියේ කොටසක්. ත්‍රිවිධ හමුදාවට අයත් නැහැ.
 
ඉන්දියාව 1987දී ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මුහුදේ හා ගුවනේ හමුදා ධාරිතාවන් අවශ්‍ය වීමට සාක්ෂි ලෙස ඇතැමෙකු විසින් පෙන්වා දෙන්නට පුළුවන්. එහෙත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය යාත්‍රා හරවා යැවීම හුදෙක් සංකේතාත්මක ක්‍රියා පමණක් බව හැඟීම්බර නොවී විමසා බැලුවොත් පෙනේවි. ඉන්දීය ගුවන් යානා විසින් අපගේ ගුවන් අවකාශය ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංකේතාත්මක විරෝධයක්වත් පළකළේ නැහැ.
 
 
ශ්‍රී ලංකාවේ භූමි පිහිටීම හා බලයේ තිබෙන දැඩි අසමමිතිකබව සැලකිල්ලට ගත්විට වැටහෙන දෙයක් වන්නේ, අපගේ ජාතික ආරක්ෂාව වඩා හොඳින් දිනාගත හැක්කේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් හා බහුපාර්ශ්වීය එකඟතා ඇසුරෙන් මිස දැවැන්ත හමුදා නඩත්තු කිරීමෙන් නොවන බවයි. 
 
 
අපගේ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ආදර්ශය සපයන්නේ සිංගප්පූරුව මිස තායිවානය නොවේ. 
 
ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා ඔස්සේ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාව කළමනාකරණය කරගැනීම මගින් හතරවන ඊලාම් යුද්ධය කාලයේදී ලැබුණු ජාතික ආරක්ෂාව ආයුධ වෙනුවෙන් හෝ මිනිසුන් වෙනුවෙන් හෝ කෙතරම් මුදල් වැය කළත් ලබාගත නොහැකි වූ දෙයක්. (ජාතික ආරක්ෂාව අර්ථ නිරූපණය කරන්නේ විදේශීය ආක්‍රමණවලින් හා බලහත්කාරයන්ගෙන් ආරක්ෂා වීම ලෙසයි.)
 
අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ලෙස පුහුණු කරන ලද, කාර්යක්ෂම පොලිස් ඒකක පවත්වාගැනීම අවශ්‍යයි. නාවුක ආරක්ෂාව හා ශ්‍රී ලංකාවේ විස්තෘත ආර්ථික කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් වෙරළාරක්ෂක බලකායක් පවත්වාගෙනයාමත් අවශ්‍යයි. එවැනි වටිනාකම් මෙමගින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, භූමිකාවන් හා පුහුණුවීම් සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙන අවුල්සහගතබව නිසා ලැබෙන ප්‍රතිඵලය එතරම් ප්‍රශ්ස්ථ එකක් නෙමෙයි.   
 
කාර්යක්ෂම විදේශ සේවාවක් විසින් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක ජාතික ආර්ථිකයකට කළ හැකි දායකත්වය තේරුම්ගැනීම මගින් කැපීපෙනෙන ප්‍රතිඵල ලබාගත හැකියි. එහෙත්, අවාසනාවට මෙන්, අපගේ තානාපති කාර්යාල වර්තමානයේදී කටයුතු කරන්නේ නිල රාජ්‍ය තාන්ත්‍රික සේවා සම්පාදකයන් ලෙසයි. 
 
එසේම, විදේශ සේවා කියන්නේ රටින් බැහැර බලවත් පුද්ගලයන්ගේ ආහාරයක්. නැතිනම් පාලකයන්ගේ නෑයන්ට හා මිතුරන්ට සුවපහසු රැකියාවක්. විදේශ ප්‍රතිපත්ති අරමුණු ඵලදායී ලෙස ඉටුකිරීම කෙරෙහි තබා තිබෙන්නේ ඉතා අඩු බරක්.   
 
242077204 6318980831476103 8558238893745174271 n
 
ප්‍රසාද් වැලිකුඹුරගේ සටහන සමග ඇති වූ සංවාදයේදී චරිත් හර්ෂණ මෙහෙම කියනවා.
 
රටේ ඉන්න ලක්ෂ ගණනම ආරක්ෂා කරනවා. මොකක්ද අවුල? ගංවතුරක් ආවත්, නාය යෑමක් උනත්. මොකෙක් හරි එකෙක් කැලේක අතරමං උනත්, මොන මඟුලක් උනත් උන් තමා යන්නේ ඒ මිනිස්සු වෙනුවෙන්. ඉතින් ඕකේ අවුලක් නෑනේ.
 
ප්‍රසාද් වැලිකුඹුර එයට පිළිතුරු දෙන්නේ මෙහෙමයි:
 
 
 
 
78238434 10162815281925296 1700644974330118144 n
2009 යුද්දේ ඉවර වුනයින් පස්සේ අවුරුදු 12 ඇතුළත කීසැරයක් ආරක්ෂා කළාද? කීසැරයක් කී දෙනෙක් ගංවතුර, නායයාම් අනෙත් ආපදා වලින් ආරක්ෂා කළාද? ඔය ආරක්ෂා කරනවා කියන එක කිසි බරක් නැති කතාවක් එහෙම අවදානමක් ඇවිත් ඒවා නැවැත්තුවා කියලා පේන්න නැති කොට. හොඳ උදාහරණයක් තමයි පිටසක්වල ඉඳලා එන්න පුළුවන් තර්ජණ වලින් බේරෙන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් Space Force එකක් පටන් ගන්න ගියපු එක. ඒක සාධාරණීකරනය කරන්න ගෙනාපු තර්කයත් ඕක.
 
 
 
 
 
 
189986842 10159202379724326 4268289096394136324 n 1(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී
 
 
 

THE LEADER TV 
 
කුරුණෑගලටත් අබ සරණයි 
 
 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...