The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

තුන්සිය හැට, ඉලක්කය සහ වෙහෙරලියැද්දලාගේ සිංදුව - චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

October 9, 2021 • 9:54 AM

 තුන්සිය හැට, ඉලක්කය සහ වෙහෙරලියැද්දලාගේ සිංදුව - චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුන් හෙලේ ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා, ලක් මවගේ ඇස් වහලා, මගෙ රටම ගිනි තැබුවා...
  • 2024 විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය රනිල් වික්‍රමසිංහට ආරෝපනය කිරීමය.
  • රනිල් අභයාරාමයට දැක්කීමත්, එජාපයේ 75 වෙන සංවත්සරය දවසේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ පාක්‍ෂිකයන්ට පන්සිල් දීමත්, ඉබේ සිද්ධ වුණ දේවල් නොවේ.
  • දුරකතන ඇමතුමක් හරහා දිල්රුක්‍ෂි ඩයස් කොටු කළ ජාතියේ බලු කෙළියකි.        සූක්‍ෂම ලෙස නිරීක්‍ෂණය කරන්නෙකුට මිස, ඔහේ බලා සිටින්නෙකුට මේ යටි උගුල් නො පෙනීම මාකටින් ක්‍රමවේදය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 

 
පසුගිය දා ප්‍රමුඛ විද්යුත් මාධ්‍ය නාලිකා දෙකක, පිළිවෙලින් රනිල් වික්‍රමසිංහ (තුන්සිය හැට) සහ අනුර කුමාර දිසානායක (ඉලක්කය) දෙදෙනා සමග කළ  දේශපාලන සාකච්ඡා ගැන මගේ නිරික්‍ෂණ කවරේදැයි කිහිප දෙනෙකු  විමසීය. 
 
රටේ බොහෝ දෙනෙකු මෙන් ටෙලි නාට්‍යයක් ගැන දක්වන උනන්දුව දේශපාලන වාදවිවාද කෙරෙහි නො දක්වති. මේ ලියුම්කරුද තරමකට ඒ වර්ගයේය. 
 
දෙරණ මාධ්‍යවේදියා “නායකතුමා” යනුවෙන් ආමන්ත්‍රණය කළේ ගුරු මුෂ්ඨි තබා නොගමිනි.  තුන්සිය හැට පහ නැරඹු බහුතරයක් දෙනා එයින් යම් දේශපාලන උත්තේජනයක් ලැබුවා විය හැකිය. එසේ නොවේ නම් බැලුවාදැයි  අසන්නේ නැත.  
 
අසාර්ථක වර්තමාන පාලනයට එරෙහි සාර්ථක බර අවිය රනිල් වික්‍රමසිංහද යන්න ඔවුන් තුළ පැවතියේ සැකයක් මිස සමබර විනිශ්චයක් නම් නොවේ. එය නැරඹු කෙනෙකුට මානවම්ම ප්‍රාතිහාර්ය මෙන් ආන්න රනිල් වුණා විය හැකිය. 
 
එහිදී යළි යළි උච්ඡාරණය කළ අයිඑම්එෆ් යනු, තවත් ලෝක සංවිධානයක් මිස, රනිල් වික්‍රමසිංහගේ සොයා ගැනීමක් නොවේ.  එසේම අයිඑම්එෆ් සහාය අත් හැරිමේ අවාසියද රනිල්ගේ සොයා ගැනීමක් නොවේ. කවුරු කවුරුත් එය ප්‍රමාණයටත් වඩා විඳවමින් සිටිති. 
 
කිහිප දෙනෙකු කොමිස් ගසමින් පොහොසත් වෙති.  2035 වනවිට අපට විශ්‍රාම වැටුප් ගෙවිය නොහැකි වනු ඇත යන්න ආර්ථික විශේලේෂකයන් සිහිපත් කළේ අද ඊයේ නොවේ. 
 
කොවිඩ් වසංගතය ආරම්භයේදීම දිගටම ටෙස්ටින් කරන්නැයි රනිල් අවධාරණය කිරීම නම් දිය(බැහැපු)සේනට සාපේක්‍ෂව, අගය කළ යුතුවේ. 
 
ඒ රනිල් වික්‍රමසිංහ, රටේ අගමැතිව සිටියදී යම් කාලයක් රටේ ආරක්‍ෂක කවුන්සිලයට තමන් නොකැඳවීම පිළිබඳ අවදානම් සහගත තත්වයක් පිළිබඳ ඔහුට නො දැනුණේද? සිරිසේන ජනාධිපති වගකිව යුතු එකී  බරපතල තත්වය ගැන රනිල් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබිණ. 
 
සිව් වරක් රටේ අගමැති කටයුතු කළ මේ මහා ප්‍රාඥයා, බුද්ධිමතා ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් නොකළේ සිරිසේනට අනාගැනීමට ඉඩ හැරිමේ ඔහු තුළ පැවති කාලකන්නි සතුට නිසා නොවේද?
 
 
1632826083 derana 360 ranil wickremesinghe
 
මේ නිරාවරණය වන්නේ තුන්සිය හැට නරඹන්නන්ට අල්ලා ගත නොහැකිවූ ආන්න ඒ රනිල්.. ය. රාජපක්‍ෂ විරෝධීන් තෘප්තිමත් කිරීමට සහ පාලකයන්ගේ පහසුවට මාධ්‍ය කාරයන් නැගිට්ටුවා හේත්තු කරන රනිල් එවැන්නෙකි. 
 
මේ ප්‍රවර්ධනය යනු, පවත්නා පාලනයට සහ  පවතින ක්‍රමයට එරෙහිව සිදුවන දූෂණයන් පිටු දැකීමට රටේ සු බුද්ධික මිනිසුන් දරන උත්සාහය අඩපන කරන්නකි. ඒවා බලවේග මොට කරන පාස්කු ප්‍රහරය පන්නයේ සටකපට විජ්ජා වෙති. 
 
මේ  සිද්ධ වන්නේ පාස්කු ප්‍රහාරයට වඩා බරපතල කුමන්ත්‍රණයකි. 2024 විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය රනිල් වික්‍රමසිංහට ආරෝපනය කිරීමය. රනිල් අභයාරාමයට දැක්කීමත්, එජාපයේ 75 වෙන සංවත්සරය දවසේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ පාක්‍ෂිකයන්ට පන්සිල් දීමත්, ඉබේ සිද්ධ වුණ දේවල් නොවේ. දුරකතන ඇමතුමක් හරහා දිල්රුක්‍ෂි ඩයස් කොටු කළ ජාතියේ බලු කෙළියකි. 
 
 
 
සූක්‍ෂම ලෙස නිරීක්‍ෂණය කරන්නෙකුට මිස, ඔහේ බලා සිටින්නෙකුට මේ යටි උගුල් නො පෙනීම මාකටින් ක්‍රමවේදය වේ. වෙහෙරලියද්දලා මතු කළ, හොඳටම කෙරුවේ මමයි සන්නාමයෙන් බුහුමන් ලබන, අර දියසේන රටේ දිය ගොඩ දෙකටම කළේ විනාසයකි. 
 
 
පසුගියදා බෝපිටියේ සාන්ත නිකෝලා දේවස්ථානයට ලෝගු පැළඳගෙන විත් ප්‍රහාරයක් එල්ල කළ හැකි බව නාවික හමුදාව යාඥා කිරීමට ආ සැදැහැතියකට කියලා යාමෙන් රටේ ජාතික ආරක්‍ෂාව හෙවත් වෙහෙරලියැද්දලාගේ දියසේන සිංදුව දිනපතා අප්ඩේට් වෙමින් පවතී.  
 
2015 යහ පාලන ජය කුන්තය අතට ගත් රනිල්, රාජපක්‍ෂලාට රජ වීමට අවශ්‍ය සිංහාසන ඔටුණු රකිමින් පසුබැස ගියේ නැවත රාජපක්‍ෂ, ආපසු රනිල් යළි රාජපක්‍ෂ ආදි ලෙස බල යෂ්ඨි හුවමාරුව ශක්තිමත් කරන පවත්නා ක්‍රමය පිළිබඳ විශ්වාසයෙනි.  
 
එකෙකුට දෙවරක් කෙළින් විය නොහැකි හොරා හිරේ යවන ව්‍යවස්ථා සහිත සාඩම්බර පිලිපීනය වැන්දඹු ගැහැනියකගේ නිර්මානයකි. 
 
ඊට සාපේක්‍ෂව, පෑගෙන පොඩිවෙන මිනිසුන් වෙනුවෙන් තමන් පෙනී සිටියා යයි සේනානායක වෙහෙරලියැද්දට සතුටු විය නොහැකිය. ලංකාවේ මාධ්‍යය යනු කලාවක්ද බිස්නස් එකක්ද යන්න කාට කාටත් වටහා ගැනීමට මේ උදාහරණ ප්‍රමාණවත්ය. 
 
 
ඉහත කී තුන්සිය හැට, සාකච්ඡාව දෙකට බිඳුණ එජාපයට හෝ ඇද වැටුණ රනිල්ට මුක්කුවක් නොවේ.  සබුද්ධිකව සිතන මිනිසුන්ට පාර වරද්දන රාජපක්‍ෂලා වෙනුවෙන් එළෙන දඩයම් වැළකි. උගුලකි. ඉත්තෙකි. 
z p11 Politician                ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක
 
 
ආසන්න වසර හතළිහක් රටේ පරිහානියට හේතුව කාලකන්නි දේශපාලනඥයන් නොවේ. කරුමක්කාර විධායකයේ නො ගැලපීමය.  
 
1972 තෙක් පැවති වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට සැකසුණ ව්‍යවසථාවෙහි රාජ්‍ය පාලනයට අත පෙවීමට දේශපාලනඥයන්ට අවසරයක් නො වීය. එහෙත් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව හරහා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගෙන් (සාගරයක් මැද...) පටන් ගත් ඒ කුප්ප වැඩේ තවමත් සිදුවේ. 
 
හමුදා කාරයෙක් පිළියන්දලදී තමන් ඉල්ලා සිටි රියැදුරු බලපත්‍රය නොදීම නිසා තරුණයෙකුගේ කණ පැලූවාය කීවේත්, ලොහාන් හතර ගාතෙන් මහ රෑ හිර ගෙදරට ගෑටුවේත්, මෝදර ක්‍රීඩකයෙකු මරා, ඌ කුඩු කාරයෙකු යයි කියා තිබුණේත් හතළිස් වසරක් පැවති නීතිය සාක්කුවේ දමා ගත් පුරුද්දටය.  
 
 
ජල්බරියකට අසුවූ හැම එකාම රණවිරු වෙති. රාජපක්‍ෂලාගේ සොරකම් තිස් අවුරුදු යුද ජයෙන් යටපත් වේ.  අපරාධයක් සිදුවූ තැනකින් පතරොම් කිරිච්චි සමග රණවිරුවන් සොයා ගත් විට නීතිය අන්ධ ගැහැනිය සමග මහ දවල් නිදි වදින්නේ, විධායක ක්‍රමය නිසාය.
 
 දුමින්ද සිල්වා රාජ්‍ය ආයතනයකට පත් කිරීම කියන්නේ මිනි මරුවෙකුට ඇති ගෞරවය, මැරුම් කෑ මිනිසෙකුට නැති බවය.
 
තොටළඟ එල්ලේ ක්‍රීඩකයා ඝාතන සිද්ධියට මෝදර හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ඇතුළු සැක කරුවන්ට  ඇප නො ලැබිණ. එහිදී එකී සැක කරුවන් පෙනී සිටි නීතිඥවරු සැකකරුවන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නිසා විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.  
 
වාර්තාවූ අපරාධය බුද්ධි අංශ රාජකාරියක් නොවන ඝාතනයක් හෙයින් සැක කරුවන්ට රක්‍ෂිත බන්ධනාගාරය තුළ විශේෂයක් කරන ලෙස තමන්ට නියෝග කළ නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය. 
 
එයින් තහවුරු වන්නේ ඝාතනය වූවෙකුගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත බව මෙන්ම, රටේ නීතිය විධායක ක්‍රමයෙන් විකෘතිව ඇති බවය. 
 
සාවද්‍ය ගමන් බලපත්‍රයක් අතැතිව අත් අඩංගුවට ගත් විමල් විරවංශ මුදා හැරීමට තමන් නියෝග කළ බව රටේ අගමැති ලෙස රනිල් සාඩම්බරයෙන් පාර්ලිමේන්තුවට දැන්වූයේ ෆීලික්ස් ඩයස් ගෙන් පටන් ගෙන හමුදා සොල්දාදුවන් තෙක් බෝවී ගිය කුප්ප වැඩේට රනිල්ද, ලජ්ජාවක් බයක් නැතිව හුරුවී සිටින නිසාය. 
 
 
පවත්නා ක්‍රමය නිසා, රට පමණක් නොව රෝයල් ගිය හාමු  මහත්තුරුද සක්කිලි වැඩට පුරුදුවී ඇති බවට තවත් සාක්‍ෂි නුවමනාය. ඔබ ජාත්‍යන්තර චරිතයක් නොවේදැයි දෙරණ විමසූ විට රනිල් දෑත් බැඳ බලා සිටියේ මූට පිස්සුදැයි අසන ඉරියව්වෙනි. මේ අවස්ථාව සිඳු නාට්‍යයේ නන්දිපාල සහ පූර්ණා හමුවීමකටත් වඩා අජූතය. 
 
 
රටේ සබුද්ධික ජනතාව මේ ක්‍රමය වෙනස් කළ යුතුයයි කල්පනා කරන හේතුව රටේ මාධ්‍යකරුවන් තේරුම්ගත යුතුවේ. කාට කඩේ ගියත් නව පිබිදීමට ඉඩදිය යුතුවේ. 
 
 
 
Anura 21 1
 
අනුර කුමාර දිසානායක ඉලක්කය වැඩ සටහනට කැඳවා ගත්තේ ජනාධිපති කරවීමට නොවේ. 
 
විජේවීරට ආවේස වූ ජවිපෙයට තිස් අට වසරක් වසරක් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය තුළ නිත්‍ය බිම්කඩක් ලැබී නැත. 1935 පටන් ගත් ලංකාවේ වමේ බලවේග හතළිස් දෙවසරකින් අහවර විය. 
 
2025 එළඹෙන මහමැතිවරණ වසරට ජවිපෙටත් වසර හතළිස් දෙක උදාවේ? අද ජවිපෙට යනු පොදු බලවේග විනාස කරන වෛරසයකි. 
 
 ඉලක්කයට පැමිණි අනුර කුමාරට අනුව, රට ගොඩ ගැනීමට ජනතා කැපවීම උවමනාමය. කාර් වෑන් පදවාගෙන පැමිණ ලබා ගන්නා සමෘධි දීමනා අනුමත කරන්නේ රජයේ නිලධාරින්ය. අනුරලා නිතර රටට හෙළි කරන හොරකම් දූෂණ වංචාවන්ද රාජ්‍ය සේවය සහ පාලකයන් එක්ව ලබන තවත් සමෘධි ප්‍රතිලාභයකි.
 
 තමන්ට තුට්ටු දෙකක් දී අහුරු ගණනක් සාක්කුවේ දමා ගන්නා මිනිසුන් දිනවන බිම් මට්ටමේ පිරිස් හෙවත් සමෘධි පවුල් වෙත ප්‍රවේශයක් ආමන්ත්‍රණයක් ජවිපේට තිබේද? එය කිසි විටෙක සිදු නොවේ. හේතුව ඕනෑම තක්කඩියෙකුට පහසුවෙන් ගොඩවී පරම්පරා ගණනක් අල්ලා ගෙන සිටිය හැකි ආණ්ඩු ක්‍රමයක් පවත්නා හෙයිනි. 
 
  Donald Trump123 1
 
 
වහල් මෙහෙය අවසන් කළ ලින්කන් කීවේ එහි කූඨප්‍රාප්තිය වහලෙකු අමෙරිකා ජනාධිපති වීම බවය. එහෙත් බැරක් ඔබාමාට පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙකු නිර්මානය වුණේ කෙසේද? 
 
නිතර වෙනස්වන මේ  මිනිස් ස්වභාවය හමුවේ, වෙනස් නොවන ජවිපෙය කර තබා ගත් අනුර කුමාරලා  සෙම්බුවත් පූන නූලත් ගලවා සමාජ පෙරළියකට (නායකත්වය නොව) සහාය දීමට හිත් හදා ගත යුතුවේ.
 
 
 
 2005දී එජාපය ජය ගනිතී යයි බියෙන් ජවිපෙය සිට ගත්තේ සුනාමි ආධාර හොරා කෑ බවට ජරාව ගා ගත් මහින්දට එකතු වුණේ ඇයි?  ජවිපෙ බිම් මට්ටමේ කාඩරයට අවශ්‍ය 88-89 ලේ පළිය ගැනීම මිස රට ගොඩ දැමීම නොවන නිසාය.
 
 හොරුන් සමග එකතු වෙන්න බෑ කීම තුළ සැඟවී ඇත්තේ (පිදෙල් ක්‍රස්තෝට අනුව) ඉතිහාසයට හෝ නිවැරදි කළ හැකි  සමාජවාදි ප්‍රාර්ථනා නොවේ. රටට නායකත්වය දීමට සැරසුණ අනුර කුමාරලාට තම බිම් මට්ටම වෙනස් කළ නොහැකිය. 
 
විනාස කළ එවුන් සමග කතා කිරීමෙන් විනාසයට පිළියම් සොයා ගත නොහැකිය. රටේ බිම් මට්ටමෙන් විසිරී පවත්නා මහා කතිකාව මාධ්‍ය මත පවතින්නක් නොවේ. එය  ගෙයින් ගෙට කටින් කට මුවෙන් මුව පැතිරෙනු ඇත. එකී මතවාදය යටපත් කළ නොහැකිය. මිනිසුන් අහන්න දකින්න කැමති සොයා යාම ආරම්භ කර ඇත. 
 
වෙහෙරලියැද්දලාගේ දියසේන දැක්ම තවත් ළිඳේ පනිට්ටුව වැනි සිංදුවක් පමණකි.  
 
 
 
Chandrasiri Senevirathne 21
 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.
(2021-10-10  'අනිද්දා' පුවත්පතින් උපුටා ගැනිණ )
 
 
 

 

 

THE LEADER TV 
 
 
ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?
 

 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...