The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

බාලපටබැදි දුව උස්සන්න නීතිපති ඇල්ලූ අඩව්ව! -(සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

October 11, 2021 • 7:56 AM

බාලපටබැදි දුව උස්සන්න නීතිපති ඇල්ලූ අඩව්ව! -(සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපති සංජය රාජරත්නම් වාර්තා පිට වාර්තා තබමින් නීතියේ අධිපත්‍ය වළ දමමින් සිටින අන්දම දක්වන තවත් පුවතක් පසුගිය දා වාර්තා විය.
  • දෙසතියක් යෑමට පෙර, එනම් ජූලි 02දා  ඔහු නියෝජ්‍ය සොලිසටර් ජනරාල් තනතුරු නමයකින් වැඩි කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දන්වා යවන ලදී.
  • එබැවින් සංජය රාජරත්නම්ට ඇති වූ මේ හදිසිය තේරුම් ගැනීමට නම් එමගින් පත් වූයේ කව්රුන්දැයි සොයා බැලීමට සිදුවෙයි.
  •     (උපුටා ගැනීම -dailymirror.lk)     කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙහි අනුමැතිය ලබා ගත් නීතිපති රාජරත්නම් වහාම ඒ සඳහා බඳවා ගැනීමේ පරිපාටිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය සේවා කොමිසමට 2021 ජූලි 10 දා දන්වා යවන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඔහු නීතිපති ධූරයට පත්වූයේ 2021 මැයි 28වනදාය. දෙසතියක් යෑමට පෙර, එනම් ජූලි 02දා  ඔහු නියෝජ්‍ය සොලිසටර් ජනරාල් තනතුරු නමයකින් වැඩි කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දන්වා යවන ලදී.
 
ඒ වන විටත් නීතිපති දෙපාර්ථමේන්තුවෙහි නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරු සහ ජනරාල්වරියන් පස් දෙනෙකු සිටියෝය.
 
 
සාමාන්‍යයෙන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයකුට හෝ වරියකට (Senior State Council )ඕනෑම නඩු විභාගයක් සදහා පෙනී සිටීමේ හැකියාව තිබේ. එබැවින් සංජය රාජරත්නම්ට ඇති වූ මේ හදිසිය තේරුම් ගැනීමට නම් එමගින් පත් වූයේ කව්රුන්දැයි සොයා බැලීමට සිදුවෙයි.
 
image 4ece5a820a 
(උපුටා ගැනීම -dailymirror.lk)
 
 
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙහි අනුමැතිය ලබා ගත් නීතිපති රාජරත්නම් වහාම ඒ සඳහා බඳවා ගැනීමේ පරිපාටිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය සේවා කොමිසමට 2021 ජූලි 10 දා දන්වා යවන ලදී.
 
නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලා සිටියේ නියෝජ්‍ය සොලිස්ටර් තනතුර සදහා සුදුකම් ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥ තනතුරෙහි සතුටුදායක ලෙස කටයුතු කිරීමත්, විනයයනාකූල දඩුවමකට ලක් නොවී තිබීමත් යනුවෙන් වෙනස් කරන ලෙසය.
 
මෙය මේ තාක් කල් නීතිපති දෙපාර්තමෙන්තුවේ තිබූ බඳවා ගැනීමේ පටිපාටිය [Scheme of Recruitment (SOR)] කෙළෙසීමක් විය. මන්ද යත් මේතාක් කල් නියොජ්‍ය සොලිසටර් තනතුර සදහා ජෙෂ්ඨ රජයේ නීතිඥ තනතුරෙහි වසර හතක් සේවය කළ යුතුව තිබූ නිසාය.
 
 
හදිස්සියක් ඇයි ?
 
jagath balapatabendi
ජගත් බාලපටබැදි
 
 
දැන් සංජය රාජරත්නම්ට එය වසර හතර දක්වා පහත දැමීමට හදිසියක් ඇතිවිය.
 
එකී ඉල්ලීම යවන ලද රාජ්‍ය සේවා කොමිසමෙහි සභාපති වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 20වන සංසෝධනය යටතේ සිය සිතැඟි පරිදි පත් කරන ලද්දේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අල්ලස් සහ දූෂණ කොමිසමෙහි සභාපති පුටුවේ වාඩි කරවන ලද ජගත් බාලපටබැදිය.
 
2014 ඔහුට විරුද්ධව දූෂණ චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුගේ සභාපතිත්වය යටතේ වූ අල්ලස් සහ දූෂණ කොමිසමට ඉදිරිපත් කරන ලදි. කොමිසම එම පැමිණිල්ල විභාග නොකළ අතර සිය තනතුරු හැර යාමේදී සභාපති බාලපටබැඳි එම ලිපි ගොනුව වසා ඈවර කරන ලදැයි ජනමාධ්‍ය වාර්තා කළේය.
 
දැන් ජගත් බාලපටබැඳි යටතේ වන රාජ්‍ය සේවා කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලුවාටත් වැඩි දුර ගොස් මෙම පත්වීම් නවය (09) සදහා බඳවා ගැනීමේ පටිපාටිය [Scheme of Recruitment (SOR)] නොසළකා කටයුතු කිරීමට අනුමැතිය ලබා දුන්නේය. ඒ 2021 ජූලි 28දාය. 
 
නීතිපති විසින් සඳහන් නොකරන ලද නමුත් මෙම පත් කිරීම් සඳහා හදිසි අවශ්‍යතාවයක් ඇති බවද බාලපටබැඳි නායකත්වය දෙන රාජ්‍ය සේවා කොමිසම සිය ලිපියෙහි දක්වා තිබුණි!
 
කටයුතු සිදුවූයේ සීඝ්‍රගාමි වේගයකිනි.
 
 
බාලපටබැදිගේ ලේලිය :
 
image 3439e40cf6
(උපුටා ගැනීම -dailymirror.lk)
 
 
තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සංජය රාජරත්නම්ගේ මේ අඩව්වට හේතුව ඉහත තී ජගත් බාලපටබැදිගේ ලේලිය වන කනිෂ්කා දි සිල්වා බාලපටබැදි නියෝජ්‍ය සොලිස්ටර් තනතුර දක්වා ඉස්සීම බවයි.
 
ඇය රජයේ ජෙෂ්ඨ නිතිඥයකු ලෙස කටයුතු කර තිබුණේ වසර හතරක් පමණි. වසර හතක සේවා කාලය සුදුසුකමක් ලෙස තිබුණේ නම් ඇයට මෙම පිම්ම පැනීමට ලැබෙන්නේ නැත.
 
නීතිපතිවරයා අලුතින් නියෝජ්‍ය සොලිසටර් තනතුරු 8ක් ඉල්ලූවේ නම් ඇයට ඒ වාසනාව ලැබෙන්නේ නැත. හරියට නව වැනියාට සිටියේ ඇයයි.
 
  
කනිශ්කා දි සිල්වා හුදෙක්, ඇයට මෙම පිම්ම පැනීමට සහාය වූ ජගත් බාලපටබැදිගේ ලේලිය පමණක් නොවේ. ඇය අගවිනිසුරු සම්ප්‍රදායයන් කුණු කූඩයට දමා ඇමෙරිකානු අධිකරණය හමුවේ ගෝඨාභ්‍ය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි හිටපු තවත් අගවිනිසුරුවරයකු වන අසෝකා ද සිල්වාගේ දියණිය ද වේ.
 
 
අසෝකා ද සිල්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාලව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතදී පත් කරන ලද ත්‍රි පුද්ගල කමිටුවේ සභාපතිවරයා ද වේ.
 
ජගත් බාලපටබැඳි, අශෝකා ද සිල්වා සහ රාජපක්ෂවරු අතර දැන ඇදුනුම්කම් දීර්ඝ කාලීන ඒවාය.
 
දැන් ඔවුන්ගේ දියණියට පොට්ට චාන්ස් එකක් වැදුණි.
 
යුක්තිය ඉටුවීම පමණක් අප්‍රමාණවත් බවත් එය පෙනෙන්ට තිබිය යුතු බවත් පිළිගත් සිද්ධාන්තයකි.
 
එසේ නමුත් නීතිපති දෙපාර්තමෙන්තුවට වැඩ අධික වී නොමැති වසංගත සමයෙහි, හදිසියක් මවා පා රාජපක්ෂවරුන් විසින් පත් කරන ලද සභාපතිවරුන් දෙදෙනෙකුගේ දියණියක්, සම්ප්‍රදාය බිඳ දමා ඉහළට එසවීම අප තේරුම් ගන්නේ කෙසේද?
 
  
නීතිපති දේපාර්තමේන්තුව මෑත කාලයෙහි දේශපාලනීයකරණය වි ඇති බවට චෝදනා නැගී තිබියදී නීතිපති සංජය රාජරත්නම්ට මෙවැනි හදිසි අඩව්වක් ඇල්ලීමට සිතුනේ අහම්බෙන්ද? නැත්නම් ඉහළ නියෝගයකින්ද?
 
 
දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ සොලිසටර් ජනරාල්වරුන් සහ වරියනට වඩා ඊට ඉහළ තලයේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරුන් සහ වරියන් සිටී. ආයතනයේ පිරමිඩ ව්‍යුහය බකල්ය.
 
මෙවැනි අබග්ගයක් නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවූ වෙනත් කාලයක් නැත.
 
නීතිපති දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වලං කඩයට පැන්න ගොනා නිසා සිදුවූ අංජබජල් වීම හා සමාන දෙයකි.
 
 
කතාව තව දිගය :
 
image 4d6fe42f24 
(උපුටා ගැනීම -dailymirror.lk)
 
 
පියා වන රාජ්‍ය සෙවා කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි විසින් අනුමත කරනු ලදුව පුතා වන නීතිපති දෙපාර්තමෙන්තුවේ රජයේ කනිෂ්ඨ නීතිඥයකු වූ ඩී.ඒ. බාලපටබැඳි ජේෂ්ඨ නීතිඥයකු ලෙස වසර ගණනාවක් පස්සට දින දමා උස්සා ඇති බවද වාර්තා වෙයි. මෙම ඉස්සීම කරන ලද්දේ පසුගිය සැප්තැම්බර් 23දාය. එනමුත් පත්විම් ලිපියට අනුව එම පත්වීම 2015 නොවැම්බර් 23දා සිට වලංගු ය!
 
වසර පහක තවත් පොට්ට චාන්ස් එකකි. සමහර විට ඒ කාලයට හිඟ වැටුප් පවා ලැබෙන්නට ඉඩ තිබේ.
 
රාජපක්ෂවරුන් යටතේ දැන් පැමිණ ඇත්තේ ජන වහරේ එන “අප්පට පුතේ ” කියැවෙන කාලයකි.
 
එච්චරක්ම නොවේ.
 
තමාට විදෙස් ගතවීමට අවශ්‍ය නිසා ඊට පෙර අවසන් කළ යුතුව තිබූ තමාන් බාරයේ තිබූ නඩු ලිපි ගොනු 200ක් ගිනි දෙවියන්ට පිදූ නීතිඥවරියකටද රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි සමාව දී තිබේ. එම ලිපිගොනු පුලුස්සා දමනු දුටු කනිෂ්ඨ සේවකයකු නිසා ඉන් කොටසක් බේරා ගත හැකි විය.
 
  
ඇය ඒවා පුලුස්සා දැමුවේ ලිපි ගොනු නැතිව එම නඩු කීමට බැරි බව කියා රට යෑමටය. මෙම ගිනි පූජාව පිළිබඳ නීතිපති දෙපාර්ථමේන්තුව පරීක්ෂනයක් කරන ලදී. 
 
 
එය  කරන ලද්දේ එවකට ජේෂ්ඨ සොලිසටර් ජනරාල්වරයකු වූ සෝභිත රාජකරුණා සහ නියෝජ්‍ය සොලිසටර් දෙදෙනෙකු වූ යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත නාවාන විසිනි.  එම පරීක්ෂණයෙන් ඇය වැරදිකාරිය බවට තීන්දු කරන ලදී.
 
දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු ගිනි තැබීමට නොනිල අවසරයක් තිබෙනවා වැන්න. මන්ද යත් පසුව නිදහස් විය හැකි නිසාය.
 
 
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මිනීමරුවකු බවට තීරණය කරන ලද ගෝඨාභය රාජපක්ෂ මිතුරකු වූ දුමින්ද සිල්වා ට නිදහස දී මහජන මුදලින් නඩත්තු කැරෙන සභාපතිකමක් දෙන රටක නීතිපති සංජය රාජරත්නම් අඩව් ඇල්ලීම අරුමයක් නොවේ.
 
ඔහු අඩව් අල්ලන්නේ කාගේ සංගීතයට ද අනුව යන්න ඔබම තීරණය කරන්න.
 
දෙවැනිව ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් ඇති කළ දසාව මේ නම් මෙරට නීතියේ ආධිපත්‍යට කුමක් සිදුවනු ඇත්දැයි කල්පනා කරන්න.
 
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බවත් මතක තියා ගන්න.
 
 
 
(ඩේලි මිරර් පුවත්පතට පසුගිය 02 දා  නිර්මලා කන්නන්ගර ලියූ Spotlight on Attorney General’s Department and Public Service Commission නම් ලිපියේ කරුණු ඇසුරින් සකස් කරන ලදී. මෙම ලිපිය පළ වී  දින ගණනාවක් ගත වී ඇතත් එම කරුණු වැරදි බවට නීතිපතිවරයා හෝ රාජ්‍ය සේවා කොමිසම දන්වා නැත.)
 
 
  
z p 17 The return 01(සුනන්ද දේශප්‍රිය)
දේශපාලන විශේලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
උපුටා ගැනීම -srilankabrief.org)
 
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com
 
 

THE LEADER TV 
 
වඳින්නම් බෑ නං යන්න? 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...