The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

තෙල් මිල වැඩිකිරීම අනිවාර්යය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 11, 2021 • 9:19 AM

තෙල් මිල වැඩිකිරීම අනිවාර්යය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ
  • 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී 'මව්බිම' පුවත්පතට පැවසීය.
  •   දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි.
  • සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. 
 
මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී 'මව්බිම' පුවත්පතට පැවසීය.
 
දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි. විදේශවලින් ණය ලබාගෙන තෙල් පුච්චන්නට අපට පිස්සුද? තෙල් මිල වැඩිකළ යුතුය. 
 
 
ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග ලංකාවේ තෙල් මිල ගැලපිය යුතුය. ඒ අනුව, විදුලි බිල් වැනි අදාළ සියල්ල ප්‍රතිව්‍යූහගත විය යුතුය. ඉන්ධන පරිභෝජනය අවම කිරීමට ද තිබෙන මාර්ගය එයයි.
 
 
ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.
 
 
කියවන්න: තෙල් මිලට සමාජවාදී විසඳුම
 
 
 
සංස්ථාව පාඩු ලැබීමට හේතු ?
 
 
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු ලෙස සඳහන් වන්නේ කොළඹ වරායේ තෙල් ගොඩබාන බෝයාවේ සිට කොළොන්නාව ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප කරන නළ පද්ධතිය අබලන් වීම නිසා සිදුවන ප්‍රමාදයන්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම නිසා පිරිපහදු කරන ලද ඉන්ධන ආනයනය කිරීමට සිදුවීම, තෙල් පිරිපහදුව සම්බන්ධ අතුරු නිෂ්පාදන පෞද්ගලික අංශයට පැවරීම වැනි කාරණාය.
 
එහෙත්, ඇත්ත කාරණා ඔය කිසිවක් නොවේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යනු හැමවිටම දේශපාලකයන් තමන්ට කඩේ ගිය ගෝලබාලයන්ට රැකියා ලබාදීම සඳහාත්, ඒ අන්දමින්ම රැකියා ලබාදුන් ඉහළ නිලධාරීන් හරහා විවිධ ගසාකෑම් කිරීමටත් පාවිච්චි කරන ලද ආයතනයකි. ලාංකිකයන් දරණ තෙල් මිලෙන් සැලකිය යුතු පංගුවක් මෙම ආයතනයේ අකාර්යක්ෂමතාවේ බරයි.
 
ඊට අමතරව, තෙල්වලින් අධික ලෙස බදු අයකිරීම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. එය රජය රටේ දුප්පත් පොහොසත් සමස්ත ජනතාවගෙන් අයකරන වක්‍ර බදු අතරින් ප්‍රධානම බද්දකි. 
 
දේශපාලකයන් ඇතුළු දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරන්නේ එලෙස උපයන ආදායම්වලිනි. 
 
 
රජය වෙස්සන්තර භූමිකාවක් නිරූපණය කළ ද එය බොරුවකි. රජය මහජනතාවගෙන් සූරාකන බදු මුදලට සාධාරණ සේවා රටේ ජනතාවට ලැබෙන්නේ නැත. රාජ්‍ය අංශය තිබෙන්නේ දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා වරප්‍රසාද ලබාදීමටයි. රජය මහජනයාට සේවය කරන්නේ ඉහත දක්වන ලද කාර්යය සාධාරණීකරණය කිරීමේ අවම මට්ටමෙනි.
 
 
මිල සූත්‍රය:
 
mangala500 
 
තෙල් මිලට ස්ථාවර විසඳුම අන් කිසිවක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීමේදී අනුගමනය කළ යුතු බවට අවධාරණය කළ මිල සූත්‍රයයි. 
 
ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල, මෙහෙයුම් හා බෙදාහැරීම් වියදම් හා රජයේ බදු ඇතුළත් විනිවිද පෙනෙන සූත්‍රයක් මගින් මාසිකව තෙල් මිල සකස් කිරීම සාධාරණය.
 
තෙල් පිරිපහදුව, අතුරු නිෂ්පාදන ආදියට තෙල් සංස්ථාව නැවත අතගැසීමෙහි තේරුමක් නැත. තෙල් සංස්ථාව අලුතෙන් කරන්නට යන බව කියන ගෑස් ව්‍යාපාරයත් එසේය. 
 
රජයේ එක් ගෑස් සමාගමක් තිබියදී රජයම තවත් ගෑස් සමාගමක් ආරම්භ කරන්නේ කුමටද? අවසානයේදී සිදුවන්නේ දේශපාලන හෙංචයියන් පිරිසක් අතට පාඩු ලබන රාජ්‍ය සමාගමක් හරහා මහජන මුදල් ගලායාමයි. 
 
  
රජය කරන බිස්නස්වලින් සිදුවන්නේ මහජනතාවට දරන්නට සිදුවන බදුබර තවත් වැඩිවීම පමණක් බව අප දන්නා පාඩමකි. එය නැවත උගත යුතු නැත. රෝදය අලුතෙන් සොයාගන්නට දෙයක් නැත.
 
 
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි:
 
 
මේ අතර, මේ ටිකත් කිව යුතුය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි දෙයකින් ලංකාවට ඇති ප්‍රයෝජනයක් නැත. ඔය තෙල් ටැංකිවලින් දැන් කළ හැකි ව්‍යාපාරයක් නැත. එවැනි අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට ලංකාවට හැකියාවක් ද නැත. යමක් කරනවා නම් කළ හැක්කේ ඉන්දියාව සමග හවුලේය.
 
තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට හෝ අලුත් තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් ආරම්භ කිරීමට දශක ගණනාවක් තිස්සේ බැරි වී තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, ඒ සඳහා දේශපාලකයන්ට උවමනාවක් නැතිකම නිසාය. 
 
එවැනි මෙගා ව්‍යාපෘතිවලින් ද සොරකම් කළ හැකිමුත්, පිරිපහදු නොකළ ඉන්ධන ආනයනයෙන් ඊට වඩා මාටියා ගහන බව පෙනේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම ඇමති උදය ගම්මන්පිලට අනියමින් චෝදනා කර හමාරය.
 
 
ශ්‍රී ලංකාවේ පාලකයන්ට හරිහමන් දැක්මක් තිබේ නම්, ජාත්‍යන්තර වෙළඳ නාවුක මාර්ගයක් අසල පිහිටි ශ්‍රී ලංකාවට බොරතෙල් පිරිපහදු කර අලෙවිය විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පත්කරගැනීමේ හැකියාව තවමත් තිබේ. රජයට ඒවා කරන්නට බැරිය. ඒ වෙනුවෙන් දෙස්, විදෙස් ආයෝජන කැඳවාගත යුතුය.
 
 
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නියාමනය සඳහා යොදාගනිමින් ඉන්ධන ආනයනය, පිරිපහදුව හා බෙදාහැරීම ද පෞද්ගලීකරණය කළ හැකිය. ඒ වෙනුවෙන් රජයට අයත් සමාගම් කිහිපයක් ආරම්භයේදී පිහිටුවිය හැකිය. 
 
තවත් ආයතන කීපයකට ක්ෂේත්‍රය විවෘත කර තරගකාරීත්වයක් ද නිර්මාණය කළ හැකිය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු පියවාගැනීමට තෙල් මිල සකස් කිරීම නිසා ලංකා අයිඕසී වැනි සමාගම්වලට අධික ලාභයක් ලැබීමේ හැකියාව තිබේ. සංස්ථාවේ පාඩු අවම කරගැනීමෙන් හා අධික ලාභ නියාමනය කිරීමට ක්‍රම සැකසීමෙන් තත්වය ක්‍රමානුකූලව පාලනය කරගත හැකිය.
 
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් නොවන, අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම පරිසරයට ද ඉතා හානිකර වන පෙට්‍රෝලියම් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ලාංකිකයන් පෙළඹෙන්නට නම්, ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ තෙල් මිල අනුව සැකසෙන මිලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය යුතුය. රජය ලබන අයුතු ලාභය අවම විය යුතුය. පෙට්‍රෝලියම් ඉන්ධන වෙනුවට මිනිස් ශක්තිය, සූර්ය බලය, සුළං බලය, මුහුදු රල වැනි පුනර්ජනනීය බලශක්ති වෙත ලංකාව යොමුවිය යුතුය.
 
  
බයිසිකල් පදිමු. පයින් යමු. ඔරුවෙන් යමු. සූදානම් වන්න. නාස්තිකාර ධනවාදී ජීවිතය බොහෝ දුරට අවසන් කිරීමට ලාංකිකයන්ට නුදුරු අනාගතයේදීම සිදුවනු ඇත. අපි සමාජවාදී විසඳුම් සොයා යමු.
 
 
මීළඟ මාතෘකාව වනු ඇත්තේ විදුලි බිල වැඩිකිරීම බව සිහිපත් කරමි.
 
තෙල් මිල සූත්‍රය නැවත සිහිපත් කරගනිමු.
 
fuel price formula 
 
 
Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විචාරක හා මාධ්‍යවේදී
 
 
 
 
 
කියවන්න :
 
 
 

THE LEADER TV 
 
වඳින්නම් බෑ නං යන්න? 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තෙල් මිල වැඩිකිරීම අනිවාර්යය -අජිත් පැරකුම් ජයසිංහ | The Leader