The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද අගමැති කරමු! - කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

October 14, 2021 • 8:03 AM

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද අගමැති කරමු! - කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා මෙදා තුර කෘෂිකර්ම ඇමතිවරු අතර විශිෂ්ඨතමයා මහින්දානන්ද අලුත්ගමගේ ම ය. එවැන්නෙකු අගමැති, ජනපති ධූරයන්ට පත් නොකර කෘෂිකර්ම
  •        1956 කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන - රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය පවරගත්ත එකම ඇති.
  • අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන.
  •   1965 කෘෂි ඇමති එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):
අමාත්‍ය ධූරයේ තවදුරටත් තබා ගැනීම අපරාධයකි. අගතියකි.  අකටයුත්තකි.  
 
නිදහස් ලංකාවේ කෘෂිකර්මයට වැඩිම අවධානය දුන්නා යැයි කියන ඩී.එස්.සේනානායක අගමැතිතුමා,  කාකි සූට් එක දාගෙන අම්පාරේ, පොළොන්නරුවේ ජනපද, වගා බිම් හදපු ජාතියේ පියා ය.   
 
ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම උපාධිධාරියෙක් විතරක් නෙවෙයි, අසීමිතව ගොවිතැනට ආදරය කළ කාර්යාලයට වඩා ගොවි බිමේ හිටපු වැඩකාරයෙක්.  ඩඩ්ලි නැත්තම් ලංකාවේ අල වගාවක් නෑ. ඩඩ්ලි හදපු වාරිමාර්ග ලැයිස්තුව එතුමාගේ මහත්මා ගුණයට වැඩිය දිගයි.  
 
සර් ජෝන් කොතලාවල ගොවියෙක් නෙවෙයි, දොඩම්ගස්ලන්දේ කාඹුල්වානාඔය ජලාශය හදපු මිනිහා. වාරිමාර්ග නිලධාරීන් ඒකට ‘සර් ජෝන් කොතලාවල ජලාශය‘ නම දාලා බෝඩ් එකක් ගැහුවා. සර් ජෝන් ඒක දැක්කේ විවෘත කරන්න යන කොට.  මහජන මුදල්වලින් හදපු ජලාශයට මගේ නම දාන්න පිස්සුද? මම යන්න ඉස්සර වෙලා, ඔය බෝඩ් එක ගලවනවා යැයි කියලා කෑගහපු අගමැතිවරයා. කෘෂිකර්මයේ දියුණුවට අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛත්වය දුන්න, තමන්ගේ නිවස ආණ්ඩුවට දුන්න අගමැති.   
 
ds dudley sir john
 
1956 කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන - රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය පවරගත්ත එකම ඇති. අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ථිර හය හැදුවේ පිලිප් ගේ දැනුමෙන්. දැක්මෙන්.
 
ඊලඟ කෘෂිකර්ම ඇමති සී.පී. ද සිල්වා ට අදත් කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා.  ඩී.එස්. සේනානායක පරාක්‍රම සමුද්‍රය හදනකොට පොළොන්නරුවේ දිසාපති.
 
1965 කෘෂි ඇමති එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. උතුරට දකුණට එක සමානව කෘෂි සම්පත් බෙදුවේ ඇමති බණ්ඩා.  
 
1965 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කැප්ටන් සී.පී.ජේ.සෙනවිරත්න  - ගොවි හමුදාව හැදුවා. බදුල්ල කචේචේරියේ හිටපු දිස්ත්‍රික් ඉඩම් නිලධාරි  (DLO) සුසිල් සිරිවර්ධන එතැනින් නිදහස් කරගෙන මහියංගනයට අරගෙන ගිහින් අද වගේ යන්ත්‍ර සුත්‍ර නැති කාලයේ වාරි ඇළවල් කැපුව. 
 
රටටම ඒක පුළුල් කරපු නියෝජ්‍ය ඇමති. (1970 ආණ්ඩුව ගොවි හමුදාව විසිරුවා හැරියාම ඒ අය  71 කැරැල්ලට ගියා)  
 
sdsdsx 
 
හෙක්ටර් කොබ්බෑකඩුව - කාෂිකර්ම හා ඉඩම් ඇමති තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවේ. ලංකාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවට පිංසිදුවන්නටයි. ඒ කෘෂිකර්ම ඇමති කොබ්බෑකඩුව ගැන නිබන්ධනයක් ලියන්න පුළුවන්. 
 
මෛත්‍රීපාල සේනානායක වාරිමාර්ග ඇමති - මහවැලිය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න පටන්ගත්ත ඇමති.  1977 දී ගාමිණී දිසානායක වාරි ඇමති වෙන කොට අලුත් තරුණ ඇමතිවරයා එක්ක අමාත්‍යාංශයට ගිහින් මට දුන්න සහාය මේ තරුණයාට දෙන්න කිව්ව නිහතමානී අති විශිෂ්ඨයා. රටේ ඊලඟ අගමැති කියලා තමයි හැමෝම කිව්වේ.
 
ඊ.එල්. සේනානායක කෘෂිකර්ම ඇමති ගැන කියනකොට මතක්වෙන්නේ අර ඓතිහාසික වප් මඟුල.
 
ගාමිණී ජයසූරිය ගැන කියනකොට ඇමතිකමට වැඩිය හෘර්ද සාක්ෂිය වැදගත් කියලා පෙන්නපු ඊලඟ අගමැති වෙන්න තරම් සුදුසුකම් තිබ්බ දේශපාලනඥයා.
 
කෘෂිකර්ම රාජ්‍ය ඇමති විජේරත්න බණ්ඩා - කෘෂි රක්ෂණ හා ගොවි විශ්‍රාම වැටුප හැදුවා විතරක් නෙවෙයි ලංකාවට එළවළු - පළතුරු බෙදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැලසුම්කරු.
 
ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, මහවැලි සංස්කෘතියක් හදලා, ක්‍රීඩා පිට්ටනි, සමාගම් හදලා අවසානයේ වැවිලි කර්මාන්තයෙන් ලංකාවට ලෝකය දිනන්න පාර කපපු ඇමති.
 
ඇමති ලලිත් ඇතුලත්මුදලි - එදා තිබුණු සුළු අපනයන දෙපාර්තමේන්තුව වෙනුවට නවීන වෙළඳ යුගයට ගැලපෙන විදිහට ‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව‘ හදලා අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට නිමි භාණ්ඩ නිෂ්පාදනයට  (Value Addition) ලංකාවේ කෘෂි ව්‍යාපාරය ගොඩ නගන්න පියවර තැබූ බිය නැති ප්‍රාඥයා.
 
 
මේ සියල්ලටම එක පොදු සාධකයක් තියෙනවා. ඒ හැමෝම හිටියේ ඊලඟ අගමැති ධූරය, ජනාධිපති ධූරය පාමුල. අගමැති - ජනපති පුටුවට පහල පඩියේ හිටපු අය. 
 
 
ඩී.එස්. ගෙන් පස්සේ ඩඩ්ලි. ඩඩ්ලි ගෙන් පස්සේ සර් ජෝන්.  සී.පී. ද සිල්වා ගේ අගමැති කතාව එජපයෙන් නැවතුණු හැටි ප්‍රකටයි. ෆීලික්ස් ඩයස් බලය ඇල්ලුවේ නැතිනම්  මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ දෙවැනියා.  (අනුර - මෛත්‍රී කැරැල්ල මතයනේද?) කොබ්බෑකඩුව 1982  ජනාධිපති අපේක්ෂක වුණා.  
 
ගාමිණී ජයසූරිය, ඊ.එල්., ප්‍රේමදාස එක්ක අගමැතිකමට සටන් කරපු අය.  ලලිත් - ගාමිණී ලංකාවේ ඔටුණු පළදින්න බැරි වුණු රාජ්‍ය නායකයෝ.   
 
වත්මන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මේ හැමදෙනා වගේම අගමැති ධූරයට සුදානම්. ආසන්නයි.
 
හැබැයි ඒ සියල්ලටම වඩා විශිෂ්ඨයි.
 
කලින් හිටපු හැම කෘෂිකර්ම-වාරි-වැවිලි ඇමතිවරු, වැඩ කළේ ලංකාවට විතරයි.
 
මහින්දානන්ද ලෝක කෘෂිකර්මයේ දැවැන්තම පිම්ම තබා තියෙනවා.  
 
  
මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිතුමා ‘කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්‘ සොයාගෙන තියෙනවා. ලංකාවට ගෙනල්ලා ලෝකයට හදුන්වාදීලා තියෙනවා.  ලංකා කෘෂිකර්මයේ විතරක් නෙවෙයි ලෝක කෘෂිකර්මයේ නව පිටුවක් පෙරළලා තියෙනවා. 
 
 
ලෝකයම බෑ කියද්දී, ලංකාව කාබනික කරලා, ලෝකයම කාබනික කෘෂිකර්මාන්තයේ දොරටුවට ගෙනල්ලා තියෙනවා. (රසායන විද්‍යාවට අනුව බෑ කියන අය අද සිංහල, English, Tamil පත්තර  බලන්න. විද්‍යුත් මාධ්‍ය අහන්න. ඒ හැම එකකම ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර‘ තියෙනවා.
 
ලංකාවට ශාක හා සත්ව නිරෝධායන පනතින් ගැලවිලා ඇපල්-මිදි ගෙඩියක් ගේන්න බෑ. හැබැයි, මහාචාර්ය කෘෂිකර්ම ලේකම් උදිත් ජයසිංහ එක්ක එකතුවෙලා කිසිම රසායනාගාර පරීක්ෂාවක් නැතිව ‘කාබනික‘ ගෙනල්ලා බෙදලත් ඉවරයි.
 
 රටේ ඩොලර් ආර්ථිකයට බරක් නැතිව, ‘බෝට්ටුවෙන් බඩු වලින්‘ ලංකාවේ මහ කන්නය ගොඩ දාලා ඉවරයි.  
 
වසංගතයට පස්සේ සාගතය එනවා වගේ කථා කිය කිය ඉන්න ඇමතිවරු අතර කෘෂිකර්ම ඇමති විශ්වකර්මයෙක්. ප්‍රායෝගික මනුස්සයෙක්.  ලංකාවටම හරියන ටිප් - ටොප් දේශපාලනඥයෙක්.
 
හෙට නෙවෙයි, අදම අගමැති කරන්න වටිනවා. නොබෙල් තෑග්ග දෙන්න වටිනවා.
 
මහින්දානන්ද අගමැති කරනු!  
 
රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දෙනු!!!
 
බොල් පිළිම කුඩු කරමු!!!! 
 
මහින්දානන්ද නමින් ගල් පිළිම නෙළමු!!!
 
 
 
 
Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්) 
දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර
 
 
 
 


THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...