The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

T

The Leader Desk

October 17, 2021 • 5:01 AM

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂය 1975 විය. එවකට 12 වන ශ්‍රේණියේ පාසැල් සිසුවියකව සිටි මට වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සත්ව විද්‍යාවට හිමි ත්‍යාගය හිමිවිය. එම ත්‍යාගය
  • පොත දුටු විට මා එතරම්ම  උද්‍යෝගයට පත් නොවූ බව මතකය.    එවකට නව යොවුන් වියේ පසුවූ සිසුවියන්වූ අප වඩාත් මනාප වූයේ ගැහැණු ළමයි, ගොළු හදවත වැනි පොත් කියවීමටයි.
  •     ගෝරා යනු, බෙංගාලි පුනරුද සමයේ විසූ, නොබෙල් ත්‍යාග ලාභී මහා සාහිත්‍යධරයකු වන රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් 1910 දී රචිත විශිෂ්ඨ කෘතියකි.
  • එය තාගෝරයන් රචනා කල විශිෂ්ඨතම කෘතිය ලෙසද හැඳින්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
වූයේ "ගෝරා" නම් ග්‍රන්ථයයි. පොත දුටු විට මා එතරම්ම  උද්‍යෝගයට පත් නොවූ බව මතකය. 
 
එවකට නව යොවුන් වියේ පසුවූ සිසුවියන්වූ අප වඩාත් මනාප වූයේ ගැහැණු ළමයි, ගොළු හදවත වැනි පොත් කියවීමටයි. නම දුටු පමණින්ම ගෝරා එවැනි පොතක් නොවූ බව මට පැහැදිලි විය. 
 
සොයුරාගේ පොත් බෑගයෙන් සීරුවට එලියට ගෙන කියවා සෙමින්ම ආපසු දැමූ ඩීමන් ආනන්ද මහතාගේ ත්‍රාසය හා භීතිය දනවන පොත්, පාසල් පුස්තකාලයෙන් ලබාගත් ඩබ්ලිව් ඒ සිල්වා, ටී බී ඉලංගරත්න, මාටින් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නවකථා පොත්, නොයෙකුත් පරිවර්තන ග්‍රන්ථ මෙන්ම, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍ය දක්වා විවිධ පරාස වලට අයත්, අතට හසුවන ඕනෑම පොතක් කියැවීමට ඒ වනවිට මා ඇබ්බැහි වී තිබුණි. 
 
එකල රූපවාහිණිය සහ ජංගම දුරකථන නොවූ නිසාදෝ, පොත් කියැවීම අපේ පරපුරේ බොහොමයකගේ විනෝදාංශය විය. සරලව කිවහොත් "වචන", විශේෂයෙන්ම "සිංහල භාෂාවේ වචන" සහ මා අතර පැවතුනේ නොසැලෙන ආදර සම්බන්ධයකි. 
 
Gora 
 
එම කියවීමේ පුරුද්ද නිසාම, දින කිහිපයකට පසු මා ගෝරා කෘතිය කියවීම ආරම්භ කලේ එය මගේ ජිවිතයේ සමාජයීය ආකල්ප වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වන බවට කිසිම හෝඩුවාවක් ඇතිව නොවේ. 
 
 
එදා ගෝරා නොකියවූවා නම්, මෙදා ජාතිකවාදය (nationalism), ජාතිවාදය (racism), නිකායවාදය (sectarianism), ආගම්වාදය (religiosity), ස්වෝත්තමවාදය (chauvinism) පිලිබඳ මගේ අදහස්ද අද ඇතැම් සමකාලීනයන් දරන අදහස් වලට සමාන වීමට ඉඩ තිබුණි.
 
 
ගෝරා යනු, බෙංගාලි පුනරුද සමයේ විසූ, නොබෙල් ත්‍යාග ලාභී මහා සාහිත්‍යධරයකු වන රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් 1910 දී රචිත විශිෂ්ඨ කෘතියකි. එය තාගෝරයන් රචනා කල විශිෂ්ඨතම කෘතිය ලෙසද හැඳින්වේ. එදා මා අතට පත් වූයේ බෙංගාලි (වංග) බසින් ලියැවුන එම කෘතියේ සිංහල අනුවාදයයි. එහි මුල් පිටුවේ වූ සටහනක් අදටත් මගේ මතකයේ ඇත.
 
"මම මිනිසෙක්මි. එහෙයින්, මිනිසකුට නෑකම් කියන කිසිවෙක් හෝ මිනිසා පිලිබඳ කිසිවක් මට පිටස්තර නොවේ, විදේශික නොවේ".
 
එම වංග නවකතාවේ සංක්ෂිප්තය මෙසේය. 
 
 
යටත් විජිත පාලනයට එරෙහිව භාරත්වාසීන් කෝලාහල කරන සමයේ එක් අයිරිෂ් ජාතික යුවලක සැමියා කැරළි කරුවන් අතින් මියැදෙයි. ගැබ්බර අයිරිෂ් කාන්තාව වංග ජාතික නිලදරුවකුගේ (ක්‍රිෂ්ණ දයාල් බාබු) නිවසට වැදී දිවි රැක ගත්තත් එදින රැයේ පිරිමි දරුවකු බිහි කොට මියයයි. වංග ජාතිකයාත්, ඔහුගේ බිරියත් (ආනන්දමධි) මේ දරුවා තමන්ගේ පුතකු ලෙස ඇති දැඩි කරති. ස්වකීය ජන්මය ගැන කිසිත් නොදන්නා, බ්‍රාහ්මීය කුල සිරිත් විරිත් අනුව වැඩෙන මේ දරුවා (ගෞර් මෝහන් බාබු), ගෝරා (වංග බසින් සුදු මිනිසා), පසුව සමස්ත හින්දු වර්ගයාගේම නිදහස, අතීත භාරත වර්ෂයේ අන්තවාදී කුල සිරිත් සහ සෞභාග්‍යය වෙනුවෙන් පෙරලි කරයි. හදා වඩා ගත් පියා මරණ මංචකයේදී ගෝරාගේ ජන්මය පිලිබඳ සත්‍ය තොරතුරු ඔහුට හෙලි කරයි. තමා හින්දු වරයකු තබා භාරත් ජාතිකයකුවත් නොවන බව දැනගත් ගෝරා මහත් කම්පනයකට පත් වුවත් එහිදී ඔහුට විශ්ව සත්‍යය අවබෝධ වෙයි. ගෝරා එතෙක් ඔහු කර ගසාගෙන සිටි ආගම්වාදය, කුලවාදය, ජාතිකවාදය, නිකායවාදය, අතීත භාරත වර්ෂය නැවත ගොඩ නැගීම යන සියල්ල අත්හැර, අන්තවාදයෙන් තොර නිදහස් මතධාරියෙක් වෙයි. මානව වාදය අන් සියළු වාදයන් අභිබවා නැගී සිටිය යුතු බව ගෝරා වටහා ගනී.
 
 
එකල සාම්ප්‍රදායික හින්දු සමාජයේ සහ වඩාත් නිදහස් මතධාරී බ්‍රහ්ම සමාජයේ ඇතිවුන ආගමික, දේශපාලනික, දාර්ශනික සහ සමාජයීය ගැඹුරු කතිකාවත් මෙම කෘතියේ බහුලය. මෙහි හමුවන සුචරිතා, ලලිතා යන ස්ත්‍රී චරිත නිදහස් කාන්තා චින්තනය මනාව පිළිබිඹු කරති. 
 
ආනන්දමධි යනු දයානුකම්පාවේ සහ මාතෘත්වයේ පුද්ගලාරෝපණය ලෙස හැඳින්විය හැක.
 
 බ්‍රිතාන්‍ය කිරුලේ නිලදරුවකු වූ ක්‍රිෂ්ණ දයාල් බාබු, නිලය දැරූ කාලයේ සියළුම බ්‍රිතාන්‍ය සිරිත් විරිත් වලට අනුගතව ජීවත්වී, විශ්‍රාම ගත් පසු උග්‍ර අන්තවාදී හින්දු භක්තිකයකු වෙයි. නූතනයේ ක්‍රිෂ්ණ දයාල් බාබුලා අප අතර අතිශයින් සුලබය.
 
මෙහි සඳහන් වන චරිත අතුරින් මා වඩාත්ම සිත්ගත් චරිතය වූයේ පොරෙෂ් බාබුගේ චරිතයයි. ඔහු මානව හිතවාදියෙකි. නිකායවාදය ගැන ඔහුගේ අදහස වනුයේ, නිකායවාදය මගින් "මිනිසකු අන් සියල්ලටම කලින් මිනිසකු වන්නේය" යන සරල යථාර්තය අමතක කරවන බවයි. පොරෙෂ් බාබුගේ චරිතය තුලින් තාගෝර් තුමන් තමාවම නිරූපණය කලාදැයි මට සිතුන වාර අපමණය.
 
Jn 
ඉක්මනින්ම කුමන හෝ වේශයකින් මෙහි පැමිණ ඔබ ආරම්භ කල කාර්යය සාර්ථකව අවසන් කරන්න.....
 
 
පන්සාලිස් වසරකටත් වඩා එපිටදී කියැවූ මෙම අද්විතීය නවකතාව මගේ උපවිඥානයේ සැඟවී තිබී, පසුගිය අගෝස්තු 24 දායින් පසු නැවත මතුපිටට පැමිණ මා සිත පහුරු ගාන්නට පටන් ගෙන ඇත.
 
 
 අකාලයේ වියෝවූ මංගල සමරවීර මානව හිතවාදියා යනු තාගෝර් තුමන්ට වර්ෂ 1910 දී හමුවූ පොරෙෂ් බාබුම නොවේදැයි මගේ සිත කොඳුරයි. ඔහු ජීවත්ව සිටියදී මෙය කියන්නට නොහැකිවීම ගැන මා තුල ඇත්තේ අප්‍රමාණ ශෝකයක් මෙන්ම පසුතැවිල්ලකි.
 
 
මංගල සමරවීර මැතිඳුනි, වසර එකසිය එකොළහකට එපිටදී රබීන්ද්‍රනාත් තාගෝරයන්ට පොරෙෂ් බාබු ලෙස ඔබව හමුවීයැයි මම විශ්වාස කරමි. එදා මෙදා තුර සහ එයට එපිටදීද, නොයෙක් වෙසින් ඔබ පැමිණෙන්නට ඇත. 
 
පොරෙෂ් බාබු එදා පැතූ නිදහස් චින්තනය, මානවදයාව, විශ්ව සාධාරණත්වය තවමත් පවතින්නේ ළපටි වියේය. අද අප රටේ තාරුණ්‍යය හබලක්, රුවලක්, නියමුවෙක් නොමැතිව මහ සයුරේ ඔහේ පාවෙන නෞකාවක් වැනිය.
 
 මම ඔබට නිවන්සුව නොපතමි. මන්ද, මා අදහන දහම අනුව කෙනෙකුට නිවන් සුව සැලසීමට තවෙකකුට නොහැක. එය තමා විසින්ම සලසා ගත යුත්තකි. එසේම, මා පැතුවත් නැතත් ඔබ වැන්නෙකුට නිසැකවම නිවන්සුව ලැබෙනු ඇත. 
 
එනිසා මාගේ එකම පැතුම වන්නේ ඉක්මනින්ම කුමන හෝ වේශයකින් මෙහි පැමිණ ඔබ ආරම්භ කල කාර්යය සාර්ථකව අවසන් කරන ලෙසටයි.
 
 
(කේ. කාරියවසම්)
 
 
 
 
1- මංගල මතක - සමුඅරන් මාසයක් 
 
 
2- මංගල මතක - මහරජ මංගල වස්ති
 
 
3- මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්නනම්...
 
 
4- මිනිසකුගේ ලිංගිකත්වය කුමක් වුවද ....
 
 
5- අද අපට අවශ්‍ය ආදේශකයක් නෙමෙයි විකල්පයක්...
 
 
6- පරණ තැටි ප්ලේ කරලා වැඩක් නැහැ..
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...