The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

වර්ණපුර, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂ්‍යය

T

The Leader Desk

October 19, 2021 • 4:41 PM

වර්ණපුර, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂ්‍යය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 70 දශකය වෙද්දී රට තුල ක්‍රිකට් ක්‍රීඩාව සීමා වී තිබුනේ ඉංග්‍රිසියෙන් කතා කරන
  •   ලංකාවට 1972 දී පැමිණි ඔස්ට්‍රේලියානු පාසල් කණ්ඩායමට එරෙහිව ලංකා කණ්ඩායම තේරීමේදී සිංහල කතාකරන පසුබිමක් සහිත පාසලින් පැමිණි ක්‍රීඩකයන් ගණන ඉතාමත් සුළුවිය.
  •   සිංහල පාසලකින් පැමිණුනත් වර්ණපුරට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි විනි.
  • තහනමෙන් පසුව ක්‍රීඩා පරිපාලනයට පැමිණ මෙහෙයුම් කළමනාකරු ලෙස උසස් වැඩ කොටසක් කරමින් පුහුණු කරුවකු ලෙසද ප්‍රචලිත වීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රශංසාවට ලක්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):
එක්තරා පෙලැන්තියක ආධිපත්‍යය යටතේ බව කීම අතිශයෝක්තියක් නොවෙයි.
 
ඉඳ හිට සිදුවෙන එංගලන්ත සංචාරයක් හැරෙන්නට ජාත්‍යන්තර කණ්ඩායමක් පැමිණුනේ කලාතුරකිනි. 
 
පාසල් මහා තරඟ දේශීයව සිදුවූ ආශ්චර්යමත් තරග පෙලයි. එයිනුත් රාජකීය-සාන්ත තෝමස්, ත්‍රිත්ව- සාන්ත අන්තෝනි, සාන්ත පීතර-සාන්ත ජෝසප් තරග, ආනන්ද-නාලන්ද තරගයට වඩා ඉදිරියෙන් විය.
 
කෙටියෙන් කිවහොත් ඉදිරිපෙළ පාසල් ක්‍රීඩකයන් එලි බැස්සේ ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන සමාජ පසුබිම් වලින් පමනි. සිංහල පමණක් භාවිතය සහිත සමාජ මට්ටම් වලින් ආ ආනන්ද නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් හට එතරම් තැනක් නොතිබිණි.
 
ලංකාවට 1972 දී පැමිණි ඔස්ට්‍රේලියානු පාසල් කණ්ඩායමට එරෙහිව ලංකා කණ්ඩායම තේරීමේදී සිංහල කතාකරන පසුබිමක් සහිත පාසලින් පැමිණි ක්‍රීඩකයන් ගණන ඉතාමත් සුළුවිය. රාජකීය නායක අසිත ජයවීරට ලංකා කණ්ඩායමේ නායකත්වය දෙද්දී උප  නායකත්වය දුන්නේ සාන්ත තෝමස් නායකයා හෝ උප නායකයා නොවූ දුලිප් මෙන්ඩිස් ටය. නාලන්ද නායක බන්දුල වර්ණපුර තවත් එක සාමාජිකයකු පමණක් විය.
 
සිංහල පාසලකින් පැමිණුනත් වර්ණපුරට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි විනි. පහල හා පහල මධ්‍යම පන්තික ක්‍රිකට් සමාජය ලෙස හඳුනා ගෙන තිබූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට තමා වැනිම පසුබිම් සහිත ක්‍රීඩකයන්  එක්කරගැනීමට වර්ණපුර සමත් විනි. 
 
ඉංග්‍රීසිය හැසිරවීමට ඇති හැකියාව නිසා පිළිගැනීමට ලක්වීමෙන් තමන්ගේ සහජ හැකියාවන් ඉදිරියටම ගෙන යාමට වර්ණපුර සමත් විනි.
 
 
මයිකල් තිසේරා ගෙන් පසුව සාන්ත තෝමස් ආදි ශිෂ්‍ය අනුර තෙන්නකෝන් නායකයා බවට පත්වෙද්දී නාලන්දාවේ වර්ණපුර නියෝජ්‍ය නායක වීම එක්තරා අන්දමක සමාජ පරිවර්තනයක් අර්ථ ගැන්වීය. 
  
ප්‍රේමසර ඇපාසිංහගේ, පාලිත පෙරේරාගේ සිංහල විස්තර කථනය මෙන්ම වර්ණපුර භූමිකාව ක්‍රිකට් ගමට ගෙනයෑමට ඉවහල් විනි. අනුර රණසිංහ, ජයන්ත සෙනෙවිරත්න, අජිත් ද සිල්වා සහ වර්ණපුර පරිවර්තන ප්‍රතිලාභීන් විය.
 
වර්ණපුර ගේ භූමිකාවට ඉතිහාසයේ කවදාවත් මැකිය නොහැකි තැනක් මැවෙන්නේ මෙම පරිවර්තනය නිසාවෙනි. 
 
ටෙස්ට් සුදුසුකම් නොලැබූ රටක් ප්‍රථම වතාවට පලමු පෙළ රටක් ලෝක කුසලානයේදී පරදවන්නේ වර්ණපුර වැඩබලන නායකත්වයෙනි. අවුරුදු 32 වැනි අඩු වයසකදී අනුර තෙන්නකෝන් විශ්‍රාම යාමෙන් වර්ණපුර ට නිත්‍ය නායකත්වය හිමිවීම දෛවෝපගත සිදුවීමක් වන්නේ 1982 ශ්‍රී ලංකාවේ නිල නායකත්වය පලමු ටෙස්ට් තරගය සඳහා ලැබීම නිසාය. 
 
ආරම්භක පිතිකරු ලෙස පළමු පන්දුවට මුහුණ දීම, පළමු ලකුණ ලබාගැනීම, දෙවැනි අන්තයෙන් ආරම්භක පන්දු යවන්නා වීමද ඉතිහාසය තුල වර්ණපුර භූමිකාවට සාක්ෂි දරනු ඇත.
 
 
ප්‍රභූ පසුබිම් සහිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සමකාලීන සාමාජිකයන් සිලෝන් ටුබැකෝ, ෆ්රෝයිඩන්බර්ග් සහ බෘක් බොන්ඩ් වැනි බහුජාතික සමාගම් වල විධායක ශ්‍රේණි හොබවද්දී වර්ණපුර එදිනෙදා ජීවිකාව සඳහා තෝරාගත්තේ වැල්ලවත්ත රෙදි මෝලේ සුබසාධක කළමනාකාර තනතුරයි.
 
 
Bangula Warnapura.1 
 
පෙරලිකාර දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම ඔහුගෙන් සිදුවූ වැරැද්දක් වුවත් එම තීරණය ගැනීමට පසුබට නොවිණි. තහනමෙන් පසුව ක්‍රීඩා පරිපාලනයට පැමිණ මෙහෙයුම් කළමනාකරු ලෙස උසස් වැඩ කොටසක් කරමින් පුහුණු කරුවකු ලෙසද ප්‍රචලිත වීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රශංසාවට ලක්විණි.
 
කිසි විටෙක මොනම කලබලයක් හෝ නොපෙන්වූ සන්සුන් මිනිසෙක් වූ ඔහු ක්‍රීඩාව තුල මහත්මා ගතිගුණ පෙන්වූවෙකි. 
 
70 දශකය පරම්පරාවේ ක්‍රිකට් සහ වර්ණපුර ගස සහ පොත්ත වැනි බැදීමක් විය. අඩු පිළිගැනීමක් තිබූ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව ලෝක කුසලානය දිනීම තෙක් ඉදිරියට පැමිණීම වර්ණපුර නාමයට උපහාරයක් නිසාවෙනි.
 
වඩා පැහැබර තණ තිල්ලකදී හමුවන තුරු සුබ ගමන්.
 
 
(බැට් මෑන් විසිනි)
 

 

 

 


 

THE LEADER TV 
 
 
 

දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන

 

ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ?! | The Leader TV | Gossip

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...