The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

October 20, 2021 • 12:11 PM

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''බුදු දහම ආගමක් නෙවෙයි ඒක මම නෙවෙයි කියන්නේ තථාගතයන් වහන්සේ. බුද්ධාගම නෙවෙයි බුදුහාමුදුරුවෝ දර්ශනයක් කිව්වයි කියනවා. නැහැ
  •   ඔහු එබව සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
  •     අවබෝධ නැති අය රාජ්‍යය බලයට පැමිණියහොත්, අවබෝධ නැති අය ශාසනභාරධාරීන් වුවහොත්, ශාසනය අර්බුදයට දක්වෙන බව පවසන අක්කරවත්ත,  ''වලගම්බා රජ්ජුරුවෝ මේක කරපු දා ඉඳලා සියලු පාලකයෝ ගිහියෝ අමු අමුවේ බුදු බණ කඩ කර කර මේක කරනවා.
  • සසුන අගතියට පත්කරා දේශපාලනය අගතියට පත් කරා දෙකම ඉවර කළා ඔහු.
අකුරු ප්‍රමාණය (Font Size):

තථාගතයන් වහන්සේ දර්ශනයක් වදාළේ නැහැ.'' යයි  සමාජ විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන සුජිත් අක්කරවත්ත පවසයි.

 
ඔහු එබව සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
 
එහිදී ලිංගිකත්වය සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් සුජිත් අක්කරවත්ත මෙසේ පැවසිය. 
 
'' ශුංගාරය කියපු මේ නූතනයේ ගොඩාක් අය කළබල වෙනවා. බුදු හාමුදුරුවෝ ශුංගාරය ගැන ලිංගිකත්වය ගැන රාගය ගැන කතා කරලා තියනවා. බුදු රජානන් වහන්සේ දිනමහා වීරගෙන් වෙන් වුනේ ඒකයි. දිනමහා වීර කිව්වා එයාගේ දසසිල්වලදී ජීවිතාන්තය දක්වා බඹසර විය යුතුයි කියලා. ලිංගිකත්වයේ යෙදෙන්නම බැහැ.
 
  
''බුදු හාමුදුරුවෝ පංචසීල ප්‍රතිපත්තියේදී කිව්වේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා. මොකක්ද මේ වරදවා හැසිරෙන්න එපා කිව්වේ. හරියට හැසිරෙන්න කියලා.
 
 
අවබෝධ නැති අය රාජ්‍යය බලයට පැමිණියහොත්, අවබෝධ නැති අය ශාසනභාරධාරීන් වුවහොත්, ශාසනය අර්බුදයට දක්වෙන බව පවසන අක්කරවත්ත,  ''වලගම්බා රජ්ජුරුවෝ මේක කරපු දා ඉඳලා සියලු පාලකයෝ ගිහියෝ අමු අමුවේ බුදු බණ කඩ කර කර මේක කරනවා. අවබෝධ නැති කෙනා රාජ්‍ය භාරකත්වයට ආවම විකෘති  රාජ්‍යයක් මේ  වෙන්නේ ඒක තමයි.'' යයි කියා සිටියේය. 
 
 
''ක්‍රමය කුඩු කරන්න පරාක්‍රමබාහු කෙනෙක් නැගිටිය යුතුයි ''
 
 
''එතකොට අවබෝධය නැති කෙනා කොහොමද රාජ්‍ය අධිපතිත්වයට ආවේ. මහා පරාක්‍රමබාහු රජතුමා ඒක තමයි කළේ. සසුන අගතියට පත්කරා දේශපාලනය අගතියට පත් කරා දෙකම ඉවර කළා ඔහු. ඔහු අළුත් එකක් ගෙනාවා. බෞද්ධයා කළ යුතු එකම දේ තමයි උපරිමයෙන්ම පරාර්ථචර්යාවේ යෙදෙන්න ඕන. 
 
බුදුන් වහන්සේගේ තිබුණ දෙයක් තමයි සෘජුව සිටීම, නොනැමී සිටීම. කිසිවිටෙකත් නැමෙන්නේ නැහැ. අනික් එක තමයි අවිරෝධය. විරෝධය පළකරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කිසිවිටෙක කිසිම දෙයක් සම්බන්ධව. සංවාද කර විසඳනවා. සමහර දේවල් තමයි බුදුහාමුදුරුවෝ කළේ ඉතාම පැහැදිළිව නෑ කරන්නේ නැහැ කියන තැන හිටියා. 
 
  
ඇත්තම කියනවා නම් ලංකාවේ මඟුල් ගෙවල් විකෘති  වෙලා තියෙන්නේ යම් සේද කඨින මංගල්‍යය විකෘති වෙලා. එතකොට ජනප්‍රිය සංඝ සංස්ථාවයි ජනප්‍රිය ක්‍රියාකාරමුයි එකට එකතු වෙලා. 
 
 
දෙව්දත්නේ මේක ආරම්භ කළේ. දෙව්දත්තර ඇත්තටම උඩින් ගියා. ජනකාන්ත වෙලා වැඩ කිඩ දාලා ඒ කියන්නේ අද V8 වලින් යනවා වගේ තමයි දෙව්දත්තර එදා උඩින් ගිහිල්ලා පෙන්නුවේ.  ගිහි සමාජයත් දැනඋගත් භික්ෂුවත් වහන්සේලත් ධර්මාර්ථ කථනයකට තීරණයක් ගන්න ඕන අපි මේ වප් පොහොයේ දීවත්. මොකද අපි නතර කරන්න බැරි තරම් විනාසයක් අත ලඟටම ඇවිල්ලා තියෙන්නේ....''
 
 
 

 
 
THE LEADER TV 
 
ජනාධිපතිගේ විශේෂඥ වෛද්‍යවරයාට වෙච්ච දෙයක් !
 
 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...