The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

'වහා පාසල් ගොස් සටන මුවහත් කළ මැනවි' - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

October 22, 2021 • 6:48 AM

'වහා පාසල් ගොස් සටන මුවහත් කළ මැනවි' - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස, ප්‍රජාචාර පාඩමෙන් නව පාසල් වාරය ආරම්භ කරන ලෙස අප ගුරු පරම්පරාවෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.
  • තමන්  දියුණු ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක විශිෂ්ඨ සාමාජිකයන් ලෙස සද්භාවයෙන් ගත් ඒ විප්ලවයේ ප්‍රතිපල කෙසේද?
  • මේ උදාව ඇත්තේ එය සමාලෝචනය කරන කාලයයි.
  •     රාජපක්‍ෂලා තෝරා ගැනීමෙන් ප්‍රාර්ථනා කළ ඒ ප්‍රජාතන්ත්‍රවාදය වර්තමාන පාලකයන්ට අරහං බව  ගුරු සංහතිය තේරුම් ගෙන තිබේද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඔබ පාසලේදී ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර වෙනස පවතීද? පොතේ පාඩමෙන් පිට පැනගිය පවත්නා ප්‍රායෝගික අර්බුදකාරි තත්වය ප්‍රමාණයකටත් වඩා රාජ්‍ය සේවය අති විඳිමින් සිටින්නාහ. 
 
මේ විකෘතියට නායකත්වය දෙන දෙවෙනි දියසේන රජ කළේ කවුද? රාජ්‍ය සේවයේ වැඩිම වැටුප් වැඩිවීම ලබා දුන්  පාලකයන් පළවා හැර, දෙවෙනි දියසේන අභිෂේක කරවූ රාජ්‍ය සේවා බල ඇනියට තුන් ලක්‍ෂයකට ආසන්න  ගුරු වෘත්තිකයන් කැපවීම ගැන කිසිවෙකු පසුතැවිය යුතු නැත. 
 
  
විශේෂයෙන් රාජ්‍ය සේවයේ හැම වැටුප් පතකටම රුපියල් දස දහසක වටිනාකමක් එකතු කළ පාලකයන් පළවා හැරියේ පවුලකට රට ගසා කෑමට ඉඩ දීමට නොවේ. ආරක්‍ෂා කිරීමටය. රට විකුණා දමන වෙන්දේසි පොළක් කිරිමට නොවේ. තමන්  දියුණු ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක විශිෂ්ඨ සාමාජිකයන් ලෙස සද්භාවයෙන් ගත් ඒ විප්ලවයේ ප්‍රතිපල කෙසේද? මේ උදාව ඇත්තේ එය සමාලෝචනය කරන කාලයයි.
 
 
රාජපක්‍ෂලා තෝරා ගැනීමෙන් ප්‍රාර්ථනා කළ ඒ ප්‍රජාතන්ත්‍රවාදය වර්තමාන පාලකයන්ට අරහං බව  ගුරු සංහතිය තේරුම් ගෙන තිබේද?  මහාචාර්ය චරිත හේරත් ලංකාදීපය හරහා පසුගිය කාලයේම කියා සිටියේ ගුරු සංහතියෙන් අඩකට නිසි පුහුණුවක් නැති බවය. ඒ හරහා ගුරු සංහතිය පසුතැවිල්ලකට එහා ගිය අවබෝධයකින් තත්වය දරා ගත යුතුවේ. 
 
එක්කෝ ලංකාවේ ඡන්දදායකයාට මොළයක් නැති බවය. කතිරය ගැසීමට ගිය පසුව, දැනුම බුද්ධිය බිම හැලී තමන් තකතීරුවෙකු සේ හැසිරෙන බවය. එසේ නොවේ තමන් තෝරා නම් පත් කළ පාලකයන් තකතීරුවන් ලෙස හැසිරෙන බවය. 
 
ඒ මොකක් වුණත් මේ අත් විඳින්නේ ඡන්ද දායකයාගේ හෝ පාලකයාගේ පුද්ගල බද්ධ දෝෂයක ප්‍රතිපල නම් නොවේ. 43 වසරක් තිස්සේ පවත්නා සාපරාධී පාලන ක්‍රමය තුළ පවත්නා දෝෂයයි. එය වෙනස් කළ යුතුවේ. 
 
 
ඊළඟට පත් කර ගන්නා විධායක ජනාධීපති ක්‍රමය වෙනස් කර වහා ගෙදර යන්නෙකු විය යුත්තේ ඒ නිසාය. බලය දුන් පසුව ඕනෑම පාලකයෙ හතර ගාතෙන් යාමට පටන් ගනියි. හේතුව මිනිස් වෙසින් සිට තවත් මිනිසෙකුට ද්‍රෝහි විය නොහැකි නිසාය.  
 
lasantha thajudeen eknaligoda 
 
ලසන්තලා තාජුදීන්ලා, එක්නැලිගොඩලා මරා දැමීමේ අපරාධයට ගෙදර යැවූ පවුල 2019දී නැවත බලයට පත් විය. ඔවුන් වැඩ පටන් ගත්තේ තමන් විසින් මෙහෙයවූ බලු ගැත්තන් හිරෙන් එල්ලුම් ගසෙනි නිදහස් කර ගනිමිනි. නීතිය සවුත්තු කිරීමෙනි. රට වර්තමානයේ මේ මුහුණ දෙන සිය`ථ ව්‍යසනයන්ට වගකිව යුත්තේ අප මිස රාජපක්‍ෂ  පවුල නොවේ. 
 
වියරු වී පහර දුන් ගවයා ගස් බැඳි පසුව හීලෑ විය හැකිය. හරකුන් මෙන් සමහර මිනිසුන් එසේ හීලෑ නොවන බවට රාජපක්‍ෂලා ක්‍රියාවෙන් පෙන්වමින් සිටිති. 
 
බොහෝ රටවල්  එකෙකුට දෙවතාවක්  බලය ලබා නොදෙන හේතුව මෙයයි.  අප නවහා කළ යුත්තේ එයයි.
 
නිදහස් ලංකවේ මුල් වසර 25ක් රට පාලනය කළේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අනුගතවය. නිදහස් ලංකාවේ ආරම්භක සොල්බරි ව්‍යවස්තාවෙන් අත් විඳි පාර්ලිමේන්තුවට වගකියන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල පාලන ක්‍රමයෙහි ආත්මයවූ රාජ්‍යය සහ ආණ්ඩුව අතර අද නැත. 
 
අද ආණ්ඩුව රාජ්‍ය තන්ත්‍රය යටපත් කරගෙන හමාරය. ඒ බව ප්‍රසිද්ධ දේශන හරහා එස්.බී. දිසානායකලා, සරත් වීරසේකලා, තිස්සකුට්ටිආරච්චිලා ගුරු සංහතියට උගන්වමින් සිටිති. 
 
 
වෙස්ට්මිනිස්ටර් ක්‍රමය යටතේ කිසිවෙකුට රාජ්‍ය තන්ත්‍රයට අත තැබිය නොහැකි නිසා පාලකයන්ට හොරුන් තක්කඩියන් සේ හැසිරීමට නොහැකි විය. බලය අවභාවිතා කළ නොහැකිය. අප ආපසු එතැනට යා යුතු බව ගුරුවරු අවබෝධ කර ගත්තා නම් 2024දී රට මේ පාපයෙන් මුදවා ගත හැකිය. 
 
 
පාසල් භූමිය ශුද්ධ කිරීමේ මුවාවෙන් පාසලේ ඉබි යතුරු පොලිසිය හරහා අත්පත් කැර ගැනීමේ වෑයම හමුවේ  මහනුවර රාසිංදෙවි විද්‍යාලයේ විදුහල්පති අ.මු.තු. බණ්ඩාරයන් රටට ඇසෙන්නට කළ ප්‍රකාශය හොඳ ආරම්භයකි.
 
 
 
ගුරු සේවා වෘත්තිකයන් පිස්සන් ලෙස හැඳීන්වීට දෙන දඬුවම තීරණය කළ යුත්තේ පාසල් සැසි හරහාය. ගුරු සේවය යනු එවැන්නකි. 
 
බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ භූමියෙන් කොටසක් විකුණා කෑමට තැත්කළ මේ පාලකයන් පිළිබඳ තවත් විග්‍රහ අවශ්‍ය නැත. අද බොහෝ පාසල් පවත්නේ ගුරු දෙගුරු ආරක්‍ෂාවේ මිස, දේශපාලනඥයන්ගේ අනුහසින් නම් නොවේ.
 
21 වෙනිදාට ගුරුවරු නොආවොත් කවුරු හෝ දමා පාසල් විවෘත කරන බවට ලැබෙන පණිවිඩය, ගුරු සේවය නිවැරදිව අවබෝධ කරගත යුතුවේ. අතීතයේ වරාය වර්ජන වලදී සේවයට හමුදාව කැඳවූ ආකාරයට ගුරු වර්ජනය ගැන සිතන්නෝ අධ්‍යාපනය ගැන දන්නා ඉලව්වක් නැතුවාමය.  
 
 
පාසලේදී දරුවන් කනින් අල්ලා සොලවා නිවැරදි කළාට, වරායේ ක්‍රමයට පාසල් පැවැත්වීමට සිතන තක්කඩින් නිවැරදි කළ නොහැකිය. කළ හැක්කේ රටේ පවත්නා අයහපත් ක්‍රමය වෙනස් කළ යුතු බව දරුවන්ට ඉගැන්වීම පමණකි. 
 
 
වෘත්තීය අරගල එසේම තිබියේවා. 25 වෙනි සඳුදා පාසල් ගොස් මෙම දුර්දාන්ත පාලන ක්‍රමයෙන් නිදහස් විය හැකි ක්‍රමවේදය අනාගත පරම්පරාවට ඉගැන්වීමට ගුරු සංහතිය අධිෂ්ඨාන කර ගැනීමෙන් මිස, අපේක්‍ෂිත ජයග්‍රහණ තහවුරු කළ නො හැකි ය.
 
අප රටක් ලෙස යළි නැගී සිටීමට නම්, 43 වසරක් පවත්නා ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු මිස,  පාලකයන් වෙනස් කිරීමෙන් පලක් නොවන බව රටේ බහුතරය තේරුම් ගනිමින් සිටිති.  
 
රටේ තැන තැන කෙරෙන ඒ සංවාදය පන්ති කාමරයට ගෙන යාමට ගුරු සංහතියට භාර වගකිමකි. නිල වශයෙන්  තමන්ට පැවරී ඇති එකී ඓතිහාසික වගකීම ඉටු කරන බවට වර්තමාන ගුරු සංහතිය උනුන් සපත කරගත යුතුවේ.  
 
යුගදනව් බලාගාරය විකිණුවේ පාර්ලිමේන්තුවේ තබා කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතිය නැතිවය. ගුරු සංගම් ඉල්ලීම් පිළිබඳව කැබිනට් කමිටු පත් කළද ප්‍රශ්නය එතැනමය. ප්‍රාදේශීය දේශපාලනඥයන්ට කෝටි ගණනින් මුදල් වෙන් කරන පාලකයන්ට ගුරු විසඳුම් සඳහා මුදල් නැත.  
 
 
දසක ගණනාවක් පැවති ගැටළු පිළිබඳ වෘත්තිය අරගලයට ආණ්ඩුව ලබා දුන් පිළියම පිළි නොගන්නා විට, මහ පාරට තක්කඩින් යවා වෘත්තිකයන්ට අපහාස කිරීම යනු තවත් පරිච්චේදයක ආරම්භයකි. එය පැවතීමට ඉඩ දෙනවාද? එය නතර කිරිමේ ක්‍රමවේදය ගුරුන් කියා දිය යුතුවේ.
 
 
රත්තරන් දරුවන්ගේ අනාගතය ගැන සිතන තිස්සකුට්ටිආරච්චිලා වර්තමාන ගුරු සංහතිය දකින්නේ පිස්සන් ලෙසය. පාසලක මාසික වැටුප් ලේඛනයේ මුළු එකතුව ගුරු සංඛ්‍යාවෙන් බෙදූ විට උත්තරය රජයේ ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප වේ. බොහෝ පාසල්වල විදුහල්පතිගේ වැටුපට වඩා උප ගුරුන්ගේ වැටුප් වැඩිය. නිර්මානය වී ඇත්තේ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් මිස වැටුප් හෝ  ශ්‍රේණි පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. 
 
එය මනුෂ්‍යත්වය පිළිබඳ ඛේදවාචකයට හෙජින් සොරුන් හිස් කළ මහා භාණ්ඩාගාරයේ පත්ල අත ගා විසඳුම් සෙවිය නො හැකිවේ. 
 
keheliya thiss sb 
 
මේ ගැටළු හමුවේ පිස්සන් කොටු යැවිය යුත්තේ ජෝෂප් ස්ටාර්ලින්ලා ජයසිංහලා නොවේ. තිස්සකුට්ටි ආරච්චිලා ඇස්.බී. දිසානායකලා වැනි වාසියට වැදූ අම්මාත් විකුණන වර්ගයේ මුග්ධයන්ය. 
 
 
රජයේ සේවකයන් නොඉල්ලාම, වැටුපට රුපියල් දස දහසක් එක් කළ පාලකයන් ප්‍රතික්‍ෂේප කළේ අනවබෝධයෙන් පිස්සුවෙන් නොවේ. රටේ ආරක්‍ෂාව වෙනුවෙනි. ඒ රාජ්‍ය සේවක අයිතින්ට  වර්තමාන පාලකයන් ලන්සු තබන අකාරය මේ වර්ජනයේදී තහවුරු විය. 
 
හෙට පාසල් නොඑන ගුරු සංහතිය බිය වැද්දීමට මේ මුග්ධ පාලකයන් විසින් උසිගන්වන්නේ අඩු පඩියට ගුරු පරපුර ඇස් පාදා මිනිසුන් කළ ගැහැනුන් හා මිනිසුන්ය. ඔවුන් එසේ හැසිරෙන්නේ තක්කඩි පාලක පන්තියේ ඉත්තන් විදියට මිස දෙමාපියන් ලෙස නොවේ.
 
 
මේ සිදු වෙමින් පවත්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කළ පාලකයා හිට්ලර්ට ආවේස වී “ ඔබ වහා රාජකාරි වාර්තා කළ යුතු යයි මුරුත්තෙට්ටුවේ වෘත්තීය සමිතිකාරයා ලබා නියෝග කරවීය. 
 
 
ඒ මුරුත්තෙට්ටුවේ  75 වෙනි සංවත්සරය දවසේ එක්සත් ජාතික පක්‍ෂයට හෙවත් රනිල්ට තිසරණ සහිත පන්සිල් දුන් ශ්‍රමන ප්‍රතිරූපකයාමය. මේ ක්‍රමය යටතේ ඊළඟට පත් වන ආණ්ඩුවේත් නිලමක්කාරයන් මුරුත්තෙට්ටුවේලා හරහාම රට පාලනය කරන බව  තේරුම් ගත යුතුවේ. 
 
පවත්නා ක්‍රමය යටතේ කිසිවෙකුගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත නැත. අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්ස පොහොට්ටුවට ඡන්දය දුන් මේ ගුරුවරුන්ගේ  බෙල්ලෙන් අල්ලා මෙසේ හොල්ලන්නේ රාජපක්‍ෂලා පමණක්ද? නැත රාජපක්‍ෂලාගේ බැලයන්ද එසේ කරති. 
 
image 4ee8bd5780
 
 
ශ්‍රේෂ්ඨ ලෙනින්ට අනුගත ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ වර්තමහාන සභාපති නීතිඥ රාජා කොල්ලුරේ කැහැටු බල්ලෙකු විලාසයෙන් රටටම ඇසෙන්නට හොරි කහමින් බුරන හැටි රටම බලා සිටියහ. ඒ බුරන්නේ මිනිස් ශ්‍රමය හෝ කම්කරු අයිතිය  වෙනුවෙන් නොවේ. රාජපක්‍ෂලාගේ පැවැත්ම වෙනුවෙනි.  
 
 
ගුරුන් වැඩට නොයයි නම් මර්ධනය දියත් කළ යුතු බවට සැර වචන භාවිතා කළ එස්.බී.දිසානායකගේ අප්පාත් ගුරුකමෙන් ජීවත්වූ කාලකන්නියෙකි. ජීවත්ව සිටියා නම් ඒ අප්පාත් පිස්සන් කොටුවට දක්කනවා නොවේදැයි ගුරු සංහතිය කල්පනා කළ යුතුවේ. වාසියට එස්.බී.ලා වැදූ අම්මාත් විකුණතැයි ලිපියේ මුලින් කීවේ ඒ නිසාය.
 
එසේ හෙයින් අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ ගුරු සංහතියෙන් මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කරන ඉල්ලීම මෙසේය. 
 
“වර්ජනය අතැර පාසල් ගොස් දරුවන්ට උගන්වනු මැනවි.  මේ සියල්ල එක් රැයකින් වෙනස් කළ හැකි බව ශිෂ්‍ය ප්‍රජාවට අවබෝධ කර දෙනු මැනවි. අවබෝධයෙන් වෙර ගැන්වුණ දරුවන් ලෝකය වෙනස් කරනු ඇත.’‘ පවත්නා ක්‍රමය තුළ ඇත්තේ එක එකා රජවන හැඩය පමණකි. 
 
 
රටේ පාලනයෙන් බහුරතය රාජපක්‍ෂලා අතේය. ඒ තනි මිනිසෙකුට බලය ලැබෙන මේ ක්‍රමය නිසාය. පරම්පරා ගණනක් ගොවිතැන් කළ ගමේ ගොවියාට දිය යුතු පොහොර තීරණය කිරීමත් ගුරුවරු පාසල් නොයයි නම් ඒ වෙනුවට වෙන අය පත් කිරීමත් පවත්නා ක්‍රමයේ බරපතලම විකෘතිය බව තේරුම් ගැනීම අපහසු නැත. 
 
නවගත්තේගම පාසලට පැන ගුරුවරියක දන ගැස්සීමත්, මැතිවරණ දවසක තම පක්‍ෂයේම තවත් නායකයෙකු වෙඩි තබා ඝාතනය කළ එකා නිදහස් කර රාජ්‍ය ආයතනයක් භාර දීමත්, ජනාධිපති මැතිවරණ රැස්වීමකට වේදිකා තැනූ  මිනිසෙකුට වෙඩි තබා මරා එල්ලුම් ගස් ගිය එකාත් නියෝජනය කරන්නේ ගුරු සංහතිය විසින් ශක්තිමත් කළ  මේ පාලකයන්මය. 
 
හොර පාස්පෝට් එකක් අතැතිව අසුවූ විමල් වීරවංශ මෙන්ම මහ බැංකුව මංකොල්ලය කෑ අර්ජුන් මහේන්ද්‍රන් නීතියෙන් බේරා දැමූ එවුන් අනාගතයේ රට බාර ගැනීමට සූදානම් ය. 
 
මහින්ද රාජපක්‍ෂ පාලකයෙකු වීමේ සිදුවන හානිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැනවින් දැන සිටියාය. එහෙත් හෙල්පින් හම්බන්තොට ගැහිල්ලෙන් ජරාව ගා ගත්, මහින්ද රාජපක්‍ෂ දිනවීමට පෙරමුණ ගත් ජනතා විමුක්ති පෙරමුණ යනු පවත්නා ක්‍රමය යටතේ තවත් රාජා කොල්ලුරේ කෙනෙකු වූ බව ඉතිහාසයේ ලියැවි ඇත. 
 
18 සහ 20 වෙනි සංශෝධනවලට අත් ඉස්සූ තිස්ස විතාරණ පවත්නා ක්‍රමය සපා කෑ ගෙරි කුණකි. තනතුරක් හරහා ඕනෑ වීරයෙකු අමනයෙකු කරන, මේ ක්‍රමය තවත් අවශ්‍ය නොවේ. 
 
  
මේ ව්‍යසනයෙන්  ශ්‍රී ලංකාව මුදා ගැනීම යනු දේශපාලන පක්‍ෂයකට ජාතියකට ආගමකට විරුද්ධ පෙළ ගස්වන සටනක් නොවේ. එය හරියටම වෙසක් දවසට ආගම් ජාති බේදයකින් තොරව හැම ගෙවත්තකම  මිදුලේ පහනක් දල්වනවා වැනි සදාචාර සම්පන්න සද් ක්‍රියාවකි. 
 
 
ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකු හැර වෙනත් තවත් විකල්ප පැවතිය හැකිය. පුළුල් සාකච්ඡා වේදිකා සැකසීම මාධ්‍ය ආයතන සතු වගකීමකි. 
 
chandrasiri 20 
 
 
(2021-10-24  'අනිද්දා' ජාතික පුවත්පතින් උපුටා ගැනිණ )
 
 
 
The Leader TV
 
මරු පෙන් වූ ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...