The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

සංහිඳියාවේ මංගල ලකුණ - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

T

The Leader Desk

October 23, 2021 • 2:38 PM

සංහිඳියාවේ මංගල ලකුණ -  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල කියන දේශපාලනඥයගේ නම මට මුලින්ම ඇහෙන්නේ දකුණේ අතුරුදහන් කරවීම් පිළිබඳ ප්‍රශ්නයට එරෙහි පෙනී සිටීම් එක්ක. 1988-89 භීෂණකාරී වාතාවරණය තුළ අතුරුදහන් කිරීම්වලට ලක්වු දහස් ගණනක්
  • 2015 න් පසුවත් ලංකාවේ දේශපාලන නායකත්වය හෝ ඒ වන විට යම් යම් ආකාරයෙන් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් හෝ විශ්වාසයක් තිබුනෙත් නැහැ.
  • 30/1 යෝජනාවලිය හැටියට ඉදිරිපත් වුනේ මේ කියන්නා වූ කාරණායි.
  • ඇත්ත වශයෙන්ම එම යෝජනාව ඔස්සේ ලංකාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ වන දේශපාලන මානයක් ඉදිරිපත් කෙරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ තරුණියන්ට සාධාරණය ඉල්ලා සිටීම වෙනුවෙන් දරුවන් අහිමි වූ මව්වරු ඒකරාශී කර ගනිමිනුයි මංගල මව්පෙරමුණ ගොඩනැගුවේ. එහි ක්‍රියාකාරී සාමාජිකාවක ව සිටි ‘මාධුලතා’ ව යි මට ප්‍රථමයෙන් මුණගැහෙන්නෙ. නව සම සමාජ පක්ෂය හැටියට අපි මේ අතුරුදහන් කරවීම් පිළිබඳ ප්‍රශ්නයට මැදිහත් වන විට අපට විශාල සහයෝගක් දුන්නේ ඇය.

දකුණේ මේ කාරණාව පිළිබඳ වඩා ක්‍රියාකාරී වුන දේශපාලනඥයා හැටියටයි මංගලගේ නම අපට අහන්න ලැබුනේ. ඉන් පසුව මංගල වඩා සමීපව අඳුන ගන්න ලැබුනේ ‘නිදහසේ වේදිකාව’ සමඟ මාතර පළමු රැස්වීම කරන අවස්ථාවේදි.

එදා පටන් අපි එක්ව දේශපාලන ක්‍රියාකාරීත්වයන්වල නියැලුනා. ඔහුගේ සහෝදරිය සමඟත් අපි කාන්තා ක්‍රියාකාරී කටයුතු වලට එකතු වුනා.

62340836 1839682406132749 2164349580844466176 n

ඔහු යහපාලන රජය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටියදි නැවතත් අපි එක්ව කටයුතු කළා. විශේෂයෙන්ම ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මතුව තිබුන ප්‍රශ්නකාරී තත්ත්වයන් යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් රාජ්‍යයන් සහ යාන්ත්‍රණයන් සමඟ වඩා ඵලදායී සහ නිරෝගීමත් සංවාදයක් ගොඩනගා ගැනීමට අපි එක්ව වැඩ කළා.

ඒ වන විට දෙමළ ඩයස්පෝරාව, රජයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් එකඟතාවයක් දැක්වුවේ නැහැ. 2015 න් පසුවත් ලංකාවේ දේශපාලන නායකත්වය හෝ ඒ වන විට යම් යම් ආකාරයෙන් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් හෝ විශ්වාසයක් තිබුනෙත් නැහැ. එම තත්ත්වයන්ට මැදිහත් වීම් කරන්න අපි එක්ව කටයුතු කළා.එතනදි අපිට අවශ්‍ය වුනේ

 

මෙය රටේ ප්‍රශ්නයක් මිස යම් යම් පුද්ගලයන්ට දඬුවම් කිරීමක් අපේක්ෂා කරන හෝ පුද්ගලයන් විදුලි පුටුවට ගෙන යෑම වැනි ප්‍රවාදයන් ගෙන් ඔබ්බෙහි තිබෙන ප්‍රශ්නයක් බව කියන්න; සියලු වින්දිතයින්ට යුක්තිය ඉටු කර ගැනීම පිළිබඳ කාරණාව පශ්චාත් යුද වාතාවරණයක බරපතළව මතුව තිබෙන ගැටලුවක් බව කියන්න.

 

පශ්චාත් යුද වාතාවරණයක නීතියේ ආධිපත්‍ය, වගවීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම නොමැතිව රාජ්‍යයක් හැටියට අපිට ඉදිරියට යන්න බැහැ. 30/1 යෝජනාවලිය හැටියට ඉදිරිපත් වුනේ මේ කියන්නා වූ කාරණායි. ඇත්ත වශයෙන්ම එම යෝජනාව ඔස්සේ ලංකාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ වන දේශපාලන මානයක් ඉදිරිපත් කෙරුණා. එහි රාජ්‍ය විරෝධී හෝ රටට එරෙහි කිසිවක් අඩංගු වුනේ නැහැ.

 

H.E. Mr. Mangala Samaraweera, Minister of Foreign Affairs of the Democratic Socialist Republic of Sri Lanka

 

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් මංගල ඒ යෝජනාව පිළිගත්තේ මේ පොළොවේ සැබෑ ලෙසම සිදුවිය යුතු බොහෝ දේවල් එහි අඩංගුව තිබෙන නිසා. අනෙක් අතින් ඔහු, යුද්ධයකින් අනතුරුව රට තුළ සිදුවිය යුතු දේවල් රාජ්‍යයට බාහිර පිරිස්වල මැදිහත් වීමෙන් සිදුවීම වළක්වලා ලංකාව තුළ ක්‍රියාදාමයකින් වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට කරන්න බාර ගැනීම ම රට ට කළ ගෞරවයක්.

මංගල සත්‍ය, යුක්තිය වෙනුවෙන් ගත් ඓතිහාසික රැඩිකල් තීන්දු නිසයි අද වින්දිතයින්ට තමන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න රාජ්‍ය ආයතන ව්‍යුහයක් ඉතිරිව තිබෙන්නේ. මේ යෝජනාවට අත්සන් තැබීම නිසා මංගල දේශද්‍රෝහියෙක් කළත් අද අතුරුදහන් කාර්යාලය, හානිපූරණ කාර්යාලය තියෙන්නෙ මංගල නිසා. වත්මන් ආණ්ඩුවත් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට සපයන තොරතුරුවල අඩංගු වෙන්නේ මංගල කරපු වැඩ.

නමුත් මංගලව ද්‍රෝහියා කරමින් ඔහු අත්සන් තැබූ ලේඛනයේ ඇතුළත් රාජ්‍ය ආයතන ව්‍යුහයන් ආණ්ඩුවත් පවත්වගෙන යනවා. මංගල එදා තැබුව ඒ පියවර ඇතුළේ සිද්ධ වුනේ මේ රටේ දහස් ගණනක් වින්දිතයන් සම්බන්ධයෙන් රාජ්‍ය ක්‍රියාත්මක විය යුතුයි කියන පිළිගැනීම ලැබීම.

 

DZtG9NXU0AAXHrv

අපි වැඩකරන අවකාශය ඇතුළේ මංගල නැහැ කියල හිතන්න මට ඉඩක් නැහැ. මේ මොහොතේ ජිනීවා ක්‍රියාකාරීත්වය, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට රුපියල් 6000ක් දීමනාව ලබා ගැනීම ආදි දහසකුත් එකක් සංහිඳියාව අරඹයා මතු වන ගැටලු වලදි අපි සාකච්ඡා කරමින් ඉන්නේ මංගල ගත් තීන්දු තීරණ. ඔහුගේ තැබු දැවන්ත පියවරයන් තුළ අපි යමින් සිටින්නේ. ඒ නිසා, මේ රටේ විශේෂයෙන්ම සංහිඳියා ක්‍රියාදාමය තුළ මංගල ජීවමානයි.

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

උපුටා ගැනීම - "සමබිම" පුවත්පතින්

nimalka fernando 73b15c4a a2a0 4dc7 bde2 28cdf441250 resize 750

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
දැන්වත් අපි අපටත් මේ රටටත් බොරු කරන එක නවත්තමු - මංගල සමරවීර
 

 

ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති ! | The Leader TV

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංහිඳියාවේ මංගල ලකුණ - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු | The Leader