The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

දේශප්‍රේමී මංගල -චින්තන ධර්මදාස

T

The Leader Desk

October 24, 2021 • 6:26 AM

දේශප්‍රේමී මංගල  -චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගලගෙ මරණයත් එක්කම මංගල කියන්නෙ කවුද කියන ප්‍රශ්නෙ සද්දෙට ඇහෙන්න ගත්තා. එක එක අයට එක එක මංගලලා හිටියා. සමහරුන්ට
  • ඒ කිසි දෙයක් වැරදි නැතුව ඇති.
  • හැබැයි අපි එක එක අයට මුණ ගැහණු මංගල වෙනස් ඇති.
  • ප්‍රධානවම ලංකාවෙ 2005 න් පස්සෙ ජාතිවාදී ආගම්වාදී අදහසක් බවට පත් වුණු දේශප්‍රේමය කියන සංකල්පය ආපහු ඔලුවෙන් හිටවන්න මංගලට ඕන වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩිසයිනර් කෙනෙක්, සමහරුන්ට ආර්ටිස්ට් කෙනෙක්, තවත් සමහරුන්ට සිංහල බෞද්ධකමට විරුද්ධ කෙනෙක්, තවත් කෙනෙකුට සැබෑ බෞද්ධයෙක්, කුලවාදියෙක්, ලිබරල් නායකයෙක් මේ විදිහෙ සමහර විට එකිනෙකට පරස්පර දේවල් පවා මංගල ගැන කියවෙන්න ගත්තා. ඒ කිසි දෙයක් වැරදි නැතුව ඇති. ඒ හැමදේම මංගල වෙන්න ඇති. හැබැයි අපි එක එක අයට මුණ ගැහණු මංගල වෙනස් ඇති. මට මුණ ගැහුනෙ දේශපාලනය අත්ඇරපු මංගල.

 

Mangala Chinthana 

පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයෙන් තව දුරටත් රටට කිසි දෙයක් වෙන්නෙ නෑ කියල ඒ මංගල හිතන්න ගත්ත කාලයක් ඒක. ඒ වෙනුවට පුරවැසියන්ගෙ පැත්තෙන් අදහස් සංවිධානය වෙන එකයි වැදගත් කියල එයා හිතුවා. ප්‍රධානවම ලංකාවෙ 2005 න් පස්සෙ ජාතිවාදී ආගම්වාදී අදහසක් බවට පත් වුණු දේශප්‍රේමය කියන සංකල්පය ආපහු ඔලුවෙන් හිටවන්න මංගලට ඕන වුනා. ඒක ආණ්ඩුවක් මාරු කරනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. අපේ අධ්‍යාපනයෙ ඉඳන්ම මේ අවුල උඩුදුවලයි තියෙන්නෙ. අවුරුදු ගාණක් තිස්සෙ අපේ විෂය නිර්දේශ ඇතුළෙ ජාතිවාදී ආගම්වාදී ලිංගවාදී අදහස්වලින් ළමයින්ව බ්‍රේන්වොෂ් කරනවා. ඉස්සර අපි ඉගෙන ගත්ත දුටුගැමුණු නෙමෙයි දැන් ඉස්කෝලෙ යන ළමයි ඉගෙන ගන්නෙ.
 

මංගලගේ දේශප්‍රේමය වුනේ ජාතිවාදයට විරුද්ධ වෙන එක. ආගම්වාද, කුලවාද, ලිංගවාද විතරක් නෙමෙයි සර් මැඩම් කියන තනතුරුවාද පවා අත්හරින එක. පළවෙනියෙන්ම අපි සමානයන් හැටියට පිළිගන්න එක. ඒක මංගලගෙ දේශප්‍රේමයේ අංක එක.
 

‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම’ කියල මංගල කිව්වා.
 
මට මුණ ගැහෙන්නෙ මංගලගෙ මේ සැබෑ දේශප්‍රේමී කලාපය. එයා විශ්වාස කළේ තරුණ පරම්පරාව. ඒක හරිම නිර්භීත විශ්වාසයක් වග කියන්න ඕන.  මං හිතන්නෙ ‘ටික්ටොක් යෞවනය’ දේශපාලනිකයි කියල ලංකාවෙ මුලින්ම බාරගත්තෙ මංගල කියල. ඒ වගේම පලවෙනි වතාවට ‘ඕල්ඩ් පවර්’ කියන ව්‍යූහයන්ගෙන් ගැලවිලා ‘නිව් පවර්’ කියන දේශපාලන අත්හදා බැලීමට එයා ලෑස්ති වුනා. ඒ කියන්නෙ බලය සංකේන්දුණය කරනවා වෙනුවට බලය පුරවැසියන් අතර විහිදුනු ජාලයක් නිර්මාණය කිරීම. පාලකයන් වෙනුවට පුරවැසියන් නිර්මාණය කිරීම. පාර්ලිමේන්තුව වෙනුවට සමාජය තෝරගැනීම. සිරස් දේශපාලනය වෙනුවට තිරස් දේශපාලනයක අභ්‍යාසය.
 
image 8f26f084b7

මං හිතන්නෙ මංගල හිටියෙ ඒ පටන්ගැන්මෙ. ඒ දේශප්‍රේමය ගොඩනැගිලා තිබුනෙ නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම, සුළු ජාතීන්ගේ උවමනාවන්ට ඇහුම්කන් දීම, සියලු ලිංගකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ කාරණා මත. රටේ ඉදිකිරීම්, ප්‍රවාහන ආදී කාරණාවලදි ආබාධිත පුද්ගලයන් ගැන හිතන ප්‍රවේශයක් ඇති කිරීම වගේ සංවේදී කාරණා ඒ අතර තිබුන. සැබෑ දේශප්‍රේමියෙක් කියන්නෙ තමන්ගෙ රටේ හැම පුරවැසියෙක් ගැනම හිතන මිනිහෙක්. මංගලගෙ දේශපාලනය වුනේ සවිඥානක මිනිහා ගොඩනගන එකයි.

තවදුරටත් කාවවත් රජකරන්න දේශපාලනය කරන්නෙ නෑ කියල මංගල කිව්වා. ආපහු හැරිලා බලද්දි මමත් දේශපාලකයෙක් විදිහට වගකිව යුතු වැරදි තියෙනවා කියල ඔහු ප්‍රසිද්ධියෙ පිළිගත්තා. සැබෑ දේශප්‍රේමය කියන සංකල්පයත් එක්ක මංගලගෙ දේශපාලනයේ අලුත් පිටුවක් පෙරලෙනවා. ඒත් අවසානාවට රටේ බහුතරයකට ඒක දැකගන්න, ඒකත් එක්ක වැඩකරන්න ලැබුනෙ නැහැ.

මංගල නිර්මාණය කරපු ඒ කඳවුර තමයි ලංකාවෙ ලිබරල් බලාපොරොත්තුව වුනේ. අනිත් හැම පක්ෂයක්ම ජාතිකවාදය පැත්තට නැඹුරු වෙද්දි මංගල කිව්වෙ අපිට ආදේශක වලින් වැඩක් නෑ විකල්පයක් තමයි අවශ්‍ය කියල. ඒ වගේම මේ මොහොතේ ආඩම්බරෙන් තමන් ජාත්‍යන්තරවාදියෙක් කියල පිළිගන්න කොන්දක් එයාට තිබුණා.
 

ලංකාව ලෝකයෙන් හුදකලා වණු අතීතයට ඇරුණු දූපතක් විදිහට නෙමෙයි, ලෝකයත් එක්ක සම්බන්ධ වුනු අනාගතය දකින රටක් විදිහට ඔහු දැක්කා. අපේ ඉතිහාසය වෙළෙඳ කේන්දුස්ථානයක් හැටියට ලෝකයේම සංස්කෘතීන් එක්ක සම්මිශ්‍රණය වීමේ පොහොසත් ආඩම්බරය ඔහු වින්දා. මේ ගුල්ගත සිංහල බෞද්ධකමට විරුද්ධව බය නැතුව කතා කළා. පුංචි ළිඳක ලොකු ගෙම්බො.. රට පුංචි කරලා තමන් ලොකු වෙන්න හදන මෝඩකමට  හිනා වුණා. ‘මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි. මේක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැමෝගෙම රටක්.’
 

මංගල එහෙම කිව්වෙ ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම හින්ද. බහුතරයේ කැමැත්ත පමණක් නෙමෙයි සුළුතරයේ අදහස ද ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙ ප්‍රකාශ විය යුතු හින්ද. සිංහල බෞද්ධකම කියන්නෙ කෘතිමව ඇති කළ ජාතිවාදී හීනමානයක් වග දැනගෙන හිටපු හින්ද. අපේ සැබෑ ඉතිහාසයේ වත්කම අපේ කලවමම වග දන්න හින්ද.
 

‘අපිට පුළුවන්ද අපේ ළමයෙකුට මේ රටේ ජීවත් වෙන්න කියල හදවතින් කියන්න?’239356813 4519901628034104 1846932443216971498 n

එයාට ඕන වුනේ රට දාලා යන අනාගත පරපුරට නවතින්න පුළුවන් ඉඩක් නිර්මාණය කරන්නයි. දේශපාලනය කිව්වම ඊයා ගෑවෙන ප්‍රතිචාරය වෙනුවට අලුත් තරුණයෙක් තරුණියක් ආකර්ශනය වෙන, ඒ අයගෙ ප්‍රශ්න සිතුම් පැතුම් හඬ නැංවෙන දේශපාලන වේදිකාවක් ගැන මංගලට හීනයක් තිබුන. එයා ඒ හීනෙ වෙනුවෙන් කැප වුනා. ඒ හීනෙ හැබෑ කරන්න වැඩ කළා. කොරොනා වසංගතය මැදත් ගෙදර පරිස්සමට නොඉඳ එළියට බැස්සා.
 
 

චීන කොරොනා වෛරසය ලිබරල් මංගලව මරා දැම්මා. ඒත් ඒ සංකල්පය මරා දාන්න පුළුවන්ද කියන එක  ප්‍රශ්නයක්. මං හිතන්නෙ මංගලගෙ සමුගැනීමත් එක්ක අපිට සමාජ ජාලා වෙබ් අඩවි, මාධ්‍ය පුරා දෝරෙ ගලනවා දකින්න තිබුනෙ ඒ සැබෑ දේශප්‍රේමයක බලාපොරොත්තුව. ඒක ඇත්තටම මංගල හිතුවටත් වඩා ලොකුයි.

 

උපුටා ගැනීම - "සමබිම" පුවත්පතින්


 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...