The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

යුද්දෙ දිනීම හා කාබනික පරිවර්තනය - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

November 1, 2021 • 4:23 PM

යුද්දෙ දිනීම හා කාබනික පරිවර්තනය - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ඔය යුද්දෙ දිනපු කතාව නිතර කියනවනෙ. යුද්දෙ දිනන්න ප්‍රධාන හේතුව වුණේ කොටින් සටන් විරාමයෙන් අයින්වෙන්න ගත්ත වැරදි තීරණය.
  • ගැහුවත්, ගුටිකෑවත්, ටික දුරක් යනකොට ජාත්‍යන්තර බලවේග මැදිහත් වෙලා නැවත සටන් විරාමයක් ඇතිකරයි කියලා හිතුවා.
  •   අනෙක් කාරණය, කාබනික යුද්දෙදි සටන් කරන්නෙ ඇත්ත සතුරකු එක්ක නෙමෙයි.
  •     දැනට ගොවීන් භාවිතා කරන කෘෂිකර්මාන්තය දැඩි ලෙස රසායනික පොහොර හා පලිබෝධ නාශක භාවිතා කරන ක්‍රමයක් බව ඇත්තක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඔවුන් හිතුවා ගහන්න පුළුවන්ය කියලා. ගැහුවත්, ගුටිකෑවත්, ටික දුරක් යනකොට ජාත්‍යන්තර බලවේග මැදිහත් වෙලා නැවත සටන් විරාමයක් ඇතිකරයි කියලා හිතුවා. ඒත්, ඒක වුණේ නැහැ. 
 
ජනාධිපති යුද්දෙ දිනපු විදියට කාබනික යුද්දෙ දිනන්න බැරි පොළව හරි පලිබෝධ හරි ඒ වගේ වැරදි තීරණයක් ගනියි කියල බලාපොරොත්තු වෙන්න බැරි නිසායි.
 
අනෙක් කාරණය, කාබනික යුද්දෙදි සටන් කරන්නෙ ඇත්ත සතුරකු එක්ක නෙමෙයි. ඔය ගෝලීයකරණ විරෝධී ව්‍යාපාරවල, පරිසරවාදී සංවිධානවල එහෙම රාජ්‍ය නොවන සංවිධාන අරමුදල්වලින් නිර්මාණය කළ ෆැන්ටසියක් එක්ක. 
 
ඒ ෆැන්ටසියෙ කිසිම වරදක් නැහැ. ඒ වගේ දෘෂ්ටිවාදීමය භාවිතාවන් අවශ්‍යයි. ඒවා එක්තරා විදියක සැසඳුම් නියාමනයන්. එහෙම නැතිනම් බෙන්ච්මාක්. 
 
දැනට ක්‍රියාත්මක වන කෘෂිකර්මාන්තය ඒ එක්ක සන්සන්දනය කරන්නට පුළුවන්. යම් වෙනස්කම් කරන්නටත් පුළුවන්.
 
 
දැනට ගොවීන් භාවිතා කරන කෘෂිකර්මාන්තය දැඩි ලෙස රසායනික පොහොර හා පලිබෝධ නාශක භාවිතා කරන ක්‍රමයක් බව ඇත්තක්. ඒකට හේතුව වැඩි අස්වනු සඳහා වැඩිදියුණු කරන ලද බීජවලම තියෙනවා. වැඩි අස්වනුත් මේ බීජ වර්ගත්, කෘෂි රසායනිකත් එකට බැඳිලායි තිබෙන්නේ. එකකින් එකක් වෙන්කරන්න බැහැ.
 
  
අපට පැරණි වගාක්‍රමවලට හෝ කාබනික යයි හඳුන්වනු ලබන නවීන වගා ක්‍රමවලට හැරෙන්නට බැරිකමක් නැහැ. හැබැයි, ගැටලුව තමයි අස්වනු අඩුකම. එතකොට ඒ නිෂ්පාදනවල මිල ඉහළ යනවා. 
 
දැනට නම්, මේ කාබනික නිෂ්පාදන ඉහළ පෙළේ, මිල අධික, සුවිශේෂ වෙළඳපොළකට තමයි සපයන්නෙ. එම ගොවිතැන සාමාන්‍ය ගොවියන්ට කරන්නට බැරිවෙන්නට හේතු රැසක් තිබෙනවා. 
 
ඒක ජනාධිපතිවරයාට නොතේරුණාට සාමාන්‍ය ඕනෑම කෙනෙකුට පොඩි මහන්සියකින් තේරුම්ගන්නට පුළුවන්.
 
කෘෂි රසායනිකවලට වසවිස කියන යෙදුම තරමක් අතිශයෝක්තියක්. මහදැනමුත්තාගේ කතාවක වා-පිත්-සෙම් තුනටම අගුණ නැති කෑමක් හොයාගෙන එන්න ගිය පොල්බෑමූණා අන්තිමට අරගෙන එන්නෙ ඉඟුරු විතරයි. මොකද, අනෙක් හැම දෙයක්ම මොකක් හරි ගැටලුවක් සහිතයි.
 
 රසායනික කතාවත් එහෙමයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැනෙ. ඒ නිසා බත් වුණත් ඕනෑවට වඩා කෑවොත් ගැටලු ඇතිවෙනවා. අපට රසායනික ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට වෙන එක වළක්වන්නට බැහැ. හැබැයි, ප්‍රශ්නය වන්නේ අධික ලාභ අපේක්ෂාවෙන් ආහාරවලට අධික විධියට රසායනික ද්‍රව්‍ය එකතු කිරීමයි.
 
ඉතින් ඒක පාලනය කරන්නට බැරිද? ලංකාවේ කෘෂිකර්මාන්තය, ඖෂධ, සෞඛ්‍යය හා සම්බන්ධ රජයේ නිලධාරීන් ලක්ෂ ගණනක් ඉන්නවා. ඔවුන්ට මහජනතාව වැටුප් හා වරප්‍රසාද ලබාදෙන්නේ මේ ගැටලු නිරීක්ෂණය කරලා අවශ්‍ය නියාමන යාන්ත්‍රණයන් නිර්මාණය කරලා ඒවා ක්‍රියාත්මක කරන්නටයි. 
 
දේශපාලකයන්ව මහජන මුදලින් නඩත්තු කරන්නේ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයටයි. ඒ නිසා අපි මේ තත්වය පාලනය කරන්නට ඇති තරම් මහජන මුදල් යොදවලායි තියෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ, ජනාධිපතිගේ සිට පහළට රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කාර්යය ඉටු නොකිරීම තුළයි.
 
 
වර්තමානයේදී ගොවීන්ට කෘෂි උපදෙස් දෙන්නෙ තෙල් පෝර කඩේ මුදලාලි. එහෙම වෙලා තියෙන්නෙ රට පුරා තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන්ට නිසි සේවාවක් සපයන්නේ නැති නිසායි. කොටින්ම මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙන්නේ මොකටද කියලාවත් ඒවායේ සේවය කරන නිලධාරීන් හෝ රජය හෝ දන්නෙ නැහැ.
 
  
ශ්‍රී ලංකාවේ සමස්ත වී වගාවෙන් තුනෙන් දෙකකටත් වඩා රසායනික පොහොර මත රඳා පවතිනවා. තුනෙන් එකක් පමණ පමණ රසායනික හා කාබනික පොහොර මිශ්‍රව භාවිතා කරනු ලැබේ. වී වගාව සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කරන්නේ 0.02%ක් තරම් ප්‍රතිශතයක්.
 
ජනාධිපතිවරයාට හා ආණ්ඩුව ගතයුතුව තිබුණු බුද්ධිමත් පියවර නම් සියයට එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් එක කන්නයෙන් 100% කරන්නට යාම නොවේ. එය කළ නොහැක්කක්. රසායනික හා කාබනික පොහොර මිශ්‍රව භාවිතා කරන තුනෙන් එකක ප්‍රතිශතය වර්ධනය කරන්නට මුලින් වැඩ කළ හැකිව තිබුණා.
 
 
මේ කරන වැඩෙන් සිදුවන්නේ ගොවීන්ටත්, සමාජයටත් මේ කාබනික ගොවිතැන සම්පූර්ණයෙන්ම එපාකිරීමයි. එය කෘෂි රසායනික සමාගම්වලට වඩාත් වාසිදායක තත්වයක් නිර්මාණය කිරීමට ද හේතු විය හැකිය. 
 
 
යහපාලන ආණ්ඩුව සමයේ අතුරලියේ රතන පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුව ද මෙවැනි අසාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර මහජන මුදල් විශාල ප්‍රමාණයක් කාබාසිනියා කළා.
 
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ආපසු හැරෙන්නට සූදානම් නැති බව පෙනෙන්නට තිබෙන නිසා අප මෙම රසායනික විරෝධය පසුපස තිබෙන දේශපාලන, ආර්ථික මූලෝපාය දෙස වඩා ගැඹුරින් විශ්ලේෂණය කිරීම අවශ්‍යයි. 
 
ඔහු මේ සියල්ල කරන්නේ හුදෙක්ම පොහොර සහනාධාරයේ බරින් නිදහස් වන්නට හා විදේශ විනිමය ඉතිරිකරගන්නට පමණක් නොවන බව දැන් පැහැදිලියි. 
 
ඔහු මුලපුරා තිබෙන කාර්යය කෘෂිකර්මාන්තයේ දැවැන්ත, වේදනාකාරී පරිවර්තනයකට ඉවහල් වන බව පෙනෙනවා. එය වෙනම විශ්ලේෂණය කළ යුතුයි.
 
 කෙසේ වෙතත්, දැන් දැන් තහනම් කළ කෘෂි රසායනික එකින් එක නිදහස් වන බවකුත් පෙනෙන්නට තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඔය රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.
 
මේ ජයග්‍රාහී මිනිසා ආපසු සොබාදහම වෙත යන්නේ පරාජිතයකු ලෙස නෙමයි. ජයග්‍රහණ මිටින් අරගෙනයි. ඒ කියන්නේ ගස් ගල් වන්දනා කරන නිරුවත් වානරයකු ලෙස නෙමෙයි. වඩා දියුණු මිනිස් ජීවියකු ලෙසයි. මිනිසා ලේසියෙන් විනාශ වෙන්නෙ නැහැ. තම පැවැත්ම වෙනුවෙන් මිනිසා ආපසු සොබාදහම වෙත යනවා.
 
 
AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - පැරාගේ විරාමය – ලංකා පුවත්පත)

 

 


 

THE LEADER TV 
 
 
 

ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන 

 

ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...