The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

මතක මංගල : 'ඔව් මම එහෙම තමයි' -තුෂාර මනෝජ්

T

The Leader Desk

November 23, 2021 • 6:06 AM

මතක මංගල : 'ඔව් මම එහෙම තමයි' -තුෂාර මනෝජ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)
  • හොරෙක්, මිනීමරුවෙක්, තක්කඩියෙක් වෙනවට වඩා එහෙම වෙන එක ගැන මට ආඩම්බරයි.”   මංගල සමරවීරගේ ‘එහෙම වීම’ සහ එහෙම වෙන එක ගැන ප්‍රසිද්ධියේ පිළිගැනීම, ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න ගැන මම සිතමි.
  • ජාවෝ ඩී කොස්තා 1547 නොවැම්බර් 27 වැනි දින, ගෝවෙහි පාලකයාට ලියමින් කියා සිටින්නේ හෙළදිව පාලකයා එහෙම කෙනෙකු බවය.
  • 1681 දී රොබට් නොක්ස් ලියු සිලෝන් දූපතේ ඓතිහාසික සම්බන්ධතා කෘතිය ද දක්වන ආකාරයට හෙළදිව පාලකයා එහෙම කෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


“ඔව් මම එහෙම තමයි. මම ඒක කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ. හොරෙක්, මිනීමරුවෙක්, තක්කඩියෙක් වෙනවට වඩා එහෙම වෙන එක ගැන මට ආඩම්බරයි.”  
මංගල සමරවීරගේ ‘එහෙම වීම’ සහ එහෙම වෙන එක ගැන ප්‍රසිද්ධියේ පිළිගැනීම, ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න ගැන මම සිතමි.  

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ එහෙම වූ බොහෝ අය සිටියහ.

ජාවෝ ඩී කොස්තා 1547 නොවැම්බර් 27 වැනි දින, ගෝවෙහි පාලකයාට ලියමින් කියා සිටින්නේ හෙළදිව පාලකයා එහෙම කෙනෙකු බවය.

1681 දී රොබට් නොක්ස් ලියු සිලෝන් දූපතේ ඓතිහාසික සම්බන්ධතා කෘතිය ද දක්වන ආකාරයට හෙළදිව පාලකයා එහෙම කෙනෙකි.  

ඉතිහාසගත මූලාශ්‍ර හෝ මහාවංශය හෝ එහෙම වූ අවස්ථා නොලියූව ද, නිදහස් ලිංගික සම්බන්ධතා සහ සමාජ ක්‍රම පැවති පූර්ව කොලණිගත ලංකාවේ එහෙම වීම අරුමයක් නොවන්නට ද ඇත.

 

ශ්‍රී ලංකාවේ දී නම් ප්‍රසිද්ධී චිත්‍ර ශිල්පීන්, විද්‍යාඥයින්, නර්තන ශිල්පීන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන්, නාට්‍යකරුවන්, අගමැතිවරුන් ඇතුළු දේශපාලනඥයින් වැනි එහෙම වන බොහෝ අය සම්බන්ධව බොහෝ කරුණු සාකච්ඡාවට ලක්ව ඇත. ඔවුන් අතුරින් මංගල ‘පොරක්’ වන්නේ එහෙම වීම ගැන අවංක වීම නිසා මෙන්ම, තමන්ගේ ජීවන විලාසය ද ඒ අනුව සකස් කරගත් පුද්ගලයෙකු නිසාය.

 

විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව නැතහොත් LGBT ප්‍රජාව ගැන දන්නා දවසේ සිටම දේශපාලනඥයින් හා සමහර මාධ්‍යවේදීන් පවා කතා කළේ අපහාසය, වෛරය, පිළිකුල, කොන්කිරීම හා වෙනස්කොට සැලකීම සිදුකරන ආකාරයටය. ඔවුන් සමාජය සහ මහජනතාව පෙළඹ වූයේ ද සමරිසි ඇතුළු විවිධ ලිංගික ප්‍රජාවට දුටු තැන අපහාස කිරීමට, ලැජ්ජා කිරීමට, පුළුවන් නම් අතපය කඩා දැමීමටය.

එම ප්‍රකාශවලටම හෝයියා කියන ආකාරයට කැප වූ පොලිසියක් ද තිබෙන නිසා ඔවුන් ව මර්දනය කිරීම තවත් පහසු විය. 1883 දී සුද්දා හඳුන්වා දුන් නීතිය මොකක්ද, දණ්ඩ නීති සංග්‍රහයේ සමරිසි පුද්ගලයින් ගැන කියන්නේ මොකක්ද කියලත් දන්නෙ නැති වුණාට සමරිසි වීම නීතියට හොඳ නැතිය, සංස්කෘතිය විනාශ කරන තිරිසන්නු කරන වැඩක්ය, සියවස් දහස් ගණනක් රැකගෙන ආ නිර්මලත්වයට බාධාවක්ය, අපාගත වන පවක්ය.

 

අපහාසය, කොන්කිරීම, වෙනස්කොට සැලකීම, ලිංගිකමය ඊර්ෂ්‍යාව, වෛරය, සමරිසි භීතිකාව, සංක්‍රාන්ති භීතිකාව වැනි දේවල් වල ප්‍රතිඵල අපි විවිධාකාරයෙන් අත්විඳ ඇත්තෙමු. මගේ ප්‍රජාවේ බොහෝ අය සියදිවි නසාගෙන ඇත. රැකියා ලබාගැනීම් වලින් ප්‍රතික්ෂේප වී ඇත. රැකියාවලින් උසස්වීම් ලබා නොමැත, රැකියා ස්ථානයේදී ලිංගික, මානසික, කායික යනාදී විවිධ හිංසන වලට මුහුණ පා ඇත. පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. කම්බි කූරු, වැටමාර පොළු ගුද මාර්ගයට බස්සා සිදු කරන අමානුෂික දඬුවම් විඳ ඇත. මූල්‍යමය, භාණ්ඩමය සහ ලිංගික අල්ලස් ලබා දීමට සිදු වී ඇත. නිවෙස්වලින් පන්නා දමා ඇත. පාසල්වලින්, විශ්වවිද්‍යාලවලින් පන්නා දමා ඇත. වැඩිහිටි නිවාසවලින්, ආගමික ස්ථානවලින් ප්‍රවේශය පවා අහිමි කර ඇත. ගම්වලින් එලවා දමා ඇත, පුළුස්සා දමා, ඇසිඩ් ප්‍රහාරවලට ලක් කර ඇත. සිගරැට් කොටවලින් පුච්චා දමා ඇත. කට කපා දමා, ලිංගික අවයව කපා දමා දස වධ දී මරා දමා ඇත. සාමුහිකව දූෂණයට ලක් කර ඇත. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල, විවිධ පරිවර්තන ප්‍රතිකාර කරනා යැයි ප්‍රකාශ කරන විවිධ මධ්‍යස්ථානවලදී පහර කෑම්, විදුලි කම්පනවලට ලක් කිරීම් වලට මුහුණ පා ඇත. එවැනි අමානුෂික භාවිතයන්ට මංගලගේ ‘එහෙම වීම’ ප්‍රබල  විරෝධය පෑමකි.




මංගල අවස්ථා කිහිපයකදීම, ‘ඔව්! මම එහෙම තමයි. මම ඒ ගැන ආඩම්බර වෙනවා’ යැයි කියමින් පහර දුන්නේ ඉහත කී මුග්ධයින්ටය. තමන්ගේ ලිංගික දිශානතිය යනු තමන්ගේ කැමැත්ත බවත්, එය අතිශය පෞද්ගලික දෙයක් බවත්, එය ප්‍රකාශ කිරීමට හෝ පිළිගැනීමට තමන් කිසිවිටෙක ලැජ්ජා නොවන බවත් ප්‍රකාශ කරමින් පහර දුන්නේ සංස්කෘතිය ආභරණයක් කරගෙන සමාජයට විෂ බීජ වපුරවන මූලධර්මවාදීන්ටය. අනෙක් අතට, මංගල තමන්ගේ ලිංගික දිශානතිය ගැන ආඩම්බර වෙනවා යැයි පවසමින් සමස්ත LGBT  ප්‍රජාව නියෝජනය කළේය.

ඒ තමන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය යනු සැඟවිය යුතු, ලැජ්ජා විය යුතු දෙයක් නොව, තමන් තමන්ම වීම පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි  පෞද්ගලික දෙයක් බව පෙන්වා දෙමිනි.

 

මංගල ගැන බොහෝ අයට ඔවුනොවුන්ගේ විෂයයන්වලට අනුව විවිධ අර්ථකථන තිබිය හැකිය. මට අනුව මංගල සමරවිර යනු විවිධ ලිංගික අනන්‍යතා ප්‍රජාවට මතක ආභරණයක් ලෙස පිළිගෙන පැළඳිය හැකි දියමන්තියකි. බලය ලබාගැනීමට, පොරක් වීමට අමනයෙකු සේ ව්‍යාජ සංස්කෘතික පිරුවටයක් භාවිත කරනවා වෙනුවට, අපහාසයම ආභරණයක් කර ගත්, තමන්ගේ වචනය වෙනුවෙන් ක්‍රියාවෙන් පෙනී සිටි සුන්දර මනුෂ්‍යයෙකි.

 

මංගල අපි නැවත නැවත හමුවිය යුතුමය. දේදුණු පැහැයෙන් බැබළෙන, අලුත් පරම්පරාවේ බලාපොරොත්තු සහ, පැරණි පරම්පරාවේ සුඛ - දුක්ඛ කම්පිතයන් යථාර්ථවත් කිරීමට අපි හමුවිය යුතුය. ‘ඔව්! මම එහෙම තමයි’ යනුවෙන් අමුතුවෙන් අටුවා - ටීකා පැවසිය යුතු නැති, මිනිසාට ගරු කරන සමාජයක අපි නැවත හමුවිය යුතුමය!



WhatsApp Image 2021 11 23 at 10.51.43 AM(තුෂාර මනෝජ්)
සමාජ ක්‍රියාකාරී

(උපුටා ගැනීම - සමබිම පුවත්පතින්..)

 

 

 

 

WhatsApp Image 2021 11 23 at 11.12.54 AM

Mathaka Mangala 2021.11.18 1


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...