The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

T

The Leader Desk

December 4, 2021 • 3:39 PM

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා.
  • ගොඩනැගිල්ලකට ආබාධ සහිත පුද්ගලයකුට ඇතුළුවීමට පහසු ප්‍රවේශයක් සැපයීමේ සිට අප විසින් කළ යුතුව තිබෙන කාර්ය ප්‍රමාණය අති විශාලයි.
  • උදාහරණයක් ලෙස, අපේ රටේ පොදු ප්‍රවාහනයේ බස්වල, දුම්රියවල ආබාධිත ප්‍රවේශය නම් සිහිනයක් වගේ.
  • ලෝක ජනගහනයේ වියපත් වීම සහ ආබාධවලට හේතු වන (දියවැඩියාව, මානසික ආබාධ වැනි නිදන්ගත සෞඛ්‍ය ගැටලුවල වර්ධනය එයට හේතු වේ.) ආබාධ සහිතබව විවිධාකාර වන අතර විවිධ ආබාධ සහිත අයගේ අත්දැකීම් ද විවිධ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද?

ආබාධ සහිත වීමත්, ආබාධ රහිත වීම වගේම සාමාන්‍ය තත්වයක්. ආබාධිත නොවන පුද්ගලයන්ටත් වෙනත් විවිධ රෝගාබාධ තිබෙනවා. ඒ නිසා යම් පුද්ගලයකුට තිබෙන ආබාධිතභාවය හඳුනාගැනීම අවමානයක් නෙමෙයි.

අප උත්සාහ කළ යුතුව තිබෙන්නේ ආබාධ සහිත පුද්ගලයන්ටත් සමානාත්මතාව හා සමාන අවස්ථා ලැබෙන සමාජයක් ගොඩනගන්නටයි. ගොඩනැගිල්ලකට ආබාධ සහිත පුද්ගලයකුට ඇතුළුවීමට පහසු ප්‍රවේශයක් සැපයීමේ සිට අප විසින් කළ යුතුව තිබෙන කාර්ය ප්‍රමාණය අති විශාලයි. උදාහරණයක් ලෙස, අපේ රටේ පොදු ප්‍රවාහනයේ බස්වල, දුම්රියවල ආබාධිත ප්‍රවේශය නම් සිහිනයක් වගේ.


ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බව ද වාර්තාවේ දැක්වේ. ලෝක ජනගහනයේ වියපත් වීම සහ ආබාධවලට හේතු වන (දියවැඩියාව, මානසික ආබාධ වැනි නිදන්ගත සෞඛ්‍ය ගැටලුවල වර්ධනය එයට හේතු වේ.)
ආබාධ සහිතබව විවිධාකාර වන අතර විවිධ ආබාධ සහිත අයගේ අත්දැකීම් ද විවිධ වේ.

අනතුරුදායක අවස්ථාවලදී අවදානම්වලට ලක්වන ප්‍රජාවන්ගේ ආබාධ සහිත අයට සෙසු අයට වඩා වැඩි බලපෑමක් ඇති වේ.

මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව, “World Report on Disability” (2011): 



ආබාධ සහිත පුද්ගලයන් යනු කවුරුද?


දිගුකාලීන ශාරීරික, මානසික, බුද්ධිමය හෝ සංවේදක ඉන්ද්‍රිය දුබලතා සහිත අය ද ආබාධ සහිත පුද්ගලයන් අතර වේ. එම දුබලතා සහ වෙනත් බාධක සමාජයේ සෙසු අය සමග සමානාත්මතා පදනමින් පූර්ණ හා ඵලදායී ලෙස සහභාගී වීම කෙරෙහි බලපායි.  
 
1 වගන්තිය, ආබාධ සහිත පුද්ගලයන්ගේ  හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය – UNCRPD



ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ නීති:
 
458445


# ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ සම්මුතිය (2016දී ක්‍රියාත්මක කරන ලදී)

# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – මූලික අයිතිවාසිකම්

# 1996 අංක 28 දරණ ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමේ පනත

# 2003 ආබාධ සහිතබව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

# 2013 ආබාධ සහිතබව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම

# නඩු නීතිය



භාෂාමය ගැටලු:

භාෂාමය ගැටලු ගැන කතා කරද්දී සංස්කෘතිය පිළිබඳත් කතාකරන්නට වෙනවා. අපේ පැරණි සංස්කෘතිය තුළ භාෂාත්මක වශයෙන් සැලකූ විට ආබාධ සහිත පුද්ගලයන් බැහැර කිරීමක් තමයි දකින්නට ලැබෙන්නේ. අපේ සම්ප්‍රදායන්ගේ, සාහිත්‍යයේ, කලාවේ, ජනප්‍රවාදවල ආබාධ සහිත පුද්ගලයන් අවමන් සහගත ලෙස හැඳින්වීම සාමාන්‍ය තත්වයක්. මෙය වර්තමානයට එන විට රත්මලානේ ගොලුමඩම හන්දිය කියන නම පවා වෙනස් විය යුතුව තිබෙනවා.
 
dyretrt
 
ඕනෑම ආකාරයක ආබාධයක් සහිත කාන්තාවන් දෙගුණයක අවදානමකට ලක්වේ. ඔවුන් සමාජයේ වඩාත්ම කොන්වීමට ලක්වන පුද්ගලයන් වන අතර, ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව හා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන අයට පවා ඔවුන් නොපෙනී යා හැකිය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් විසින් පහත දැක්වෙන කරුණ පිළිගනු ලැබේ. “ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමයින් බහුවිධ වෙනස්කොට සැලකීම්වලට ලක්වේ.” (6 ඡේදය) “ඔවුන් විසින් තම මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පූර්ණ හා සමාන අන්දමින් භුක්ති විඳින බව තහවුරු කිරීමට පියවර ගනු ලැබේ.”



කළ යුත්තේ කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරන පරිදි ලොව පුරා බිලියනයක් ජනතාව යම් ආකාරයක ආබාධයක් සහිත වෙති. ශ්‍රී ලංකාවේ 2012 ජන හා නිවාස සංගණනය අනුව, ජනගහනයෙන් 8.7%ක් ආබාධ සහිතව ජීවත්වෙති. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන විසින් පෙන්වා දෙන පරිදි මෙම ප්‍රතිශතය ඊට ඉහළ විය හැකිය. එයට හේතුව වන්නේ ආබාධිතභාවය අනුව වෙන්කරන ලද දත්ත ලබාගැනීමේ ගැටලුය. ආබාධ සහිත පුද්ගලයන් විවිධ කොන්කිරීමේ බාධකවලට මුහුණ දෙන අතර කොවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් ඒවා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා රජය 2016දී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කළේය. ඒ අනුව, 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරන ලදී. එහෙත්, දේශපාලනික, සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේදී ආබාධ සහිත පුද්ගලයන් දෛනිකව මුහුණදෙන බහුවිධ සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා එය ප්‍රමාණවත් නැත. එබැවින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අතපසු වූ හා හදිසි කාර්යයක් තිබේ. ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගන්නා භාෂාවක් ව්‍යවස්ථා ව්‍යූහය තුළට ඇතුළත් කිරීම ද ඒ අතර තිබේ. ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් නීති අධ්‍යයනාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව ද තිබේ.  

(ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පුවත්පත් නිවේදනය)

(praja.lk)

 

 


 

THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...