The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

අප්පච්චි මළා !

T

The Leader Desk

December 11, 2021 • 2:40 PM

අප්පච්චි මළා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට මහින්ද වගේ පිරිමියෙක් හරි සිරිමාවෝ වගේ ගැහැණියක් හරි ඕන වගේ අදහසක් නිර්මාල් පෝස්ට් කරලා තිබුන. ඒ සඳහා කිසි කෙනෙක් නෑ කියල එයා සලකුණු කරලා තිබුන.
  • මෙතනදි අඳුරගන්න ඕන ජීව විද්‍යාත්මක ශරීරය නෙමෙයි පිරිමි ගැහැණු බව තීරණය කරන්නෙ.
  • මහා පුරුෂ ලිංගයේ බලය අඩපණ වෙනවා.
  • නැවත අමාරුවෙන් ප්‍රාණවත් කරන කුඩා පුරුෂ ලිංගයන් විහිලු බවට පත්වෙමින් කඩන් වැටෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවෙ ඊළඟ නායකත්වය ගන්නෙ බොහෝවිට ගැහැණියක් නැත්නම් සමරිසි පිරිමියෙක් කියලයි මගේ අනාවැකිය. ඒ දක්වා විෂම ලිංගික පිරිමි නායකත්වයන් ජෝක් වෙලා ඉවර වෙනවා.

සිරිසේනට හිනාවෙලා ආතල් ගනිද්දි ලංකාවෙ මීට පස්සෙ සිරිසේනට වඩා ඉහල ජනාධිපති කෙනෙක් බිහිවෙන්නෙ නෑ කියල මං කාලෙකට කලින් කිව්වා. ඒ කියන්නෙ මං අනාවැකි කියන්න දන්නවා කියන එක නෙමෙයි. ඒක මං සළකුනු කරන්නෙ සමාජ ලිංගිකත්වය පිළිබඳ සංස්කෘතික තත්වවලට සාපේක්ෂව.



2165904de9179450c6111b9ff4beb2e5

මහින්ද කියන්නෙ ලංකාවෙ විෂම ලිංගික පිරිමියාගේ සංකල්පයේ සුරතාන්තය. ඒ තමයි අප්පච්චි. අප්පච්චිගෙ විදිහ තමයි පාලනය කියන එක. ආධිපත්‍යය. බලය. ඒකත් එක්කම මහින්ද යක්ෂයාගේ පැතිකඩත් අපිට පෙන්නුවා. ඒ තරම් පරිපූර්ණ තාත්තෙක් ජාතියකට හම්බුවෙන්නෙ නෑ. ඒ අප්පච්චිගෙ බලයේ යුගය අවසානයි.



සියලු තාක්ෂණයන්, සියලු නිෂ්පාදන සම්බන්ධතා විෂම ලිංගික මානයෙන් මෙට්‍රො තැනකට මාරුවෙනවා. සියලු දැනුම් පද්ධතීන් මාරු වෙනවා. නෙට්ෆ්ලික්ස් එකේ පවා සියලු වීරයො ගැහැණු වෙනවා. ලෝකය විෂම ලිංගික පිරිමියාව අත්හැර දමමින් ඉන්නවා. එකම සම්බන්ධතා ස්වරූපය පිරිමියා සහ ගැහැණිය නෙමෙයි කියන බාරගැනීමත් එක්ක ලෝකය විස්තාරණය වෙන ප්‍රමාණයට අප්පච්චිලා බ්ලැක්හෝල්වලට අහුවුනා වගේ වෙනවා.

සිරිමාවො ගැහැණියක් වුනත් එයා ගැහැණු ශරීරයක හිටපු පිරිමියෙක් කියලයි මං හිතන්නෙ. එයා ගැහැණු ආකෘතියක් ගෙනාවෙ නෑ. පිරිමි ආකෘතිය පිරිමියෙකුට වඩා හොඳට කරගෙන ගියා විතරයි. මෙතනදි අඳුරගන්න ඕන ජීව විද්‍යාත්මක ශරීරය නෙමෙයි පිරිමි ගැහැණු බව තීරණය කරන්නෙ. අපි ජීවත්වෙන සංස්කෘතිය.

බලය විෂම ලිංගික පිරිමියාගෙන් විතැන් කරන එක ලෝක මතවාදී ව්‍යාපෘතියක්. මං කියන්නෙ මේක කවුරු හරි සැලසුම් කරලා සල්ලි දාලා කරනවා වගේ කතාවක් නෙමෙයි. විෂම ලිංගික ලෝකය එහි අවසානය කරා ගමන් කරමින් තියෙනවා. තව ගොඩක් සම්බන්ධතා ස්වරූපවල කතන්දර කියවාගත නොහැකිව හිරවෙලා තියෙනවා. ඒ සංස්කෘතික නිෂ්පාදන කලාප ඉතිහාසයක් පුරා ඇහිරිලා තියෙනවා. මහා පුරුෂ ලිංගයේ බලය අඩපණ වෙනවා.


ලංකාවෙ දේශපාලනයේ අසමත් වීම හුදකලා අහම්බයක් නෙමෙයි. මහා පිරිමියාගේ අවසානය දිහා අපි බලාගෙන ඉන්නවා. ඊට වඩා පිරිමියෙක් නැවත බිහිවෙන්නෙ නෑ. නැවත අමාරුවෙන් ප්‍රාණවත් කරන කුඩා පුරුෂ ලිංගයන් විහිලු බවට පත්වෙමින් කඩන් වැටෙනවා. බලය, පාලනය, අනුහස, කේන්ද්‍රගතබව තවදුරටත් ප්‍රජාපාලනයෙදි වැඩ කරන්නෙ නෑ. ඒ වෙනුවට වඩා විමධ්‍යගත, ඇහුම්කන්දෙනසුලු, බාරගන්නාසුලු නායකත්වයක් ඕන කරනවා. අපි හතරගාතෙන් ලෝකෙ ඉස්සරහ වැටිලා ඉන්නකොට ගෝරිල්ලො වගේ පිරිමින්ට කරන්න පුළුවන් බිබික්කමක් නෑ.


මේ ලිංගික දේශපාලන ආකෘතික වෙනස ඉස්සරහයි ලංකාව ඉන්නෙ. මීට කලින් අපිට සමරිසි නායකයන් ඉඳලා තියෙනවා. මංගල ඇරුනම ඒ හැම කෙනෙක්ම වගේ තමන් සමරිසිබව හංගන්නයි දේශපාලනයෙදි වෑයම් කළේ. ඒත් අපිට ඒ ‍අනාගත මෙට්‍රො ලෝකය දරාගන්න පුළුවන්, ඒ සංස්කෘතික භාෂාව වැටහෙන නායකයෙක් අවශ්‍ය වෙනවා. ඒක අනිවාර්යෙන්ම ගැහැණු හෝ සමරිසි පිරිමි තැනකින් විතරයි පිරවෙන්නෙ.

 
 
93842645 10217584457783443 890995329241972736 nමංගල ඇරුනම ඒ හැම කෙනෙක්ම වගේ තමන් සමරිසිබව හංගන්නයි දේශපාලනයෙදි වෑයම් කළේ. 
 


තාම ජාතිවාදී ආගම්වාදී පුරුෂවාදී ග්‍රාමීය සුලුතරයක් ගැන ලොකුවට මවාගත්ත අදහසක් ඇතුවයි තාමත් ගොඩක් අය ලංකාව දිහා බලන්නෙ. ඒ බලය තමයි අප්පච්චිගෙ බලය. ඒක ජෝක් වෙලා අවසන් වෙනකල් ඉවසන්න සිද්ද වෙනවා. ඊට පස්සෙ තමයි අලුත් ලංකාව පටන් ගන්නෙ. ඒකෙ දේශපාලන සංස්කෘතිය වෙනස් එකක්.

රාජපක්ෂ කියන්නෙ ලංකාවෙ ඇල්ෆාමේල් විෂමලිංගික පිරිමි සංස්කෘතියෙ අවසානය සලකුණු කරන රූපකය.

කාලෙකට කලින් විජිත් විජිතමුනි මේ කතාව ඓතිහාසික විදිහට කිව්වා.

අප්පච්චි මළා. දැන් මිනිය කරගහන් ගිහින් වැඩක් නෑ.

අපි එදා ඉඳන් තාමත් ට්‍රයි කරන්නෙ ඒ මිනිය කරේ තියාගෙන යන්න. මං හිතන්නෙ දැන් අපි කනත්ත ළඟටම ඇවිත්.


 
Chinthana D


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - Faculty of Sex
 
(Chinthana Dharmadasa ගේ ෆේස්බුක් පිටුවෙන්...)



THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්නTHE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...