The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම යනු කුමක්ද?

T

The Leader Desk

December 13, 2021 • 10:14 AM

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම යනු කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් 12 දා (ඊයේ) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසානකර තිබේ.
  • මෙවර පාර්ලිමේන්තුවේ වාරාවසානය ප්‍රකාශයට පත්කෙරුණේ, එක අතකින්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර දින කිහිපයකට පසුව යි.
  • වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බව දේශපාන විචාරකයෝ මත පළ කළෝ ය.
  • දේශපාලන විචාරකයන්ගේ තවත් අදහසක් වන්නේ දේශපාලනඥයින් බොහෝවිට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය විශ්වාස කරන බැවින් මෙවැනි ක්‍රියා එම උපදෙස් මත සිදුවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10ට යි.

මෙවර පාර්ලිමේන්තුවේ වාරාවසානය ප්‍රකාශයට පත්කෙරුණේ, එක අතකින්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර දින කිහිපයකට පසුව යි. ඊට මෙතෙක් මුදල් අමාත්‍යවරයාහෝ රජය පාර්ශවයෙන් කිසිවෙකුත් පාර්ලිමේන්තුවේ දී ප්‍රතිචාර දක්වා නැත.

එමෙන්ම, මේ වන විට යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පා අමාත්‍ය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු රජයේ අමාත්‍ය අමාත්‍යවරුන් පිරිසක් ප්‍රසිද්ධියේ විරෝධය පා ඇති අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ ආණ්ඩුවට විරුද්ධව අලුත් පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට ද කතිකාවතක් පවතියි.

 

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හා අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේ ය. එමගින් එම කමිටු අහෝසිවී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයින් පත්කළ යුතු වේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට අදාල විමර්ශනවලට ද මින් බලපෑම් එල්ල වෙයි.

 

පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් ඉවත් කිරීම !


වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බව දේශපාන විචාරකයෝ මත පළ කළෝ ය.

දේශපාලන විචාරකයන්ගේ තවත් අදහසක් වන්නේ දේශපාලනඥයින් බොහෝවිට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය විශ්වාස කරන බැවින් මෙවැනි ක්‍රියා එම උපදෙස් මත සිදුවන බවයි.

මේ අතෙර විදේශීය මුල්‍ය ආයතන වෙත රජය ගෙවීමට ඇති ණය වාරික හේතුවෙන් මෙවැනි තීරණයක් ගත්තේ දැයි මාධ්‍යවේදියෙකු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ගෙන් ප්‍රශ්න කළ විට අමාත්‍ය පීරිස් අවධාරණය කළේ, ඒ දෙක අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කළ අතර ඔහු පෙන්වා දුන්නේ ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලය පැවරී ඇති බවයි.

"ජනාධිපතිවරයට බලය තියෙනවා පාර්ලිමේන්තුව කැඳවීමට, විසුරුවා හැරීමට හා සැසිවාරය අවසන් කිරීමට" ඒ අනුව ජනපතිවරයා මෙම පියවර ගත බවට ඔහු අවධාරණය කළේය.


පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම

පාර්ලිමේන්තුව "වාරාවසාන" කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීම යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ. මෙහිදී, වාරාවසාන කිරීම මාස දෙකකට නොවැඩි විය යුතු අතර එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මඟිනි.


පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ දී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතු ය.

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) අනුව; "යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය."

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු ය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාරාවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දීම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාරාවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි එහිදී ජනතිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කල හැක.


වාරඅවසාන කර ඇති විට නැවත කැඳවන්න පුලුවන්ද?

 

පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුව ද සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුලත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතු ය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවහීදී කතානායක වරයාට පාර්ලිමේතුව නැවත කැඳවිය හැකිය.


1958 මැයි 27 දින වාරාවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලහාල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 වන දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.



රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

 

නව සැසි වාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත

 

නව සැසි වාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ දී එය හැඳින්වුණේ රාජාසන කථාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව රාජාසන කථාව පරාජය විය. 1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කෙරුණේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසිනි.

එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාව සඳහා විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86ක් ද, විරුද්ධව ඡන්ද 61ක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් අටදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් ද, විපක්ෂව 61ක් ද ලැබුණු නමුත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

කෙසේ වුව ද, වර්තමානයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට බඳුන්වීමක් හෝ ඡන්දය විමසීමක් සිදු නොවේ.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු:


පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, වාරාවසාන කිරිමත් සමග අක්‍රීය වෙයි.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වෙයි.


# පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

# ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව

# ගෘහ්‍ය කාරක සභාව

# ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව

# ව්‍යවස්ථාදායක කාරක සභාව

# අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව

# රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

# පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

# රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව

# මහජන පෙත්සම් කාරක සභාව

# පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව



පාර්ලිමේතුවේ සෑම නව සැසි වාරයක් ආරම්භයේ දීම හතර දෙනෙකුට නොඅඩු සාමාජික සංඛ්‍යාවකින් සමන්විත තාවකාලික සභාපති කමිටුවක් පත්කෙරේ.


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම:


පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ, 1947 සිට පාර්ලිමේන්තුව පනස් වරක් පමණ වාරාවසාන කර ඇති බව යි.

1978 සිට සැසිවාර 25කට වඩා පවත්වනු ලැබ තිබේ. ඒවා නම්,



# පළමුවන පාර්ලිමේන්තුව, 1978/09/07 දින සිට 1988/12/20 දක්වා - සැසිවාර 07 යි

# දෙවන පාර්ලිමේන්තුව, 1989/03/09 සිට 1994/06/24 දක්වා - සැසිවාර 05 යි

# තුන්වන පාර්ලිමේන්තුව, 1994/08/25 සිට 2000/08/18 දක්වා - සැසිවාර 03 යි

# හතරවන පාර්ලිමේන්තුව, 2000/10/18 දින සිට 2001/10/10 දක්වා - සැසිවාර 03 යි

# පස්වන පාර්ලිමේන්තුව, 2001/12/19 සිට 2004/02/09 දක්වා - සැසිවාර 02 යි

# හයවන පාර්ලිමේන්තුව, 2004/04/22 සිට 2010/02/09 දක්වා - සැසිවාර 04 යි

# හත්වන පාර්ලිමේන්තුව, 2010/04/22 සිට 2015/06/26 දක්වා - සැසිවාර 01 යි

# අටවැනි පාර්ලිමේන්තුව, 2015/09/01 සිට 2020 දක්වා - සැසිවාර 03 යි

# නවවැනි පාර්ලිමේන්තුව, 2020 අගෝස්තු සිට මේ දක්වා -පළමු සැසිවාරය දෙසැම්බර් 12 වැනිදායින් අවසන් කර ඇත.



(BBC සිංහල සේවය)

 

Leader Whats app

 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...