The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

බලයට එන කවුරු වුණත් මුහුණදෙන ක්ෂණික අභියෝග -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 13, 2021 • 2:38 PM

බලයට එන කවුරු වුණත් මුහුණදෙන ක්ෂණික අභියෝග -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටියි. දිගු කලක් තිස්සේ මෝරා වැඩෙමින් තිබුණු මෙම අර්බුදය කෝවිඩි-19 වසංගතය හමුවේ කූටප්‍රාප්තියට පැමිණියේය.
  • රජය විසින් 2020 වසරේදී මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගෙන ගත් පියවර ද මෙම තත්වය තීව්‍ර කරන්නට හේතු වූ බව සඳහන් කළ යුතුය.
  • ඒහෙත්, මේ වන විට ආණ්ඩුව ඇතුළේම කැරැලිකරුවන් මතුවෙමින් දේශපාලන අර්බුදයක් ද මෝරා වැඩෙමින් තිබේ.
  • මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



සංචාරක ව්‍යාපාරයේ ආදායම් බිඳවැටුණු අතර, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම්, අපනයන ආදායම් ආදිය ද අභියෝගයට ලක්විය.

රජය විසින් 2020 වසරේදී මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගෙන ගත් පියවර ද මෙම තත්වය තීව්‍ර කරන්නට හේතු වූ බව සඳහන් කළ යුතුය.

මාස කීපයක් තිස්සේ රට වසා තබාගත්තේ ආර්ථිකය කඩාකප්පල් වීම පිළිබඳ නොසිතමිනි.

ඒ අතරවාරයේ සමෘද්ධි අරමුදලින් පන්දහසින් බැඳි පියලි ජනතාවට පිරිනමමින් ආණ්ඩුව තුනෙන් දෙකේ ජනවරමක් තහවුරු කරගත්තේය.

ඒහෙත්, මේ වන විට ආණ්ඩුව ඇතුළේම කැරැලිකරුවන් මතුවෙමින් දේශපාලන අර්බුදයක් ද මෝරා වැඩෙමින් තිබේ.

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය. අර්බුද අතර අර්බුදය වී තිබෙන්නේ එයයි. ඔක්තෝබර් මාසය අග වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3ට අඩු වී තිබිණි. මේ වන විට එය තවත් අඩු වී ඇත. 2022 වසර එළඹෙන්නේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ණයක් ජනවාරිය ඇතුළත පියවීමේ අභියෝගය සමගයි. ශ්‍රී ලංකාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවයට පත්වේද, එමගින් රැළි පරිද්දෙන් ඇතිවන සෙසු ප්‍රතිඵල මොනවාද යන උභතෝකෝටිකය අප හමුවේ තිබේ.


බංකොලොත් වීම වළක්වාගැනීම සඳහා රජය විවිධ මූලාශ්‍රවලින් මුදල් හුවමාරු හා ණය ලබාගැනීමට උත්සාහ කරමින් සිටියි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ කළ සංචාරයේ අරමුණ ද එය විය. මේ වන විට ශ්‍රී ලංකා රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයටත් වඩා වැඩිය. එයින් 60%ක්ම විදේශ ණයයි.


2018දී රටට ඩොලර් බිලියන 4.3ක ආදායමක් ලබාදුන් සංචාරක ව්‍යාපාරය 2021 මුල් මාස නවය තුළදී ඉපැයුවේ ඩොලර් මිලියන 92.5ක් පමණි. විදේශ ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් ද අඩුවෙමින් තිබේ.

2020 මුල් මාස නවයට සාපේක්ෂව 2021 මුල් මාස නවය තුළදී විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් ප්‍රමාණය 9.3%කින් අවම වී තිබේ. ඔක්තෝබරයෙන් පසු එවන ආදායම් තවත් අඩුවෙමින් තිබේ.

නොවැම්බර් මාසයේදී පමණක් අඩුව පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 300ක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රොයිටර් පුවත් සේවයට පැවසීය.

උන්ඩියල්, හවාලා වැනි ක්‍රම මගින් ශ්‍රී ලංකාවට මුදල් එවීම එයට හේතුවයි. බැංකු විසින් ඩොලරයකට ගෙවන මුදල රු. 203ක් පමණ වෙද්දී නොනිල ආකාරයෙන් කරනු ලබන ඩොලර් මිලදී ගැනීම්වලදී ඩොලරයකට රු. 255 – 265 දක්වා මුදලක් හිමිවේ.

 විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් දිරිගැන්වීම සඳහා දැන් බැංකු විසින් ඔවුන්ගෙන් වැඩි මිළකට ඩොලර් මිලදී ගන්නා අතර උන්ඩියල් වැනි නීති විරෝධී මුදල් එවීමේ ක්‍රම වැළැක්වීමට ද ආණ්ඩුව උත්සාහ කරමින් සිටියි.


2021 මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන අතර පරතරය හෙවත් වෙළඳ ශේෂය ඩොලර් බිලියන හයක් විය. 2020 මුල් මාස නවය තුළ එය ඩොලර් බිලියන 4.3ක් විය. මේ අතර බඩු මිල ඉහළ යාමේ ප්‍රවණතාව නිරූපණය කරමින් මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 10%ට ආසන්න වී තිබේ.


මේ වන විට ආණ්ඩුව විසින් වාහන ඇතුළු භාණ්ඩ රැසක ආනයන දැඩි ලෙස සීමාකර තිබේ. මේ අතර, ඩොලර් හිඟය හේතුවෙන් වෙළඳපොළේ ආනයනික ද්‍රව්‍යවල හිඟයන් කලින් කලට මතුවේ. අධික බඩු මිල, බඩු හිඟය සහ පෝලිම් සුලබ තත්වයන් බවට පත්වී තිබේ. ආනයන සීමාකිරීම අර්බුදයට ස්ථාවර විසඳුමක් සපයන්නේ නැති බව පැහැදිලිය.

මෙම අර්බුදයෙන් තිරසර ලෙස ගොඩඒමට නම්, ශ්‍රී ලංකාව ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගත යුතුව තිබෙන බව පැවසේ. එහෙත්, 2017 වසරේදී ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 1,710ක උපරිමයකට ළඟා වූ අතර, 2018 සිට එය අඩුවෙමින් තිබේ. ආයෝජන මණ්ඩලයේ තක්සේරුව අනුව 2021 වසර තුළ නොවැම්බර් මාසය දක්වා ලැබුණු ඍජු විදේශ ආයෝජන ප්‍රමණය ඩොලර් බිලියන 1.6ක් පමණි.

දේශීය නිෂ්පාදනය නැංවීම යහපත් පියවරක් වුව ද, ශ්‍රී ලංකාවේ බොහෝ කර්මාන්ත ආනයන සමග ඍජුව සම්බන්ධය. ආනයන සීමා කර්මාන්තවලට මෙන්ම අපනයනවලට ද කරන්නේ අහිතකර බලපෑමකි.

 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක් නියැලී සිටින කෘෂිකර්මාන්තය පවා බොහෝ දුරට පොහොර, පලිබෝධ නාශක, ඉන්ධන, යන්ත්‍ර සූත්‍ර, බීජ ආදී ආනයනික යෙදවුම් මත රඳාපවතී. පොහොර හා පලිබෝධ නාශක තහනම හේතුවෙන් මේ වන විට මහ කන්නයේ කෘෂි ඵලදායිතාවට දැඩි බලපෑමක් සිදුවී හමාරය.

අප හමුවේ තිබෙන ක්ෂණික අභියෝග මේවාය.

වත්මන් ආණ්ඩුව හෝ බලයට පත්වීමට සිටින කවර ආණ්ඩුවක් හෝ මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුය.

මේ අතර, පසුගිය සතියේ 'අරුණ' පුවත්පත සමග කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවෙන් හෙළිදරව් වූ තොරතුරු අනුව,

 

මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8

පළාත් සභා – ලක්ෂ 3

රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+

විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2

මෙම සංඛ්‍යාවට ආරක්ෂක හමුදාවල ලක්ෂ තුනක් ද එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ.

 


ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙනි.


මේ අනුව, මෙම දැවැන්ත රජය නඩත්තු කිරීම ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය හා අති දුෂ්කර කාර්යයක් බව ඉතා පැහැදිලිය. රාජ්‍ය ආදායම් අඩුවීම හේතුවෙන් 2020 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වැය වූ මුදල රාජ්‍ය ආදායමෙන් 77%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගිය බව මහබැංකු වාර්තා පෙන්වාදෙයි.

පවත්නා දේශපාලන සංදර්භය තුළ බලයේ සිටින හෝ බලයට පත්වන හෝ කවර ආණ්ඩුවකට වුවද මෙම ගැටලුවලට මුහුණදීමට සිදුවීම වළක්වාගත නොහැකිය.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(praja.lk)

 

 

 

 

 

 

Leader Whats app

 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



 
අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...