The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

චිලියේ ජනාධිපතිවරණයෙන් කොමියුනිස්ට් අපේක්ෂකයා ජය ගනී !

T

The Leader Desk

December 21, 2021 • 6:21 AM

චිලියේ ජනාධිපතිවරණයෙන් කොමියුනිස්ට් අපේක්ෂකයා ජය ගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Leftist Gabriel Boric, 35, wins Chile's presidential election
  • පෙරේදා (19) අවසන් වූ එරට ජනාධිපතිවරණයෙන් චිලී ජනතාව තීරණය කරනු ලැබුවේ තවදුරටත් එම පසුගාමී සමාජය සමග ඉදිරියට යනවාද නැතහොත් සැමටම සමානාත්මතාවය ලැබිය හැකි අවම හෝ නවීන ප්‍රගතිශීලි සමාජයක් වෙත පියවර තබනවාද යන්න තෝරා ගැනීමටයි.
  • ඒ අනුව දෙසැම්බර් 19 දා පැවැත්වූ චිලී ජනාධිපතිවරනයෙන් චිලි ජනතාව තෝරා ගනු ලබනුයේ වඩාත් ප්‍රගතිශීලි හා නවීන සමාජයක් සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කල වාමාංශික පෙරමුණේ අපේක්‍ෂක Gabriel Boric ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂ කණ්ඩායමයි.
  • එහිදී හිටපු ඒකාධිපති පිනෝෂේ ගේ ව්‍යවස්ථාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා සටන් කල José Antonio Kast(44%) හට අන්ත පරාජයක් හිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

1973 සැප්තැම්බර් 11 වැනිදා ලෝක ඉතිහාසයේ හා මානවාදයේ විශාල කළු පැල්ලමක් ඇති කරමින් එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති සැල්වදෝර් අයන්ඩේගේ සමාජවාදී රජය ඇමරිකානු (CIA) සහය ලැබූ ජෙනරල් පිනෝෂේ හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමනුයේ 20,000කට අධික ජනතාවක් මරා දමමිනි.

ඉන්පසු කාලය තුල පිනෝෂේ ගේ මරණෙන් පසුවත් චිලී රාජ්‍යය පාලනය කරනුයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්, ලිබරල් ආර්ථිකයක් හා හමුදා මානසිකත්වයක් මත ගොඩ නැගුනු සමාජයක් තුලය.

පෙරේදා (19) අවසන් වූ එරට ජනාධිපතිවරණයෙන් චිලී ජනතාව තීරණය කරනු ලැබුවේ තවදුරටත් එම පසුගාමී සමාජය සමග ඉදිරියට යනවාද නැතහොත් සැමටම සමානාත්මතාවය ලැබිය හැකි අවම හෝ නවීන ප්‍රගතිශීලි සමාජයක් වෙත පියවර තබනවාද යන්න තෝරා ගැනීමටයි.

ඒ අනුව දෙසැම්බර් 19 දා පැවැත්වූ චිලී ජනාධිපතිවරනයෙන් චිලි ජනතාව තෝරා ගනු ලබනුයේ වඩාත් ප්‍රගතිශීලි හා නවීන සමාජයක් සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කල වාමාංශික පෙරමුණේ අපේක්‍ෂක Gabriel Boric ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂ කණ්ඩායමයි.

එහිදී හිටපු ඒකාධිපති පිනෝෂේ ගේ ව්‍යවස්ථාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා සටන් කල José Antonio Kast(44%) හට අන්ත පරාජයක් හිමි විය. ඒ අනුව වමේ අපේක්‍ෂක Gabriel Boric 56%ක් ලබා ගනිමින් මෙම ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

 

Gabriel Boric තම දේශපාලන වැඩපිළිවෙල තුලින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම, සමස්ථ දකුණු ඇමරිකාවේ නව ලිබරල්වාදයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චිලියේ ආර්ථික මොඩලය වෙනස් කොට සැමටම ආර්ථික ලාභ සමානව බෙදීයන සමාජයක් බිහි කිරීම, සෞඛ්‍යය හා අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මේ දක්වා සිදුවන පුද්ගලික අංශයේ මැදිහත් වීම අවසන් කිරීම වැනි ප්‍රගතිශීලි යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇත.

 

“කල නොහැකි දේ කෙසේ හෝ කරමු” යන ආර්ජන්ටියානු විප්ලවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරාගේ සටන් පාථය Gabriel Boric ගේද ඉතා කුඩා අවධියේ සිට තම ශීර්ෂ පාථය ලෙස ඔහුගේ නිදන කාමරයේ අලවා තිබුණු බව ඔහුගේ දෙමව්පියන් පවසයි.

2011-2012 කාලය තුලදී එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වරයා බවට පත්වන Gabriel Boric අධ්‍යාපනය පුද්ගලිකකරණයෙන් මුදා ගැනීමට දැවැන්ත අරගලයකට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයෙකු විය.

මෙම මැතිවරණයේදී Gabriel Boricහට ලොව පුරා වාමාංශික චින්තකයින් වන Noam Chomsky, Jeremy Corbyn, Naomi Klein ගෙන් මෙන්ම ලිබරල් දාර්ශනිකයෙකු ලෙස සැලකෙන Slavoj Zizekහි සහයද හිමිවී තිබිණි.

1973 දී හමුදා කුමන්ත්‍රණයකට සහය දී දැවැන්ත භිෂණයක් දියත් කල චිලියේ ජනාධිපතිවරණයට යම් හෝ මැදිහත් වීමක් සිදුකිරීමට මෙවර ඇමරිකාව ඉදිරිපත්වීමක් දක්නට නොවූ අතර José Antonio Kast 1934-1948කාලයේදී නාසිවාදී ජර්මන් ජාතිකයෙකු වූ ඔහුගේ පියාගේ නාසිවාදයත්, එසේම පිනෝෂේ හා හිට්ලර් ඇතුළු කලාපයේ රටවල පාලන බලය හෙබවූ සියළු ඒකාධිපතිවාදයන් කරපින්නාගෙන යාම හා ඔවුන්ගේ පැසිස්ට්වාදයන් අගයකිරීම නිසාත් José Antonio Kast වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට බටහිර හා ඇමරිකාවේ ලිබරල් චින්තකයින්ට නොහැකි වීම තුල ඇමරිකාවට පසුගියදා හොන්ඩියුරාස් හා පීරූ රාජ්‍යයෙන් පසුව ලංතින් ඇමරිකාවේ තවත් රාජ්‍යයක් අහිමි වී ගොස් ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙති.


(lankatruth.com)

 122298758 072727196 1 122300930 hi072725974<a href=

Jubilant supporters of Mr Boric reacted to his victory

 
 
 

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චිලියේ ජනාධිපතිවරණයෙන් කොමියුනිස්ට් අපේක්ෂකයා ජය ගනී ! | The Leader