The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

මංගල සරණං ගච්ඡාමි - නින්දේදි වැඩි වුනු තෙල් මිල ! - මහීල් බණ්ඩාර

T

The Leader Desk

December 22, 2021 • 8:32 AM

මංගල සරණං ගච්ඡාමි - නින්දේදි වැඩි වුනු තෙල් මිල ! - මහීල් බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනික වශයෙන් ක්‍රියාකාරි වනවා වගේම වෘත්තීයෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් කටයුතු කරන නිසාවෙන් මේ වනවිට රටේ
  • දින කිහිපයකට පෙර හිටි හැටියේම පෙට්‍රල් ඇතුලු ඛණිජතෙල් කිහිපයකම මිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළේය.
  • මීට පෙර අවස්ථාවේදී සාගර කාරියවසම් හා උදය ගම්මන්පිල අතර බෝල පාස් කරගත්තද මෙවර සියල්ල අඩ නින්දේ පසුවද්දි මේ තීරණය ගැනීම සමාජ ජාලා තුලද හාස්‍යයට ලක්ව ඇත.
  •   මේ වන විට ලෝක ඛණිජතෙල් වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් අඩු වී ඇති නමුත් ලංකාවෙ මෙලෙස මිල වැඩි කිරීම ආර්ථික පීඩාවෙන් පෙලෙන ජනතාවටනම් දරා ගත නොකැක.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්නා මූල්‍ය අර්බුදයහි එක් සංධිස්ථානයක් ගැන මෙසේ කෙටි සටහනක් තබමි.

දින කිහිපයකට පෙර හිටි හැටියේම පෙට්‍රල් ඇතුලු ඛණිජතෙල් කිහිපයකම මිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළේය.

මීට පෙර අවස්ථාවේදී සාගර කාරියවසම් හා උදය ගම්මන්පිල අතර බෝල පාස් කරගත්තද මෙවර සියල්ල අඩ නින්දේ පසුවද්දි මේ තීරණය ගැනීම සමාජ ජාලා තුලද හාස්‍යයට ලක්ව ඇත.

නමුත් මා හට එයින් වඩාත් සිත්ගත් කාරණාවනම් මා මිත්‍ර හිටපු අමාත්‍ය මංගල සමරවීරයානන්ගෙ මිල සූත්‍රය ගැන යලි අවධානයට ලක්වීමයි.

 



මේ වන විට ලෝක ඛණිජතෙල් වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් අඩු වී ඇති නමුත් ලංකාවෙ මෙලෙස මිල වැඩි කිරීම ආර්ථික පීඩාවෙන් පෙලෙන ජනතාවටනම් දරා ගත නොකැක.

ජනතාව මේ වනවිට ගහෙන් වැටි කොන්ද කැඩි ඇති වෙලාවක ගොනා ඇනගෙන ඇනගෙන යනවා වාගෙ වේදනාවකි.

ලෝක ඛණිජතෙල් වෙළෙඳපොළහි මිල තීරණය කිරීමේදී වැදගත් වන ප්‍රධාන අනු වෙළෙඳපොළවල් වන WTI හා Brent Crude හී පසුගිය මාස තුනහි මිල සටහන් බලන්න.

IMG 20211222 WA0024IMG 20211222 WA0025

පසුගිය නොවැම්බරය පටන් ගන්නා විට ලෝක වෙළෙඳපොළහි තෙල් මිල සීඝ්‍රයෙන් ඉහල ගිය අතර එක් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 90කට ආසන්න විය.

කෝවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදයද සමග පීඩාවටපත් නත්තල් බලාපොරොත්තුවෙන් සිටින යුරෝපා  ජනතාවට සහනයක් ගෙන දීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සමත් වන්නෙ මේ කාලයේදීය.

ඔහු විසින් ඇමෙරිකානු රජය සතු උපක්‍රමික පෙට්‍රෝලියම් තැන්පතු (strategic petroleum reserves ) වලින් බැරල් මිලියන 50ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පසුගිය නොවැම්බර් 23 දා තීරණය කලේය.

IMG 20211222 WA0026

ඒ සමගම ලෝකයේ වැඩිම බලශක්තිය භාවිතා කරන රටවල් වන චීනය මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ජපානය දකුණු කොරියාව ඇතුලු ප්‍රධාන රටවල් 7ක්ද ජෝ බයිඩන් සමග එකට සිට ගනිමින් තම උපක්‍රමික පෙට්‍රෝලියම් තැන්පතු වෙළෙඳපොළට නිකුත් කලහ.

මෙමගින් නොවැම්බර් 24 ඩොලර් 90කට ආසන්න වූ බොරතෙල් බැරලයක් සතියක් තුල එනම් දෙසැම්බර් 01 දා වන විට ඩොලර් 65 දක්වා අඩු වූයේ වෙළෙඳපොළට සැපයුම වැඩි වීමෙනි.

මෙය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළහි සටහන් වූයෙ එක් බොරතෙල් බැරලයකට සාපේක්ෂව මිල 18%කින් අඩු වීමක් ලෙසයි.


අපි පමණක් දුක් විදින්නෙ ඇයි ?


නමුත් ලෝකයේ අනෙක් රටවල ජනතාව ඉන් ඵල ලබද්දී ශ්‍රී ලංකාවෙ අපි පමණක් මෙසෙ දුක් විදින්නෙ ඇයි.

බොරතෙල් යනු ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළහි වැඩිම වෙළෙදාමක් වන වෙළෙඳ භාණ්ඩයයි. තප්පර ගණනින් එහි මිල වෙනස් වේ. එම නිසා මිල වෙනස්වීම්වලින් ජනතාවට වාසි ගෙන ඒමටනම් අදාල රටේ පාලනය ස්මාර්ට් විය යුතුය. එයට ආචාර්ය උපාධි හෝ ඩබල් පීඑච්ඩී අවශ්‍ය නොවේ.


මංගල දිහා හැරිලා බලන්න.

මංගල මෙය හොද හැටි තේරුම් ගෙන ලංකාවට තෙල් මිල සූත්‍රයක් හදුන්වා දුන්නේය. එකල එය බහුතරයකට විහිලුවකි. විවේචනයකි. නමුත් මංගල නැතිදා අප සැමට එය සිහිනයකි.

'සැබෑ දේශප්‍රේමියෝ' වෙනුවෙන් ,

226102046 380738973412391 632922071723181320 n

 

මහීල් බණ්ඩාර
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 

 
 
 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියමන
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...