The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

December 27, 2021 • 12:07 PM

ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහශ්‍රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා.
  • යම් පශ්චාත්නූතන බවක් ඒ තුළ තියනවා.
  • ගතානුගතික වමේ අධිපති බවත් ඔහු තුල දකින්න නැහැ.
  • හැබැයි පොදු සේවා වල ගුණාත්මක බව ගැන එයා සාවධානයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒක ගෝලීය වම පැත්තෙන් සුබ ලකුණක්. ඒ වගේම දකුණේ ප්‍රගතිශීලි කොටස් එක්ක ගත්තත් සුබ ලකුණක්.

සහශ්‍රක වම නිකම් මේ වගේ කියන්න පුළුවන් එයා දිහා දැක්කම. හුඟක් අය කතා කරන්නේ පෙනුම ගැන. ලංකාවේ වගේම ගෝලීය මාධ්‍ය පවා ඔහුගේ ජයග්‍රහණය වාර්තා කලේ පෙනුමට සාපේක්ෂව. එයට හේතුව පවත්නා අධිපති සමාජ ස්තරායනයට ඔහු එරෙහි වීම (anti-hierarchical).

විශේෂයෙන් පරණ පරම්පරාවේ අධිපති ව්‍යුහයන්ට ඔහු එරෙහිව ඉන්නවා. ඒක ලොකු වෙනසක්. යම් පශ්චාත්නූතන බවක් ඒ තුළ තියනවා. ගතානුගතික වමේ අධිපති බවත් ඔහු තුල දකින්න නැහැ.

ඔහු සුවිශේෂ පුද්ගලභාවයක්. ඒකත් මේ යුගයේ වැදගත්.

 

බෝරික් (බෝ – රික්) වමේ වටිනාකම් වගේම ලිබරල් වටිනාකම් ප්‍රමාණයකුත් නියෝජනය කරනවා. ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ චිලියේ ක්‍රියාත්මක වෙන නව ලිබරල් ආර්ථික වටිනාකම් ගැන සහ ඒ නිසා අමාරුවේ වැටිලා ඉන්න ඒ රටේ මධ්‍යම පංතික කොටස් වල දුක් ගැනවිල්ල ගැන. ඉනුත් විශේෂයෙන් ඒ පංතියේ කොටස් වල මිලේනියා පරම්පරාවේ අධ්‍යාපනය ගැන.

 

ඔහු වෙළඳ ආර්ථිකය ගැන ඉන්නේ ධනාත්මක අදහසක. හැබැයි පොදු සේවා වල ගුණාත්මක බව ගැන එයා සාවධානයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය කියන විදියට සැල්වදෝර් ඇලියන්දේ ගෙන් පස්සේ චිලිය මේ මාක්ස්වාදී පාලකයෙක්ගේ සුවඳක් විඳින පළමු අවස්ථාව. ඇලියන්දේ ආවෙත් මධ්‍යම පංතික පවුල් පරිසරයකින්. බෝරික්ටත් තියෙන්නේ උගත් මධ්‍යම පංතික පරිසරයක්.

ඇලියන්දේ ල මැරුණට එයාලගේ හොල්මන් තාම ලතින් ඇමෙරිකාවේ සැරි සරනවා. දශක හතරකට පස්සෙත් පිනෝචේ ගේ හෙංචයියන්ගෙන් අලුත් පරම්පරාව ගේම ඉල්ලනවා.

බෝරික් වැඩියෙන් අහන්නේ ටේලර් ස්විෆ්ට් ගේ (Taylor Swift) සිංදු කියල කවුදෝ කියනවත් මම අහගෙන. ඒ කියන්නේ කෙලින්ම සහශ්‍රක ටේස්ට් එක (millennial taste).

ව්‍යවස්ථාදායක සභාවට එනකොට ටයි එක නැතුව ආපු බෝරික් කියන්නේ සියලු චිලී ජාතිකයින් ගේ නායකයා මම කියල. ඒ වගේම චිලියේ වීදි උතුරලා යන ජන සන්නිපාතයක් ගැනත් අල්ජසීරා වාර්තා කරනවා. ගොඩක් මේ වීදිවල ඉන්නේ තරුණ ජනගහනය.

 

පසුගිය මැතිවරණ වලදී ලංකාවේත් මේ සහශ්‍රක තරුණ කොටස් ලොකු පිබිදීමකින් කටයුතු කළා. ඒ ප්‍රජාව වගේම වැඩිහිටි ප්‍රජාවටත් කතා කරන්න පුළුවන් ගැම්මක් තියෙන කෙනෙකුට තවමත් අපේ රටේ ඉඩක් තියනවා.

 

ඒ සඳහා ටැටූ එකක්ම ගහන්න ඕනි කියල මම හිතන්නේ නැහැ. ගැහුවත් කමකුත් නැහැ.

බ්රූස් ස්ප්‍රින්ස්ටීන්, බොන් ජෝවී, ගන්ස් ඇන්ඩ් රෝසස් අහන මම බෝරික්ගේ වැඩේට සෙට් වෙයිද කියන අවුලෙන් මේ ඉන්නේ.


Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 


බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...