The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

ඔමික්‍රෝන් : බරපතල නොවූවත්, අවදානම් !

T

The Leader Desk

December 29, 2021 • 3:39 AM

ඔමික්‍රෝන් : බරපතල නොවූවත්, අවදානම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ජේම්ස් ගල්ලන්ගර් -බීබීසී සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු)
  • මුල දී ලැබුණු සාක්ෂ්‍යවලට අනුව, ඕමික්‍රෝන් නිසා රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ පිරිසක වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව අඩුබව පෙනීගොස් තිබුණි.
  • එය ඇස්තමේන්තුගත කර තිබුණේ 30% සිට 70% දක්වා අඩුවීමක් ලෙස ය.
  • නමුත් ඕමික්‍රෝන් එතරම් ප්‍රබල නොවුව ද, රෝගීන් සංඛ්‍යාව සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වන්නට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය ය.
අකුරු ප්‍රමාණය (Font Size):



එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රකාශයට පත් කෙරුණු මූලික අධ්‍යයනයන්ට අනුව ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල බවක් පෙනෙන්නට නැත.

මුල දී ලැබුණු සාක්ෂ්‍යවලට අනුව, ඕමික්‍රෝන් නිසා රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ පිරිසක වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව අඩුබව පෙනීගොස් තිබුණි. එය ඇස්තමේන්තුගත කර තිබුණේ 30% සිට 70% දක්වා අඩුවීමක් ලෙස ය.

නමුත් ඕමික්‍රෝන් එතරම් ප්‍රබල නොවුව ද, රෝගීන් සංඛ්‍යාව සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වන්නට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය ය.

එක්සත් රාජධානියෙන් පළමු වරට එක් දිනක් තුළ රෝගීන් ලක්ෂයකට වඩා වාර්තා වී ඇත.

ඕමික්‍රෝන්හි බරපතලකම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම වෛරසයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තීරණය කිරීමට උපකාරී වනු ඇතැ යි විශ්වාස කෙරේ.

dfdfdfd

ස්කොට්ලන්ත පරීක්ෂකයන් කණ්ඩායමක් කොරෝනාවෛරසය සහ රෝහල්ගතවන පුද්ගලයින් සංඛ්‍යාව නිරීක්ෂණයකර තිබේ.

ඔවුන් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සමාන ලෙස හැසිරුණහොත් මේ වන විට පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගතකර සිටිය යුතු බව යි. එහෙත් තවමත් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල්ගතකර ඇත්තේ පුද්ගලයන් 15 දෙනෙකු පමණි.

පර්යේෂකයන් පැවසුවේ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය සංඛ්‍යාවේ දළ වශයෙන් තුනෙන් දෙකක අඩුවීමක් ඔවුන් දකින නමුත්, අධ්‍යයනයේ දී නිරීක්ෂණය කරනු ලැබුවේ සිද්ධීන් කිහිපයක් පමණක් වන අතර, නියැඳියේ අවදානම් සහිත වයෝවෘද්ධ පුද්ගලයින් ද එතරම් නොසිටි බව යි.

ස්කොට්ලන්තයේ මහජන සෞඛ්‍ය සේවයේ, ජාතික කොවිඩ්-19 වාර්තා අධ්‍යක්ෂ වෛද්‍ය ජිම් මැක්මෙනමින් මෙය හැඳින්වූයේ, "ඇත්තෙන්ම සතුටුදායක පුවතක්" ලෙසිනි.

රෝහල්ගතවීම අත්‍යවශ්‍ය නොවීම පිළිබඳ දත්ත "හිස්තැනක් පුරවන" බව පවසන අතරම, "අපි වුවමනාවට වඩා සතුටු නොවී සිටීම ද වැදගත්" බවත් ඔහු කියා සිටියේ ය.



ඕමික්‍රෝන් ප්‍රභේදය සිතාගත නොහැකි වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතින අතර, රෝගීන් ඉහළ සංඛ්‍යාවක් වාර්තාවීම මඟින් එය එතරම් ප්‍රබල ප්‍රභේදයක් නොවීමේ වාසිය වියැකී යා හැකි ය.



එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පැවසුවේ, "ගොඩක් මිනිස්සුන්ව සැලකුවොත්, තනි තනි වශයෙන් මේක එච්චර ලොකු ආසාදනයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ සියලු තනි තනි ආසාදන එකසැරේම සිද්ධ වුණොත් ජාතික සෞඛ්‍ය පද්ධතියට දැරිය නොහැකි බරක් පැටවෙන්නේ."

මේ අතර, දකුණු අප්‍රිකාවේ දී සිදුකෙරුණු තවත් අධ්‍යයනයකින් ද ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල නොවන බව පෙන්වා දෙයි.

එයින් පෙන්නුම් කළේ, පෙර කොවිඩ් රැළි සමග සැසඳීමෙන් මෙන්ම දැනට සංසරණය වන වෙනත් ප්‍රභේදයන් සමග ද සසඳා බැලීමේ දී, ඔමික්‍රෝන් නිසා මිනිසුන්ට රෝහල් ප්‍රතිකාර අවශ්‍යවීමේ සම්භාවිතාව 70-80%කින් අඩුයැ යි පෙන්නුම්කර ඇති බවයි.

කෙසේ වෙතත්, අධ්‍යයනයෙන් යෝජනා කළේ ඔමික්‍රෝන් හේතුවෙන් රෝහල්ගත වූ රෝගීන් කිහිපදෙනාගේ ප්‍රතිඵලවල වෙනසක් නොතිබෙණු ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය චෙරිල් කොහෙන් පැවසුවේ, "අපේ දත්තවලින්, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතලකම අඩුයි කියලා යම් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනවා," යනුවෙනි.



මෙය එතරම් ප්‍රබල නො වන්නේ ඇයි?

මෙලෙස ප්‍රබලත්වය අඩුවීම ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලික ගුණාංගයක් මෙන්ම එන්නත්කරණය සහ පෙර ආසාදනවලින් ලද ඉහළ ප්‍රතිශක්තිකරණ මට්ටම්වල එකතුවක් ලෙස සැලකේ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජයෙන් ඔමික්‍රොන් පිළිබඳව සිදුකළ විශ්ලේෂණයකින් පෙනීගියේ, ඔමික්‍රෝන්වල ඇති විකෘතීන් හේතුවෙන් එය ඩෙල්ටාවට වඩා මෘදු වෛරසයක් බවට පත් වී ඇති බව යි.

පර්යේෂකයන් පැවසුවේ යමෙකු පෙර ප්‍රතිශක්තියක් ලබානොමැති වුවත්, රෝහල්ගත වීමට සිදුවීමේ අවස්ථාව ඩෙල්ටා ප්‍රභේදයට වඩා 11%කින් පමණ අඩු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, එන්නත්කරණය සහ ආසාදන මට්ටම ඉහළ වීම හේතුවෙන් මෙය අදාල වන්නේ එක්සත් රාජධානියේ වැසියන්ගෙන් සාපේක්ෂව ස්වල්ප දෙනෙකුට පමණකි.

එම විශ්ලේෂණය හෙළිකළ තවත් කරුණක් වන්නේ ජනගහනයේ ප්‍රතිශක්තිය වැඩිවීම මත, ඔමික්‍රෝන් නිසා රෝහල්ගත වීමේ අවදානම 25% සිට 30% දක්වා අඩුවන අතර, දිනකට වඩා වැඩි කාලයක් රෝහලේ රැඳී සිටීමේ අවශ්‍යතාවය 40%කින් පමණ අඩු වන බව යි.

එක් පර්යේෂකයෙකු වන මහාචාර්ය නීල් ෆර්ගියුසන් පැවසුවේ, "මෙය පැහැදිලිවම තරමක් දුරට හොඳ ආරංචියක්" බව යි.

කෙසේ වෙතත්, ඔහු අනතුරු ඇඟවූයේ, "සියල්ල ඉතා ඉක්මනින් වෙනස් කිරීමට මෙය ප්‍රමාණවත් නොවන" බව යි. එමෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්ත වන වේගය නිසා "රාජ්‍ය සෞඛ්‍ය සේවය දුෂ්කර තත්ත්වයකට පත්කළ හැකි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත වීමේ සම්භාවක් තවමත් පවතී" යන්න ද ඔහු කියා සිටියේ ය.

මෙම අධ්‍යයනයේ කතුවරුන්ගෙන් කෙනෙකු නොවන, ඉම්පීරියල් විද්‍යාලයයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේඥයෙකු වන මහාචාර්ය පීටර් ඕපන්ෂෝ පැවසුවේ ප්‍රභේදයේ බරපතලකම අඩුවිය හැකි ලකුණු පෙනී ඇති නමුත්, අධ්‍යයනයන් තුනෙන් එය "නිකම්ම සෙම්ප්‍රතිශ්‍යාවකට පරිවර්තනය වී ඇතැ යි" පෙන්නුම් කළ බව කීම වැරදි අර්ථකතනයක් බව යි.



රසායනාගාර අධ්‍යයනයන් මඟින් ද ඔමික්‍රෝන් එතරම් ප්‍රබල නොවීමට හේතු පෙන්වා දී තිබේ. හොංකොං විශ්වවිද්‍යාලයය පවසන්නේ ඔමික්‍රෝන් පහසුවෙන්ම ශ්වසන මාර්ගයට ආසාදනය වෙතැ යි පෙන්වන නමුත්, ආසාදනයකින් වඩාත් දරුණු හානියක් සිදුකළ හැකි පෙනහැලිවල අභ්‍යන්තර පටකවලට පහසුවෙන් ඇතුළුවීමට එයට අපහසු බව යි.

 


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය විසින් සොයාගෙන තිබුණේ, මෙම ප්‍රභේදය පෙනහැලි සෛල එකට "හා කිරීම" අතින් සමත් නොවන බව යි. එය කොවිඩ් නිසා දරුණු ලෙස රෝගාතුර වන පුද්ගලයින්ගේ පෙනහැලිවල සිදුවන වෙනස්කමකි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ඔමික්‍රෝන්හි සැබෑ ලෝකයේ දත්ත ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ප්‍රභේදයේ බරපතලකම පිළිබඳ වැඩිදුර දැනගත හැකි වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.


(BBC සිංහල සේවය)

 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 

රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...