The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

අනුර ආගමික නායකයින් හමුවීම සහ තවත් කතා

T

The Leader Desk

January 6, 2022 • 6:46 PM

අනුර ආගමික නායකයින් හමුවීම සහ තවත් කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය 05වැනි දින ජාතික ජන බලවේගයේ මහනුවර සමුළුව හා සමගාමීව මහා නායක හිමිවරුන් බැහැදැකීමට යාම සමාජ මාධ්‍යයන්හි
  • ඔවුන් මේ කලබලයට පත්වී ඇත්තේ ජවිපෙ නායකයා, මහින්ද රාජපක්ෂ පරිදි පන්සල් දේශපාලනයක් කරන්නට හදන්නේයැයි ප්‍රකාශ කරමිනි.
  • වෙනත් දේශපාලන නායකයින් එසේ කළද ජවිපෙ එසේ නොකළ යුතු බව ඔවුන්ගේ උපදේශනයයි.
  • මෙම කලබැගෑනියට හා බැණ අඬගෑමට විශේෂයෙන් හේතු වී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමට අපට සිතෙන්නේ ජවිපෙ නායකයා ආගමික නායකයින් හමුවූ පළමු අවස්ථාව මෙය නොවන නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැමුන් මහා කලබලයට පත් කරවා ඇති සැටියක් පෙනේ.

ඔවුන් මේ කලබලයට පත්වී ඇත්තේ ජවිපෙ නායකයා, මහින්ද රාජපක්ෂ පරිදි පන්සල් දේශපාලනයක් කරන්නට හදන්නේයැයි ප්‍රකාශ කරමිනි. වෙනත් දේශපාලන නායකයින් එසේ කළද ජවිපෙ එසේ නොකළ යුතු බව ඔවුන්ගේ උපදේශනයයි.

මෙම කලබැගෑනියට හා බැණ අඬගෑමට විශේෂයෙන් හේතු වී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමට අපට සිතෙන්නේ ජවිපෙ නායකයා ආගමික නායකයින් හමුවූ පළමු අවස්ථාව මෙය නොවන නිසාය. එසේනම් එයට පදනම් වූ සුවිශේෂී කාරණයක් තිබිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණට ආරම්භයේ සිටම පන්සල් අරභයා පැවතියේ දුරස් බවක් නොවේ. ඒ, ආගමික අර්ථයෙන් නොව පක්ෂයේ මුල් කාලීන හමුවීම් හා අධ්‍යාපන කටයුතු බොහොමයක් පන්සල් ආශ්‍රිතව සිදුවීමෙනි. අනෙක් අතට භික්ෂූන් වහන්සේ බොහෝ දෙනෙකු පක්ෂයට සමීපව කටයුතු කළ අතර අරගල සමයන්හි උන් වහන්සේලාගේ කැපී පෙනෙන භූමිකාවක්ද පැවතිණි.


දෘෂ්ටිමය ලෙස ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර වූ ජනතා විමුක්ති පෙරමුණට වෙනත් ආගමික නායකයින් හා එම ආගමික ස්ථානද කිසිදා ආගන්තුක ස්ථාන වූයේ නැත.

ජවිපෙ නායකයින් විවිධ අවස්ථාවල බෞද්ධ, කතෝලික, හින්දු ආගමික නායකයින් මුණගැසී ඇති අතර ඔවුන් සමග දේශපාලන හා සමාජීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගෙනද තිබේ. එය කිසිදා ජවිපෙ අරභයා අරුමයක් වූයේ නැත.

වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා එවකට කෘෂිකාර්ම, පශු සම්පත්, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යව සිටි කාලයේ සිට අද දක්වාම විවිධ ආගමික නායකයින් හමුවීමේ අවස්ථා පිළිබඳ ඡායාරූප අන්තර් ජාලයේ  හිඟ නැත.  


එසේ නම් සෙසු සියලු සාධක එලෙසම තිබියෙදී පසුගියදා මහා නායක හිමිවරුන් බැහැදැකීම අරුමයක් වී තිබෙන්නේ, සමාජය මේ අවස්ථාවේ පවතින සුවිශේෂීභාවය නිසා විය යුතුය.  

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් නිල විපක්ෂය ලෙස පෙනී සිටින සජිත් පාර්ශ්වයත් ජනතාව මහත් ව්‍යසනයක පසුවෙද්දී තම තමන්ගේ අසමත්කම් හොඳින්ම ප්‍රදර්ශනය කරමින් සිටියි. ජනතාවද ඔවුන්ගේ භූමිකාවන් තක්සේරු කොට අවසන්ය.

 අපේක්ෂාභංගත්වයට ඇද දමන ලද රට පුරා ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා රොද බඳිමින් සිටින්නේ මහත් බලාපොරොත්තු සහගතවය.

 මේ තත්වය තුළ ජවිපෙ මනෝරාජික බවටත් මහපොළොවේ දේශපාලනය නොතේරෙන බවටත් උපදේශකාත්මක අදහස් දැක්වූවන්ම ජවිපෙ අද ආගමික නායකයින් හමුවීම ජවිපෙ දේශපාලන කන්‍යාභාවය විනාශ කර ගැනීමක් ලෙසට අර්ථකථනය කරමින් සිටීම එක් අතකින් කුහකය, අනෙක් අතින් හාස්‍යජනකය.

ඉදින් මේ කලබලය අපට පැහැදිලිය. ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වේගයෙන් වැළඳගනිමින් සිටිති.

ආගමික නායකයෝ ජාතික ජන බලවේගයට ආශීර්වාද කරමින් සිටිති. තවත් නම් ජවිපෙ මනෝරාජිකයයි හෝ මහ පොළොව නොහඳුනන්නේයැයි කිව නොහැකිය. මහා කලබලයේ මුල එතැනය!


(ලියුම්කරු - චින්තක පෙරේරා)

 {gallery}AKD{/gallery}
 
 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...