The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

රටේ ප්‍රශ්නය සහ කල්ලි පැලැස්තර -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

January 8, 2022 • 7:35 AM

රටේ ප්‍රශ්නය සහ  කල්ලි පැලැස්තර -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතියක සිරිකොත එජාප මූලස්ථානයට සම්බන්ධ සු විශේෂ හමුවක් වාර්තා විය.
  • එකෙකු සමගි ජන බලවේගයේ ද, අනෙක් චරිත 43 බලකායේ න්‍යායාචාර්ය වරුන් වෙති.
  •   එදා සිරිකොතේ පැවති කතාබහ ගැන කිසිවෙකු නොදනිතත්, එය දේශපාලන කතාබහක් බවට සැක නැත.
  •   ඊට සමගාමීව දෙසැම්බර් 20 වෙනිදා ජාතික ජන බලවේගය කැඳවූ සම්මේලනය මෙන්ම, දේශපාලන සංධානයකට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කළ ඇයුමකට ජනතා විමුක්ති පෙරමුණෙන් දැක්වූ ප්‍රතික්‍රියාද දේශපාලනිකව ගැඹුරෙන් විමසිය යුතුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊට එක්වූවෝ කලක් සිරිකොතෙන් පටන් ගෙන එජාප නායකත්වය වෙනස් කිරීමට පිටකෝට්ටේ පාරටත් බැස සටන් කළහ. වර්තමානයේ ඔවුන් විකිසි ගොස්ය. එකෙකු සමගි ජන බලවේගයේ ද, අනෙක් චරිත 43 බලකායේ න්‍යායාචාර්ය වරුන් වෙති.  

එදා සිරිකොතේ පැවති කතාබහ ගැන කිසිවෙකු නොදනිතත්, එය දේශපාලන කතාබහක් බවට සැක නැත.  

ඊට සමගාමීව දෙසැම්බර් 20 වෙනිදා ජාතික ජන බලවේගය කැඳවූ සම්මේලනය මෙන්ම, දේශපාලන සංධානයකට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කළ ඇයුමකට ජනතා විමුක්ති පෙරමුණෙන් දැක්වූ ප්‍රතික්‍රියාද දේශපාලනිකව ගැඹුරෙන් විමසිය යුතුවේ.

බිඳ වැටුණ රටේ විනාසවූ ආර්ථිකයට සමගාමීව බැංකු කරණය ආර්ථික විද්‍යාව මෙන්ම වෙළඳ පොළ හැසිරීම් ටක් ටික් ටුක් ක්‍රමයට හැසිරවීම, කරකියා ගත නොහැකිකමට වඩා යමක් නොවේ. යථාර්ථයට පිටුපා, පවත්නා තත්වයට පැලැස්තර ගැසීමට, ජාතික ආණ්ඩු පිහිටුවීමට බොරදියේ මාළු බාන බලලෝභී දේශපාලන ඉත්තන් වීදි බැස සිටිති.  

මතවාදයක් අවබෝධයක් මිස, කල්ලියක් කණ්ඩායමක් නොවන සිවිල් සමාජ දැක්ම, ලංකාවේ බිඳ වැටීමට හේතුව විධායක ජනාධිපති ක්‍රමය බව 2012 සිට ගෙවුණ දස වසර පුරාම දැඩිසේ විශ්වාස කළහ.

2015දී ජයග්‍රහණය කළ එකී මතවාදය බල ලෝභීන් නිසා යටපත් වුවද, එකී ශක්තිය භූමියෙහි රෝපනය වී හමාරය.



බොහෝ පෙරළි සහ ප්‍රාතිහාර්ය අපේක්‍ෂා කරමින් පාර්ලිමේන්තු ගිය රනිල් වික්‍රමසිංහ නතර වුණේද මහින්දගේද තිත්පොළ වන අභයාරාමයෙනි.



එජාප නායකයා සිය පැවැත්මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අලෙවි කරමින් සිටියි.

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවන ලෝක සංග්‍රාමයෙන් ඇතිවූ ලෝක අස්ථාවර භාවයට පිළියමක් ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය යටතේ බිහිවූ යුනිසෙෆ් වැනි ආයතනයක් මිස රනිල්ගේ සොයා ගැනීමක් නොවේ.

එක්සත් ජාතින් සිය සාමාජිකයන් සමග ක්‍රියා කිරිමේදී බොහෝ එකඟතා අපේක්‍ෂා කරයි. ජිනීවා සම්මුතිය එක් උදාහරණයකි. එකී අපේක්‍ෂා මිනිස් සංහතියේ  පැවැත්මට ආරක්‍ෂාවට මිස විනාසයට හේතු නොවේ.

තිස් අවුරුදු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපාරය හය අවුරුද්දකින් නිම කිරීමට ජනාධිපති ජයවර්ධන කළ යෝජනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ නොවීය. එහිදී ජනාධිපති ජයවර්ධන කීවේ උදව් කළ නොහැකි නම් බාධා නොකර ආපසු යන ලෙසය.

ඉතිහාසය අනුව,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපසු ගියේ හෝ මහවැලි ව්‍යාපාරය නතර කළේ නැත. ආරම්භයේ විධායක ජනාධිපති ක්‍රමය එවැනි අපෝහනයකින් සන්නද්ධව පැවතිණ.

 2007 තරම් ඈතකලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයද වසා දැමිණ. රාජපක්‍ෂ යුගයේ අයිඑම්එෆ් අත්දැකීම් පසුගිය සතියේ 'අනිද්දා' පත්‍රයේ මහාචාර්ය සිරිමල් අබේරත්නගේ සැණකෙළි සමය සිහි ගැන්වීම නම් ලිපියේ සවිස්තරව දැක්වේ.



රාජපක්‍ෂලාට අනුව, රටේ අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නම් ආසියාවේ කොවිඩ් වසංගතයට ගොදුරුවූ එකම රට ලංකාව විය යුතුවේ.



2019 - 2021 අතර, ආසියානු රටවල් 9ක විදේශ විනිමය සංචිතවල චලනයන් මහාචාර්ය සිරිමල් අබේරත්න සටහනකින් දක්වයි.

ලංකාව හැර අනෙක් සියලු රටවල විදේශ සංචිතවල වර්ධනය 18.5කි.  බංගලාදේශය 14කි. චීනය  122කි. ඉන්දියාව 182කි. මැලේසියාව 06කි. සිංගප්පූරුව 135කි. දකුණු කොරියාව  54කි. ලංකාව 0කි. තායිලන්තය 12කි.වියට්නාම් 26කි. ලංකාවේ විදේශ සංචිතය 5 සිට  3කින්  පහත වැටී ඇත.  වැඩිම වර්ධනය ඉන්දියවේය. අඩුම වර්ධනය තායිලන්තයේය.

විවිධ සක්‍යතාවන් සපිරි මිනිස් බලකායකට හිමිකම් කියන ශක්තිමත් ලංකාව පිරිහුණේ ආර්ථීක කළමනාකාරිත්වයෙන් පාලනයෙන් මිස වසංගතය නිසා නොවේ.

යම් අයහපත් සාධකයක් දිගින් දිගටම නොවෙනස්ව සක්‍රිය වේ නම් සිදුවන විනාශය හරියටම ටයර් ගෙවී ගිය වාහනයක් ඇති කරන අවදානම වාගේය.

 1978 සිට වසර 44ක් පුරා විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් ලංකාවේ යහපාලනයක් නො පැවතිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 19 වෙනි සංශෝධන සම්මත කළේ ඊට පිළියම් ලෙසිනි. රාජපක්‍ෂ අධිපතිවාදය 18 සහ 20 සංශෝධන හරහා එකී උත්සාහයන්  ව්‍යර්ථ කළහ.



මේ විනාසයට හේතුව අනුචිත පාලන ක්‍රමය මිස රාජපක්‍ෂලාම නොවේ. හෙවත් රාජපක්‍ෂලා පරාජය කළාට රට ගොඩගත නොහැකිය. තමන්ට ලොතරැයියක් වැනි මේ ව්‍යවස්ථාව අහෝසි කිරීමට කිසිදු දේශපාලනඥයෙකු කැමති නොවේ.



පාර්ලිමේන්තු නියෝජනය පමණක් නොව රටේ තනතුරු දැරීමේ හැකියාවද ද්විත්ව පුරුවැසියන්ට අහිමි කිරීම 19 වෙනි සංශෝධයේ ප්‍රමුඛ අරමුණක් විය.

එහෙත් අර්ජුන් මහේන්ද්‍රගේ මහ බැංකුවේ අධිපති තනතුර වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ ඊට එරෙහි විය. හේතුව මහ බැංකු මංකොල්ලයෙන් පැහැදිලිවේ.

රනිල් නිසා මහෙන්ද්‍රන් පැන ගියාසේ දවසක රාජපක්‍ෂලාත් බේරී යනු ඇත.

2000 ව්‍යවස්ථාව සම්මත නොවුණේ චන්ද්‍රිකාගේ ඉතිරි පාලන කාලයට ඉඩ සැලසූ විධිවිධානය නිසාය.

රට ගොඩ නැගීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනයේදී සක්‍රිය දේශපාලනඥයන් වැද්ද නොගත යුතු මේ නිසාය.  

විධායක ජනාධිපති ක්‍රමය තුළ කණ්ඩායම් කල්ලි නිර්මානය වේ. ජේ.ආර්. හොරෙකු නො වුනද, සිය ආධිපත්‍යය වෙනුවෙන් හොරකමට, දූෂණයට ඉඩදී බලා සිටියේය.

fdgrt
13වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අගමැති ප්‍රේමදාස, ජවිපෙය සහ ජාතිවාදින් සමග යම් බැඳියාවක් පැවතිණ. ජේ.ආර්. නිවැරදිම මොහොතේ ප්‍රේමදාස පවුලට ලැදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති අජන්තා විජේසේන ලවා සෙවන ලොතරැයි අරමුදලේ ගනුදෙනු ඇතුළත් ලිපි ගොනුව ගෙන්වා ගත්තේ හේමා ප්‍රේමදාසද දැනුවත් වන ආකාරයටය.


 එයින් සතියකින් මෙපිට 13 වෙනි සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය විමසීම සිදුවිය. එදින ආණ්ඩුව වෙනුවෙන් සිය පිළිතුරු කතාව කරන තරමට අගමැති ප්‍රේමදාස හීලෑවී සිටියේය.

විධායක ක්‍රමය තුළ හොරාත් හොරකමත් පෝෂණය වන්නේ එසේය. ජනතාවට සමීප පුද්ගලයන් දූෂණ වංචාවලට යොමුවීමට මේ එක් නිදසුනකි.  

හෙජින් නඩු තීන්දුවෙන්, කිසිදු රාජ්‍ය තනතුරකට නුසුදුසු බවට තීන්දු කොට, දඩයකටද යටත් කළ පී.බී.ජයසුන්දරට අදටත් ඉහළ රාජ්‍ය තනතුරු හිඟ නැත.

නික්ම ගිය ජයසුන්දර වෙනුවට, පත් කළ ගාමිණි සෙනරත් සේදර, වර්තමාන එජාප සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක විසින් ආරක්‍ෂා කළ බව ශිරාල් ලක්තිලකලා දන්නහුය.

මනුෂ්‍ය ඝාතනයකට මරණ දඬුවමට නියමව සිටි දුමින්ද සිල්වාට සමාව දීම වෙනම කතාවකි. කෝටි ගණනක පොදු දේපළ භාර රාජ්‍ය ආයතනයක් එකී මිනි මරුවාට පැවරීමෙන් විධායක ජනාධිපති තනතුරෙන් මිනිසෙකුට පිස්සු වැටෙන ලජ්ජා බය නැතිවන ප්‍රමාණය තේරුම් ගත හැකි අවස්ථාවකි.

හොර ගමන් බලපත්‍රයක් අතැතිව අත් අඩංගුවට පත් විමල් වීරවංශ මුදා හැරීමට අගමැති කමෙන් විකල්ව, නියෝග කළ රනිල් වික්‍රමසිංහ හෝ සතියක් ඇතුළත තමන් පැමිණෙන විට මුල්ගල් තැබීමට, නිවාස වැඩ බිමක් සැකසීමට විජිතපුර පුරා විද්‍යා බිමක් සමතලා කරවූ සජිත් ප්‍රේමදාස රටේ ඊළඟ විධායක ජනාධිපති වුණොත් පාවිච්චි වෙන්නේ කුරුඳු පොලු නම් නොවේ.

 රනිල් සජිත් දෙදෙනාම එපාවී තවත් පොරක් නිර්මානය කිරීමට 43 බලකායට එක්වූ උගත් මිත්‍රයන් මේවා කල්පනා කළ යුතුවේ.



2005දීත් රාජපක්‍ෂලාගේ තරම දැන සිටි චන්ද්‍රිකා යහ පාලන සටනට මෛත්‍රිපාල සිරිසේන කැඳවූයේ යම් විශ්වාසයකිනි. අගමැතිකමටවත් මහින්දලාට තරම් නොවූ නිකමෙකු ජනාධිපති වුණේ සිවිල් සමාජ බලවේග එකතුවේ ශක්තියෙන් මිස පක්‍ෂ දේශපාලනයේ ආනුභාවයෙන් නොවේ.



ඒ මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිවාදි මහින්ද රාජපක්‍ෂ එක් පෑන් පාරකින් අගමැති ලෙස පත් කිරීම විධායක ජනාධිපති තනතුරෙන් මිනිසෙකුට පිස්සු වැටෙන ලජ්ජා බය නැතිවන ප්‍රමාණය තේරුම් ගත හැකි තවත් අවස්ථාවකි. විධායක ක්‍රමය අහෝසි කිරීමට බලයේ සිටි දේශපාලනඥයෙකු ක්‍රියා නොකරන බවට සිරිසේනද තහවුරු කර හමාරය.  

ජනතාව දෙන බලය යනු භාරයක් බව සර් ඔලිවර්ලා, ශ්‍රීමත් ගොපල්ලවලා වැනි නාමික විධායකයන්ද ඩී.එස්., ඩඩ්ලි ආදි අගමැතිවරුන්ද, වන්නිනායක, ඇම්.ඩී.බණ්ඩාලා වැනි ඇමතීන්ද,  ඓතිහාසිකව තහවුරු කළහ.

විධායක ක්‍රමයට ආවේනික  නීතියට ඉහළින් ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ ඕනෑම සාධාරණ මිනිසෙකු පිස්සෙක් බවට පත් කරනු ඇත.

පකිස්ථානයේ ඡන්ද වංචා කළ අලිභූතෝ අප්පාත් හොරකම් කළ බෙනාසිර් දුවනියත් වරදේ රැහැනින් බැඳ දැමුවේ උත්තරීතර නීතිය විසිනි. ඉන්දියාවේත් බංගලි දේශයෙත් අදටත් උත්තරීතර වන්නේ නීතිය යි.

ලංකාවේ එක රෑක හිර ගෙදරට හමුදාව යවා විසි ගණනක් නේවාසිකයන් පෙළ ගස්වා ගිනි බින්ද කල්ලියෙන් එකෙකු ඔබයි අපේ මිනිසා වුණේ විධායක ක්‍රමය නීතියට ඉහළින් පැවති නිසාය.

ඒ රටේ තවත් පිස්සෙක් මහ රෑක බී මතින් හිර ගෙදරට පැන පිස්තෝල වැනුවේත් විධායක ක්‍රමය නීතියට ඉහළින් පැවති නිසාය. සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියන ලෝකයේ උන් දෙදෙනාම අදටත් නිලයෙන් බුහුමන් ලබති.
 


තවත් විනාසයකට පාර කැපීමක්....

Shiral 2021.12.20 1

ඉහතින් කී ආකරයට සිරිකොතට ගිය හිටපු ආණ්ඩුකාරයන් දෙදෙනා සහ උගත් මිත්‍රයන් කරන්නේ තවත් විනාසයකට පාර කැපීමක් බව ඔවුන් නොදන්නවා නොවේ. ඔවුන් වරක් රනිල් වෙනුවෙන්ද, තව වරක් සිරිසේන වෙනුවෙන්ද, නැවත සජිත් වෙනුවෙන්ද විශ්වාසය තබා කඩේ ගිය බව පමණක් තේරුම්ගත යුතුවේ.

ජනතා විමුක්ති පෙරමුණද, ජාතික ජන බලවේගය ආදි විවිධ ස්වරූපයෙන් වරක් චන්ද්‍රිකා වෙනුවෙන්ද, වරක් මහින්ද වෙනුවෙන්ද, තව වරත් පොන්සේකා වෙනුවෙන්ද කඩේ ගියද විධායකය අහෝසි කිරීමට සිවිල් බලය පෙළ ගැසුණ 2015 සටන දෙස ඈත සිට ආගන්තුකව බලා සිටි බව සිහිපත් කළ යුතුව ඇත.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සිවිල් සමාජය කළ අරගලය තුප්පහි රනිල්ලා සිරිසේනලා විනාස කරද්දී ඊට එරෙහි වීමට තමන් කිසිවක් නොකළ බවද ජනතා විමුක්ති පෙරමුණ සිහි තබාගත යුතුවේ. ඔවුන් දිගු කලක් කළේ ධනවාදයට එරෙහිව ඓතිහාසික ප්‍රහසනය පවත්වා ගෙන යාම  පමණකි.

එජාපයත් වමත් නැති වර්තමානයේ දූෂණ වංචා හෙළි කිරීමෙන් රනිල් මෙන් රේටින් එකතු කරන තැනට ජවිපෙය පසුබා සිටී.



රනිල් සජිත් හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ 43 බලකාය පවා, යහ පාලන යුගයේ සිදු කළ ඓතිහාසික මැදිහත්වීම පිළිබඳ සාධාරණ තක්සේරුවක් කිරීමට කැමති නැත. හේතුව යහ පාලන න්‍යාය පත්‍රයේ ඉතිරිව පවත්නා විධායක ක්‍රමය අහෝසි කිරීමේ අයිතමය සක්‍රිය දේශපාලනඥයන්ට නයාට අඳුකොළ මෙන් එක තැනක නොපවත්නා හෙයිනි.



යහ පාලනය කළේ මොනවාදැයි වරක් වික්ටර් අයිවන්ද ඇසුවා මතකය. යහ පාලනය රාජපක්‍ෂලාව හීලෑ නොකළේද?  2006 මිග් යානා ගනුදෙනුව හෙළි කළ ලසන්ත වීරතුංග මහ පාරේ මරා දැමුවාට, සීනි වංචා, යුගදනව් බිස්නස් අවලාද යටපත් කළ නොහැක්කේ යහ පාලනයේ අනුහසිනි.

පී.බි.ජයසුන්දර වෙනුවට, හෙල්පින් හම්බන්තොට සහ සුදුරෙදි ගැහිලි දෙකටම කුප්‍රකට එකා ජනාධිපති ලේකම් කළ නොහැක්කේ සිවිල් සමාජය ශක්තිමත් කොට රටක් වෙනස් කළ හැකි බව තහවුරු කරමින් බෞද්ධ භික්‍ෂුවක් ඇති කළ හාස්කම නිසාය.

එක එකා දුටු ගැමුණුලාට, පරාක්‍රමබාහුලාට ඇන්දාට කිසිදු තක්කඩියෙකුට යහ පාලනයේ නාමයෙන් මාදුළුවාවේ සෝභිතට ආරූඪ වී රට රැවටිය නොහැකිය.

මාදුළුවාවේ සෝභිත යනු ඒකාධිපතියෙකු දන ගැස්වීමට යෙදෙන තවත් පර්යාය නාමයක් මිස, පුද්ගලාභිධානයක් නොවේ.

අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත්ට අනුව, අර්බුදයට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට ය. පාටලී චම්පික කියන්නේත් කණ්ඩායමක් ගැනය.



යහ පාලන එකඟතාවන්ට විහාරමහා දේවි උද්‍යානයේදී අත්සන් තැබූ මොහොතට නොපැමිණ වෙනම කණ්ඩායමක් සේ රාත්‍රියේ වෙනත් එකඟතාවන්ට අත්සන් කළ කණ්ඩායම හෙවත් කල්ලිය 19 වෙනි සංශෝධනයේ අරමුණු විනාශ කළ බව 43 කණ්ඩායම හොඳින් දනී.



සුසිල්ලා චම්පිකලා කියන කණ්ඩායම් කල්ලියේ අතුරලියේ රතනත් සිටිනවාමය. ඔවුන් පසුපස, අලිරෝෂාන්ලාත් ටැක්සි අබේලාත් ඩයනා ගමගේලාත් එනවාමය.

දේවදත්ත පුරෝගාමීව, ගලගොඩඅත්තේත් ඇතුළත් භික්‍ෂු ප්‍රතිරූපකයන් සමාජයෙන්  ප්‍රතික්‍ෂේප වන්නේ බෞද්ධ දර්ශනය යථාර්ථයක් මිස, පුද්ගල හෝ කණ්ඩායම වාදි නොවූ නිසාය.

එනිසා කවුරු පෙළ ගැසුණද විධායක ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුවට වගකියන නීතිය විධායකය ව්‍යවස්ථාදායකය සම අසුන් ගන්නා පාලනයක් නිර්මානය කිරීමෙන් මිස රටේ අනාගතය සුරක්‍ෂිත කළ නොහැකි බවට වන සිවිල් සමාජයීය අවබෝධය රටේ යථාර්ථය බව ජනතාව  තේරුම් ගෙන හමාරය.

සිරිකොතට ගිය පිරිසත් ජනතා විමුක්ති පෙරමුණත් දෙතැනක රැස්වෙමින් මේ කරන්නේ එකී යථාර්ථය දන ගස්වා බෙලහීන ප්‍රතිගාමිත්වය කෙළින් කොට පාරේ ඇවිද්දවීමය. දේශපාලනයෙහි සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත කියා කියන්නේ මේ සෙල්ලමට නම් නොවේ.  


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 

 

 

Leader Whats app

 
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...