The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

සෙනෙවිරත්නගේ හරස්කඩ: ටිප්ටොප් රනිල්ට වඩා හැදිච්ච ලජ්ජා බය ඇති හැදිච්ච මිනිසෙකි

T

The Leader Desk

January 10, 2022 • 7:15 AM

සෙනෙවිරත්නගේ හරස්කඩ: ටිප්ටොප් රනිල්ට වඩා හැදිච්ච ලජ්ජා බය ඇති හැදිච්ච මිනිසෙකි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ උත්තර දීමෙන් ලකුණු දා ගැනීමට හපනෙකි.
  • පසුව මේ ගැන සිහි කළ විට මැතිනිය “අනුරගේ වයසේ ඉන්න මේ ළමයා මට කතා කළ හැටි” කියා අනුකම්පාවෙන් සිනාසී ඇත.
  • ආණ්ඩුවට රිදෙන්න දුන් මෛත්‍රිපාල සිරිසේනට බිම අන්නවන්න හඩ්සන් සමරසිංහ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, රනිල් මෛත්‍රිපාල සිරිසේන ටිප් ටොප් බව කිය.
  • සමහරුන් පිස්සෙකු ලෙස සැලකූ ටිප්ටොප් කෙනෙකුට අවනතව මෙසේ නම්බුකාර ලෙස පිටව ගිය අවස්ථා බොහෝය.
අකුරු ප්‍රමාණය (Font Size):



පසුගිය දවසක විද්යුත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අවස්තාවක තමන්ට යොමු කළ කඩයිම් ප්‍රශ්නයක් මඟ හැරීමට, මානවම්ම ගැන දන්නවාදැයි පෙරළා විමසීය.

 ඊට පෙර අවස්තාවක ජේඕසී බොම්බය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසන් කරමින් නෝනා හැට්ටේ කට්ට ගැලවිලා ඒක ගහ ගන්න කියමින් බණ්ඩාරනායක මැතිනියට සවුත්තු ප්‍රහාරයක් එල්ල කරමින් නෑවේය.

පසුව මේ ගැන සිහි කළ විට මැතිනිය “අනුරගේ වයසේ ඉන්න මේ ළමයා මට කතා කළ හැටි” කියා අනුකම්පාවෙන් සිනාසී ඇත.

ආණ්ඩුවට රිදෙන්න දුන් මෛත්‍රිපාල සිරිසේනට බිම අන්නවන්න හඩ්සන් සමරසිංහ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, රනිල් මෛත්‍රිපාල සිරිසේන ටිප් ටොප් බව කිය. රනිල් මෛත්‍රිව ටිප් ටොප්ට ආරෝපනය කර වන්නේ අනුන්ට දොස් තැබීමේ අර්ථයෙනි.



ටිප් ටොප් යනු කවුද?  ටයි කෝට් ඇඳ පදික වේදිකාවේ දත් බෙහෙත් අලෙවි කළ ටිප්ටොප් නවසිය පනස් හැට ගණන්වල මාධ්‍ය විසින් උලුප්පන ලද ආකර්ශනීය උත්ප්‍රාසයකි. හෙවත් අනනුකූල හැසිරිමකි.

දෙවන එළිසබෙත් රැජින ලංකාවට සැපත්වූ අවස්ථාවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ප්‍රභූන් රැසක් පෙළ ගස්වා මහ රැජිනට හඳුන්වාදීමකට පෙළ ගැස්වූ  ප්‍රභූ පෝලිමේ ටිප්ටොප් සිටිනු දුටු ආරක්‍ෂකයන්ගේ හිස ගිනි ගත්තේය.

ටිප්ටොප් යනු ලේසියෙන් පසු බසින්නෙකු නොවේ. තව විනාඩි ගණනකින් රැජින සම්ප්‍රාප්ත වේ. ප්‍රශ්නය ඍජුව අගමැති ජෝන් කොතලාවලට යොමු කරන තරමට තත්වය බරපතල විය. සිද්ධිය අසා යකා මාර්ක්වූ අගමැති ජෝන් වහා ටිප්ටොප් වෙත ළඟාවි කනක කර යමක් කී සැනින් ටිප්ටොප් වහා සිටි තැනින් ඉවත් විය.


sirjohn

අගමැති ජෝන් කොතලාවල

 

ජොන් ටිප්ටොප්ගේ කනට කර කියා තිබුණේ කැන පැලෙන්න ගහන්න ඉස්සර බැහැපිය දොට්ට කියාය. සමහරුන් පිස්සෙකු ලෙස සැලකූ ටිප්ටොප් කෙනෙකුට අවනතව මෙසේ නම්බුකාර ලෙස පිටව ගිය අවස්ථා බොහෝය.  

2015 පොදු අපේක්‍ෂකත්වය සඳහා කරු ජයසුරිය සඳහා සලකා බැලෙමින් තිබිණ. පොදු අපේක්‍ෂකත්වයට සුදුස්සා තමන් බව රනිල් වික්‍රමසිංහ කැහි හොටු බේරමින් සෝභිත හාමුදුරුවන් ඉදිරියේ හඬා වැළපිණ. බොහෝ වෙලා කරුණාවෙන් පෙරදැරිව නිහඬව සිටි හාමුදුරුවන් වහන්සේ අවසානයේ මෙසේ කීහ.  

“මහත්තයෝ මේකට තමුන් සුදුසු නම් මම කරු ජයසුරිය ගැන හිතනවද? තමුන්ට මම කැමති වුණාට ලංකාවේ මිනිස්සු කැමති නෑ.”හාමුදුරුවන් වහන්සේ රනිල් වික්‍රමසිංහට මේ ටික කීවේ ජෝන් කොතලාවල මෙන් කනට කර රහසින් නොවේ. ප්‍රසිද්ධියේය.

“මට දෙන්න බැරි නම් එජාපයේ වෙන කෙනෙක් නම් කළොත් මම ගෙදරින් එළියට බහින්නේ නෑ. රනිල්  එසේ කියා යන්ට ගියේය.

වර්තමානයේ රනිල් ටිප්ටොප් කියන්නේ කරු ජයසූරිය ජනාධිපති වීමෙන් බේරා ගත් මෛත්‍රිපාල සිරිසේනටය. මේ සියල්ලට රනිල්ට රටේ ජනතාව දුන් ත්‍යාගය ජාතික ලැයිස්තු මන්ත්‍රීකමය. ඔහු රටක හැදිච්ච මිනිසුන්ගේ සාපයට භාජන වෙමින් තවමත් එක්සත් ජාතික පක්‍ෂය විනාස කරමින් සිටී.

රනිල් සිහිපත් කළ ටයි කෝට් ඇන්ද ටිප්ටොප් කිසි විටෙක කාටවත් බැන අඬ ගසා ඇවිද්ද චරිතයක් නොවේ. තමන් ප්‍රතික්‍ෂේප කළ විට නම්බු පිටින් ඉවත්වීමට ටිප්ටොප්ට තිබුණ හැදිච්චකම රෝයල් කොලිජියට ගිය රනිල්ට දේශපාලනිකව නැත. මේ වනවිට සර් ජෝන් කොතලාවල ජීවත්ව සිටියා නම් රනිල් කන අත ගා හමාර බව ඉතිහාසය දන්නෝ දනිති.

 ටිප්ටොප් මෛත්‍රිද රනිල්ද යන්න 2020 ඡන්ද ප්‍රතිපලය විග්‍රහ කොට තේරුම් ගන්නා ලෙස මෛත්‍රි මාතලේ කතාවේ තැනක නොකියා කියා ඇත.

හෙට රනිල් වික්‍රමසිංහ සමහර විට ජාතික ආණ්ඩුවක අගමැති වෙමින් රාජපක්‍ෂලා ආරක්‍ෂා කරනු ඇත. ඒ මෛත්‍රිගෙන් මැදමුලන සනුහරය බේරා ගැනීම පිණිසය.

ජේ.ආර්. කීවේ මට රැකීමට පවුලක් පරම්පරාවක් නැත කියාය. රනිල් නොකියා හැමදාම කියන්නේ මට ලජ්ජා බය දෙකම නැති බවය.

ටිප්ටොප් පළ කී විට ගියේ බයේ නොවේ. ඔහු සතු හැදිච්චකමටය.

රාජපක්‍ෂලාගේ අනාගතය අතැතිව සිටින මෛත්‍රිගේ හෙට දවස ඊට වෙනස් විය හැකිය. 2014 නොවැම්බර් 20 වෙනිදා වන විටත්, මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහට වඩා වටිනාකම් පිරුණ චරිතයක් බවට වෙනත් සාක්කි අවශ්‍ය නැත.



Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

 
 

Leader Whats app

 
 
 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...