The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

T

The Leader Desk

January 11, 2022 • 7:17 AM

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඳුරු, මුස්පේන්තු හැඟීමකින් සියල්ල වෙලී ගොස් ඇත.
  • ජාත්‍යන්තර සේවයේ ප්‍රධාන පුවතක් ලෙස ලංකාව සීග්‍රයෙන් ආර්ථික පරිහානිය කරා ඇදෙන අයුරු විස්තර කරන විකාශනයට සවන් දෙනවිට හිසේ සිට දෙපතුල දක්වා රෝමෝද්ගමනයවී හිරිගඩු පිපුනි.
  • කර වටට ඉහලින් ගිලී, නහයෙන් උඩට යාමට ආසන්න වුවත් ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් පිළිනොගන්නේ රටේ ජනයාගේ සුභ සිද්ධියට වඩා වැදගත් දෙයක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති නිසා විය යුතුය.
  • නැතිනම් අනාගතයේදී කිවහැකි වනු ඇත්තේ ලෙඩා මළත් මොකද බඩ සුද්ද වෙලානේ යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):



නියමුවෙක්, දිශානතියක් නොමැතිව, මහ සයුරේ ඝන අන්ධකාරයේ කුණාටුවකට හසුව ඔහේ පාවෙන නෞකාවක සිටින්නෙකුට ඇතිවනු ඇත්තේද කුමකින් කුමක් විය හැකිද යන බිය සහ අවිනිශ්චිත බව මුසු මෙවැනිම හැඟීමක් විය යුතුය.

බී.බී.සී. ජාත්‍යන්තර සේවයේ ප්‍රධාන පුවතක් ලෙස ලංකාව සීග්‍රයෙන් ආර්ථික පරිහානිය කරා ඇදෙන අයුරු විස්තර කරන විකාශනයට සවන් දෙනවිට හිසේ සිට දෙපතුල දක්වා රෝමෝද්ගමනයවී හිරිගඩු පිපුනි.



ගිලී යාමට ඉතාම ආසන්න ආර්ථික අර්බුදයක් අබියස හිඳගෙන, රෝමයේ නීරෝ අධිරාජයා මෙන් වීනා වයන පාලකයන්ගේ ක්‍රියා දාමයන් දකිනවිට, ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ ජල ක්‍රීඩා කළ කක්කුටු රෑන සිහියට නැඟුණත්, මෙහි ඇති වෙනස වන්නේ මෙම කක්කුටු රෑනට අයත් වන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන් පමණක්ම වීමය.

ලිප ගිණි දැල්වූවන් හෝ දැල්වීමට සහභාගී වූවන් සැලිය තුල නැත. ඔවුහු සැලියෙන් පිටත සිට කති, බොති, නටති, විනෝද ගමන් යති, වන්දනාවේ යති, උයන් කෙළියේ යෙදෙති.

එපමණක්ද නොව, පුරසාරම් සහ පූච්චානම්ද ගසති.

කර වටට ඉහලින් ගිලී, නහයෙන් උඩට යාමට ආසන්න වුවත් ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් පිළිනොගන්නේ රටේ ජනයාගේ සුභ සිද්ධියට වඩා වැදගත් දෙයක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති නිසා විය යුතුය.


''ණය වාරිකය ගෙවීමටත් වඩා ජනතාව ජීවත් කරවීම වැදගත්''


අපට දැන් වඩා වැදගත් වන්නේ ණය වාරිකය ගෙවීමටත් වඩා ජනතාව ජීවත් කරවීම, රෝගීන්ගේ අත්‍යාවශ්‍යම ඖෂධ ලබා ගැනීමට සැළසීම, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ කුසගින්න නිවීම සහ පෝෂණය පිළිබඳව සිතා බැලීම වැනි මූලිකම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමුඛත්වය දීම බව ආර්ථික විද්‍යාව හදාරා නැතත්, ඕනෑම සිහි බුද්ධියක් ඇති කෙනෙකුට වැටහිය යුතුය.

නැතිනම් අනාගතයේදී කිවහැකි වනු ඇත්තේ ලෙඩා මළත් මොකද බඩ සුද්ද වෙලානේ යනුවෙනි.

ආර්ථික විශේෂඥයින් පුන පුනා පවසන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු නොකරන්නේ යම් උදවියගේ පසුම්බි වලට "සම්තින් එකක් හෝ කොමිස් කුට්ටි" වැටීමට නියමිත නිසාදැයි සාධාරණ සැකයක් ජනයා තුළ මතුවීම වැළැක්විය නොහැක.



අප මේ තරම් ණය බරකට වැටී ඇතත් එයින් රට සංවර්ධනය නොවූ බව ඉඳුරාම පැහැදිලිය. හතර දිග් භාගයේ දක්නට ලැබෙන යානා නොඑන ගුවන් තොටුපොළ, ක්‍රීඩා නොකරන ක්‍රීඩාංගන, පාට තොරෝම්බෝල් කුළුණු වැනි කොන්ක්‍රීට් ගොඩවල් නම් බහුලව ඇත.

 රටේ සෑම මට්ටමකටම අයත් පුරවැසියන් සිටින්නේ ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකය. එය ධනවත් ව්‍යාපාරිකයාගේ සිට එදිනෙදා වේල සරිකර ගන්නා කම්කරුවා දක්වාම අඩු වැඩි වශයෙන් පොදු සාධකයකි.

මෙයින් ගොඩ එන්නේ කෙසේදැයි සාමූහිකව සිතනවා හැර එකිනෙකාට දොස් පවරමින් සිටීමට දැන් කාලය නොවුණත්, කුතුහලය දනවන ප්‍රශ්ණයක් මගේ සිතට නැඟෙයි.

මාරාන්තික උපවාස වල යෙදෙන, අසරණ ගැහැණුන්ට බැනවදින, චීවරය උස්සාගෙන අනෙකුත් භික්ෂූන් වහන්සේලාට තර්ජනය කරන, රාජ්‍යය පාලනයේ, දේශපාලනයේ සෑම සියළු දෙයකටම සහ සම්බන්ධ වන, රජුන් තනනවා යයි ස්වයං හැඳින්වීම් සිදු කරන, හතේ පන්තියේ සිසුන්ට විද්‍යාව පාඩමට ඉගැන්විය යුතුදේ තීරණය කරන, ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ කොටස් පිළිබඳව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ට පවා රූපවාහිණියෙන් උපදෙස් ලබාදෙන, මේ රටේ ඇතැම් චීවර දරන්නන් (උජුපටිපන්න ගුණයෙන් යුත් සුපේෂල ස්වාමීන් වහන්සේලා නොවේ) අප දැක ඇත. මා දන්නා තරමට භික්ෂූන්ගේ ප්‍රධාන කාර්යයක් විය යුත්තේ රජුන්ට, පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කිරීමයි.

 

අනවශ්‍ය ලෙස ණය ගැනීමෙන් සිදුවිය හැකි අනිටු විපාක ගැන බුදුන් වහන්සේ ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාට වදාළ, ඉතා අගනා සූත්‍රයක් වන "අණනසුඛ සූත්‍රය" ගැන, සියල්ල දත් මේ උන්නාන්සේලා ලංකාවේ පාලකයන්ට දේශණා නොකළේ මන්ද යන්න මට නම් විසඳා ගත නොහැකි ගැටලුවකි.  

 


imageකාන්ති කාරියවසම්
kariyawasamkek@gmail.com



සබැඳි පුවත් :
ණය ගෙවන්න කැප වුණාට රට බේරගන්න කැපවෙලා නෑ - ආචාර්ය නිෂාන් ද මෙල්



ලේඛිකාව ගේ වෙනත් ලිපි :

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

පුනරුද නියමුවෝ

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම්

 

 

 

Leader Whats app

 
 
 
 
 
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...