The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ලිංගික කටයුතු අමාත්‍යධූරයක් ?

T

The Leader Desk

January 12, 2022 • 3:27 AM

 ලිංගික කටයුතු අමාත්‍යධූරයක් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා.
  • මේ අමාත්‍ය ධූරය ඇති කරන්න බලපෑවෙ ස්පාඤ්ඤයෙ ජනගහනය එන්න එන්නම අඩුවෙන්න පටන් අරගෙන තිබුන හින්ද.
  • ස්පාඤ්ඤයට සෙක්ස් විශේෂයෙන් ප්‍රවර්ධනය කරන්න ඕන කියල තේරුනෙ 2015දි උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහල යන්න පටන්ගත්තම.
  • සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයෙ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 82ක්.
අකුරු ප්‍රමාණය (Font Size):


එදෙල්මිරා බැරීරා තමයි පළමු අමාත්‍යවරිය විදිහට පත්වුනෙ.

මේ අමාත්‍ය ධූරය ඇති කරන්න බලපෑවෙ ස්පාඤ්ඤයෙ ජනගහනය එන්න එන්නම අඩුවෙන්න පටන් අරගෙන තිබුන හින්ද.

ළමයි හදන්න ජනතාව උනන්දු කරවීම තමයි මේ ඇමතිට පැවරිලා තිබුන රාජකාරිය.


Edelmira BarreiraEdelmira Barreira


ස්පාඤ්ඤ තරුණයො දවසම වැඩ කරලා, රෑ වෙනකල් පාටිදාලා මහන්සි හින්ද සෙක්ස් කරනවා අඩුයි කියලයි කියන්නෙ.

ස්පාඤ්ඤයට සෙක්ස් විශේෂයෙන් ප්‍රවර්ධනය කරන්න ඕන කියල තේරුනෙ 2015දි උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහල යන්න පටන්ගත්තම. ජීවිතේට වඩා මරණය ඉස්සර වුනාම.

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයෙ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 82ක්.

2018දි බැරීරා මේ තනතුරෙන් ඉවත්වෙලා ඉසොරා ලීල් ෆර්නැන්ඩස් එතනට පත්වෙනවා.

ස්පාඤ්ඤය හැමතිස්සෙම කතෝලික රටක් වුනත් ලිංගික කාරණා ගැන ඉතාම ප්‍රගතිශීලී තීන්දු තීරණ ගත්ත රටක්.

ඒත් 2021දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ 40වෙනි සංවත්සරයෙදි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රො සැන්චෙස් පොරොන්දු වෙනවා ඒ රටේ ගණිකා වෘත්තිය තහනම් කරනවා කියල. මේ සමාජවාදීන් කියන්නෙ ගණිකා වෘත්තිය මගින් කාන්තාවන්ගෙ ජීවිත වහල්භාවයට ඇදදමනවා කියලයි.

සමාජවාදී කම්කරු මුහුණුවරකින් ආවත් මේ පිටුපස පැහැදිලිව පෙනෙන ආගමික, දක්ෂිනාංශික නැඹුරුව ගැන ගොඩක් අය විරෝධය පළ කරනවා.

 2005දි ස්පාඤ්ඤය තමයි මුලින්ම කතෝලික රටක් විදිහට සමලිංගික විවාහය නීතිගත කරන්නෙ.

සැන්චෙස් කියන්නෙත් ලිබරල් අයිතීන් වෙනුවෙන් බය නැතුව පෙරමුන ගත්ත චරිතයක්.

පහුගිය අවුරුද්දෙ එයා යුතනේෂියා හෙවත් තමන්ගේ කැමැත්තෙන් ජීවිතය අත්හැරීමේ අයිතිය නීතිගත කරනවා.

ඒ වගේම ලිංගික අනන්‍යතාවය පිළිබඳ වඩාත් විස්තරාත්මකම නීති සම්පාදනය කරමින් LGBTQ අයිතීන් වෙනුවෙන් ලෝකයේම පෙරමුණ ගන්නත් සැන්චෙස්ගෙ කැබිනට්ටුවට පුළුවන් වෙනවා.

මේ අනුව අවුරුදු 14දි ළමයෙකුට තමන්ගේ අභිමතය පරිදි ලිංගය වෙනස් කිරීමේ සැත්කම් කරගැනීමට හැකියාව ලැබෙනවා. ඊට තිබුනු සීමාවන් ඉවත් කරනවා.


Pedro SánchezPedro Sánchez


මෙහෙම සැන්චෙස්ගෙ ගණිකා වෘත්තිය තහනම් කිරීමේ සමාජවාදී ප්‍රවේශය ගැන දෙස් විදෙස් ගොඩක් අය කලබල වෙනවා.

ස්පාඤ්ඤයේ ලිංගික ශ්‍රමිකයන් සඳහා වූ එකම වෘත්තිය සමිතියේ ලේකම්වරිය කියන විදිහට මේ තහනමෙන් සිද්ද වෙන්නෙ මාෆියාවක් නිර්මාණය කරන එකයි.

ඒ වගේම ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් වූ සංවිධාන 100ක පමණ එකතුවක් වන යුරෝපීය ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සඳහා වූ සාමූහිකයේ ප්‍රකාශිකාවක් කියන්නෙ, කොවිඩ් නිසා ස්පාඤ්ඤයේ වගේ ලෝකයේම ලිංගික ශ්‍රමිකයන් බරපතල විදිහට අපහසුතාවයට පත්වුනා. ගොඩක් අයට ඉන්න හිටින්න තැන් පවා නැති වුනා.

ඒ හින්ද සැන්චෙස් කළ යුත්තෙ මේ අය නියෝජනය කරන සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් ඒ අයගේ ප්‍රශ්නවල සැබෑ විසඳුම් ලබාදෙන ප්‍රතිපත්ති සැකසීමයි.

සැන්චෙස් මුලින්ම මේ අදහස පළකළේ 2019දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ ස්ත්‍රීවාදී ප්‍රකාශනය එලිදක්වමින්.

ස්පාඤ්ඤයේ තුන්වන බලෙවේගය හැටියට නැගී එන නව දක්ෂිනාංශික පක්ෂයක් වන වොක්ස් මගින් සියලු ස්ත්‍රීවාදී දේශපාලනයන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ වඩාත් කාන්තා ආකර්ශනය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සැන්චෙස් ආණ්ඩුව වාමාංශික මුහුණුවරකින් දක්ෂිනාංශික තීන්දු ගැනීමට පෙළඹිලා තියෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නෙ.


(facultyofsex.com)

  

Leader Whats app

 
  
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
  
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...