The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

පීන පයෝධර - නායක ගුණ වෙ ද ? - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

January 21, 2022 • 11:27 AM

පීන පයෝධර - නායක ගුණ වෙ ද ? - උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹුණ සතියේ සමස්ත ලංකා දේශපාලන විචාරක ප්‍රජා බුකි ශාඛාවේ අවධානය යොමු වී තිබුණේ සමකාලීන ආර්ථික ඉතිහාසයේ දරුණු ම විදේශ විනිමය
  • තිසර තන ගැන කවෙන් වණන තොටගමු නාහිමිවරුන් දහස් ගණනින් අප දිවයින නැවත පුනරුත්පත්තිය ලද ඇති බව හැඟේ.
  • එහෙත් පෙනුම අවැදගත් බව ඉන් නොහැඟේ.
  • පැරැණි ම නායක සම්ප්‍රදායක ලෙස ගැණෙන ඊජිප්තු රජ ක්‍රමයේ ද මෙය දක්නට ලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

අර්බුදය ගැන නොව විපක්ෂ නායක මහතෙකුගේ කෝවිලකදී නිරාවරණය වී තිබූ පයෝධර යුගලයක වෙත ය.

ලාංකීය පුරුෂයින් මෙතරම් සමරිසි හා වයසක-ලැදි ද යන්න මට සිතුණේ මැදි වියත් පසු කළ පුරුෂයෙකුගේ යට කී ශරීරාංගය ගැන මෙතරම් ලාලසාවකින් හා අභිරුචියකින් ප්‍රසිද්ධියේ ම අගය කිරීම යි.

 සමහර විට ලාංකීය පුරුෂ සන්තානයේ ෆෙටිශය හෙවත් අර්චන අඩවිය මෙය විය හැක. තිසර තන ගැන කවෙන් වණන තොටගමු නාහිමිවරුන් දහස් ගණනින් අප දිවයින නැවත පුනරුත්පත්තිය ලද ඇති බව හැඟේ.  

නායකයෙකුගේ දැනුම හා කෙරුම වැදගති. එහෙත් පෙනුම අවැදගත් බව ඉන් නොහැඟේ. පැරැණි ම නායක සම්ප්‍රදායක ලෙස ගැණෙන ඊජිප්තු රජ ක්‍රමයේ ද මෙය දක්නට ලැබිණ. රජෙකු ඊජිප්තුවේ සමාන කළේ හෝරස් නම් දෙවියාට යි. රජු මළ පසු ද ඔසිරිස් නම් දෙවියා ලෙස සැළකිණ.

 

ලෝකයේ මුල් කාලීන රූප ලාවනය විධි ක්‍රම දක්නට ඇත්තේ ඊජිප්තුවේ ය. දැනුදු ලෝකයේ සුප්‍රසිද්ධ සුවඳ විලවුන් වර්ගවල සාරය (එක්ස්ට්‍රැක්ට්ස්) සාදන්නේ ඊජිප්තුවේ ය. මේ කරුණු නිසා ඊජිප්තු රජුන් හා රැජිනියන් පෙනුමෙන් ඉතා ඉහල මට්ටම් නඩත්තු කළ හ. මිය ගිය පසු ද මමියක ලෙස ඒ පෙනුම සංරක්ෂණය කරනට තාක්ෂණය යොදා ගත්තේ පෙනුමට දෙන වැදගත්කම නිසා ය.    

ලිබියානු මුවම්මර් ගඩාෆී + යුගොස්ලාවියානු මාර්ෂල් ටිටෝ

 

1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වෙන විට මගේ සොයුරිය නව යොවුන් වියේ සිටියා ය. යට කී සමුළුවට පැමිණි කඩවසම් ම නායකයා වූ ලිබියානු මුවම්මර් ගඩාෆී ගැන ඈ පිස්සු වැටී සිටි බව මතක ය. ගඩාෆිගේ ආලේඛ්‍ය චායාරූපය සහිත පෝස්ටර ඔහු ගිය ලිමොසිනයෙන් විසි කළේ ය. මගේ අක්කා ද ඉන් කිහිපයක් කාලයක් තිස්සේ ම ඇගේ කාමරයේ බිත්ති පුරා අලවා තිබිණ.

එම සමුළුවට ම ආ තවත් ජනප්‍රිය නායකයෙක් වුයේ යුගොස්ලාවියානු මාර්ෂල් ටිටෝ ය. ටිටෝ එකල අපේ අගමැති ව සිටි සිරිමා බණ්ඩාරනායක මැතිනිය ව දැඩි ලෙස අගය කළ අයෙකි. ටිටෝ ඇයට තම රටේ නිල සංචාරයක් සඳහා ආරධනා කළ අතර, ඒ ගමනේ දී සිරිමා මැතිණියගේ, කළු සන්-ග්ලාස් පැළඳ සුන්දර ලෙස සිනාසෙන ඉතා ආකර්ශනීය පෝස්ටරයක් බෙල්ග්‍රේඩ් නුවර පුරා ම බෙදා හැරුණු බව මට කීවේ ඉන් එක පෝස්ටරයක් තම බිත්තියේ දිගු කලක් අලවා ගෙන සිටි යෝගොස්ලාවියානු ජාතිකයෙකි.

ඔහු සී-රීමා බන්ඩර්-නායිකා ලෙස උච්චාරණය කරමින් ඇය ගැන මතක් කරන විට යුගොස්ලාවියානු ජාතිකයාගේ දෑස් ලාලසාවෙන් දැල්වෙනු මට මතක ය. පෙනුම කරන අරුමය එය යි.


ජේ.ආර් ජයවර්ධන ජනපතිගේ තරමක් විශාල හා ඉදිරියට නෙරා ආ නැහැය ද ආර්. ප්‍රේමදාස ජනපතිගේ සත පහ කාසියක හැඩැති මුහුණත ද තම නායකත්ව පෞරෂයේ අගය වැඩිකලා ද කියා මට සිතෙයි.

ඩී. ඇස් සේනානායකගේ පොල් මුඩ්ඩක වැනි උඩු රැවුල ද, කොතලාවලගේ ජේත්තුකාර ඇඳුම් පැළඳුම් ද බණ්ඩාරනායකගේ රවුම් කන්නාඩිය හා පයිප්පය ද ඔවුන්ගේ කේවල පෞරශයන්හි දිගුවක විය.

Prove Mahinda Rajapaksa's Majority In Floor Test: Sri Lanka Speaker

ඝන උඩු රැවුල දකුණු ආසියාතික චෛතසිකය තුල පුරුශභාවයේ සංඛේතය යී මතයක් තිබේ.

 

එහෙත් අපේ බොහෝ (පුරුෂ) නායකයෝ 'ක්ලීන්-ෂේව්' මුනත්තහඩුධාරීහු වූ නමුදු එය, ඩී.ඇස්ගෙන් පසු වෙනස් කළේ මහින්ද රාජපක්ෂ ය. ඝන උඩු රැවුල දකුණු ආසියාතික චෛතසිකය තුල පුරුශභාවයේ සංඛේතය යී මතයක් තිබේ.

මුල් කාලයේ, කොණ්ඩය මැදින් බෙදා, කන භාගෙට වැහෙන තාලේ අජූත කොන්ඩා සරසිල්ලකින් හෙබි මහින්ද රාජපක්ෂ පසු කාලයක කාගේ හෝ උපදෙසකින් කොණ්ඩය ද රැවුල ද මනාවට වවා පීරා 'තැනකට ගෙන ගිය හැකි' පෙනුමක් වඩවා ගෙන එය මනා ලෙස නඩත්තු කළේ ය.

වියපත් මහින්ද ජනපතිට දැන් මුක්කුවක් දෙකක් අවැසි වුණත් ඔහුගේ ඒ පසු කලෙක වගා කර ගත් පෙනුමේ නෂ්ඨාවශේෂ තව ම දක්නට ඇත.

රැවුල ජවිපෙ ද පොඩි අවුලක ඇති කළ බවට රාවයක් ඇත. පසුගිය මහ මැතිවරණයේ කොළඹින් තරඟ කළ ජේත්තුකාර ජෙල්-විත කොම්රඩ්වරයෙක් ජවිපෙ ටිපිකල කේඩෑරී කේඩර පෙනුමෙන් ද අදහස්වලින් ද වෙනස් අයෙකු වූ බැවින් ඔහු කෙටි කලකින් ජනප්‍රියතාවයේ ඉහලට එන බව පක්ෂයට පෙනිණ.

ගොරෝසු මාචෝමය උඩු හා යටි රැවුලකින් හෙබි මේ කොම්රඩ්වරයා දැන් පක්ෂයෙන් අතුරුදහන් කර ඇති බවක් පෙනෙයි.  

 

මෙතැනදී 'රැවුල තියා මා ළඟ ඔබ අරන් යන්න මල්' වැනි ගීතයක් ගැයෙන්නට ඇති බව අනුමාන කළ හැක්කේ, දැන් ඒ කැටි-රැවුල් විලාසිතාව නායක අනුර අනුකරණය කරනට පටන් අරන් ඇති බැවිණි.       

 

පරිනාමීය මනෝවිද්‍යාඥ විශේෂඥයින් දෙදෙනෙකු වන මාර්ක් වැන් වවුට් හා ඇලන් ග්‍රේබෝ තර්ක කරන්නේ පරිනාමයේ ප්‍රතිඵලයක ලෙස මානවයින් තමන් නායකයින් ලෙස තෝරා ගන්නේ තම මනසේ ගොඩ නැගී ඇති එක්තරා සංජානනීය හෙවත් කොග්නිටිව් රටාවක් අනුව බවයි. එම රටාව තුල නායකයාගේ නායක ගුණාංග නියෝජනයවන ශරීර ලක්ෂණ කේන්ද්‍රීය වේ.  

උදාහරනයක ලෙස පිරිමි මුනුණක නම්,  හතරැස්-හැඩයක මුනුණත, පැහැදිලි ව ඉස්මතු වී තිබෙන හකු රේඛාව, හොඳට වැවී ඇති ඇහි බැම, සිහින් ඇස් හා තොල් යෝජනා කරන්නේ අධිපති (ඩොමිනන්ට්) නායකත්ව ලක්ෂණ ය. එහෙත් මෙවැන්නන්ගේ විශ්වාසනීත්වය අඩු බව ද කියැවේ.  

එකාකෘතික ව නාරි ලක්ෂණ ලෙස සැලැකෙන, පීන (රවුම්) මුහුණු, ලොකු ඇස්, කුඩා  ඇහි බැම, සරුවට වැඩී ඉදිරියට නෙරා ඇති දෙතොල් යෝජනා කරන්නේ විශ්වාසනීයත්වය ය.  

බටහිර ඕස්ට්‍රේලියානු සරසවියේ ලෝරා ෆ්රූහන්, ඇබර්ටේ හා ග්ලාස්ගෝ සරසවි ඇදුරන් දෙදෙනෙකු සමග යට කී කරුණු උපන්‍යාසයක ලෙස ගොඩනැගුවේ මිනිසුන් කැමැති අධිපති හා විශ්වාසනීයත්වය පිළිඹිබු කරන දේහ ලක්ෂණ වලින් සමන්විත නායකයින් ලෙස බව තව දුරටත් 1400 ක නියැදියක් යොදාගෙන පිරික්සීමට ය.

එහිදී වවුට් හා ග්‍රේබෝගේ කරුණු මත ගොඩනැගුණු උපන්‍යාසය නිවැරිදි බවට තහවුරු විය. එහෙත් අලෙවිකරණය වැනි විෂයකට මෙය අදාල නැති බව ඔවුන් සඳහන් කළේ ඊට යොදා ගැනෙන්නේ බෝනික්කන් මෙන් සුරූපී ලක්ෂණ ඇති ය බව ය.  

වවුටියානු හා ග්‍රේබෝ න්‍යාය අනුව අපේ අනාගත නායකත්වය සුපැහැදිලි ය. ගුරු පැහැ ලවනතින් හා සියුමැලි රතදරින් හෙබි පීන වත කමලකින් යුතු නාමල් කුමරුන් 'විශ්වාස කළ හැකි' කැටිගරියේ නායකයෙකු බව පැහැදිලි ය. 

තව ද, දැනට ටෝනිත මස් පිඬුවලින් සුසැදි පපු පෙදෙස කාලයාගේ ඇවෑමෙන් පුතාණන්ගේ මෙන් පුන් පියයුරු ලෙස පරිනාමය විය හැක. එවිට ලාංකේය චෛතසිකයේ අර්චනය ද සැපිරේ.

යට කී න්‍යායට අනුව මේ 'පෙමිනින් 'හෙවත් නාරි වත කමලක ලක්ෂණය ය. කම් නැත. අප මේ ජීවත්වන්නේ විපරීත සංක්‍රාන්ති සමයක ය.

නාරි ම ය හැඩැති ගුණැති පුරුෂයෙකු සිරිලක ජනපති වීම කලාපීය භූ දේශපාලන සංධර්භය තුල එක්තරා 'හිජ්රා' තත්ත්වයක ලෙස ඉන්දියාව විසින් සාධනීය ලෙස  වුව ද සැලැකිය හැකි ය.  

මීට අමතර ව, ජවිපෙ දැනට අත්පත් කරනට දත කන ඇල්ජීබීටීකයූ ජන්ද ද කුට්ටිය පිටින් ම අප කුමරුනට ලැබිය හැක.



උදන් ප්‍රනාන්දු

 udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )





එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...