The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

තට්ටු සිනා - මන බඳිනා : (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 22, 2022 • 8:08 AM

තට්ටු සිනා - මන බඳිනා : (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තට්ටු කරන්නාට දොර ඇරේ කියල කියමනක් තියනවා. ආයේ කියනවා තට්ටු කරන්නාට තට්ටු වේ කියල.
  • ඇත්තටම නොවුණත් ඒ වගේ තැන්වල ඉන්නකොට මූනිච්චාවට වගේ එහෙම කරන්න වෙනවා.
  • දැනට නම් එයාල හොඳට කරන බව පේනවා.
  • වසඟය සඳහා නම් අපි දේවල් කරන්නේ එතැනදී එන ලොකුම න්‍යායික ප්‍රශ්නය වෙන්නේ ඇත්ත සහ බොරුව අතර රේඛාව මැකිලා යන එක.
අකුරු ප්‍රමාණය (Font Size):



ලංකාවේ දේශපාලනයේදී කියනවා තට්ටු මාරු ක්‍රමය කියල. ඒක ප්‍රධාන කියන පක්ෂ දෙක අතරේ බලය මාරුවෙන ගේම් එකක් කියලත් කියනවා.

තට්ටු මාරු ක්‍රමය නිසා ලංකාවට කෙළවුනා කියලත් කියනවා. ඒ නිසා තට්ටු මාරු ක්‍රමය වෙනුවට අපිට දෙන්න කියලත් කට්ටියක් කියනවා. ඒ උනුත් එකයි මුනුත් එකයි හින්ද.

'උනුත් එකයි මුනුත් එකයි මෙදා පාර අපි අරයට' කියල අපි හිත හදා ගන්නවා.

දැන් අපි උනුත් නැතුව මුනුත් නැතුව එයාලට දෙන්න හිතාගෙන ඉන්නකොට උන්ගෙන් එකෙක් ඇවිල්ල එයාට පිටිපස්සෙන් තට්ටුවක් දානවා. රයිට්, ඔයා වැඩේ කරගෙන යන්න...අපි යන්නම්...! එතකොට එයා ලස්සන හිනාවක් දානවා. 

 
එතකොට 'උනුත් එකයි මුනුත් එකයි කට්ටිය' එක්ක තරහයි කියල අපි හිතාගෙන ඉන්න එයා ගැන අපි අවුල් වෙනවා. පස්සේ එයාල කියනවා ගණන් ගන්න එපා ඔය වගේ තැන්වල ඉන්න කොට එහෙම ඉන්න වෙනවා කියල.

ඒ කියන්නේ වසඟය (seduction) දාන්න වෙනවා කියල.

ඇත්තටම නොවුණත් ඒ වගේ තැන්වල ඉන්නකොට මූනිච්චාවට වගේ එහෙම කරන්න වෙනවා. දැන් කතාව යන්නේ ඒ විදියට.

එහෙනම් සමහර විට එයාල කරන්නෙත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. එතකොට දැන් එන ප්‍රශ්නේ තමයි වැඩියෙන් ඒක හොඳට කරන්නේ කවුද කියන එක. දැනට නම් එයාල හොඳට කරන බව පේනවා. දැනටත් එයාල හොඳ තට්ටු කිහිපයක් දාල තියනවා.

වසඟය සඳහා නම් අපි දේවල් කරන්නේ එතැනදී එන ලොකුම න්‍යායික ප්‍රශ්නය වෙන්නේ ඇත්ත සහ බොරුව අතර රේඛාව මැකිලා යන එක.

එයාල තට්ටු කරන්නේ ඇත්තටද? ඒ වගේම මෙයාල හිනා වෙන්නේ ඇත්තටද? අපි අතරේ පරස්පරතා තිබුණට අපි බද්ධ වෛරයක නැහැ කියලත් මෙතැනදී කියන්න පුළුවන්.

එයාල තට්ටු කරනවා. අපි හිනා වෙනවා. අපි එයාලගේ 'තට්ටු සිනහා සංඥා' පරිබෝජනය කරනවා. සතුටුයි.



වසඟය කියන එක බෝද්‍රිලා අර්ථවත් කරන්නේ සංඥා එක්ක කරන සෙල්ලක් හැටියට (sign-game). විශේෂයෙන් මාධ්‍ය සංඥා එක්ක කරන ඇස්බැන්දුමක් (spectacle). මේ සෙල්ලම ඇතුලේ යථාර්තය නැතිවෙලා යන එක වැදගත් දෙයක්. අර්ථය නැතිවෙලා යන එක ඒ වගේම තවත් දෙයක්.




සිනහවේ අර්ථය තමයි ඇඳුනුම් කම. තට්ටුවේ අර්ථය තමයි දන්නා කියන බව. දැන් හිනා වෙන්නේ දන්නා කියන නිසාද කියල අපි දන්නේ නැතුව තෝන්තු වෙනවා.  

මෙතැන වෙන දේ තමයි මේ දෙක අතර යොමුව නැතිවෙලා යන එක.

තවත් සරලව කිව්වොත් රෙෆරන්ස් (reference) එක නැතිවෙන එක. ඒ කියන්නේ සිනහව සහ ඇඳුනුම්කම අතර අප දන්නා සමුද්දේශන සම්බන්දය (referential relationship) අහෝසි වෙලා යන එක. ඒ එක්කම සිනහවේ ගැඹුරත් නැතිවෙලා යන එක.  



අපි අතරේ ප්‍රතිරෝධයක් තියනවා කිව්වට වසඟය කරන්නේ සියල්ල එකම කානිවල් කළු කුහරයක් (carnival black hole) ඇතුලට අරන් යන එක. එහෙම කියන්නේ බෝද්‍රිලා.



මේ සංඥා ඉතාම සක්‍රීය (hyper-active signs -අධි ක්‍රියාකාරී සංඥා) නිසා ඒවා පටස් ගාල ජනප්‍රිය කරගන්න ලේසියි. ඒ නිසා පශ්චාත් දේශපාලනයේදි ඒවා නැතුව බැහැ. මම ඒක මීට කලින් කියල තියනවා.

නමුත් එකකින් අනික වෙනස් වෙන්න (difference) හදන තැනදී දේවල් වෙනස් කරනවා වගේ පෙන්නුවට ඒවා අන් කවරදාටත් වඩා එකක් (de-deference) බවට පත් වෙනවා කියල ඈත බෝද්‍රිලා සඳහන් කරනවා.

ඉනුත් විශේෂයෙන් සයිබර් අවකාශයේදි ඒවා අති භයානකයි. ඉස්සරහා කැමරාව දිහා විතරක් නෙවෙයි පස්සත් බලන්න. මේ තියෙන්නේ මෙගා පොලිටික්ස්.
එහෙම නැත්නම් තට්ටු මාරු ක්‍රමය වෙනස් කරනවා වෙනුවට එයාල අපිටත් තට්ටු කරලා මාරු වෙයි කියල අපිට හිතෙයි.

 ඊටත් වඩා 'මේ ඔක්කොම යාළුවො මල්ලි' කියන එක ඇත්ත වෙයි.

'මිනිසා, අර්ථය, යතාර්ථය, සත්‍යය, සමාජය, විමුක්තිය යන අප දන්නා සියළු නූතන අදහස් ඉතිහාසය නම් ගමන් මාර්ගය දිගේ ආපස්සට යමින් ඇත' (බෝද්‍රිලා, In The Shadow of the Silent Majorities, 1983).  


Touch and Go by Cars 

 

Mahesh Hapugoda 1 1

(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

Leader Whats app


 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...