The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාඨලී චම්පිකගේ දුර්වාදි හෘදය විදාරණය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

March 4, 2022 • 1:35 AM

පාඨලී චම්පිකගේ දුර්වාදි හෘදය විදාරණය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ලීඩර් ටීවී - ඩිරෙක්ට් පොලිටික්ස්'හි දී, සිරිමලී ලියනගම සමග දොඩමළු වූ පාඨලී චම්පික රණවක හරහා රටේ අද පවත්නා සමහර මතවාද යළි විමසා බැලීමේ අවස්තාවක් උදාවේ.
  • පාඨලී චම්පිකගේ වර්තමානයත් සජබය සහ 43 කණ්ඩායම ආදි ලෙස දෙ බිඩ්ඩ්කි.
  • පාඨලී විශ්වාස කරන්නේ බහුතරය කතා කරන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වූ බවය.
  • ( දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 1966 ජනවාරි 8 වෙනි දින ශ්‍රීලනිපය වීදි බැස මිනි මරා ගන්නා විට පාඨලී එක් හැවිරිදි දරුවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):



රටේ උවමනාවන් හෝ සවාර්ථය උදෙසා, කීයක්දෝ ව්‍යාපාර හෝ එවැනි කල්ලි කණ්ඩායම් සමග ක්‍රියා කළාද යන්න පාඨලී එහිදී සාරාංශ කරයි. පාඨලී චම්පිකගේ වර්තමානයත් සජබය සහ 43 කණ්ඩායම ආදි ලෙස දෙ බිඩ්ඩ්කි.

එහිදී පාඨලී මහා ප්‍රහර්ෂයෙන් හෙවත් නාට්‍යාකාරයෙන් ඉස්මතු කළ සමහර කරුණු ගතික දේශපාලනයෙහි උරච්චිකර බැලීම, බෙහෙවින් පලදායි වේ.

බණ්ඩාරනායක සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වෙනුවෙන් අදටත් පෙනී සිටීම පාඨලී චම්පික පිළිබඳ හරස් කඩකි. සිංහල රාජ්‍ය භාෂෘව කිරීමට එරෙහි වන්නේ රදළවාදි ප්‍රභූවරුන් පමණකි.


භාෂා දෙකට සමතැන් ඉල්ලා සටන් කළ කොල්වින්ලා, සුන්දරලිංගම්ලා, පාඨලීට අනුව රදළවාදි ප්‍රභූවරුන් වෙත්ද? පාඨලී විශ්වාස කරන්නේ බහුතරය කතා කරන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වූ බවය. ( දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 1966 ජනවාරි 8 වෙනි දින ශ්‍රීලනිපය වීදි බැස මිනි මරා ගන්නා විට පාඨලී එක් හැවිරිදි දරුවෙකි. බණ්ඩාරනායක එවැන්නක් 56දී අපේක්‍ෂා කළාද යන්න පාඨලී දැන්වත් හැදෑරිය යුතුවේ.)  


56 පෙරළිය හේතුවෙන් එතෙක් රටේ පැවති උතුරු දකුණු ජන සම්මතවාදි සහජීවනය බිඳ වැටුණාය යනු පාඨලීගේ පැත්තෙන් ගත් විට මනෝ විකාරයක් විය හැකිය. එහෙත් 58 ජන වාර්ගික අර්බුදයේ පටන් 83 කළු ජූලිය තෙක් ලංකාවේ සිදුවූ මනුෂ්‍ය ඛේදවාචකයන් ඓතිහාසික කාරණා වෙති.

එවකට රටක සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න 1965දී ලංකාවේ උපන් නොදරුවෙකු දැන සිටිය නොහැකිය. එහෙත් ලංකාවේ කාර් ගණන කට පාඩමින් කියා අසන්නන් මවිත කරන්නෙකු අදටත් බලපාන අන්තර් ජන වාර්ගික ආරවුල නොදැනීම හෝ නොදන්නා සේ හැසිරීමත් මුග්ධකමකි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවූ 2005 ජනාධිපතිවරණය පාඨලීට අනුව,  ප්‍රජාතන්ත්‍රදී නම් ලෝකය විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය සහ ජේ.ආර්. කී තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව රටක ජාතින් කෝප ගන්වා ලේ හැලීමෙන් ස්ථාපිත කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි සිරිමලී ලියනගම ඇසුවේ නැත.

S W R D Bandaranayake

උතුරු නැගෙනහිර ජනතාව බිය ගන්වා 2005දී ජනමතය තුවක්කුවෙන් යටපත් කළ ප්‍රභාකරන් 56 පෙරළියෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධි විකෘතියක් බව නො දන්නා ලෙස හැසිරෙන්නා තවත් “අමන බණ්ඩාරනායක” වර්ගයේ ජාතිවාදි බල ලෝභියෙකි.  

මෙහිදී අමන බණ්ඩාරනායක යනු දේශපාලන බලයට කෑදරව,  ඇදහූ ආගම පවා වෙනස් කළ, සමහරුන්ට දියසේනවූ බලලෝභි සෙවල බණ්ඩා මිස, ඔක්ස්පඩ් ප්‍රාඥයෙකු මෙන්ම, ආසියාවේ රිදී සීනුව ලෙස ලෝකයක් දැන සිටි හොරගොල්ලේ බණ්ඩාරනායක නොවේ.



පාඨලීගේ දැනුම පිළිබඳ සමහරුන් තුළ ඇති ප්‍රහර්ෂය ඔක්ස්පර්ඩ් බණ්ඩාරනායකගෙන් සෙවල බණ්ඩා වෙන් කොට හඳුනා ගැනීමෙන් නිරවුල් කරගත යුතු වේ.  හේතුව බලයට කෑදර තවත් “සෙවලයෙක්’ රටට අවශ්‍ය නොවන නිසාය.




43 බලකාය නවතම දේශපාලන ව්‍යාපාරයක් ලෙස....

43 බලකාය නවතම දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමහරු දකිති. එහෙත් අවාසනාව නම් 43 නමින් ඉඟි කෙරෙන ග්‍රාමීය ජන මනස ශක්තිමත් කළ මධ්‍ය විද්‍යාල සශ්‍රීකත්වය සහ නව දැක්ම, 1963 උපකෘත පාසල් රජයට පවරා ගැනීමෙන් දියවී ගිය බව 43 එකතුව නොදැන සිටීමය.

කන්නන්ගර අපේක්‍ෂා කළ දීප ව්‍යාප්ත උත්තමාර්ථය භූමියෙන් වඳවී ගොස් ය. ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුව වර්ග කෙරෙන පාසල් ලැයිස්තුවෙන් එය නිරූපනය වේ.

වර්තමානයේ මධ්‍ය විද්‍යාල ශිෂ්‍යත්වලාභියෙකුට ලැබෙන මාසික මූල්‍ය දීමනාව රුපියල් 500කට වැඩි නැත.  

43 සන්නාමය ඇමක් ගත් සමහරු දස වසරක් කැබිනට් ඇමතිකම් දරද්දී ඒ මදි පුංචිකම දෙස හැරිලාවත් බැලුවේ නැත. හේතුව එය පැවැත්මක් නොව, වටිනාකමෙන් වැඩි පුරා වස්තුවක් සුරයක් වශීයක් ලෙස භාවිතා කරන නිසාය.



ජේ.ආර්. ගේ 78 ජනරජ ව්‍යවස්ථාව

පාඨලී චම්පික සටන් කාමියෙකු කළ ජේ.ආර්. ජයවර්ධනගේ 78 ජනරජ ව්‍යවස්ථාව ගෙවුණ වසර 44 පුරා රටට විනයක්ව පවතී.

උපන් රට මිස බලය නැමති සිහිනය පසුපස නොයන සිවිල් සමාජ ක්‍රියාකාරීන් අපේක්‍ෂා කරන්නේ ජේ.ආර්. විසින් දායාද කළ හානිකර විධායක ජනාධිපති පාලන ක්‍රමය භූමියෙන් අතුගා දමන බල වේගයක් සඳහා ජනතාව ඒකරාශී කිරීමකි.

ජේ.ආර්. ජයවර්ධන විසින් සටන් කාමියෙකු කළ 17 හැවිරිදිව පාසල් සිසුවා දැන් 57 හැවිරිදිය. පාඨලී චම්පික නම් ඔහු ගෙවුණ 40 වසර තුළ ජේ.ආර්.ගේ  විධායක ක්‍රමය, අහෝසි කිරීමට සිදු කළ කැප කිරීම් සිරිමලී ලියනගම විසින් විමසිය යුතුව තිබිණ.


23 0විජය කුමාරණතුංග


පාඨලී චම්පික සිය කතාබහ අතර, ජේ.ආර්.ට අභියෝග කළ හෙයින් විජය කුමාරණතුංගට අප්‍රමාණ ගරුත්වයක් ඇතිවූ බව කියයි. ජනප්‍රිය නළුවකු ලෙස රට දැන සිටි  විජය කුමාරණතුංග1977 මැතිවරණයේදී සක්‍රියව සහාය දැක්වූ ශ්‍රීලනිපය ඉතිහාසයේ බරපතල පරාජයකට ගොදුරු විය.

චන්ද්‍රිකා සමග විවාහ වූ විජය, ජේ.ආර්.ටත් පළමුව දේශපාලනිකව අභියෝග කළේ බණ්ඩාරනායක මැතිනිය (සිය බිරියගේ අම්මා)ගේ නායකත්වයටය. එය සත්තකින්ම අනුර බණ්ඩරනායක මස්සිනාට එරෙහිවූ පවුලේ බල අරගලයකි.  

විජයට පළමුව සුනේත්‍රාගේ සැමියාද ජන වේගය නම් විගඩමක් අටවා අගමැතිව සිටි බණ්ඩාරනායක මැතිනිය අපහසුවට පත් කළේය.

මේ සාරාංශ කිරීම, පාඨලී චම්පික ආවේගයෙන් උද්දාමයෙන් පුදන විජයගේ දේශපාලන පසුබිම වේ. එසේ වුවද හමුවූ කෙනෙකුට සෙනේහයෙන් ලෙන්ගතුව කුළුපගව ආමන්ත්‍රණය කළ ලබැඳි මානව හිතවාදියෙකුවූ ඒ විජය කුමාරතුංග, ජේ.ආර්.ට අභියෝග කළේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නම් ... පාඨලී චම්පික කිසිසේත් විජයට සමපාත නොවේ.


2005දී හෙළ උරුමය නියෝජනය කරමින් පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණ, විධායකය අහෝසි කරවීමට කැපවන බවට පාඨලී කළ දිවිරීම, පුද්ගලයෙකුට සදාදාලිකව විධායක ජනාධිපති ධුරය දැරීම අනුමත කළ 18 වෙනි සංශෝධනයට අත එසවීම සහ සාධාරණ සමාජයක් ව්‍යාපාර අවබෝධතා ගිවිසුමේ විධායකය අහෝසි කිරීමේ කොන්දේසිය ඉවත් කළ යුතු බවට හෙළ උරුමයේ රතන සමග හබ කිරීම හරහා, පාඨලීගේ දස වසරක (2005-2015) ගමන් මඟ සටහන්ව ඇත.


වඩාත්ම හාස්‍ය හා ඛේදය වන්නේ 'සාධාරණ සමාජයක් ව්‍යාපාරය'ට එදා පාඨලී සහ රතන මහින්ද රාජපක්‍ෂගේ සහචරයන් ලෙස එදා පැමිණි බවට සැක කිරීමය.

සිය සාකච්ඡාවේදී පාඨලී රදළ සහ ප්‍රභූ පැලැන්තිය පිළිබඳ කතා කළේ බර උච්ඡාරණයකිනි.  

පාඨලී චම්පික, ස්විස්ටර්ලන්තයට සර්ව ජන ඡන්දය ලැබුණේ 1972දී බව උපහාසය මිශ්‍ර සිනහවක් නගමින් සඳහන් කොට, අප එය (සර්ව ජන ඡන්දය) ලබා දුන්නේ 1931 බව ආඩම්බරයෙන් කීය. එහිදී ඔහු යොදා ගත් අප යන බහු වචනයෙන් හඳුන්වා ගත්තේ හෙළ උරුමයද නොහොත් 43 කණ්ඩායමද?

 ඉතිහාසයට අනුව නම් 1931 වනවිට, ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. (සර්ව ජන ඡන්ද බලය මෙන්ම, නිදහස් අධ්‍යාපනයද යටත් විජිත යුගයට අයත්ය.)

1931දී ඩී.එස්.සේනානායක තාර්කිකව සර්ව ජන ඡන්දය ලබාදීමට කල් වැඩි යයි කරුණු දක්වා ඊට එරෙහිවූ බව රහසක් නොවේ.


jhjgjkමර්වින් සිල්වා +පබා


සියනෑ කෝරළේ අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ 2010 මහ මැතිවරණයේදී මර්වින් සිල්වාලා පබාලා ඉහළ මනාප ලැබීමෙන් රදළවාදි ප්‍රභූ පාන්තික අට සමත් ඩී.එස්. සේනානායකලා සර්ව ජන ඡන්දය යනු කතිරයක් පමණක් නොවන බව වටහාගෙන සිටි බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නොවේ.  

පන්සලක් තැනීමට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සතයක් වැය නොකළ ඩී.එස්. ප්‍රේමදාසලා රාජපක්‍ෂලා බත් පතට ජනතාව මෙන්ම ආමිෂ දානයෙන් බෞද්ධ භික්‍ෂුන් මුලා කරන බව දැන සිටි බව තේරුම් ගත යුතුවේ.



එසේම අදටත් රාජපක්‍ෂලා සමග තරගයට දන්සල් දෙමින් රට රවටන සජිත් ප්‍රේමදාස යනු ආච්චිගේ පාඨලී චම්පික රණවක, විජය කුමාරතුංගට පසුව විශ්වාසයෙන් අදහන අසහාය නායකයා බව 43 බලකාය දත යුතුවේ.



ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සාමජය සහ රදළ සහ ප්‍රභූ ක්‍රියාකාරකම් සහිත වැඩවසම් සමාජය කියවිය යුත්තේ ප්‍රංස රුසියා අත්දැකීම් අනුව නොවේ.

ලංකාවේ නියෝජිත දේශපාලනය ආරම්භයේ සිට ඊට දායකවූ ප්‍රභූ පැලැන්තිය පැවැත්මෙන් දූෂිත නොවූහ. ඔවුන් මූල්‍යමය වරප්‍රසාද හෝ මහජන නියෝජනයට මුවා වී රාජ්‍ය මුදල් ගසා කෑවේ නැත.


නුවරඑළිය එජාප මන්ත්‍රී ඩොනල්ඩ් රණවීර

1965-1970 එජාප ආණ්ඩුව කාලයේ නුවරඑළිය එජාප මන්ත්‍රී ඩොනල්ඩ් රණවීරට 1970 නැවත එජාපයෙන් නාම යෝජනා නොලැබිණ. ටෛම්ස් ව්‍යාපාරයද හිමි ඩොලන්ඩ් යනු අදට නම් බරපතල වත්කමකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩොනල්ඩ් රණවීර බදු ගෙවීම් පැහැර හරිමින් කට්ටි පනින බව දේශිය ආදායම් බදු කොමසාරිස් වරයා අගමැති ඩඩ්ලිට වාර්තා කළේය. අවශ්‍ය පියවර නොගෙන ඒ ගැන තමන් දැනුවත් කිරිම ගැන කොපවූ ඩඩ්ලි දෙසතියක් තුළ අවශ්‍ය කටයුතු නොකළොත් කොමසාරිස් වරයාට එරෙහිව පියවර ගන්නා බව දැන්වීය.  

ඩඩ්ලි ගෙන්වා තරවට්ටු කොට, 1970දී නුවරඑළිය ආසනය සඳහා ගාමිණි දිසානායක කැඳවීය. ලංකාවේ  ප්‍රභූ දේශපාලනය එවැන්නකි.

සම්පත් සමව බෙදී යන සමබිමක් ගැන කතා කරන  පාඨලී චම්පික රටේ තමන් කැමති පාසලකට සිය දරුවන් ඇතුළත් කරවා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සතු වරප්‍රසාදයට එරෙහි වී නැත. විශ්‍රාම වැටුප ප්‍රතික්‍ෂේප කර නැත.


ප්‍රභූන් යනු නිල බලය සිය වාසියට යොදා ගැනීමක් නොවන්නේද? පාඨලි වැඩවසම් හෝ ප්‍රභූ පීඩනයෙන් බිඳ වැටුණ ප්‍රංශ රුසියා අත්දැකීම් වනපොත් කළාට, ඔහුම කොන්සර්වෙටිව් ලෙස සලකන, බ්‍රිතාන්‍ය අභ්‍යාසයන් හදාරා නැත.


අලිඛිත ව්‍යවස්ථාවක් සමග රාජ්‍යත්වයද එහි සුරැකිව පවතී. හේතුව ජන සම්මතවාදී පාලනය බ්‍රිතාන්‍යයේ තේමාව වන හෙයිනි. වර්තමාන ලංකාවේ එවැන්නක් වේද? ලංකාවේ පැවති ජන සම්මත වාදය විධායක ක්‍රමය හරහා විනාස විය.

දෙවෙනි එළිසබෙත් රැජිනගේ පියාට 1936දී රජකම හිමි වුණේ එවකට බ්‍රිතාන්‍යයේ පැවති නෛතික සහ ආගමික තහංචි නිසාවෙන් අටවෙනි එඩ්වර්ඩ් සිහසුන අහිමිවූ හෙයිනි.

එහෙත් එළිසබෙත් රැජිණ දික්කසාද කාන්තාවක විවාහ කර ගත් චාල්ස් කුමරුට පසුගියදා රාජ්‍යත්වය පවරා විශ්‍රාම ලැබීම යනු බ්‍රිතාන්‍ය ප්‍රභූ තන්ත්‍රය පවා කාලානුරූප වීමය.


ලංකාවේ ප්‍රභූ දේශපාලනය මුල් යුගයේ එජාපයට දේශපාලනිකව අවාසිදායක විය. 1973දී එජාපය අල්ලා ගත් ජේ.ආර්., ඩඩ්ලි වාදින් ඉවත් කිරීමට, උන්නැහේලාගේ (එකල සාමාන්‍ය ජනතාව ප්‍රභූන් හැඳින්වූ ආකාරයකි.) දේශපාලනය අවසන් කළ යුතු බව කියමින් එම්.ඩී. බණ්ඩා වෙනුවට, පොල්ගහවෙලට කැඳවා ගත් සුනිල් රන්ජන් ජයකොඩි මියගියේ වංචා වරදකට හිරබත් කමින් සිටියදීය.




මේ ලාංකේය ප්‍රභූ දේශපාලනය පිළිබඳ සහතික දීමක් නොවේ. මිනි මරුවන් සමග පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා උදවිය, දේශපාලනයට සුදුසුකම ගිනි අවි හරඹය මිස, සදාචාර සම්පන්න භාවය නොවේ යයි සිතීම සාවද්‍ය බව සිහි කිරීමකි. රටක ගතික දේශපාලනය හැදෑරීම පටු කෝනවල සිරවී සිදු කළ නොහැකි බව තහවුරු කිරීමටය.

43 බලකා ප්‍රකාශනයේ වාර්ගික ප්‍රශ්නයට විසඳුම  ප්‍රකාශිත කොටස මෙසේය. “එය (13 වෙනි සංශෝධනය) භාර ගැනීමට සිංහලයන් මෙන්ම දෙමළ ජනතාවද සූදානම් විය යුතු වේ. 43 බලකාය දේශපාලන කවයක් නොව, සත්‍ය ලෙසම අධිකාරි වාදි බ්‍රිගේඩයක් බව සූදානම් විය යුතු වේ. යන විධානාත්මක යෙදුමෙන් පවා තහවුරු වේ.  මිනිස් හැඟීම් පමණක් නොව කලාපීය දේශපාලනය පිළිබඳ පාඨලීලා සතු අවබෝධය පවා මෙයින් තේරුම් ගත හැකිය.


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)



ලිපියට පාදකවී ඇති වීඩියෝව

 

 

  Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාඨලී චම්පිකගේ දුර්වාදි හෘදය විදාරණය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader