The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

March 24, 2022 • 10:50 AM

 අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට නම් උන්නැහේගේ අදහස් එක්ක මේ තරම් එකඟ වෙන්න පුළුවන් තැනක් තවත් කොහෙවත් හම්බ වෙලා නැහැ.
  • ඒකනේ අනුගාමිකයෝ 700 ක් එක්ක, හිස බූ ගාවලා පිය රජතුමා නැවක පටවලා පිටුවහල් කලේ.
  • අඩුතරමින් ඒකාලේ පිය රජතුමාලා දැන් කාලේ පිය රජතුමාලා වගේ නැතුව පුත්තුන්ට දඬුවම් දීපු බව පේනවා.
  • මහා වංශය කියන හැටියට විජය ඇතුළු පිරිසෙන් පසුකාලීනව මේ අපේ සිංහල ජාතිය ඇති වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

මට නම් උන්නැහේගේ අදහස් එක්ක මේ තරම් එකඟ වෙන්න පුළුවන් තැනක් තවත් කොහෙවත් හම්බ වෙලා නැහැ.

මහා වංශයට අනුව විජය ගැන හිතුවොත් ඔහුගේ සීයා වෙන්නේ සිංහයෙක්, පියා සිංහබාහු. සිංහබාහු කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක්.

ඇපල් ගසෙන් ඈතට වැටෙන්නේ නැත ("the apple doesn't fall far from the tree") කියන කියමන හරියටම හරි කියලා ඔප්පු කරපු විජය, ඉලන්දාරියා කාලේ ඉඳලම කරන්න ගත්තේ මදාවි, මගෝඩි වැඩමයි කියලනේ අපේ තෝම්බුවේ ලියලා තියෙන්නේ. ඒකනේ අනුගාමිකයෝ 700 ක් එක්ක, හිස බූ ගාවලා පිය රජතුමා නැවක පටවලා පිටුවහල් කලේ. අඩුතරමින් ඒකාලේ පිය රජතුමාලා දැන් කාලේ පිය රජතුමාලා වගේ නැතුව පුත්තුන්ට දඬුවම් දීපු බව පේනවා.

ලංකාවට ගොඩ බැහැලා කුවේණිව හාද කරගෙන රජකමත් අරගෙන දරුවෝ දෙන්නෙකුත් හදලා ඉන්පස්සේ ඇයව පිටමං කලා. තමන්ගේ වරිගෙට හරියන්න දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණිය පාවා ගෙන අභිෂේක ලැබුවා ඉන් පස්සේ. කුවේණිටත් ඉතින් තමන්ගේ ඥාතීන්ට කල ද්‍රෝහී වීමට දඬුවම ලැබුණා. මහා වංශය කියන හැටියට විජය ඇතුළු පිරිසෙන් පසුකාලීනව මේ අපේ සිංහල ජාතිය ඇති වුනා.


Mahil 2022.03.23 1
ඔන්න ඔය පැටිකිරිය තමයි අපේ හිටපු අගමැතිතුමාට සර්ව පාක්ෂික සමුළුවේදී මතක් වුනේ.

ඉතින් දැන් බලන්නකෝ අපි 1948 නිදහස ලබාගන්න කාලේ අපට උදවු කල අනෙක් ජාතීන්ට පයින් ගහලා සිංහල පමණයි පනත ගෙනාවනේ. ඔය වගේ එකට වැඩ කල සගයන් පාවා දීම විතරක් නෙවෙයි, උදවු කල සගයන්ව ඝාතනය කිරීමත් අපි මෑත ඉතිහාසයේ දැක්කේ නැද්ද? පරම්පරාගත ගති ලක්‍ෂණ, නිධන්ගත රෝග වගේම පැවතගෙන යනවානෙ.


අපේ ඉතිහාසයේ රාජාවලිය කියවලා බැලුවොත් පෙනෙයි මොනතරම් තාත්තලා පුතාලා, අයියලා මල්ලිලා, නෝනලා මහත්තයාලා, බලය වෙනුවෙන් මරාගෙන තියෙනවාද කියලා. ඉතින් මරා ගැනීම කෙසේ වෙතත්, එකම පවුලේ ලේ නෑයෝ කකුලෙන් ඇදීම, වෙට්ටු දැමීම, පස්සෙන් ඇවිත් පිහියෙන් ඇනීම අදටත් ඔය දකින්න තියෙන්නේ.



ඉතින් විජයගෙන් පැවතෙන ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අපට, අපේ මීමුත්තාගේ පරම්පරා උරුමයෙන් එන ගති පැවතුම් නැති වුනොත් තමයි කලබල වෙන්න ඕන, අපි අවජාතක වුණා වත්ද කියලා. ඒ ගැන කිසිම සැක සංකාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ, අපේ විජය මීමුත්තාගේ ජාන කිටුව (gene pool) අපට ඉතා හොඳින් සම්ප්‍රේෂණය වෙලා තියෙනවා.

විශේෂයෙන්ම අපේ හිටපු අගමැති තුමාට තරම් මේ ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් තවත් ඉන්න විදියක් නැහැ. 2018 ඔක්තෝබර් 26 වෙනිදා කොහොමනම් අමතක වෙන්නද?

 

(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com

Kanthi kariwasa

 

 


ලේඛිකාවගේ වෙනත් ලිපි :

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

පුනරුද නියමුවෝ

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම්

 

The Leader TV අද වීඩියෝ 


තවත් ඉවසනු බෑ එකම විසඳුම මේ පමණයි ! | මොණරවිලගේ ලියමන

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ - උදය ගම්මන්පිල | Direct Politics |

විමල් පිලේ මන්ත්‍රීට බැසිල් දාපු ඩීල් එක මෙන්න! | අද ගොසිප් එක 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම! 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...