The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වත්මන් අර්බුදය සහ ගැහැණිය -(චන්දිමා ජයසේන)

T

The Leader Desk

March 28, 2022 • 4:41 PM

වත්මන් අර්බුදය සහ ගැහැණිය -(චන්දිමා ජයසේන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 74 ක් තිස්සේ මේ රටේ පාලක පංතිය විසින් සිදුකරනු ලබන අර්බුදයෙන් වඩා වඩාත් වන්දී ගෙවීමට සිදු වී ඇත්තේ ගැහැණියටයි.
  • මා මෙහි වැඩ ඇරී වැඩට එන ගැහැණිය යනුවෙන් සඳහන් කළේ රැකියාවක නියුතු ගැහැණිය පිළිබඳවයි.
  • කාන්තාව සහ වැඩ පිළිබඳ කතිකාවේ ද්විත්ව ත්‍රිත්ව කාර්යයන් ලෙස හුවා දක්වන්නේ මෙයයි.
  • පවතින ආණ්ඩුව විසින් එය තවදුරටත් දීර්ඝ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



වසර 74 ක් තිස්සේ මේ රටේ පාලක පංතිය විසින් සිදුකරනු ලබන අර්බුදයෙන් වඩා වඩාත් වන්දී ගෙවීමට සිදු වී ඇත්තේ ගැහැණියටයි. එනම් වැඩ ඇරී වැඩට එන ගැහැණියටයි.

මා මෙහි  වැඩ ඇරී වැඩට එන ගැහැණිය යනුවෙන් සඳහන් කළේ රැකියාවක නියුතු ගැහැණිය පිළිබඳවයි. ඇයට වැඩ කරන ස්ථානයේ මෙන්ම නිවසේ ද වැඩ ඇයට අනිවාර්යෙන්ම සිදුකළ යුතු වැඩයි. බොහෝ විට වැඩකරන ගැහැණිය නිවසට එන්නේම විවේක ගැනීමට නොවේ. තවත් වැඩ කරන ස්ථානයකටයි.

කාන්තාව සහ වැඩ පිළිබඳ කතිකාවේ ද්විත්ව ත්‍රිත්ව කාර්යයන් ලෙස හුවා දක්වන්නේ මෙයයි. පවතින ආණ්ඩුව විසින් එය තවදුරටත් දීර්ඝ කර ඇත. ගැහැණියට තිබූ යම් නිදහසක් තිබුනේ නම් එය ද  අහිමි කර ඇත.

ඒ නිසා මේ මොහොතේ දේශපාලනය සහ ආර්ථිකය වැඩ ඇරී වැඩට එන කාන්තාවන්ට සිදුකරන බලපෑම සුළු පටු නොවේ. බහුවිධ ස්වරූපයෙන් එදිනෙදා ජීවිතයට සිදුකරන බලපෑම අප විසින් තේරුම් ගත යුතුයි.  



ආර්ථික අර්බුදය තුළ දිනෙන් දින වර්ධනය වන්නේ පහන් හැඟීම් නොවේ. මගේ ස්ත්‍රීවාදී විඥාණය විසින් වැඩ ඇරි වැඩට එන ගැහැණියට සිදුකරන පීඩාවේ තරම පෙන්වා දෙනු ලෙස සිදු කරනු ලබන අභ්‍යන්තර බලපෑම නිසාම මේ සටහන තබමි.



අපේ රට වනාහි වැඩ ඇරී වැඩට එන කාන්තාවන්ගෙන් ජීවත්වන රටක් බව අපි හැමෝම දන්නවා. පවුලේ ද රටේ ආර්ථිකයට ද ඇය රැකියාවක් කිරීම විශාල සහනයකි.

 ජාතික නිෂ්පාදනයෙන් වැඩිම පංගුව අරගෙන එන්නේ ද ස්ත්‍රියයි. එය මැද පෙරදිග ගොස් ද, අගලුම් කර්මාන්ත වලින් ද, තේ දළු නෙළීමෙන් ද, කෘෂිකර්මාන්තයෙන් ද යන්න ප්‍රශ්නයක් නැත. අවශ්‍ය වන්නේ ඉපැයීම් පමණී.

නමුත් එහෙම ජීවත් වන රටක ගැහැණියට අද රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකර ඇති අර්බුදය සුළු පටු නොවේ.



අප කොපමණ කතා කළත් ශ්‍රී ලංකාවේ පවුල තුළ වැඩ බෙදා ගැනීමක් නැත. ඇයට රැකියාවේ ද ගෙදර ඇති වැඩ යම් තරමක් දුරට හෝ සහනසීලී කර ඇත්තේ විදුලි භාණ්ඩයි.  ඉවීමට උපයෝගී කරගන්නා ගෑස් භාවිතයයි. ඇයට රැකියා ස්ථානයේ මෙන්ම පවුලේ වැඩ ද කළමණාකරණය කිරීමට එය පහසු කර තිබේ.  



විදුලි අර්බුදය ද ගෑස් අර්බුදය ද ඇයව කබලෙන් ලිපට ඇද දමා ඇත. අද වන විට ඉවීමට අවශ්‍ය දර සපයා ගැනීමටත් කැළයක් කැළයක් ගානේ යෑමටත් පෝළිම් වල සිටීමට සිදුව ඇත්තේ ද ඇයටයි. ඒ සඳහා නිවාඩු දැමීමට ද ඇයට සිදුව ඇත.

තෙල් අර්බුදය නිසා බොහෝ මාර්ග වල ප්‍රවාහන සේවා නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ ද නැත. ප්‍රවාහන ගාස්තු වැඩීකිරීම ද අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ දැන්වීම මඟින් මෙතෙක් ගැට ගසා ගෙන තිබු ආර්ථික තත්ත්වයද තවදුරටත්  අර්බුදයකට පත් කර ඇත.

එසේම ඖෂධ හිඟය සහ මිළ ඉහළ දැමිම නිසාත් නිවසේ සිටින රෝගී පුද්ගලයින්ට ඇතිකරන බලපෑමත් පවුලේ ආර්ථිකයට ඇතිකරන බලපෑමත් සුළු පටු නොවේ. පාසැල් දරුවන්ගේ සියළු වියදම් ද ප්‍රවාහන ගාස්තු ද මේ අතර වේ.

ආර්ථිකය අර්බුදය වැඩි වන විට එය දැඩිව පවුලේ සාමකාමීත්වට ද බලපානු ලබයි.ගෘහස්ථ හිංසනයන් ට ද බලපෑම් කරනු  ලබයි.



ඒ නිසා අද කාන්තාවට ආර්ථික වශයෙන් අගාධයකට දැමීමමට ද, වැඩ ප්‍රමාණය හතර ගුණයක් දක්වා වැඩිකිරීමටත්, සමාජ ජීවිතයක් ද නැති තත්ත්වයකට ද පවතින ආණ්ඩු පත් කර තිබේ.



වැඩ ඇරී වැඩට එන ගැහැණියට ඉතාමත් පහත් ආකාරයෙන් සලකපු ආණ්ඩුවක් මෑත ඉතිහාසයෙන්ම සොයා ගත නොහැකිය.

මේ ආර්ථික අර්බුදය තුළ ඇය තවදුරටත් ගොදුරක්. වහලියක් වගේම සුරාකෑමකට ද  ලක් වේ. ඇය ආර්ථික වශයෙන් සිදුකරන පීඩාව නිසාම මූල්‍ය කළමණාකරණය කිසිවක් කරන්නට බැරි වී ඇත.

රජය ජාත්‍යන්තරයෙන් ණය ගන්න කොට පවුල තුළ පාරිභෝගික අවශ්‍යතා ඉටු කරගැනීමට ක්ෂ්ද්‍ර මූල සංවිධාන වලින් ණය ගැනීමට වරින් වර  සිදු වේ. ගෑස් ටැංකි පිපිරීම නිසා ජීවත වලින් පවා වන්දි ගෙවීමට සිදුවිය. ස්වයං හිංසනයන් වලට ගොදුරු විය.

 

මෙය ස්ත්‍රිය අද වන විට පාරිභෝජන භාණ්ඩ වල, විශාල මිළ ඉහළ දැමීම්, තෙල් අර්බුදය නිසා ද, ආහාර අර්බුදය නිසාද  දිනෙන් දින පීඩාවට පත් වේ. ඊයේ අහන මිළ නොවේ අද මිළ. පර්ස් එක වැඩිවන්නේ ද නැත. මේ අර්බුදය තුළ රාජපක්ෂලාගේ ගිණුම් තැන්පත් ඉහළ ගිය ද අපේ ගිණුම්වල ඇත්තේ සෘණ ශේෂයකි.



අත්තනෝමතික දේශපාලන සහ ආර්ථික තීරණ අයහපත් ආකාරයට රටට බලපාද්දි වැඩට ඇරී වැඩට එන ගැහැණියට සිදුකරන බලපෑම බහුවිධ පීඩාවකි. එය දැඩිම  බලපාන්නේම ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතිය තුළ ස්ත්‍රීයගේ කාර්යභාරය වැඩි නිසායි..

මේ අර්බුදය තුළ පුරුෂයා ද පීඩාවට පත්වෙන බව සැබෑව. මේ ලිපියෙන් ස්ත්‍රිය පිළිබඳව වඩාත් අවධාරණය කළත් පුරුෂයා ද මුහුණ දෙන ආර්ථික අර්බුදය  කිසිසේත්ම ලඝු නොකරයි.

රාජපක්ෂ ආණ්ඩුව සෞභාගයේ තේමා යොදා ගනිමින් වංචනික ලෙස ස්ත්‍රිගේ ඡන්දයට පවා පිටුපා ඇත.

වත්මන් තත්වය තුළ ස්ත්‍රීයගේ ආර්ථික සුරක්ෂිතාතාවය සහ ආර්ථික ස්වාධීනත්වය නැති කර ඇත. එය වතුකරයේ ද ඇගලුම්කම්හල් වල ද ස්වයං රැකියා වල  නියුතු ගැහැණු ද රජයේ ද පෞද්ගලික අංශ නියෝජනය කරන ස්ත්‍රීන් ද කියා වෙනස්ක් නැත. සිංහල දෙමළ මුස්ලිම් කියා වෙනසක් නැත.

නිදහස සහ සමාජීය ජීවිතය එහෙම් පිටින්ම අවුල් කර ඇත.

කාන්තාවනි, මේ මොහොත ඔබේ පීඩාව ඔබට දැනිය යුතුම මෙහොතකි. ඔබේ හඩ අවදි විය යුතුම මෙහොතකි. අර්බුදය ජය ගත හැක්කේ සාමුහික සවිඥාණිකත්වය අවදි කිරීමෙනි.

වැඩ ඇරී වැඩට එන ගැහැණියට සැලකිල්ල අපුරුයි ස’


Chandima Jayasena(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker

chandimaij@yahoo.com

2022.03.27

 


The Leader TV අද වීඩියෝ 

 

සමහරු අපිට ජම්පර් අන්දනවා කියනවා, අපි බය නෑ ! - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

 

Leader Whats app


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වත්මන් අර්බුදය සහ ගැහැණිය -(චන්දිමා ජයසේන) | The Leader