The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාර්ලිමේන්තුවේ බත් බැලයන් සහ රාජ්‍ය සේවය නපුංසක හැසිරීම - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

April 22, 2022 • 7:34 AM

පාර්ලිමේන්තුවේ බත් බැලයන් සහ රාජ්‍ය සේවය නපුංසක හැසිරීම - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොතයෙක් රටේ ඊළග විධායක ජනාධිපති කරවීම නම් නොවේ.
  • රටේ බහුතරයක් මේ වනවිට අපේක්ෂා කරන පරිදි ඇත්තේ එකම විසදුමකි.
  • අදටත් දෙපිලට බෙදි බල්ලා බූරුවා කියමින් බොර කන්නේ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට බව ජනතාව තේරුම්ගෙන හමාරය.
  • ජනතාවගේ මුදලින් තුන්වේල කන පාර්ලිමේන්තු බත් බැලයන් සිය වගකීම පැහැර හැර ඇති නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොතයෙක් රටේ ඊළග විධායක ජනාධිපති කරවීම නම් නොවේ.

එහෙත් පවත්නා තට්ටු මාරුව අනුව බලයට බලයට කෑදරව ඉව අල්ලන අපේ දේශපාලන පක්ෂ ගෝඨා ගෝ හෝම් ව්‍යාපාරය තම සාක්කුවේ දමා ගැනීමට තවමත් කැස කවමින් සිටිති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු නිසා එසේ සිතනවා විය හැකිය. එහෙත් ටිල්වින් සිල්වා වසර පණස් ගණනක් රට යළි යළි එපා කියා ප්‍රතික්ෂේප කළ නායකත්වයක් ගැන කතා කිරීම, ගමේ භාෂාවෙන් කියයි නම් පුක ඉලිප්පෙන්නේ නැති එවුන් පීනන්ඩ දගලනවා වාගේය.

 තව ටිල්වින් සිල්වාත් කමක් නැත. පාඨලී චම්පික සරත් පොන්සේකා දෙදෙනාම අපේක්ෂා කරන්නේ අගමැති හෝ ජනාධිපති තනතුරකි.

 

රටේ බහුතරයක් මේ වනවිට අපේක්ෂා කරන පරිදි ඇත්තේ එකම විසදුමකි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. ඉහතින් නම් කළ කිසිවෙකු ඒ සදහා සූදානම් නැත. ලංකාවට හොරකම බෝ කළ මහින්ද රාජපක්ෂගේ යෝජනා සියල්ලේම කෙලවර ජනාධිපතිකම ඉතිරි කර ගැනීමේ වෑයමකි.

 

සත්තකින්ම ජනතාවාදි  පාර්ලිමේන්තුවක් අපට තිබුණා නම්, විධායක ක්‍රමය අහෝසි කර බොහෝ කල්ය. ගේල්පේස් පිටිය මේ ආකාරයෙන් සටන් පිටියක් වන්නේද නැත.

17 වෙනි සංශෝධනය මහින්ද වෙනුවෙන් හකුලා ගත්තේ පාර්ලිමේන්තු බත් බැලයන් විසිනි. 19 විනාස කළේද ඒ බත්බැලයන්මය. අදටත් දෙපිලට බෙදි බල්ලා බූරුවා කියමින් බොර කන්නේ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට බව ජනතාව තේරුම්ගෙන හමාරය. මේ කුකුල් පොල් කොටුවට පාර්ලිමේන්තුව කීම වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට කරන නින්දාවකි.

.

ගාලු මුවදොර පිටියට ජනතාව පෙළ ගැසී එන්නේ හෝ ගාන පොකුණ නැරඹිමට නොවේ. ජනතාවගේ මුදලින් තුන්වේල කන පාර්ලිමේන්තු බත් බැලයන් සිය වගකීම පැහැර හැර ඇති නිසාය.

සජිත්  පානමට ආධාර ගෙන ගියාට රටට ඩොලර් ලැබෙන්නේ නැත. තෙල් ලැබෙන්නේ නැත. විදුලිය ලැබෙන්නේ නැත. බෙහෙත් ලැබෙන්නේ නැත. සජිත් යනු එක්කෝ ඒ ටික නොදන්නා මෝඩයෙකි. නැතොත් රට රවටන්නෙකි.  සජිත් ලංකාවේ පුන්‍ය කොමසාරිස් නොවේ. දිප ව්‍යාප්ත මේ රැවටිල්ල කිරිමට සජිත්ට මුදල් සපයන ත්‍යාගශීලින් අත් ලෙවකන්ට කැමැත්තෝ නොවෙති.

ගෝඨා බලයට පත්වූ සැනින් ඍජු බදු අහෝසි කිරීමේ රහස මෙයයි. සීනි තෙල් බදු එහෙ මෙහ කෙළේත් ඒ නිසාය. බැදුම්කර ගෙව්වේත් ඒ නිසාය.

සජිත් අවංක නම් , රට වෙනුවෙන් කැපවී සිටි නම් කළ යුත්තේ අප්පාගේ නමින් අම්මා ලබන වරපුසාද ප්‍රතික්ෂේප කරවා විදායකය අහෝසි කිරිමේ සටනට සක්‍රිය දායකත්වය ලබාදිම පමණකි. එසේ වි නම් විධායකයේ නාමයෙන් කොළඹ ගෙයක් අත්පත් කරගත් සිරිසේනටත් යන එන මං නැතිවෙනවාය. සජිත් යනු බල කාමයේත් නොදන්නා කමේත් සංකලනයක් මිස නායකයෙක් නොවන බව ඔහු රටට තහවුරැ කළ යුතුවේ.

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගාලු මුවදොර ජන සංගායනාව නිවැරදිව තේරුම් ගෙන හමාරය. වහල් මානසිකත්වයෙන් ජාත්‍යන්තර විහිලුවක් බවට පත්ව ඇති නීතිපති කන්තෝරුව වැටලීම හරහා ලංකාවේ නීති ප්‍රජාව නිකුත් කළ පණිවිඩය උද්ඝෝෂකයන්ගේ මඩු කූඩාරම් ඉවත් කළ ගාල්ලේ පොලිසිය තේරුම් ගත්තා නම්, ඉහළ අධිකරන පද්ධතිය නීතිඥ ප්‍රජාවගේ හැසිරීම තේරුම් ගෙන ඇතුවාට සැක නැත.

 

බාල වයස්කාරියකට ලිංගික අපයෝජනය කිරිමේ නඩුව ආරම්භ වනවිට, වින්දිත තැනැත්තිය උසාවි එන්නේ අත දරුවාත් වඩාගෙනය. මවක්වූ ඇයගේ ආත්ම ගෞරවයට වඩා රටේ නීතිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමට නීතිපති වරයා කැපවේ. ඒ  හේතුවෙන් සමහර විට වින්දිත තැනැත්තියගේ විවාහයද අවසන් වේ.

ඒ තරමට රාජකාරි කෙරෙහි කැපවන නීතිපති වීරකැටිය සොහොන සම්බන්ධ පොදු දේපල නඩුව ඉල්ලා අස්කර ගත්තේය. එයින් නොනැවතී කොපමණදෝ  නඩු ඉල්ලා අස්කර ගත්තේ නීතිය සාධාරණත්වය කෙරෙහි ජනතාව තුළ පැවති ගෞරවය විනාස කරමිනි.  තවත් කොපමණදෝ ඇසෙමින් පවත්නා නඩු ඉල්ලා අස්කර ගත්හ. නීතිපති යනු අධිකරණයට ඉහළින් පවත්නා ආයතනයක් නොවන බව ජනතාව දනිති. නීතපති කන්තෝරුව වට කළ නිතිඥ ප්‍රජාව අඛණ්ඩව විදි බැස්ස ජනතාව වෙනුවෙන් පෙනී සිටිති.

 

නිල ඇදුමෙන් ගෝල්පේස් පිටියට පැමිණ  ජනතා අරගලයට සක්‍රියව එක්වූ පොලිස් සැරයන් ඩබ්ලිව්.එම්. අමරදාස කුදලා අධිකරණයට ගෙන ගිය ලංකාවේ පොලිසිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙත්තකෝන් නිල ඇදුමෙන් සැරසී අස්ගිරි පන්සලට ගොස් තමා නිතියෙන් බේරා ගන්නැයි ඉල්ලීමෙන් සිදු කළ විෂමාචාරය දැක්කේ නැත.

 

දේශබන්ධු තෙන්නකෝන් සහ අමරදාස මෙසේ වෙන් කොට දැකීමට තරම් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය නපුංසකදැයි වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමසිංහ රටට පැහැදිලි කළ යුතුවේ. පොලිස් සැරයන් අමරදාස, දේශබන්දුගේ හැසිරීම හරහා රාජපක්ෂ වරුන්ට පමණක් නොව, පොලිස් පරිපානනයද අභියෝගයට ලක් කර හමාරය.

අමරදාස ගෝල්පේස් පැමිණ කතා කළේ රට වෙනුවෙනි. දේශබන්දු නිල ඇඳුමෙන් සැරසී, නිල වැයික්කියෙන් පිටට ගොස්, අස්ගිරි පන්සලේදි මාධ්‍ය හරහා අඩා වැටුණේ තම රස්සාව හෙවත් බත්පත වෙනුවෙනි. අමරදාසත් දේශබන්ධුත් වෙන වෙනම කිරා බලයි නම්, ලංකාවේ පොලිස්පති වික්‍රමරත්න මෙන්ම නීතිපති රාජරත්නම්ද ආයතනිකව නපුංසකද කියා විමසීමට රටේ බදු ගෙවන පුරවැසියන්ට අයිතියක් ඇත.


භාණ්ඩාගාරය නම් නපුංසක පාලනයෙන් මිදී ඇති හැටියකි.


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය.....? අනේ පව් කියා සිතෙන තරමටම පිරිහිලාය. රටම අවුලක පැටලී ඇති මේ මොහොතේ සිය සංගමයේ යෝජනා විසදුම් ජනතාව ගෙදර පළ කියන අගමැතිට ජනාධිපතිට යොමු කළ බව 2022-04-16 දින ලිපියෙන් තහවුරු කර ඇත. එයින් තහවුරු වන්නේ ලංකාවේ රාජ්‍ය සේවය තවමත් නපුංසක බව නොවේද?

නිශ්ශංක සේනාධිපති ආරක්ෂක කමිටුවට කැදවිම මෙන්ම, සිරිසේන හය මාසයක් ආරක්ෂක කමිටුව නො කැදවීම රාජ්‍ය නිලධාරියෙකු එකී තනතුර දරන ලද්දේ නම් සිදු නොවන බව නොදන්නා කෙනෙක් නැත. රජයේ ප්‍රධාන තනතුරු සදහා වහා රාජ්‍ය නිලධාරින් පත් කරන ලෙස මේ මොහොතේ පාලකයන්ට බල කිරීම රාජ්‍ය සේවයේ වගකිමකි. නීතිඥයන් සිය වලකිම ඉටුකරකර හමාරය.

රට පුරා නැගෙන විරෝධය යටපත් කිරිමට කමල් ගුණරත්න ආරක්ෂක හමුදා කැදවීමක් සිදුවිමේ අවදානම සියයට අසූව ඉක්මවා ඇත. එවැන්නක් සිදු වුනොත් ඒ හරහා විසිරෙන හැම ලේ බිදුවකටම පරිපාලන සේවා සංගමය වගකිව යුතුවේ.

රාජපක්ෂ යුගයේ කී දෙනෙක්දෝ රාජ්‍ය නිලධාරින් තනතුරු දමා ගොස් ඇත. ඒ අතර වැව් ගොඩකර ඥානක්කලා හෝටල් හදන තෙක් නිදි වැද සිටි අනුරාධපුර පැන්ෂන් ගිය ආමි කාරයෙක් හෝ තනතුරට ගිජු කෑදරයෙක් මිස ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් වෘත්තිකයෙකු විය නොහැකිය. ගෝඨා ගෝ හෝම් කියන්නේ රාජ්‍ය සේවයපෙවත්නා මේ නපුංසක භාවය වෙනස් කිරිමටය.

massive protest organised at galle face colombo sri lanka

උතුර දකුණ එක්කොට ජාතියක් ශක්තිමත් කළ ඩී.එස්.සේනානායක මෙන්ම පොන්ම්බලම් රාමනාදන්ලා ගාලු මුවදොර සටනට ආශිර්වාද කරමින් එහිම රැදී බලා සිටිති. ඒ ශ්‍රී ලාංකික හැගිමෙන් රට ශක්තිමත්ව පෙළ ගැසෙන නිසාය. පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එම්.සුහන්දිරන් වසර හැටකට එපිට ගෝල්පේස් පිටියේදී  උතුරේ නායකයන් කළ සත්‍යග්‍රහ සිහිපත් කළේය.

ජාති ආගම් ක්‍රල වශයෙන් බෙදා බලය ඇල්ලූ තක්කඩින්ට තවදුරටත් ජනතාව රැවටීමට ඉඩ ලැබෙන්නේ නැත.

එහෙත් ගාලු මුවදොර ජන සන්නිපාතය රාජ්‍ය සේවයේ නපුංසක භාවය මෙන්ම වර්තමාන පාර්ගිමේන්තුවේ බත්බැල අපේක්ෂාවන්ද මැනවින් හදුනාගෙන සිටිති.

වාහන බල පත්‍රයට, වැලි පස් පෝර්මිට් එකට, වාහන බල පත්‍රයට පස් වසරක් පාර්ලිමේන්තුවේ ලැගිමෙන් ලැබෙන විශ්‍රාම වැටුපට, ලක්ෂ ගණනින් ලැබෙන මාසික දිමනාවලට කෑදරව සිය ආත්මය පාවා දෙමින් තක්කඩි පවුලක පැවැත්මට රටේ නීතිය විකෘති කිරිමට සහාය වූ පාර්ලිමේන්තුවේ බත්බැල බහුතරය තවමත් රටේ අවශ්‍ය හදුනා ගෙන නැත.  එ

හෙත් සත්‍ය නම් මේ වන විට, රාජපක්ෂ අධිකාරය මෙන්ම, තුනෙන් දෙකේ දිළිසෙන හෙල්ලය ජනතා විරෝධය විසින් අකර්මන්‍ය කර හමාරය. ජවසම්පන්න බෘෘස් ලී මැරුණේ ඔහුගේම ප්‍රහාරයකිනි. රාජපක්ෂ පාලනය ඇද වැටි ඇත්තේ ඇතුළතින්ම එල්ලවුණ ආවේගශිලි ප්‍රහාරයකිනි. ජවසම්පන්න බෘෘස් ලීගේ පරිච්චේදය අවසන් කළ ස්වභාව ධර්මයේ නියතය පාර්ලිමේන්තුවේ බත්බැල බහුතරය තේරුම් ගත යුතුවේ.


විධායක පාලනයට තිරිංග දැමූ 19 වෙනි නීතිය සක්‍රිය කිරීමට එක් දවසක් සෑහේ


'නීතිය මමයි' කියන තරමට තනි මිනිසෙකු පිස්සෙක් කළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට කැබිනට් පාලනයක් වහා රටේ ස්ථාපිත කළ යුතුවේ. ඒ හරහා රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය එකිනෙකින් වෙන්ම ජනතාවගේ මෙන්ම, රටේ ආරක්ෂාව සහතික කරනු ඇත. එයින් මෙපිට කිසිදු විසදුමකින් ලංකාව වැටුණ තැනින් ගොඩගත නොහැකිය.

මේ අවබෝධය ගෝල්පෙස් පිටියෙන් ආරම්භවූ ජන ව්‍යාපාරය අවබෝධ කර ගත්තේ පොතපත කියවා නොවේ. අභ්‍යාසයෙනි. පිඩනයෙනි. පරිකල්පනයෙනි. හතලිස් පන් ලක්ෂ හැට පන් දහසකට මාසිකව රජයේ ආදායමින් ගෙවීම් කළ යුතු රටේ පාලනය භාරගත් රාජපක්ෂලා එක් රැයකින් ව්‍යෘපාරික ප්‍රජාව බදු වලින් නිදහස් කළහ. පිරිහෙමින් පැවති  විදේශ විනිමය සංචිත පහළ බසිදු දැක දැකම තීරු බදු රහිත වාහන ගෙන්වා 20 සම්මත කරවා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රජාව සතුටු කළහ. බැදුම්කර ආපසු ගෙවූහ.

මහ බැංකුවේ වර්තමාන අධිපති නන්ද ලාල් විරසිංහට අනුව 2020 සිට මේ තත්වය දේශපාලන නායවකත්වයට තේරුම් කළ ද කිසිවෙකු ඒ අනුව ක්‍රියා කරලා නැත. සිල් රෙදි නඩුවෙන් වැරදි කරුවන්වූ දෙදෙනා නිදහස්වූ බව සැබෑය. එහෙත් රටේ නීතිය අනුව, නියෝගය කාගේ වුණත් වැය කරන අන්තිම සතේටත් නිලධාරින් වගකිව යුතු බවට දුන් අධිකරණ තීන්දුව එසේමය.

ආණඩුවේ මුදලින් පඩි ලබන කිසිවෙකුට පැවරුණ වගකීමෙන් මිදිය නොහැකිය. සාමකාමි උද්ඝෝෂණයකට ඇති අයිතිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නද ප්‍රසිද්ධියේ පිළිගෙන හමාරය. ගාල්ලේ උද්ඝෝෂකයන්ට පහරදී කඩා ගෙන ගිය මඩු කූඩාරම් ආපසු ගෙනත් දුන්නේ ඒ ජනතාවගේ හෘදය සාක්ෂිය වන හෙයිනි.

වියට්නාම් පාලක ඩිං ඩියම්ගේ අසාධාරණ පාලනයට එරෙහිව1963 ජූනි 11 වෙනි දින සිය සිරැරට ගිනි තියාගෙන විරෝධය පළ කළ ක්වාන් ඩක් නම් බෞද්ධ භික්ෂුවගේ හෘදය වස්තුව පමණක් නො පිළිස්සී ඉතිරිව තිබුණ බව පසුව අනාවරණය විය. හේතුව එය කැප කිරිම පිළිබද සාක්ෂියක් වන හෙයිනි.

 

ලාංකේය ජනතාව ඒකරාශී කළ මේ උද්වේගිකර පෙළ ගැස්මට ශක්තිය දෙන හෘදය ස්පන්ධනය තුල පාස්කු වින්දිතයන්ගේ හද ගැස්මද පවත්නා බව කාදිනල් රන්ජිත් හිමිපානෝ ප්‍රකාශ කරති. තුවක්කු වෙඩි බෙහෙත් හමුවේ අපේ ජනතාව ආපසු හැරෙන්නේ  නම් නැතිය. පාස්කු දිනයේ ගැලූ රුධිරය මේ සටන ශක්තිමත් කර හමාරය.

 

2015 ජනවාරි 8 වෙනිදාට එළිවෙන පැයේ මහින්ද රාජපක්ෂ ඇල්ලීමට ගිය අඩව්ව නතර කළේ නීතිපති සහ හමුදාපති විසිනි. ඒ මොහොතේ අග විනිසුරුව සිටියේ රාජපක්ෂ වාදියෙකි. මේ සක්‍රිය වන්නේත් නොනිල ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයකි.

නවසිය පනස් ගණන්වල වාර්තාවූ මහ ගංවතුරෙන් වියලි කලාපය සේදී ගියේය. කැඩී ගිය වැව් අමුණු ගැන දේශපාලනඥයන් උද්වේගයෙන් කතා කරනු ඇසූ එවකට වාරිමාර්ග අධ්‍යක්ෂ සිල්වා ගුණසේකර කීවේ වගකීම අප සතුවේ. නිලධාරින් සියල්ල යථාවත් කරනු ඇති හෙයින් දේශපාලනඥයන් ඒ ගැන කරදර විය යුතු නැති බව පමණකි. මේ රටේ පැවති රාජ්‍ය සේවය එවැන්නකි.

1960 මාර්තු මැතිවරණයෙන් අගමැතිකම සහ මන්ත්‍රීකමද අහිමිවූ ගාල්ලේ දහනායක ගාලු යාමට වාහනයක් ලබා දිය හැකිදැයි අගමැති ලේකම්ගෙන් විමසූ බව වාර්තාවී ඇත. ඊට සමගාමීව, ඥානක්කාගේ හෝටල් සෙල්ලම ගැන අනුරාධපුර දිසාපතිගෙන් මාධ්‍ය විමසූ විට දුන් පිළිතුර කුමක්ද? ඒ ගැන වාරිමාර්ග අධ්‍යක්ෂගෙන් ඇසිය යුතු බවය.

ගෝඨා ගෝ යනු සිස්ටම් චේන්ජ් එකක් මිස දේශපාලන ඉලව්වක් නම් නොවේ. අද රට පත්ව ඇත්තේ ප්‍රශ්නයක් හමුවේ සමෘධි නිලධාරින්ගෙන් උපදෙස් ගන්නා පරිපලනයකි.


ලිච්චවි සම්මුතියේ පංගු සහ පඩංගු - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්. )

 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාර්ලිමේන්තුවේ බත් බැලයන් සහ රාජ්‍ය සේවය නපුංසක හැසිරීම - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader