The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය

T

The Leader Desk

April 23, 2022 • 5:33 PM

ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාමරයක ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා.
  • එක පැත්තකින් ඒක හරියටම මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ තත්වය නිරූපනය කිරීමක් වගෙයි.
  • ‘උඹලා කොච්චර කෑ ගැහුවත් මං යන්නෙ නෑ’ යැයි ගෝටාගේ ප්‍රකාශ කිරීම හරියටම මේ රූපය මත තබා කියවාගන්න පුළුවන්.
  • එමෙන්ම අරගලය නිසා ඇති පීඩනය සමග තවත් වෙහෙසවී වැඩකරන්නට සිදුව ඇති, එනිසාම තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගනු පිණිසවත් නිවෙස් කරා යාමට විවේකයක් අහිමි, දුෂ්කර රැකියාවක යෙදෙන ආරක්ෂක අංශයේ කෙනෙකුගේ වේදනාව කියාපාන වීඩියෝවක් ලෙසින්ද මෙය කියවිය හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

කාමරයක ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා.

ඒ එහි රාත්‍රී සේවයේ නියුතු කෙනෙක් වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

රාත්‍රී කාලවල සේවා මුරයන්හිදී නිදිවර්ජිත වෙහෙස සමග කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම කිසිසේත්ම අස්වාභාවික සිදුවීමක් නෙමෙයි.

ඒ වගේම කාර්යාලයේ වැසිකිලියක හෝ කිසිවෙකුට නොපෙනෙන ප්‍රදේශයක ස්වයං වින්දනයේ යෙදීම වරදක්ද නොවේ.

නමුත් ගෝටාගෝ යනුවෙන් පිටත දිව රෑ දහසක් දෙනා මොරදෙන අරගලයකදි ගෝටාගේ කාර්යාලයේ සිට කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම යම් සංකේතාත්මක අර්ථයක් දනවනවා. එක පැත්තකින් ඒක හරියටම මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ තත්වය නිරූපනය කිරීමක් වගෙයි.  ‘උඹලා කොච්චර කෑ ගැහුවත් මං යන්නෙ නෑ’ යැයි ගෝටාගේ ප්‍රකාශ කිරීම හරියටම මේ රූපය මත තබා කියවාගන්න පුළුවන්.

 


එමෙන්ම අරගලය නිසා ඇති පීඩනය සමග තවත් වෙහෙසවී වැඩකරන්නට සිදුව ඇති, එනිසාම තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගනු පිණිසවත් නිවෙස් කරා යාමට විවේකයක් අහිමි, දුෂ්කර රැකියාවක යෙදෙන ආරක්ෂක අංශයේ කෙනෙකුගේ වේදනාව කියාපාන වීඩියෝවක් ලෙසින්ද මෙය කියවිය හැකියි.

එයද තවත් ආකාරයකින් ගෝටා ගෝ හෝම් යැයි නිහඬව කරන හුදකලා මුරගෑමකි.

ඒ කෙසේවුවත් පුරා විද්‍යා වටිනාකමකින් යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කරන, ජනාධිපති කාර්යාලයේ ජනේලයකින් දකින ස්වයං වින්දනයේ යෙදෙන වීඩියෝවක් නිසැකවම එහි පුද්ගල අර්ථයන්ගෙන් මිදී සංකේතීය, විරෝධතා අර්ථයක් ගැනීම වැලැක්විය නොහැකිය.


Chinthana D(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com

 

  

 
 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...