The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොට්ටෙන් පනින්න දවසක් එයිදෝ - (විමලෙගෙ කොලම)

T

The Leader Desk

April 27, 2022 • 5:27 PM

කොට්ටෙන් පනින්න දවසක් එයිදෝ - (විමලෙගෙ කොලම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශවේන්ද්‍රට අදහස කී විට මෑන් කීවේ පිස්සු නම් කෙළින්න එපා බොස්, බොස්ගෙ වැඩේ කොල්ලන්ට රීබට් වුණොත් ගඩාපිට වෙච්ච එකේ අනික වෙන්නේ කියාය.
  • තමන්ගේ කාර්යාලයේ එන්ට්‍රන්ස් එක ළඟ ඇති බැරිකේඩ් එක මතට නැග ගෝඨා ගෝ හෝම් කියන කොළු රැළ සිටිනු දුරදීම ජනාධිපතිතුමා දුටුවේය.උන් කපුටු කාක් කාක් සිංදුව කියන ගමන් ගෑනු හොරා යනුවෙන්ද කෑ ගෑහ.
  • අයියෝ අංකල් ඕකවත් දන්නැද්ද කී කොල්ලා ඔයත් හරියට මේක ඇතුලේ හිටපු ප්‍රසිඩන්ට් පොර වගේ හෙන බබා හුකුංනේ කියා කීවේය.
  • ඌ තමයි කියා සිනාසුණු කොල්ලා ඇත්තටම අංකල් අපිටත් වඩා මයිනා එක්ක තරහ මොකද කියා ඇසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ශවේන්ද්‍රට අදහස කී විට මෑන් කීවේ පිස්සු නම් කෙළින්න එපා බොස්, බොස්ගෙ වැඩේ කොල්ලන්ට රීබට් වුණොත් ගඩාපිට වෙච්ච එකේ අනික වෙන්නේ කියාය.

ඒ ගැන කනකට නොගත් ජනාධිපතිතුමා වෙස් මාරුවක් දාගෙන පහුවදාම ජන අරගල භූමියට පැන්නේය.

තමන්ගේ කාර්යාලයේ එන්ට්‍රන්ස් එක ළඟ ඇති බැරිකේඩ් එක මතට නැග ගෝඨා ගෝ හෝම් කියන කොළු රැළ සිටිනු දුරදීම ජනාධිපතිතුමා දුටුවේය.උන් කපුටු කාක් කාක් සිංදුව කියන ගමන් ගෑනු හොරා යනුවෙන්ද කෑ ගෑහ.

අයියටයි උගේ මැරෑටි කොල්ලන්ටයි කියන්න ඕනෙ ඒවා තමන්ගේ ඔෆිස් එක ළඟ ඉඳන් කියන එක හරි මදි කියා සිතූ ජනාධිපතිතුමා, බැරිකේඩයෙන් බැස විවේක ගනිමින් සිටි කොල්ලෙකුගෙන් ඇසුවේ ගෝඨගෙ ගෑනු කේස් මොකුත් රීබට් වෙලා නැහැ නේද පුතා කියාය.

 

ප්‍රශ්නය ඇසූ අංකල් දෙස අමුතු විදියකට බැලූ කොල්ලා කීවේ අනේ ඔව් අංකල් මිනිහා ආසයි බයයි වර්ගයේ පොරක් කියලා පස්සෙයි අපිටත් මීටර් වුනේ කියාය.

 

ඒ කතාවට ටිකක් අප්සට් ගිය ජනාධිපතිතුමා එහෙම වෙන්නෙ කොහොමද පුතා මිනිහට අර කුඩයක් ඉල්ලපු නංගි එක්ක පොඩි සීන් කෝන් එකක් තිබුණයි කියලා කියනවා නේද ඕගොල්ලො ඒවා ඉන්වෙස්ටිගේට් කරලා බලන්න එපායැ කියා අප්සට් එක දුරු කරගන්න බැලුවේය.

 අපොයි නැහැ අංකල් කී කොල්ලා මෑන්ගෙ කිසිම ආන්සර් එකක් නැති හින්දා කුඩ නංගිත් පස්සෙ පස්සේ මෑන්ට කොට්ටෙන් මෙහා පැත්තට පැනගන්න බැරි පොරක් කියලා කන්ඩම් කරලලු හිටියේ කියා කීවේය.

කොළුවා කියූ කොට්ට කතාවට උතුර දකුණ මාරු වූ ජනාධිපතිතුමා තමන් හාංකවිසියක්වත් නොදන්නා දේකට කාඩ් එකක් වැදිලාවත්ද කියා බියට පත්ව මොකක්ද පුතා ඒ කොට්ටෙ කතාව කියා කොල්ලාට වාත වුණේය.

අයියෝ අංකල් ඕකවත් දන්නැද්ද කී කොල්ලා ඔයත් හරියට මේක ඇතුලේ හිටපු ප්‍රසිඩන්ට් පොර වගේ හෙන බබා හුකුංනේ කියා කීවේය.

හරි හරි ඕනෙ මිනිහෙක් දන්නැති දේවල් තියෙනවා කියා ලැජ්ජාව මකාගන්න බැලූ ජනාධිපතිතුමාට එක ඇඳක් කොට්ටෙකින් වෙන්කරගෙන එක කාමරයක දිවිගෙවූ කොල්ලාත්, කෙල්ලත් සීගිරියේ ගිය දවසක කෙල්ල ගේ තොප්පිය හුළඟේ ගොස් සිදු වූ සිද්ධිය කොළුවා තප්පර දෙකට කීවේය.

එම කතාව තේරුම් ගෙන සෑහෙන පසුතැවීමකටත්, ලැජ්ජාවකටත් පත් ජනාධිපතිතුමා තව පාරක් එක චාන්ස් එකක් හරි ලැබුණොත් එක කොට්ටෙකින් නොව කොට්ට හතක් උඩින් හරි පනිනවාමයි කියා ඉටා ගත්තේය.

අනතුරුව ජනාධිපතිතුමා කොල්ලාට කීවේ ඒ උනාට පුතා මෙතන මිනිස්සු රැස්වෙලා ඉන්න කොට ඔයාලා ගෑනු හොරා, ගෑනු හොරා කිව්වම මෙතැනට එන උගතුන්ට බුද්ධිමතුන්ට කලිසමක් ඇඳන් එන්න පුලුවන්ද, දේශපාලනය කරනවා නම් ඒවා ගැනත් හිතලා බලන්න කියාය.

 

අගමැතිගේ ප්ලාස්ටික් වෙස් මූණක් දාගෙන ඒ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය අසල එකෙකු පෙනී සිටි අතර ජනාධිපතිතුමා සමඟ කතාවට වැටී සිටි කොල්ලා කීවේ ප්‍රසිඩන්ට් කාරයා වගේ නෙමෙයි අංකල් අන්න අරූ නම් ඕනෙම සබ්ජෙක්ට් එකකට පට්ට වැඩ්ඩා කියාය.

 

ජනාධිපතිතුමා ඇසුවේ කවුද අර නාකි මයිනද කියාය.

ඌ තමයි කියා සිනාසුණු කොල්ලා ඇත්තටම අංකල් අපිටත් වඩා මයිනා එක්ක තරහ මොකද කියා ඇසුවේය.

තරහ නොවී පුළුවන්ද පුතා කී ජනාධිපතිතුමා ගෝඨා ජනාධිපතිකමට පත්වෙච්ච ගමන් බ්ලැක් මාක් ආරච්චිලාගේ පී. බී ජයසුන්දරයා ලේකම් කමට හේත්තු කළේ මයිනා. යාන්තං ඌ ගියාම සෙනරත් කාරයා හේත්තු කළෙත් මයිනම තමයි. මුං සේරම එක වල්ලෙ පොල්, ඉතින් මං සදාසොත්ති කියා ජනාධිපතිතුමා නහය හීරුවේය.

ඇයි අංකල් ට මොකද උනේ, අංකල් ලේකම් කාර්යාලෙ වැඩ කළාද කියා ඇසූ කොල්ලාට ජනාධිපතිතුමා කීවේ නෑ නෑ මං කිව්වෙ ගෝඨාභය අමු නන්නා වෙන්න ඔය යක්කු හේතු වුණා කියාය.

ආ ඒක මිසක් කී කොල්ලාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ පුතා උඹලට මෙහෙම වැඩේ දිගටම අල්ලගෙන ඉන්න කොහෙන්ද බඩු සප්ලයි කරන්නේ කියාය.

බඩු කිව්ව නිසා කොල්ලාගේ මනස වෙන දිහාවකට යනවා දුටු ජනාධිපතිතුමා ඇසුවේ නෑ නෑ මං කිව්වෙ කන්න බොන්න දවසගානෙ මෙච්චර පිරිසකට දෙන එකත් කපුටා රුපියල් පන්දාහෙ ඒව අච්චු ගගහා දුන්නට වඩා අමාරු වැඩක් කියාය.

නළල රැළි කරගෙන මද කල්පනාව කට වැටුණු කොල්ලා කීවේ අනේ මන්දා අංකල් අහසින් එනවා වගේ එකවෙලාවකට මාළුපාන් එනවා. යකෙක් කන්න බඩගිනි වෙලාවට මෙන්න බුරියානි ලොරියක් එනවා. ප්ලේන්ටි, වතුර බෝතල්, බීම ඔක්කොම ලැබෙනකොට අපිට තියෙන්නෙ දිගටම ගෝ හෝම් කිය කියා ඉන්න, ඒක එච්චර අමාරු නැහැ අංකල් කියාය.

එහෙම බලනකොට උඹලට කරන්න ලැබුණෙ හෙන ආතල් අරගලයක්, හැත්තෑ එකෙයි, අසු අට අසූ නමේ එවුනුයි අරගල කරන්න ගිහින් මාළුපාන් නෙමෙයි පුතා කෙළින්ම මැරුං කෑවනෙ කියා ජනාධිපතිතුමා කොල්ලාට කීවේය.

කොල්ලා ඇසූවේ විජේවීර අපිත් එක්ක කැරැල්ල ගැහුවා නම් මොනවා වෙයිද අංකල් කියාය.

ජනාධිපතිතුමා කීවේ ඔය වගේ ප්‍රශ්න අහන්න එපා පුතා අනුර දිසානායකට ඇහුණොත් මල පනියි කියාය.

 

කොල්ලා ඇසූ ප්‍රශ්නය ගැන කල්පනා කරමින් සිටි ජනාධිපතිතුමාට හිතුනේ ඇත්තටම හැත්තෑ එකේ ලොන්තපෝල් සෙට් එක වෙනුවට මේ වගේ හෙන ක්‍රියේටිව් කොල්ලො සෙට් එකක් විජේවීරට හිටියා නම් උන් එදාම ආණ්ඩුවක් පිහිටුවනවා කියාය.

 

ජනාධිපතිතුමා ඊළඟට කීවේ ඇත්තටම පුතා, පුතාලා හදිසියේ බැහැපු බැහිල්ලට ජවිපෙ සෑහෙන්න අවුල් වුණා කියලා සමහරු කියනවා කියාය.

කොල්ලා කිවේ එහෙමමත් නෑ අංකල් ජෙප්පොයි, පෙරටු යි දෙගොල්ලොම මේකේ කූඩාරම් ගහගෙන, බනිස් කකා සමගියෙන් ඉන්නවා කියාය.

ඒ ෆුඩ්බෝඩ් එකේනෙ කී ජනාධිපතිතුමා ඕනෙ බජාර් එකකට බහින ලාල් කාන්තවත් ගෝඨාගෝගම ආවෙ නැහැනෙ කියා විපිළිසර වුණේය.

මෙතන ඇවිත් හදිසියෙම හූවක් එහෙම ගියොත් හූව පැතිරෙයි කියලා පොලිටීෂියන්ස්ලා බයෙන් ඉන්නෙ අංකල් කී කොල්ලාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ එහෙනම් ඉතින් පහුගිය දවසක ජංගි හොරා ඇතුළු ආණ්ඩුවට කඩේ ගිය කල්ලියක් ආවෙ, කෝ උඹලා උන්ට හූ කිව්වෙ නැහැනෙ කියාය.

කොල්ලා කීවේ උන්ට නම් හූ කියන්නවත් කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අංකල් කියාය.

 

ඊළඟට ජනාධිපතිතුමා ඇසුවේ මොකද පුතා තාම ජැකා මේ පැත්තෙ නාවෙ මිනිහටත් මෙතනට ඇවිත් රෙදි ටික හෝදගෙන යන්න තිබුණනෙ කියාය.

කොල්ලා කීවේ අපි පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් පිහිටුවන්න ඔන්න මෙන්න තියෙද්දි ජැක්සන් අයියා මෙතනට ඇවිත් අපිට නින්ද යන්න ප්‍රකාශයක් කරනවා ,ඒකෙ දෙකක් නැහැ අංකල් කියාය.

ජනාධිපතිතුමා අන්තිමට කීවේ පුතාලා මාර වැඩක් කළේ, මිඩ්ල් ක්ලාස් එකේ එවුන් මේ ෆයිට් එකට ගෙන්නපු එකම ලොකු ජයග්‍රහණයක් කියාය.

කොල්ලා කීවේ උන්ට හිතුමතේ රෝන්දෙ ගහන්න පෙට්‍රල් නැති කරලා, පවර් කට් එකෙන් ගෙදර ඒ.සීත් නැති කරලා හුළං වදින්න උන්ව ගෝල්ෆේස් ගෙන්නුවෙ අපි නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ කියාය.



ගෝ හෝම් ගෝඨා' අරගලයට ව්‍යාපාරයක් ඕනෑ -(විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
රාවය හිටපු කර්තෘ
wimale.ravaya@gmail.com

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොට්ටෙන් පනින්න දවසක් එයිදෝ - (විමලෙගෙ කොලම) | The Leader