The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දුෂීතයෙකුට දඩුවම් දිය හැක්කේ අදූෂීත ව්‍යාපාරයකට පමණි - (චන්දිමා ජයසේන)

T

The Leader Desk

May 4, 2022 • 9:23 AM

දුෂීතයෙකුට දඩුවම් දිය හැක්කේ අදූෂීත ව්‍යාපාරයකට පමණි - (චන්දිමා ජයසේන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික සංවර්ධනය මන්දගාමී කරයි සහ රජයේ අස්ථාවරත්වයට දායක වේ.
  • මෙය සඳහන් කරන්නේ ඉන්දියාවේ දූෂණ වීරෝධී පෙරමුණයි.
  • දුෂණය යන්න දකුණු ආසියාව පුරාම වෙළාගෙන ඇති අඳුරයි.
  • එය ශ්‍රී ලංකාව තුළත් දූෂීත වළලක් තුළින් 2005 සිට මේ දක්වා වඩාත් සාකච්ජාවට භාජනය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික සංවර්ධනය මන්දගාමී කරයි සහ රජයේ අස්ථාවරත්වයට දායක වේ. මැතිවරණ නිලධාරිවාදී මඩගොහොරු නිර්මාණය කිරීම මගින් දූෂණය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල පදනමට පහර දෙයි. සෘජු විදේශ ආයෝජන අධෛර්යමත් වීම සහ රට තුළ කුඩා ව්‍යාපාරවලට දූෂණය හේතුවෙන් අවශ්‍ය “ආරම්භක පිරිවැය” ජය ගැනීමට බොහෝ විට නොහැකි වීම නිසා ආර්ථික සංවර්ධනය අඩාල වේ”. මෙය සඳහන් කරන්නේ ඉන්දියාවේ දූෂණ වීරෝධී පෙරමුණයි.


ඊට අමතරව ඔවුන්ගේ අවධානය යොමු වන්නේ ඵලදායී පාලනයක්, ආර්ථික වර්ධනයක් සහ ජාතික හා ජාත්‍යන්තර ස්ථාවරත්වය සඳහා මෙම බරපතල බාධාව ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන, රජයන් සහ පෞද්ගලික අංශයේ දූෂණයේ ඍණාත්මක බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීම. නිලධාරිවාදී දූෂණය, රාජ්‍ය මුදල් අවභාවිතය, වංචනික ප්‍රසම්පාදන ක්‍රම සහ සංවිධානය පාලනය කිරීම සහ ඉවත් කිරීම යනු රාජ්‍ය සේවකයා අතර පවතින දූෂණයේ දුෂ්ටකම මැඩලීම සහ තැපැල් භාවිතයන් හා දූෂණවලට ඇතුළත් වන අශික්ෂිත රජයේ සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමෙන් රජයේ ආදායම කාන්දු වීම වැළැක්වීමයි.

 

දුෂණය යන්න දකුණු ආසියාව පුරාම වෙළාගෙන ඇති අඳුරයි. එය ශ්‍රී ලංකාව තුළත් දූෂීත වළලක් තුළින් 2005 සිට මේ දක්වා වඩාත් සාකච්ජාවට භාජනය විය. නමුත් ඒ සියලු හෙළි දරව් කිරිම් හරහා ජනතාව ඔහේ කිසිවෙක් නොවන සේ ජීවත් විය. නීතිය නිහඩව සිටියේය. දුෂිතයන් මේ දක්වා බලයේ සිටියි. දැන් රටට අලුතින් වෙන්න දෙයක් ඉතුරු වී නැත. විනාශ වෙන්නට තවත් දෙයක් නැත. සියල්ල සිදුවී හමාරයි.

 

දූෂණ විරෝධී හොරු වළල්ල පිළිබඳ හෙළිදරව් කිරීම ජවිපෙ දිගින් දිගටම සිදුකළ කාර්යයකි. ජවිපෙට ඡන්දය දෙන්නේ නැති අය පවා හොරුන් ගැන කියන්නට ඉදිරිපත් වෙන්නේ ජවිපෙටයි. ඔවුන් අපිට හිතා බැලුවේ නැති වුවාට මේ සිදුකරන්නේ දූෂණය සහ අයුක්තිය පිළිබඳ ගැටලුව විසඳීමට ප්‍රායෝගික මෙවලම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් භාවිතා කිරීමයි. ඒ සඳහා ජනතාව අවදියෙන් තබා ගැනීමයි.

ජවිපෙ උත්සාහ කරන්නේ දේශපාලන ව්‍යාපරයක් ලෙස අඛණ්ඩව ගලායන ගමන් යහපාලනය සහ වගවීම භුක්ති විඳින ප්‍රජාවන් සහ සමාජයන් වෙත සමාජ වෙනසක් ඇති කිරීම සඳහා යොදා ගත හැක්කේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීමයි.

රාජ්‍ය නිළධාරීන් විමර්ශන නිළධාරීන් සහ දේශපාලඥයින්ට තැති ගැම්මක් ඇති කිරීමයි. හෘද සාක්ෂිය අවදි කිරීමයි. රටක් විදිහට ඉදිරියට යෑමට අවශ්‍ය රටේ  ධනය අපි ආරක්ෂා කළ යුතු යන අවධාරණය ලබා දීමයි.

මෙය ජවිපෙ තනියෙන් සිදු කළ දෙයක් නොවේ. එයට රාජ්‍ය නිළධාරීන් සහ විමර්ශන නිළධාරීන්ගේ සහය ඇති සිදු කළ දෙයක් බව ජවිපෙ ප්‍රකාශ කරන්නේ මෙම ඉදිරිපත් කිරීම සඳහා අදාළ වලංගුභාවය ද පිළිගත හැකි භාවය ද විශ්වාසවන්ත භාවයද ලබා දීමටයි. නමුත් මීට පෙර ද තනි පුද්ගලයින් සංවිධාන දුෂණ පිළිබඳව අවධාරණය කර ඇත. මේ මොහොතේ ඔවුන්වත් සිහිපත් කළ යුතුයි.

 

රටේ සංවර්ධනය සඳහා යැයි ව්‍යාපෘති ගෙනත් ඒවායෙන් කිසිදු සංවර්ධනාත්මක වැඩක් නොකර තම සාක්කුවට මුදල් ලබා ගන්නා ක්‍රමය තුළ අවසානයේ වින්දිතයා බවට පත්වන්නේ රටේ මහජනතාවයි. එයිනුත් දුප්පතුන්ය.

 

දුප්පතුන් ද මේ දූෂණයේ ගොදුරු බවට පත්ව ඇති බව සිල් රෙදි බෙදා දීම වැන් ඡන්ද ගුණ්ඩු වලින් අපි දුටුවෙමු. මූලීක අවශ්‍යතා වලට ප්‍රවේශ මාර්ග නැති සාක්ෂරතාවයක් නැති කුසලතා නැති බොහෝ දුප්පතුන්ට සේවාවන් සපයනවා යැයි පවසමින් ද මේ දූෂීත වළල්ල මහ දවල් සොරකමේ යෙදුණහ. ඒවා සාධාරණියකරණය විය.

ඊයේ පදනම් ආයතනයේ ජවිපෙ නායක අකුදි සඳහන් කරන ආකාරයට දුෂීත හොරු වළල්ල සමඟ යාවජීව සම්බන්ධතා පැවැත් වූ රාජ්‍ය නිළධාරීන් ද විමර්ශන නිළධාරීන් ද දේශපාලඥයින්ට අමතරව ඔවුන් සමඟ ගණුදෙණු කරන හෙංචයින් ද සිටිති.

පහුගිය දා පළාත් පාලන ආයතන වල නියෝජීතයින් මහින්දට අගමැති කමේ තව ඉන්නට යැයි කිව්වේ ගම් මට්ටමින් සිටින චෞර වළල්ලයි. එහෙම නැත්නම් ඔවුන්ට ගමේ  සංවර්ධනය අවශ්‍ය නිසා නොවේ.

ජවිපෙ අකුදි සඳහන් කරන ආකාරයට දූෂිත හොරු වළල්ලකට දඩුවම් කළ හැක්කේ අදූෂීත දේශපාලන ව්‍යාපරයකට පමණි. අදූෂිත ව්‍යාපාර තව ඇත. ඒ හැමෝම අත්වැල් බැඳගෙන දූෂීතයින්ට දඩුවම් දෙන්නත් ජාතික ධනයට එකතු කළ යුතු මුදල් නැවත අය කර ගැනීමටත් ජනතාවාදී ආණ්ඩු බිහිකරගැනීමටත් එකතු විය යුතු කාලයයි මේ.

279832449 551703942992506 1500998809079226272 n

අකුදි ඇතුළු ජවිපෙ ඊයේ පෙන්නුම් කළේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී මෙවලමකි. මෙතෙක් අප අත්දැක නැති දෙයකි. දූෂණයට එරෙහිව සටන් කිරීමේ දේශපාලන ප්‍රවේශයකි. ඒ සඳහා සක්‍රීය පුරවැසියෙකු ලෙස ගෞරවාදරය පිරිනමමි.

සාර්ථක දූෂණ විරෝධී මැදිහත්වීම් බොහෝ විට සංකීර්ණ, ගැඹුරින් මුල් බැසගත් සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝගකි. ඒ සඳහා සරල විසඳුම් පොරොන්දු වන ඒවා විය නොහැක. දූෂණයට එරෙහිව කටයුතු කිරීම දුෂ්කර වන ආකාරය අපිට අද පවතින අරගලය සහ බලය අත්හැරීමට නොහැකි නායකයින්ගෙන් පෙනේ. ඔවුන්ගේ දුෂණයන් ආරක්ෂා කිරීම සඳහා රටම අඳුරු අගාධයකට දමා ඇත.

දුෂණයේ බරපතලකම හදුනාගෙන මෙම දුෂිත වළල්ල පැනීම සඳහා එකතු වී වැඩ කළ යුතු බවත් වගකීම පැහැර නොහැකි බවත් මේවා දකින විට අවදි සිහියෙන් සිටින පුරවැසියෙකුට පෙනිය යුතුයි.



WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
chandimaij@yahoo.com

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...- 2022.05.04)

 


WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුෂීතයෙකුට දඩුවම් දිය හැක්කේ අදූෂීත ව්‍යාපාරයකට පමණි - (චන්දිමා ජයසේන) | The Leader