The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ෆයිල් එළියට දැම්මට ස්තුති. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 4, 2022 • 10:58 AM

ෆයිල් එළියට දැම්මට ස්තුති. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්.
  • මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙම තමයි.
  • ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි.
  • අපි කියමු මේවා දේශපාලන - ඩීල්කාර - අධිකරණ - පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism).
අකුරු ප්‍රමාණය (Font Size):

 

දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්...

මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙම තමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි.

අපි කියමු මේවා දේශපාලන - ඩීල්කාර - අධිකරණ - පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism).

හැබැයි තවමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අසමත් වෙලා තියනවා එක්කෝ මේවා නවත්වන්න, නැවත අයකර ගන්න, මුං හිරේ දාන්න, දඬුවම් දෙන්න.

'ජනතා ස්වාධීපත්‍යය' තමයි මේ ප්‍රකාශ වෙමින් තියෙන්නේ.

මිනිස්සු මෙයාලට කැමතියි. එයාල චන්දෙ දෙනවා. ඉතිං එයාල එනවා. ඇවිල්ල වැඩේ දෙනවා.

ජනතාව වෙනුවෙන් මැරෙන්න උණත් ලෑස්තියි කියල, මගේ රට, මගේ ජාතිය කියල මැතිවරණ දිනනවා. හැබැයි දිනලා කරන්නේ මේ ෆයිල් මිටියට ෆයිල් එකතු කරන එක.

 

මහජන ධනය, ඒ කියන්නේ පොදු අරමුදල්, පුද්ගලික පරිහණයට ගැනීම තමයි මේ දුෂණය කියන්නේ. ඉතාම නිර්මාණශීලි ලෙස පරිහරණය කරමින් ගතික ලෙස සමාජයක් දියුණු කරන්න පුළුවන් මෙම මුල්‍ය සම්පත පුද්ගලික පරිහරණය සඳහා කූඩැල්ලන් පිරිසක් විසින් උරා බොනු ලබනවා.

 

ඒ සඳහා මුලින්ම කරන්නේ මිනිස්සුන්ගේ ඔළු හෝදන එක. මේ අපේ රට, අපේ ජාතිය, අර බලන්න අපේ හතුරෝ, අපි වනසන්න ඉන්න උන්ගෙන් මේ ජාතිය බේරගන්න අප්පච්චි කෙනෙක් ඕනි, අපිට බලය දෙන්න.

ඒ වෙනුවෙන් ලියන්නෝ, මාධ්‍ය කාරයෝ, සිංදු කාරයෝ කුළියට ගන්නවා. ඒකට කියන්නේ දෘෂ්ටිවාදී දුෂණය (ideological corruption).

ඒ වෙනුවෙන් මහාවංශය අලුතෙන් ලියනවා. ඉතිහාසය නැවත අර්ථකතනය කරනවා. බුදු හාමුදුරුවන්ට සම්බන්ද කරනවා. ඒ අධ්‍යාපන දූෂණය සහ ආගමික දූෂණය.

ඊට පස්සේ උඩ එකට ඕනි විදියට අප්පච්චි වගේ මේක් අප් දානවා. ඇඳුම් අඳිනවා. වඳිනවා. උම්මා දෙනවා. ඒ සංස්කෘතික දුෂණය.

ඊට පස්සේ බෙල්ල මිරිකලා හරි චන්දෙ ගන්නවා. පාතාලේ එනවා. හිතවත්තු ලංකර ගන්නවා. බහුතරය පෙන්නනවා. ව්‍යවස්ථාව අලුතෙන් ලියනවා. ඒ දේශපාලන දුෂණය.

ඊටත් පස්සේ ක්‍රිප්ටෝ කරන්සි, අක්වෙරළ ගිණුම්, මුදල් විශුද්ධිකරණය ඔස්සේ සුද්දෙ පටන් ගන්නවා. ඒ තාක්ෂණික දුෂණය. 

 

මේක පරාජය කරන එක ඒ නිසා දීර්ඝ වැඩපිළිවෙලක්. ලොකු මහජන සවිඥාණික බවක් එක්ක යන්න ඕනි දෙයක්. මම හිතන්නේ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගමු කියල.

 

මහජන දේපළ සම්බන්දයෙන් සමාජ සදාචාරයක් (social morality) ගොඩ නගන්න ඕනි කියලත් ඇතැම් දේශපාලන විචාරකයින් කියනවා.

ෆයිල් එළියට දැම්මට ස්තුති....හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි. ❤️


මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...