The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ රකින්ට තැත් කරන්නේ අහිමිවී යන පාරාදීසයයි

T

The Leader Desk

May 8, 2022 • 8:21 AM

මේ රකින්ට තැත් කරන්නේ අහිමිවී යන පාරාදීසයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැඟීම් දැනීම් නැති, යක්‌ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ ලෝක වලින් ආපු අයත් ඉන්නවා කියලයි.
  • ඔහු කාමරයට ආවේ දිවා ආහාරයෙන් පසුව වෙන්න ඇති.
  • වියපත් අයෙකුට ප්‍රණීත භෝජනයකින් පසුව මන්දගාමී අලස ගතියක් දැනීම ස්වාභාවික වුවත්, අද දින ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර කෑ පුරවැසියන්ගේ සීනි හැන්දට, පරිප්පු හුණ්ඩුවට ගසන බදු මුදලෙන් ඔහුත් වරප්‍රසාද ලබන බව අමතක නොකළ යුතුව තිබුනා.
  • විනාඩි 15 ක පමණවූ යූටියුබ් වීඩියෝ පටිය කරන්න ඇත්තේ සමහරවිට සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතුව වෙන්නත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

හැඟීම් දැනීම් නැති, යක්‌ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ ලෝක වලින් ආපු අයත් ඉන්නවා කියලයි.

 

පාර්ලිමේන්තු වටරවුමේ සිය දහස් ගණනක් පුරවැසියන් ජීවත්වීමේ මූලික අයිතිවාසිකම් ඉල්ලමින් කෑමොර ගසනවිට, හඬාවැටෙනවිට, ඊට හූවක දුරින් තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ සිටියේ කෑමොර ගසන, හඬා වැටෙන, ජල සහ කඳුළු ගෑස්ප්‍රහාර වලට ලක්වන පුරවැසියන්ගේ බදු මුදල් වලින් සුර සැප විඳින වරප්‍රසාදලත් අතලොස්සක්.

 

විපක්ෂයේ නියෝජිතයන් කථානායකවරයාගේ කාමරයට ආවේගශීලීව කඩා පැන, ප්‍රහාරයන්ට ලක්වෙන පුරවැසියන් ගැනකියද්දී, රටේ තුන්වන පුරවැසියා වන ඔහුට ඒ ගැන හාංකවිසියක දැනුමක් තිබුණේ නැහැ. ඔහු කාමරයට ආවේ දිවා ආහාරයෙන් පසුව වෙන්න ඇති. කිසිම කලබලයකින් තොරව කාමරයට ආ ඔහු ඉතාම සන්සුන්ව ඇහුවේ "කොහෙද ගහන්නේ" කියලයි. වියපත් අයෙකුට ප්‍රණීත භෝජනයකින් පසුව මන්දගාමී අලස ගතියක් දැනීම ස්වාභාවික වුවත්, අද දින ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර කෑ පුරවැසියන්ගේ සීනි හැන්දට, පරිප්පු හුණ්ඩුවට ගසන බදු මුදලෙන් ඔහුත් වරප්‍රසාද ලබන බව අමතක නොකළ යුතුව තිබුනා. රටේ තුන්වන පුරවැසියාගේ ප්‍රතිචාරය තුළ සාධාරණය ඉල්ලා මොර ගසන අනෙකුත් පුරවැසියන් ගැනකිසිම ආකාරයක සහකම්පනයක් හෝ සංවේදීතාවයක් දුටුවේ නැහැ. විනාඩි 15 ක පමණවූ යූටියුබ් වීඩියෝ පටිය කරන්න ඇත්තේ සමහරවිට සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතුව වෙන්නත් ඇති. නමුත් සෑම පුරවැසියෙකුටම ඒකෙන් බොහෝ දේවල් තේරුම් ගත හැකියි.

 

 

කථානායකවරයා දැක්වූවේ ඉතාම උදාසීන ඇල්මැරුණු ප්‍රතිචාරයක්. තමන්ගේ වත්තට හරකෙක් පැන්නා කිවුවා නම් ඔයිට වඩා කලබල වෙන්න තිබුනා. පුරවැසියන් මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්ණ ගැනවත්, ඔවුන්ගේ ඉල්ලීම් ගැනවත් ඔහුට කිසිමහැඟීමක් තිබුණ බවක් පෙනුනේ නැහැ. රටේ පළමුවැනි, දෙවැනි වාගේම තුන්වැනි පුරවැසියාටත් රටවැසියන් ගැන යන්තමින් හෝ සානුකම්පික හැඟීමක් නැති බව ඔහු ප්‍රදර්ශනය කළා.

 

වේත්‍රධාරී සෙංකෝලය රැකගැනීම ගැන දැක්වූ තරමේ උනන්දුවක්වත් රට කරවන ඇත්තන් රටේ ආර්ථිකය රැකගැනීම ගැනදැක්වූවානම් කියලා හිතුනා. සෙංකෝලය කියන්නේ පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතය. පාර්ලි‌මේන්තුව පත්වෙන්නේ ජනතාඡන්දයෙන්. ශ්‍රී ලංකාවේ ඉහළම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කියන විදියට රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේජනතාව සතුව. හාස්‍යජනකම කාරණාව තමයි පරමාධිපත්‍ය බලය හිමි ජනතාව වීදි බැහැලා, හඬා වැටෙමින්, කඳුළු ගෑස්ප්‍රහාර වලට ලක්වෙමින් පාලකයන්ට ගෙදර යන්න කියලා කෑමොර ගහද්දී, වේත්‍රධාරී සෙංකෝලය පණ වාගේ රකිනවා. එතුමාට දොසක් කියනවා නොවෙයි, උන්නැහේ කරන්නේ ඉතින් රාජකාරියනේ.

49f626b6ef2c4741be123ab1c6fcec4b

අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර කෑ බහුතරයක් අපේ ඉදිරි පරපුරයි. ඔවුන්ගේ අනාගත සිහින මුළුමනින්ම පාහේ බිඳ වැටිලා. ඒ ටිකවත් තේරුම් ගන්න මේ වියපත් පාලකයන්ට බැරිවෙලා. ඒ තරුණ තරුණියන් තමන්ගේ මුණුබුරු මිණිබිරියන් වූවානම්දක්වන්නේ ඔවැනි ඇල්මැරුණු ප්‍රතිචාරයක් වියහැකිද? හැරත් ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට හිමි දෙය මිස, පාර්ලිමේන්තුවේඇත්තන්ගේ පෞද්ගලික බූදලය නොවෙයි. ඔවුන් ජීවිතය පරදුවට තබා, එළිමහනේ අව්ව වැස්ස නොතකා මේ අරගලයකරන්නේ ඔවුන් වෙනුවෙන්ම පමණක් නොව, අනාගත පරපුරද වෙනුවෙන්. ඔවුන් අද දුක් විඳින්නේ අවුරුදු හැත්තෑ හතරක්පුරාවට පරම්පරා තුන හතරක් අසමත්වූ නිසා මිස ඔවුන් කළ වරදක් නිසා නොවෙයි.

 

මේ රකින්ට තැත් කරන්නේ ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම අහිමි වෙමින් යන පාරාදීසයයි.

 

imageකාන්ති කාරියවසම්
kariyawasamkek@gmail.com

 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...