The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘ජංගි විරෝධය’ට විරුද්ධ විය යුතු ද...? - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

May 8, 2022 • 1:39 PM

‘ජංගි විරෝධය’ට විරුද්ධ විය යුතු ද...? - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ මේ අතේ තියෙන පෑනෙ ඉඳල මං ඇඳගෙන ඉන්න ඇඳුම් පවා කලා නිර්මාණ තමයි.
  • ‘‘නන්දෙට ජංගියක්’’ කියන පෝස්ට් එක දැකපු ගමන් ගැනු පිරිමි භේදයකින් තොරව විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පටන්ගත්තෙ මෙන්න මේ හේතුව නිසා.
  • දැන් අපි බලන්න ඕන ඇත්තට ම ‘ජංගිය’ කියන වචනෙට මේච්රට ම විරුද්ධ වුණේ ඇයි කියල.
  • මේ පෝස්ට් එකට විරුද්ධත්වය ප්‍රකාශ කරන මොහොතෙම මම යෝජනා කරේ පිරිමි සහ ගැහැනු යට ඇඳුම් දෙකම සංකලනය කරල (පිරිමි යට ඇදුමෙන් බාගයයි කාන්තා යට ඇඳුමෙන් බාගයයි යොදල) මේ පෝස්ට් එක හදන්න කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

විතරයි කියලනෙ... නෑ... මගේ මේ අතේ තියෙන පෑනෙ ඉඳල මං ඇඳගෙන ඉන්න ඇඳුම් පවා කලා නිර්මාණ තමයි. කොපි පොතක්, වාහනයක්, ගොඩනැගිල්ලක් කියන්නෙත් කලා නිර්මාණ ම තමයි.  අනිත් කාරනේ තමයි අපි හිතාගෙන ඉන්නෙ කලාව තියෙන්නෙ මිනිස්සුන්ගෙ විනෝදය සඳහා විතරයි කියල නෙ... නෑ... අපේ වින්දනයට විතරක් නෙවෙයි... අපේ දුක වෙනුවෙන්, සතුට වෙනුවෙන් විතරක් නෙවෙයි කිසියම් දේකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න උනත් අපිට කලාව උපයෝගි කරගන්න පුළුවං’’


මහාචාර්ය පියසීලි විජේගුණසිංහ:
@ කොළඹ විශ්වවිද්‍යාලය: 1998/05/21/: ජනක බහබෙල්ලන විසින් රචිත ‘‘රුය්ත දහය’’ කාව්‍ය සංග්‍රහය ජනගතකිරීමේ උළෙල


මං මේ උපුටනය ඉදිරිපත් කරේ ‘‘කලාව’’ කියන ප්‍රපංචය කුමක් ද සහ ඒක භාවිතා කරල කරන්න පුළුවන් මොනවද කියන කාරණය සම්බන්ධයෙන් ඉතාම සරල අදහසක් ගම්‍ය කරන්න. එහෙම කරන්න සිද්ධ වුණේ පසුගිය හයවෙනිද පාර්ලිමේන්තු පාරෙදි පවත්වපු විරෝධතාවක් සම්බන්ධයෙන් රටේ විවිධ පුද්ගලයො දක්වපු විවිධ අදහස් නිසා.

මේ විරෝධය නම් කරල තිබුණෙ ‘‘නන්දෙට ජංගියක්’’ කියල. පෝස්ටුව නිර්මාණය කරල තිබුණෙ කාන්තා යට ඇඳුමක් (panty) භාවිතයට අරගෙන. ගැටලුව වුණේ ‘ජංගිය’ කාන්තා ‘ජංගියක් ම’ වීම. එහෙම වෙන්නෙත් ‘ජංගිය’ කියපු ගමන් පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශ්වයෙ ම මනසෙ ඇඳෙන්නෙ කාන්තාවන්ගේ යට ඇඳුම වෙන ‘ජංගිය’ හෙවත් ‘panty’ ය.

jangi s

අපි ඉස්සර වෙලාම කල්පනා කරන්න ඕන ‘ජංගිය’ කියන්නෙ කාන්තාවො යටට අඳින ඇඳුම ම විතර ද කියල. මට නම් එහෙම හිතෙන්නෙ නෑ. මොකද අපි (පිරිමි) පුංචි කාලෙත් ‘ජංගිය’ කියල ඇඳුමක් ඇන්ද. ඒ ඇදුමත් ඉණේ රැඳුණෙ ඒකෙ ඉහළ ම කොටසට ඉලාස්ටික් පටියක් අල්ලල මහල තිබුණු නිසා. පුංචි කාලෙ ඒ ඇඳුමට ගැහැනු පිරිමි භේදයක් තිබුණෙ නෑ.

සමහර ගෙවල්වල අක්ගෙ ජංගිය මල්ලි ඇදපු වෙලාවල් වගේ ම නංගිගෙ ජංගිය අයිය ඇඳපු වෙලාවල් පවා තිබුණ.

නමුත් ඒ හැම දෙනාම වැඩෙද්දි ඒක වෙනස් වුණා. කාලයට සාපේක්ෂව මේක තවත් වෙනස් වුණා.

ඒ කියන්නෙ කාන්තාවො අඳින ජංගිය නිකර් (knicker) හෙවත් පෑන්ටිය (panty) කියල කිව්ව. පිරිමි අදින යට ඇඳුම ලන්කට් (lanket) එහෙමත් නැත්නම් සස්පෙන්ඩර් (suspender) කියලත් කිව්ව.

හැබැයි මේ suspender කියන වචනෙ පිරිමි යට ඇඳුමට යොදන නමක් නෙවෙයි. ඒක යෙදුණෙ කොහොමද කියන මුලාශ්‍ර හොයාගන්න බැරිවුණා. ඒ ඇඳුම ඇන්දෙ කලිසම පහත්වීම වළක්වාගන්න.


suspenderdsds

මීටත් අමතරව භාවිත භාෂාවෙ පිරිමි අඳින ‘ජංගිය’ හෙවත් යට ඇඳුමට ‘ජොකා’ කියලත් කිව්ව. එහෙම කිව්වෙ ඇයි කියලත් හොයාගන්න බැරි වුණා.

ඒ කොහොම වුනත් අවසානෙ දි ගොඩනැගුණ සංකල්පය තමයි ‘ජංගිය’ කියන්නෙ කාන්තාවො යටට අඳින ඇඳුම කියල. ‘‘නන්දෙට ජංගියක්’’ කියන පෝස්ට් එක දැකපු ගමන් ගැනු පිරිමි භේදයකින් තොරව විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පටන්ගත්තෙ මෙන්න මේ හේතුව නිසා.

PHOTO 2022 05 06 10 56 19

දැන් අපි බලන්න ඕන ඇත්තට ම ‘ජංගිය’ කියන වචනෙට මේච්රට ම විරුද්ධ වුණේ ඇයි කියල. මට හිතෙන්නෙ මේක අපේ (පිරිමි ගැහැනු දෙපාර්ශ්වයෙ ම) ඔළුවෙ තියෙන අවුලක්. ඒ අවුල තමයි කලින් කිව්වෙ. ඒ කියන්නෙ ‘ජංගිය’ කියපු ගමන් හැමෝගෙම ඔළුවෙ ඇඳන චිත්‍රෙ වෙන්නෙ කාන්තාවො අඳින ‘ජංගිය’ වීම.

මේ පෝස්ට් එකට විරුද්ධත්වය ප්‍රකාශ කරන මොහොතෙම මම යෝජනා කරේ පිරිමි සහ ගැහැනු යට ඇඳුම් දෙකම සංකලනය කරල (පිරිමි යට ඇදුමෙන් බාගයයි කාන්තා යට ඇඳුමෙන් බාගයයි යොදල) මේ පෝස්ට් එක හදන්න කියල. පෝස්ට් එක දාපු පුද්ගලයා හෝ කණ්ඩායම ඒක නොකරත් කවුරුන් හෝ ඒ විදියට පොස්ට් එකක් හදල ප්‍රතිචාර දක්වලා තිබුණ.

හැබැයි ඒ ප්‍රතිචාරෙට කිසිම ප්‍රතිචාරයක් දක්වපු බවක් දැක්කෙ නෑ. ඇයි ඒ...? ඒකට හේතුව තමයි අපි හැමෝගෙ ම ඔළුවෙ තියෙන සංකල්පය ඉවත් කරගන්න බැරි වීම.

ඒ කියන්නෙ පොදුවෙ ගත්තම කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වය ම ‘ජංගිය’ කියන්නෙ කාන්තාවන්ට විතරක් ම වෙන් වෙච්ච ඇඳුමක් ය යන සංකල්පය වෙනස් කරගන්න අකමැතිවීම හෝ නොහැකියාව.
 
 
 
මේ වැඩේ තවත් පැත්තක් තිබුණ. ඒකත් සමාජය විසින් ම සකසා ගත්තු සංකල්පයක්. ඒ කියන්නෙ ජංගියෙන් සංකේතවත් වෙන්නෙ කාන්තාව. කාන්තාව කියන්නෙ දෙවන පෙළ මිනිස් ජීවියෙක් වගේ අදහසක්. මේකෙදිත් වඩාත් දෝෂාරෝපණය කරේ කාන්තාවො. ඒ කියන්නෙ එයාල තමන් දෙවන පෙළ මිනිස් ජීවියෙක් කියන එක එයාල ම ප්‍රත්‍යක්ෂ කරගන්නව.
 
 
 
මේකට මම තව උදාහරණයක් කියන්නම්.

තැන තැන කේලම් කියන, එහෙමත් නැත්නම් අනුන්ගෙ ඕප-දුප හොයන පිරිමින්ට කාන්තාවො ම කියනව ‘‘තමුසෙගෙ ඔය කලිසම/සරම ගලවල චිත්තයක් ඇඳගන්නව’’ කියල. මෙතනදිත් කාන්තාවො තමන් නොදැනුවත්ව ම තමන් දෙවෙන පෙළ මිනිස් ජීවින් කොටසක් බවට එයාලම ප්‍රකාශ කරගන්නව.

හැබැයි එතනදි මේ ‘ජංගි’ කතාවට වගේ විරෝධයක් එන්නෙ නෑ. ඒ කියන්නෙ කාන්තාවොම පිළිගන්නව තැන තැන කේළාම් කියන්නෙ, අනුන්ගෙ ඕපාදුප හොයන්නෙ කාන්තාවො කියල.

මං කියන්නෙ කාන්තාවො ඉස්සෙල්ලම ඒ සංකල්පෙන් ඇත් වෙන්න; තමන් විසින් ම තමන් දෙවන පෙළ මිනිස් ජිවියෙක් කියල ඔප්පු කරගන්න එක නවත්තන්න. එතකොට මේ ‘ජංගිය’ පිළිබඳ ප්‍රශ්නෙත් එච්චර වටිනාකමක් තියෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.



දැන් අපි යමු මේ ප්‍රශ්නෙ තවත් පැත්තකට. ඒ කියන්නෙ පුහු සදාචාරවාදය කියන පැත්තට. සමහර අයට මේ වැඩේ නිකං ලැජ්ජයි, හිරිකිතයි වගේ වුණා. ඒකත් කාන්තා සහ පිරිමි යන පාර්ශ්ව දෙකට ම වගේ පොදු වුණා. ඇයි එහෙම වෙන්නෙ...? ඒක හරියට අර ‘කන, බොන, ගයන, වයන, රඟන’ කියන වචන අතරට ‘රමණ’ කියන වචනෙ දාපු ගමන් ඇඟ හිරිවැටෙනව වගේ වැඩක්.

මේ කලින් ලියපු හැම වචනයක් ම මිනිස් ජීවිතෙත් එක්ක සහ සම්බන්ධ වචන. හැබැයි ‘රමණ’ කියන වචනෙ ඇහුණු ගමන් හුඟ දෙනෙක්ගෙ ඇග වෙව්ලනව. මෙන්න මේ කතන්දරේම තමයි ‘ජංගිය’ කියන වචනෙ එක්කත් බැදිල තියෙන්නෙ. තවත් පැත්තකින් මේක විරෝධය කියන සංකල්පය පිළිබඳ තියෙන නොදැනුවත්භාවය.
 
 
විරෝධය පානව කියන දේ අද වෙද්දි ලෝකෙ විවිධ විදියට ඉදිරිපත් කරනවා. සමහර රටවල කාන්තාවො සහ පිරිමි අඩ නිරුවතින් විරෝධය පානව. තවත් රටවල පිරිමි විතරක් නෙවෙයි කාන්තාවොත් සම්පුර්ණ නිරුවතින් විරෝධය පානවා. ඒව විරෝධය පෑමේ විවිධ ක්‍රම. අපේ රටේ නම් කවමදාවත් නිරුවතින් විරෝධය පාවි කියල හිතන්නවත් බෑ.
 
 
 
මොකද මට මතකයි එක වතාවක් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරපු විරෝධතාවක අමුඩය ඇදගෙන විරෝධතා පෑව කියල මේ සදාචාර ජනතාව කියපු කරපු දේවල්. මේකෙ විශේෂත්වය වෙන්නෙ එදා එහෙම අමුඩ අන්දවල විරෝධය පාපු පක්ෂෙම සමහර අය ‘ජංගි’ විරෝධයටත් විරුද්ධ වුණ එක.

මගේ අදහස නම් මේ පාලකයො කරන අලුගුත්තේරු වැඩවලට විරෝධය පාන්න ඕනෙ නිරුවතින් ම තමයි. මොකද උන්ට ලැජ්ජ නැහැ. ඉතිං අපි නිරුවතින් විරෝධය පෑව කියල උන්ට ඒකට විරුද්ධ වෙන්න බෑ. උන් ඇදුම් ඇඳගෙන හිටිය ඇත්තට ම ඉන්නෙ නිරුවතින්. ඉතිං එහෙම එවුං ඉදිරියට නිරුවතින් යන්න අපි බය වෙන්න වුවමනා නෑ.

දැන් මම ආයෙත් මේ ජංගි කතාවෙ ම කොටසකට එන්නම්. දැන් කාන්තාවො මේ වැඩේට විරුද්ධ වුණේ කාන්තාවො දෙවෙන පෙළ මිනිස් ජීවින් කොට්ඨාසයක් බවට පත්වෙනව එහෙමත් නැත්නම් පත්කරල කියන තැන ඉඳල නෙ.


මම මේ කාන්තාවන්ගෙන් මෙහෙම දෙයක් අහන්න කැමතියි. මේක වඩාත් වැදගත් වෙන්නෙ පිරිමි දරුවොයි ගැහැනු දරුවොයි ඉන්න වැඩිහිටියන්ට. අපි හැමෝ ම දන්නව ගෙදරක ඇදුම් වේළන්න දාන ඕනම තැනක පිරිමි යට ඇඳුමක් ප්‍රසිද්ධියේ ම වනනව. හැබැයි කාන්තා යට ඇදුමක් එහෙම වනනව ද...? නෑ... තරුණ හෝ යොවුන් කාන්තාවක් එහෙම වනල තිබුණත් අම්ම මොකද කරන්නෙ...? පුළුවන් කරම් ඉක්මනට ඒ යට ඇදුම ගෙනිහින් පිළිකන්නෙ හරි එහෙමත් නැත්නම් කාටවත් නොපෙනෙන තැනක හරි වනනව. දුවගෙ යට ඇදුම එහෙම වනන අම්ම ම පුතාගෙ හරි සැමියගෙ හරි යට ඇඳුම ප්‍රසිද්ධියේ ම හොදට පේන තැනක වනනව. එතනදි කාන්තාව දෙවන පෙළ මිනිස් ජීවියෙක් විදියට සලකන්නෙ පිරිමිය ද...? නෑ කාන්තාව ම යි.



මෙන්න මේ ඊනියා සදාචාරවාදී සංකල්ප අපි හැමෝගෙම ඔළුවලින් අයින් කරගන්න ඕනෙ. එහෙම නොවෙන තාක්කල් අපිට කාන්තා සහ පිරිමි කියන භේදය අහෝසි කරන්න බැරි වෙනව.

ඒකට විශේෂයෙන් ම මුලිකත්වය ගන්න ඕන කාන්තාවො ම යි. එයාලට පුළුවන් වෙන්න ඕන තමන්ගෙ සැමියගෙ, පුතාගෙ, එහෙමත් නැතිනම් මුනුබුරාගෙ යට ඇදුම් වේළෙන්න වනන තැනම තමන්ගෙ, තමන්ගෙ දුවගෙ, මිනිබිරියගෙ යට ඇඳුමත් වේළෙන්න වනන්න.

මං හිතන්නෙ එහෙම කරන්න පුළුවන් කාන්තාවො තමයි එදා බය නැතුව කාන්තා යට ඇඳුම් අර යකඩ වැටේ එල්ලුවෙ. ඒ අය තමයි අපේ රටේ කාන්තාවන්ගෙ වගේ ම පුරුෂයන්ගෙ මනස් සංකල්ප කුඩුපට්ටම් කරල දාන්නෙ. එහෙම අයට මගේ හදවතින් ම නැගෙන ආදරය සහ ස්තුතියි පිරිනමන්න මේක අවස්ථාවක් කරගන්නව.


Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2022/05/08



නිරුවත් විරෝධතා කිහිපයක්




.


women in buenos aires hold topless protest over right to sunbathe semi nude



සබැඳි ලිපි :

නන්දෙට ජංගියක්!

#GoHomeGota2022 : පොලිස් බැරියර් ජංගි වලින් සරසයි




 Leader Whats app

 

 

 


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...