The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යනයකා කොරහත් බිඳ ගෙනම යන හැඩයි

T

The Leader Desk

May 10, 2022 • 6:24 AM

යනයකා කොරහත් බිඳ ගෙනම යන හැඩයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්දහස් නවසිය අසූතුනේ සිදුවූ කළු ජූලියට සම කළහැකි, ලංකා දේශපාලනයේ තවත් ජුගුප්සාජනක, තුච්ඡ මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් දෙදහස් විසිදෙකේ මැයි මස නව වැනිදා සිදුවූ බවට ඉතිහාසයේ කළුතාර වලින් ලියැවෙනු ඇත.
  • අරක්කු බෝතලයට, බත් පැකට් එකට සහ මුදලට ගත් කුලී හේවායන් ලවා මොවුන් සිදුකළ මේ අපරාධය පාරාවළල්ලක් වී ඔවුන්ටම ආපසු එන බව නම් නිසැකය.
  • මේ අදහස, යෝජනාව කාගේ වුවත් පවතින තත්වය යටතේ එය ඉතා අමනෝඥ බව මේ ජරාජීර්ණ දේශපාලනයෙන් දිගු කලක් පෝෂණයවූ, වයෝවෘද්ධ වුවත් සටකපට අගමැතිවරයාට වැටහිය යුතුව තිබිණ.
  • මෙයින් පෙනෙන කරුණක් වන්නේ ඔහුගේ විචාර බුද්ධිය තව දුරටත් වලංගු නොවෙන බවත්, ඔහු සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ සිරුරේ මස්පිඬු මිස ඔළුවේ කිසිවක් නොමැති උද්දච්ඡ අමනයින් රැලක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එක්දහස් නවසිය අසූතුනේ සිදුවූ කළු ජූලියට සම කළහැකි, ලංකා දේශපාලනයේ තවත් ජුගුප්සාජනක, තුච්ඡ මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් දෙදහස් විසිදෙකේ මැයි මස නව වැනිදා සිදුවූ බවට ඉතිහාසයේ කළුතාර වලින් ලියැවෙනු ඇත. නිරායුධ, සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ පුරවැසියන්ට, විශේෂයෙන්ම තමන්ගේ අවිනිශ්චිත අනාගතය ගැන පිළිතුරු සෙවූ තාරුණ්‍යයට, එල්ල කළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පෙන්නුම් කලේ රටේ පාලකයින්ගේ වියරු බල තණ්හාව මිස අන් කිසිවක් නොවේ.

 arrack

අරක්කු බෝතලයට, බත් පැකට් එකට සහ මුදලට ගත් කුලී හේවායන් ලවා මොවුන් සිදුකළ මේ අපරාධය පාරාවළල්ලක් වී ඔවුන්ටම ආපසු එන බව නම් නිසැකය. මේ අදහස, යෝජනාව කාගේ වුවත් පවතින තත්වය යටතේ එය ඉතා අමනෝඥ බව මේ ජරාජීර්ණ දේශපාලනයෙන් දිගු කලක් පෝෂණයවූ, වයෝවෘද්ධ වුවත් සටකපට අගමැතිවරයාට වැටහිය යුතුව තිබිණ. මෙයින් පෙනෙන කරුණක් වන්නේ ඔහුගේ විචාර බුද්ධිය තව දුරටත් වලංගු නොවෙන බවත්, ඔහු සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ සිරුරේ මස්පිඬු මිස ඔළුවේ කිසිවක් නොමැති උද්දච්ඡ අමනයින් රැලක් බවයි.

 

එසේම මහා භයානක විනාශයක් අත ලඟම ඇති බවක් දැනෙයි. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවූ සැණින්ම රටේ තැනින් තැන දේපළ විනාශ කිරීම් සිදුවන්නේ කෙසේද? මේ සිදුවන්නේ පාස්කු ප්‍රහාරයේ දෙවන අදියරද? අදිසි හස්තයකින් මෙහෙයවන කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරණ සිදුවීම් සමූහයක්ද? බලය ගිලිහී ගියවිට තමන්ට අත්විය හැකි ඉරණම ගැන සිතා එයින් වැළකීමට සංවිධානාත්මකව සිදුකරන ක්‍රියා දාමයක්ද? රටට ජාත්‍යන්තර සහාය
අවශ්‍යම මොහොතක ලෝකය ඉදිරියේ පාලකයන්ගේ අශිෂ්ඨ, අඳබාල, වනචාරී බව ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන්නේ රට ගොඩගත නොහැකි අයුරින්ම ප්‍රපාතයට ඇදීයෑම මිස අන් කිසිවක් නොවන බව මොවුන්ට නොවැටහෙන්නේ කිනම් කරුමයකටද? අතීත අත්දැකීම් ඇති රටවැසියන්ට මෙවැනි ප්‍රශ්න රාශියක් ඇතිවීම අතිශයින්ම සාධාරණය. අන් සියල්ල කෙසේ වෙතත් මානව හිමිකම් කඩ කිරීම අතින් ලෝක වාර්තාවක් තැබීම නම් නිසැකවම
සිදුවනු ඇත.

 image a83150d8a9

 

අරගල බිමට කඩා වැදී සාමකාමීව අරගලයේ නියුතුව සිටි නිරායුධ පුරවැසියන්ට දරුණු ලෙස පහර දෙනතුරු පොලීසිය ඇස් කන් වසාගෙන සිටියේ කෙසේද? ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන ඔවුන්ට පෙර දැනුම් දීමක් තිබුනේද? ශ්‍රී ලංකාවේ ඉහලම නීතිය ලෙස සැළකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රටේ පරමාධිපත්‍ය බලය හිමිකරුවන් වන ජනතාව රැකගැනීමට ඔවුන් කටයුතු නොකළේ ඇයිදැයි යන්න ඕනෑම කෙනෙකුට ඇතිවන ගැටලුවකි.
දඬු මුගුරු රැගත් මැරයින් අවුත් පහර දෙනවිට පුරවැසියන් සිටියේ විනය ගරුකව නිරායුධ, සාමකාමී අරගලයක යෙදෙමිනි. ඉල්ලීම වූයේ ඔවුන්ගේ දෛනික ජීවිතය පවා පවත්වා ගත නොහැකි ලෙස රටේ ආර්ථිකය විනාශ කොට දැමූ දුර්දාන්ත පාලකයන්ට ඉවත්වන ලෙසයි. එය අසාධාරණ ඉල්ලීමක් නොවේ.

 

මේ පාලකයන්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ රට අස්ථාවර, අවිනිශ්චිත තත්ත්වයකට පත්කොට බලයේ දිගටම රැඳී සිටීමටද, නොඑසේ නම් "යන යකා කොරහත් බිඳගෙනම යනවා" කිවූවා සේ රට නැත්තටම නැති කිරීමද?



imageකාන්ති කාරියවසම්
kariyawasamkek@gmail.com


Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යනයකා කොරහත් බිඳ ගෙනම යන හැඩයි | The Leader