The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපි දැන් වගකීමක් ඇතිව වැඩට බැසිය යුතුය -(කුසල් පෙරේරා)

T

The Leader Desk

May 10, 2022 • 7:25 AM

අපි දැන් වගකීමක් ඇතිව වැඩට බැසිය යුතුය -(කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති සමග දොට්ට දැමුණු ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය හතර වටෙන්ම හෙළා දැක ඇත.
  • දැන් අවශ්‍ය වන්නේ යම් සමාජ විනයකට ඉඩ ලබා දෙන සුජාත බවක් සහිත තාවකාලික ආණ්ඩුවකි.
  • බිඳ වැටුණු ආර්ථිකයට කෙටි කාලීන විසඳුමක් ලබා දෙමින් ඩොලර් අර්බුදය සමනය කරමින් වහා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් ලෙස ලබා දිය හැකි පාලනයකි.
  • දැන් ජනාධිපතිටද පිළිගැනුමක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):



අගමැති සමග දොට්ට දැමුණු ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය හතර වටෙන්ම හෙළා දැක ඇත. ජාත්‍යන්තරවද එසේමය.

එනිසා තව දුරටත් අරාජිකත්වයකට ඉඩ දෙන විරෝධතා අවශ්‍ය නැතැයි මගේ පිළිගැනුමය.

 

දැන් අවශ්‍ය වන්නේ යම් සමාජ විනයකට ඉඩ ලබා දෙන සුජාත බවක් සහිත තාවකාලික ආණ්ඩුවකි. බිඳ වැටුණු ආර්ථිකයට කෙටි කාලීන විසඳුමක් ලබා දෙමින් ඩොලර් අර්බුදය සමනය කරමින් වහා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් ලෙස ලබා දිය හැකි පාලනයකි. අනතුරුව ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පත්කර ගත හැකි ක්‍රියාවලියකට ඉඩ ලබා ගැනීමකි. නොඑසේ නම් මේ අධිශ්ඨාන සහගත තරුණ විරෝධයට මුල පිරූ තරුණ කැප කිරීම අපතේ යැවීමකි.

 

දැන් ජනාධිපතිටද පිළිගැනුමක් නැත. මෙතැන් සිට ඔහු කළ යුත්තේ කුමක්දැයි තීන්දු කළ යුත්තේ ජනතාවය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත්, වෘත්තිකයින්ගේ සංවිධානයත් (OPA), වාණිජ මණ්ඩලත්, ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) වෘත්තීය සමිතිත්, වි.විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයත් (FUTA), ගාලු මුවදොර #gotagogama තරුණ සහභාගිත්වයද නියෙයෝජනය වන තාවකාලික සභාවකින් ඔහුගේ කටයුතු තීන්දු කළ යුතුය.

එවැන්නක ව්‍යවස්ථානුකූල බව තර්ක කිරීමට වඩා වැදගත් වන්නේ ඔවුනට සමාජ පිළිගැනුමක් ගෞරවයක් ඇතිවන අයුරු එය ස්ථාපිත කිරීමය. ඔවුන් ව්‍යවස්ථාමය පදනමක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු ගැනීමය.

එයට මුල පිරිය යුත්තේ පසුගිය දෙවසරෙහි ප්‍රතිපත්ති ගරුකව සිය ස්වාධීනත්වය තහවුරු කරගත් නීතිඥ සංගමය යැයි මම යෝජනා කරමි.
@Saliya Pieris



(කුසල් පෙරේරා)
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි දැන් වගකීමක් ඇතිව වැඩට බැසිය යුතුය -(කුසල් පෙරේරා) | The Leader