The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඡන්දයෙන් ඍජුව පත්නොවී අගමැතිකම් දැරුවෝ ! - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 14, 2022 • 5:00 AM

ඡන්දයෙන් ඍජුව පත්නොවී අගමැතිකම් දැරුවෝ ! - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න.
  • මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය අගමැති ධුරයට පත්වුණේ මන්ත්‍රීවරියක ලෙස නොවේ.
  • ඇය මන්ත්‍රීවරියක වුණේ අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුවයි.
  • ඉන් පසු, 1965, 1970, 1977, 1989 මැතිවරණ ජයගත් ඇය 1994දී පත්වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න.

මූලාශ්‍ර පාර්ලිමේන්තුවේ නිල තොරතුරු හා වෙනත් ලිඛිත මූලාශ්‍රයන්ය.

1960 මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය අගමැති ධුරයට පත්වුණේ මන්ත්‍රීවරියක ලෙස නොවේ. ඇය මන්ත්‍රීවරියක වුණේ අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුවයි. ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් නිර්මාණය වූ පුරප්පාඩුවට ඇය පත්වූවාය.

ඉන් පසු, 1965, 1970, 1977, 1989 මැතිවරණ ජයගත් ඇය 1994දී පත්වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසයි. ඇය 1994 සිට 2000 දක්වා අගමැති ධුරය හෙබවූවාය.

2005 සිට 2010 දක්වා අගමැති ධුරය දැරූ රත්නසිරි වික්‍රමනායක 2004දී ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි. ඇත්තම කියනවා නම් පක්ෂ නායිකා චන්ද්‍රිකාට ඔහු පත්කරන්නට ද අමතක විය. ජාතික ලැයිස්තුවෙන් පත්කර සිටි ජනදාස පීරිස්ට අස්වෙන්නැයි කියා රත්නසිරිව ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද අතර පසුව ඔහු අගමැති විය.

2010-2015 සමයේ අගමැති ධුරය හෙබවූ දි.මු. ජයරත්න පාර්ලිමේන්තුව නියෝජනය කළේ ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසය.

මේ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අවුරුදු 25ක් පමණ කාලයක් අගමැති ධුරය හොබවා තිබෙන්නේ ඡන්දයෙන් ඍජුව පත්වූ මන්ත්‍රීවරුන් නොවේ.

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

AJITH PARAKUM

 

 

 

 

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...