The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ වැල් පාළමේ ගීතය....- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 16, 2022 • 4:57 PM

රනිල්ගේ වැල් පාළමේ ගීතය....- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක.
  • ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ.
  • ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි.
  • මොකද අපි දන්නා ඇත්ත නිල වශයෙන්ම ඇහෙන කොට හිතාගන්න බැහැ තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 
එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ.
ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි.

මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත.

හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි.

1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා.

 මූලික බේත් හේත්, ඉන්ධන, ගෑස්, කන බොන දේවල් වල ප්‍රශ්න නිසා රනිල් කියන දේ දෙසවන් වල දෝංකාර දෙන්න පුළුවන් තමයි. මොකද අපි දන්නා ඇත්ත නිල වශයෙන්ම ඇහෙන කොට හිතාගන්න බැහැ තමයි. ඒ ඇත්ත ප්‍රශ්න වලට තියන වලංගුතාව තවමත් එහෙමම තියනවා.

එකම දේ රනිල් දේශපාලන කරන කළාපය එයා දන්නා මංසන්ධිය ඉක්මවලා යම් දුරක් ගිහින් තියන එක.

ඒ කියන්නේ මිරිහානෙන් ඇරඹුන ගෑස්, විදුලිය, ඩීසල්, පෙට්‍රල් අති මූලික පැවැත්මේ ප්‍රශ්නය ගෝල්ෆේස් අරගලය හරහා වෙනත් ඉහල දේශපාලන ඉල්ලීම් (advanced political demands) දක්වා ගමන් කරලා.

ඒක තමයි රනිල් තේරුම් නොගන්නා දෙය.

මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම රාජපක්ෂ දේශපාලනය අවසන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ක්‍රම වෙනසක් පිළිබද ඉල්ලීම, ජාතීන් අතර සමානාත්මතාව, ධනේශ්වරයේ අර්බුදය, ව්‍යවස්ථාව පිළිබද ගැටළු, පාර්ලිමේන්තු ක්‍රමය ගැන ගැටළු, 225 එපා යනුවෙන් කරන ඉල්ලීම යනාදී වශයෙන් කන්න බොන්න අඳින්න පළඳින්න වගේ දේවල් වලින් ඔබ්බට මේ දේශපාලන අරගලය ගමන් කරලා තියනවා.  

 

රනිල් මේ පාර අගමැති වෙච්ච විදියේ තියන නොපැහැදිලි බව ඇතුලේ ගෝල්ෆේස් වල සහ තවත් රැඩිකල් කොටස් වල විශ්වාසය කොහෙත්ම දිනාගන්න බැරි වෙලා තියනවා.

එයා හිතනවා නම් මේක කොහොම හරි පාර්ලිමේන්තු බහුතරය පෙන්නලා අරන් යන්න පුළුවන් ගේම් එකක් කියල ඒක ලොකු වැරදීමක්.

අරගලයේ පරිණාමයක් තියනවා ක්‍රම වෙනසක් වෙනුවෙන්. ඒක රනිල් ග්‍රහණය කරන පාටක් පේන්න නැහැ. ග්‍රහණය කළා නම් මේ විදියට අගමැතිකම ගන්නේ නැහැ.

මොනවා උනත් එකම පුදුමය ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ වගේ එයා දේශපාලන භූමියේ තවමත් රැඳිලා ඉන්න එක.

දැන් දවස් කීපයකට කළින් මොකක්දෝ ක්‍රමයකට අගමැති හැටියට දිවුරුම් දුන්න. ඒ රාජපක්ෂ - පොහොට්ටු බහුතර විශාල බලයක් තියන පාර්ලිමේන්තුවක් ඇතුලේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් හැටියට.


දැන් ඇවිල්ල තියෙන්නේ කන්න බොන්න දීලා, බඩ පුරවල, තෙල් බෙහෙත් ටික දීලා 'කුරුස ගින්න' නිවන්න (ගිණිගත් කුරුසෙට කර තියන කතාවක් කොහේදෝ කියල තිබ්බ). මූලික අවශ්‍යතා නැතිවීම ඇතුලේ ඇතිවන ජනතා කෝපය අවසන් කරන්න. ඔය හැමදාම කියන 'සාමාන්‍ය ජන ජීවිතය' නැවත ලබා දෙන්න.

 

මම හිතන්නේ එයා දැන් ඉන්නේ අවතාරයක් හැටියට කියල. එයා ඇත්තටම පරාද වෙලා නොඑන්නම ගෙදර ගිය කෙනෙක්. නමුත් ආයෙත් ඇවිල්ලා විතරක් නෙවෙයි පොහොට්ටු නැවේ කපිතානුත් වෙලා.

මම හිතන්නේ අවතාරය තමයි ගොඩක් භයානක කියල.

දේශපාලනය සහ 1978 ව්‍යවස්තාව ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා ගෝඨාභය චෙක්මේට් කරන්න නම් එයාට වැඩිකල් යන එකක් නැහැ. දැනටත් ගොඩක් අය එයාට සහය දෙන බවක් පේන්න තියනවා.

අපිට ඕනි දිශාවට මේක කරකවා ගන්න නම් අරගලය අනිවාර්යයෙන් ඉස්සරහට යන්න ඕනි. සාමාන්‍ය පැවැත්ම අතික්‍රමණය කරපු වැඩ සටහනක් ඕනි කරනවා ඒකට. ඒ වැඩ සටහන නෙට්ෆ්ලික්ස් වල (Netflix) තියනවා කියල මම හිතන්නේ නැහැ.  

අරගලයට ඕනි යටිතල පහසුකම් දෙන්නත් රනිල් ලෑස්තියි කියල කියනවා මම අහගෙන. දවසම කෑගහල අරගල කරලා රනිල් දුන්න වොෂ් රූම් ගිහිල්ල වතුර නාල එළියට එන සිමියුලේක්‍රම් එකක් ගැන හිතන්නත් බයයි.

චර්චිල් ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි කැප්පෙටිපොළ නම් කලේ සුද්ද දුන්න තුවක්කු ආපහු යවපු එක....?
(හදිස්සියේ මේ අකුරු ටික කෙටුවේ. පිළිවෙලක් නැති එක ගැන සොරි).


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...