ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, (එනම් ඊයේ) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.
මේ ලියන මොහොත දක්වාම හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිදී යාම වලක්වා ගැනීමටය. අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.
මෙවර ද හදිසි නීතිය පනවනු ලැබූවේ රාජපක්ෂ පාලනය රැකගැනීමට මිස මහජන ආරක්ෂාව සඳහා නොවේ.
හදිසි නීතිය දැම්මේ, හමුදාව කැඳවීමට නොවේ. ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය යටතේ මහජන ආරක්ෂාවට හමුදාව කැඳවිය හැකි බව පහතින් පැහැදිලිව දැක්වේ.
Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, he may, by Order published in the Gazette, call out all or any of the members of all or any of the armed forces for the maintenance of public order in that area.
මෙවර හදිසි නීතිය පනවා ඇත්තේ දුෂිත හා මැර දේශපාලනඥයින්ගේ දේපල ආරක්ෂාකර ගැනීමට සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට ය.
පුදුමය තියෙන්නේ, ආණ්ඩුවට තබා විපක්ෂයටවත්, හදිසි නීතිය ගැන වගේ වගක් නැතිවීමය. තම බල දේශපාලනය උදෙසා එකිනොකාට ආදර හසුන් ලියමින් පාර්ලිමේන්තුවේ පක්ෂ මහජනතාව අමතක කර දමා තිබේ.
හදිසි නීතිය මේ රටේ ගෑස් පෝලිමට, ඉන්ධන පොලිමට, සාගතයට එරෙහිව යොදවමින් ඇත.
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැන් පාර්ලිමේන්තුවේ තම වගකීම ඉටු කළ යුතුව ඇත.
හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල පරාජය කිරීම විපක්ෂයේ කාර්ය භාරය යි. ඒ සඳහා සියළු සිවිල් සංවිධාන හා පුරවැසියන් ආණ්ඩුවටත් - සිය වගකීම් අමතක වී සිටින විපක්ෂයටත් එක ලෙස බලපෑම් කළ යුතුව ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
rajith_tennakoon@yahoo.com
ආණ්ඩුවට හා විපක්ෂයට අමතක වුණ හදිසි නීතිය - කීර්ති තෙන්නකෝන්
T
The Leader Desk
May 17, 2022 • 9:23 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, (එනම් ඊයේ) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
- එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.
- ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය.
- අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



