The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලාපොරොත්තු රහිත බවේ දේශපාලනය...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

May 18, 2022 • 5:12 PM

බලාපොරොත්තු රහිත බවේ දේශපාලනය...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔව්, මුං ටික පට්ටම අප්සෙට් තමයි.
  • ඇතුළේ තනිකර කෙළින්නේ පිස්සු.
  • මේ යුගය දේශපාලනයේ ඉච්චාභංග යුගයක් (politics of disappointment) කියල ඇතැම් විචාරකයින් හඳුන්වනවා.
  • ඇතැම් කොටස් සහභාගී කරගන්න බැරි කම තවත් එක ප්‍රශ්නයක් (lack of representation).
අකුරු ප්‍රමාණය (Font Size):



ඔව්, මුං ටික පට්ටම අප්සෙට් තමයි. ඇතුළේ තනිකර කෙළින්නේ පිස්සු.

ලොකු පරතරයක් තියනවා ජනතා අභිලාශ සහ එයාලගේ හැසිරීම කියන ප්‍රපංච දෙක අතරේ.

අවම වශයෙන් ආසන්න ජනතා ප්‍රශ්න ගැනවත් සංවේදී නැහැ මේ අය.

ඒත් මුං පාර්ලිමේන්තු යැව්වෙත් අපිම නේද? අපේ කැමැත්තෙන් ගිය සෙට් එකක් නෙවෙයිද මුං?

මේ යුගය දේශපාලනයේ ඉච්චාභංග යුගයක් (politics of disappointment) කියල ඇතැම් විචාරකයින් හඳුන්වනවා. පොදු යහපත වෙනුවට උන්ගේ යහපත ගැන තදින් හිතන දුර්දාන්ත යුගයක් මේක

 

මිට පෙර ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් අධ්‍යාපනය එක්ක ලෝකය පුරා විසිර ගිය දේශපාලන නායකයෝ මිනිස්සු ගැන යම් පමණකට හිතුවා. ඔවුන්ගේ වේදනාව දැක්ක. සහනාධාර ගැන හිතුවා. ප්‍රතිසංස්කරණ ගැන හිතුවා.

දේශපාලනයට ඔවුන් උපදෙස් දුන්නත් ඒ දුන්නේ මිනිස්සුන්ගේ පැත්තේ ඉඳල. ඔවුන්ට උසස් දේශපාලන අර්ථ සහ පරමාදර්ශ තිබුණ.

අනික් පැත්තට දේශපාලනය නැත්නම් රාජ්‍යකරණය ගැන මිනිස්සුන්ගේ තියෙන්නෙත් අසම්පුර්ණ අදහසක්. චන්දේ දෙන්නෙත් දේශපාලන අදහසක් මුදුන් පමුණුවා ගන්නවට වඩා පුද්ගලික දේවල් ටිකක් බලාන.

ඇමෙරිකානු දාර්ශනික ජෝන් රෝව්ල්ස් (John Rawls) කියනවා මිනිස්සු යම් සදාචාර විනිශ්චයන් ප්‍රමාණයක් එක්ක නෙවෙයි තමන්ගේ නියෝජිතයෝ තෝරාගන්නේ කියල.

දේශපාලකයෝ දෙන බලාපොරොත්තු සහ ඒවා ඉෂ්ට වීම අතර ලොකු පරතරයක් තියනවා (disjunction between perceptions and expectations). මේ නිසා මිනිස්සු නිරායාසයෙන් බලාපොරොත්තු රහිත වෙනවා. නිකම් හිතන්න 'සෞභාග්‍යයේ දේශය' ගැන.

පොළොවේ පැලකරන්න බැරි වියුක්ත අදහස් (abstract ideas) සමුදායක් මිනිස්සු ඉදිරිපිට දිගහැරියත් ඒවායින් එකක්වත් උන්ට ඉෂ්ට කරන්න බැහැ.

නිකම් හිතන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්ව 'මහා ප්‍රාසාදය' (great wall) ගැන. කෝ ගඩොලක් වත් තිබ්බද? රෝව්ල්ස් මේ නිසා කියනවා කරන්න පුළුවන් ප්‍රයෝගික දේවල් විතරක් (pragmatism) දේශපාලකයෝ කියන්න ඕනි කියල. අනික අසන්නා සිහිබුද්ධියෙන් අහන්නත් ඕනි.

ඇතැම් කොටස් සහභාගී කරගන්න බැරි කම තවත් එක ප්‍රශ්නයක් (lack of representation).

dfsdfdfe4

ලංකාවේ නම් තරුණ කොටස් නියෝජිත දේශපාලනයෙන් ඉන්නේ ගොඩක් ඈත. ඔවුන්ගේ නූතන අභිලාශ කොහෙත්ම නියෝජනය වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ.

 

අනික සහකම්පනයක් නැති එක (lack of empathy). නිකම් බලන්න කපුටු තට්ටේ කතාව. යම් ප්‍රශ්න ප්‍රමාණයක් නිසා එළියට බැස්ස මිනිස්සුන්ට තමයි එහෙම කිව්වේ. ඉතින් මරල එල්ලන්න කිව්ව මිනිස්සු ප්‍රචණ්ඩ වෙන එක අහන්නත් දෙයක් ද?

අනික් වැදගත් ම දෙය තමයි ලිංගභේදය නොසලකා හැරීම (gender discriminations).

විශේෂයෙන් නියෝජ්‍ය කතානායක කමට ස්ත්‍රියක් ඉල්ලුම් කළා. ඒකට කිසිම සැළකිල්ලක්වත් ගෞරවයක්වත් දුන්නේ නැහැ. ඒ අසංවේදී බව ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකට කොහොම දැනෙන්න ඇත්ද?

වාර්ගික අසංවේදී බව වගේ දෙයක් ගත්තොත් නිකමට හිතන්න කොච්චර සංකීර්ණද කියල දේශපාලන ඉච්චාභංග බව.

සූරාකෑම, අධික ලාභය, දුෂණ වංචා අහස උසට. ඒවත් මේකට එකතු වෙනවා.

දැනුත් දේශපාලන කරන්නේ බය පදනම් කරගෙන. ඔන්න කන්න බොන්න නැතුව පාරේ මැරිලා යයි කියල රට බේරගන්න කට්ටිය විරයෝ වෙන්න හදනවා. හැමදාම දේශපාලනය කළේ 'මනුෂ්‍ය බිය' එක්ක.

තමන්ගේ නියෝජිතයෝ හැටියට පත්කරගන්න කළින් මිනිස්සු හිතන්න ඕනි මේ කියන දේවල් කරන්න පුළුවන් සෙට් එකක් ද මේ කියල. මේ පොරොන්දු යථාර්තවාදී ද කියල. අනික කියපු දේවල් කරාද කරනවද කියල මණින්න උපමානත් තියෙන්න ඕනි (measurement indicators).

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


Leader Whats app

  

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...