The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ ගැලවීම හෝ විනාසය හෙවත් රනිල් සහ සජිත් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

May 20, 2022 • 5:49 AM

රටේ ගැලවීම හෝ විනාසය හෙවත් රනිල් සහ සජිත් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැනීම අරගලයේ ජයග්‍රහණයක් ලෙස විපක්ෂ දේශපාලනඥයන් දකින්නේ නැත.
  • එසේම ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලය සදහා දෙන ශක්තිය නිවැරදිව තේරුම් ගත්තේ නම් ඔවුන් තම පටු දේශපාලන න්‍යය පත්‍ර අනුව, ගෝඨා යන තෙක් ආණ්ඩුව භාර නො ගන්නා බවට කොන්දේසි දමන්නේ නැත.
  • අවසානයෙහි රනිල් අගමැතිවූ පසුව, එය රාජපක්ෂලා බේරා ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලෙස මෝස්තර දමා පෙන්වූ තම බැරිකම ඔවුන් වහා හකුලා ගත යුතුවේ.
  • රනිල් බැසිල් කොන්ත්‍රාත්තුවක් තිබුණා නම් මැයි 17 වෙනිදා රෝහිණි විජේරත්න තෝරා ගත යුතු යයි රනිල් ප්‍රසිද්ධියේ කියන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීම අරගලයේ ජයග්‍රහණයක් ලෙස විපක්ෂ දේශපාලනඥයන් දකින්නේ නැත.

එසේම ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලය සදහා දෙන ශක්තිය නිවැරදිව තේරුම් ගත්තේ නම් ඔවුන් තම පටු දේශපාලන න්‍යය පත්‍ර අනුව, ගෝඨා යන තෙක් ආණ්ඩුව භාර නො ගන්නා බවට කොන්දේසි දමන්නේ නැත.

මේ සුවිශේෂි දේශපාලන චලනය සබුද්ධිකව තේරුම් ගත්තා නම් සජිත් රනිල් සමගත්, අනුර ගෝඨා සමගත් පවත්නා දේශපාලන කෝන්තර අනුව හැසිරෙන්නේ නැත.

 

අවසානයෙහි රනිල් අගමැතිවූ පසුව, එය රාජපක්ෂලා බේරා ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලෙස මෝස්තර දමා පෙන්වූ තම බැරිකම ඔවුන් වහා හකුලා ගත යුතුවේ. රනිල් බැසිල් කොන්ත්‍රාත්තුවක් තිබුණා නම් මැයි 17 වෙනිදා රෝහිණි විජේරත්න තෝරා ගත යුතු යයි රනිල් ප්‍රසිද්ධියේ කියන්නේ නැත. එසේම බැසිල් රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන්නේද නැත.

 

පක්ෂ දේශපාලනයෙන් වියුක්තව රටම එකතු කළ ගෝඨාගෝගම නිරායුධ තරුණ ශක්තිය මැයි 9 වෙනිදාත් යෝධ ලීලාවෙන් රාජපක්ෂලාට මුහණ දුන්හ. ඒ අනුරගේ හෝ සජිත්ගේ ආත්ම ශක්තියේ අනුභාවයෙන් නම් නොවේ.

තම තක්කඩිකම පෙන්වා රට බිය ගැන්වීමට උත්සාහ කළ මහින්ද  රාජපක්ෂ එක් නිමේෂයකින් උන්හිටි තැන් අහිමි සරණාගතයෙකු බවට පත් කළේ ගෝඨාගම ව්‍යාපාරය විසිනි. එසේම සජිත්ට පොල්ලකින් තඩි බා සටන් බිම කිළිටි කළේ ජවිපෙය බව රහසක් නොවේ.

මේ ජාතික ආපදා අවස්ථාවේ මේ අනුර සජිත් සමග හෝ සජිත් රනිල් සමග පොදු යහපත පිණිස එකතු වෙනවා කීම පල් බොරුවකි.

මහින්ද ජීවිතාරක්ෂාව සදහා පැන ගිය පසුව ආණ්ඩුව භාර ගන්නා ලෙස සජබයට හා ජවිපෙයට ආරාධනා ලැබෙමින් තිබිණ. සජිත්ට හෝ අනුර කුමාරට නිර්මානය වෙමින් පැවති බරපතල අර්බුදය මේ දෙ‍දෙනා රටේ පැත්තෙන් දැක්කේ නැත.

 

මැයි 9 සිට 12 වෙනිදා දක්වාත් අගමැති තනතුර හිස්ව තිබිණ. ඒ පිළිබදව ප්‍රධාන විපක්ෂය වන සජබ ස්ථාවය ආසයි බයයි බෝට්ටුවේ නමයි යනුවෙන් හරින් ප්‍රනාන්දු රටටම ඇහෙන්න්ට බයිලාවකට පටු කළේය. අනුරට ඒ වගකීම දැරිය නොහැකි බව රහසක් නොවේ. 

 

රනිල් සුදුසුද නැද්ද වෙනම ප්‍රශ්නයකි. කවුරු හෝ ඒ වගකිම භාරගත යුතුව තිබිණ. අක්‍රිය වාහනයක් තල්ලු කොට පන ගැන්විය යුතු අවස්ථාවේ එහි සුක්කානම හැසිරවීමට රියැදුරු අසුනේ වාඩිවිය හැක්කේ එක් අයෙකුට පමණකි. පස් වරක් රටේ අගමැතිව සිටි පුද්ගලයා කොන්දේසි විරහිතව වගකීම භාර ගත්තේය.

ඇත්තෙන්ම දේශපාලනිකව රනිල් සිටියේ කොහෙන් හෝ ගොඩ යන ආස්ථානයක මිස කොන්දේසි දැමිය හැකි ශක්තිමත් තැනක නොවේ.

මහින්ද රාජපක්ෂ තවමත් දේශපාලනිකව ඝාතනය වී නැති බව අප අමතක නොකළ යුතු වේ. වෙසක් පුර පසළොස්වක පොහොය දා සිරිත් පරිදි කාල්ටන් නිවසේ බණ පින්කම සිදු කරවන ලද්දේ තමන් තවමත් හුස්ම ගන්නා බව රටට දැනෙන්නට මිස බුදුන් දැක නිවන් යන්නට නොවේ.  

රනිල් කොන්ත්‍රාත් කරයා කිරිම තුළ සිද්ධ වන්නේ මෙතෙක් පැවති සමබරතාවය බිද ගෝඨාගෝගමට දේශපාලනය රිංගවීමය. ප්‍රතිපලය ඒ නිර්පාක්ෂික ජන රාශීයේ ශක්තිය දෙදරා උනුන් කා කොටා ගැනීමට මග පෑදීම  විය හැකිය.

220512 Ranil Gota swearing ceremony1 1

චාල්ස් නම් සිවිල් ක්‍රියාකාරක පියතුමා කියන්නේ රනිල් පත් කිරිම හරහා ගෝඨාගෝගම ව්‍යාපාරයට මුල්වූ සජබ, ජවිපෙ පක්ෂ වලට අසාධාරණයක් වූ බවය. මේ පක්ෂ දේශපාලනයේ පස්පංගුව කිරා බලන මෙ‍ාහොතක් නොවේ. ගෝඨාගෝගම යනු දේශපාලන කෝලම් මඩුවක් නොවිය. ඒ හරහා මේ ව්‍යාපාරය බිද වැටුණොත් එහි සකල වගකීම විපක්ෂය දැරිය යුතුවේ.

 

රටේ කිසිවෙකු රනිල් වික්‍රමසිංහ අගමැති වේයයි කල්පනා කළේ හෝ ප්‍රාර්ථනා කළේ නැතිවා විය හැකිය. එහෙත් දැන් එය සිදුවී හමාරය. සිවිල් ව්‍යාපර විශ්වාස කළ බොහෝ ප්‍රවීන චරිත මේ සඳහා සලකා බැලීණ. ඒ සියල්ල ව්‍යර්ථ කළේ කවුද යන්න කොළඹ දේශපාලනය හොදින් දනී.

 

මැයි 15 වෙනි දින 'අනිද්දා' පුවත්පතේ පළවු 'රනිල් ඉත්තකු මිස නායකයෙකු නොවේ' ලිපිය මා අවසන් කරන්නේ  ‘‘උදාවි ඇත්තේ ඉත්තන් දාම් යවන මොහොතක් නොවේ. එසේම ලංකාවම බලා සිටින්නේ රටේ අනාගතය දෙස මිස දාම් ලෑල්ලක් දෙස නොවේ. රනිල් තෝරා ගත්තොත් ලංකාව මැද මුලන දාම් ලෑලලක් සේ හැකිළි යනු ඇත.'' යනුවෙනි.


නමුත් ලංකාව දාම් ලෑල්ලක් වීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කළ යුතුවේ. රාජපක්ෂලා 2015ත් පළවා හැරියේත් සිවිල් සමාජය මිස,රනිල්ලා, සජිත්ලා අනුරලා නොවේ.  2019 ආපසු රාජපක්ෂලා කෙළින් කළේ රනිල් සහ සිරිසේන කළ තක්කඩිකම් නිසා මිස යහ පාලන ආණ්ඩුවේ අසාර්තකවීම් නොවේ.

ගෙඩිය පිටින් රාජපක්ෂලාට හිමි කරදීමට සිරිසේනට පැවති උවමනාව 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් හෙළිවේ. එය අසාර්ථක වූ තැන සිදු කළ විනාසය ලෝකයම දනී. අද සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවන්ට සිරිසේන සජිත් කතා කරන්නේ නිරුවතින් විය යුතුය.

 

මැයි 17 වෙනි දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තේරීමට සිය ඍජු මැදිහත්විම දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සහ සියඹලාපිටියට සහාය දෙන්නැයි මන්ත්‍රි සුහන්දිරම්ට කළ ප්‍රකාශය අතර වෙනස් නැත. කවුරු කුමන අවලාද නැගුවද, රනිල් පෙනී සිටින්නේ බෙදිමකින් තොරව සහයෝගයෙන් ක්‍රියා කරන පාර්ලිමේන්තුවක් පිළිබද අපේක්ෂාවෙන් කළ බව පැහැදිලිය.

 

සියඹලාපිටියත් රෝහිණි විජේරත්නත් දෙදෙනාම යෝජනා වන්නේ විපක්ෂයේ පොදු අපෙක්ෂකයන් හැටියටය. අවසන් මොහොතේ ආණ්ඩු පක්ෂය සියඹලාපිටියට සහාය දෙනවා කි සැනින් සජිත් ඉම්තියාස් ඉදිරිපත් කිරීමෙන් සිදු කළ විනාසය සුලුපටු නොවේ.  

එය එසේ නො වුණා නම් මේ වනවිට, පාර්ලිමේන්තුව දේශපාලනයට එහා ගිය තැනකට ගොනුවිමට අවකාශ තිබිණ. ඒ තුළ යම් එකගතාවක් ඇත වීමට ඉඩ තිබිණ. පොදු ජන පෙරමුණ තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් ක්‍රියා කිරීමට බලා සිටියේ අවස්ථාවකි. ඒ අවස්ථාව 17 වෙනිදා පැවති දෙවන ඡන්ද විමසීමේදී මැනවින් පැහැදිලි විය. දැන් රනිල් කී පරිදි හෙළ ගැඹුරු බව තේරුම් ගත යුතුවේ.

ඡන්ද විමසිමකින් පසුව, කතා කළ මන්ත්‍රිනි රෝහිනි විජේරත්න කාන්තාවක් එකී තනතුරට පත් කිරීම සම්බන්දව සිය කැමැත්ත පළ කරමින් අගමැතිවරයා කළ ප්‍රකාශයට කෘතඥතාව දැක්වවාය. තවදුරටත් කතා කළ මන්ත්‍රිවරිය, නව අගමැති ලෙස පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනයේම පැවති මුල්ම ඡන්ද විමසීමෙන් පරාජය වූ බව සිහිපත් කළාය.

නියෝජ්‍ය කතානායක තේරීම සම්බන්දව අගමැතිවරයා තුළ පැවති කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමේ බෙදිම අනුව, හැසිරිම අනුව කිසි විටෙත් රාජපක්ෂවරුන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි සමාජය සමග සදාචාර සම්පන්නව කිසිදු ගණුදෙනුවකට සූදානම් නැති බවත් තේරුම්ගත යුතුව ඇති බව අවධාරණය කළාය.


විශේෂයෙන් 17 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වුණේ සත්තකින්ම මරබියෙනි. පසුගිය 9 වෙනිදා මහින්ද රාජපක්ෂ තම තනතුර වෙනුවෙන් හැසිරුණ තිරිසන් ආකාරය ඇති කම්පනය මෙන්ම විනාශයද රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි කිසිදු මන්ත්‍රීවරයෙකුට තබා දිනේෂ් ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයෙකුද තේරුම් ගෙන නැති බව පැහැදිලිවේ.


ඔහු ස්ථාවර නියෝග අත්හිටුවීමට එකග නොවී ඡන්දයක් ඉල්ලා සිටිමෙන් කළ අසික්කිත ක්‍රියාව පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම සිදු වේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අන්තිම කැමති පත්‍ර ලියා තබා පැමිණෙන තැනකට රට තල්ලුවීම වැළකිය නොහැකිය. නව අගමැති සුලුතර විපක්ෂයේ සාමාජිකයෙකු හෙයින් ඔහු තනි නොකළ යුතුවේ. නීතිය උකුසු වෙසින් සැරිසරණු පෙනේ. කිසිවෙකුට බේරී යා නොහැකිය.

ආණ්ඩු පක්ෂය සිය බහුතරය පාර්ලිමේන්තුව තුළ හසුරුවන ආකාරය අනුව රට අපේක්ෂා කරන අතුරු පාලනයකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට යාමට ඇති සියලු ඉඩ වසා දමනු ඇත.

 

රාජපක්ෂලා කල්පනා කරනු ඇත්තේ මේ ආකාරයට වනු ගගා යමින් සිට යන්තම් ආර්ථිකය යහපත් වූ සැනින් වැඩේ දිමට නම්.... එවැන්නක් සිදුවිමේ සම්භාව්‍යතාව සියයට එකසිය ගණනකි. එවැන්නක් සිදු වුවහොත් රනිල් රාජපක්ෂ කුමන්ත්‍රණ ගැන කතා කළ කවුරුත් ඓතිහාසිකව ඊට වගකිව යුතුවේ.

 

මේ ආකාරයෙන් රට ඇදී යයි නම් සජිත්ගේ අපේක්ෂාව එනම් මහ මැතිවරණයක් වෙත රට ඇදී ගොස් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හරහා ඉදිරිපත්වූ සියලු ප්‍රතිංස්කරණ කරදාසිවලට සීමාවනු නියතය. 

Vijayananda

1959 වසරේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව රටේ මෙවැනි අරාජික තත්වයක් විර්මානය විය. අහඹුවක් සේ විජයානන්ද දහනායක ලංකාවේ අගමැති ලෙස පත්විය.

 

1959 වසරේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව රටේ මෙවැනි අරාජික තත්වයක් විර්මානය විය. අහඹුවක් සේ විජයානන්ද දහනායක ලංකාවේ අගමැති ලෙස පත්විය. එයින් පසුව දිනපතා උදෑසන නව කැබිනට් මණ්ඩල පත් කීරීම් සිදුවී පාලනය විහිලුවක් බවට පත් විය. අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිණ.

1960 මාර්තුවේ පත්වූ අස්ථාවර ආණ්ඩුව පැවතියේ මාස තුනක කාලයකි. ඉන්පසුව යළිත් මහ මැතිවරණයකින් බලයට පත් ආණ්ඩුව ජූනි මස දිවුරුම් දුන්නේය. ඒ ආණ්ඩුවේ අගමැති පත් වුණේ උත්තර මන්ත්‍රණ සභාවෙනි. රට අද පවන්තේ එවැනි සෙල්ලම් දැමිය හැකි තැනක නොවේ.

මේ තත්වය වෙනස් කර රටේ යහපත පිණිස යම් පියවර ගැනිමේ වගකීම පාර්ලිමේන්තුව සතුය. තමන් කළ වැරදි නිසා රට අගාධයට ගිය බව පිළිගත් ජනාධිපතිට යන්ට කියා ජනතාව පාරට බැස සිටිති. 17 වෙනිදාප පාර්ලිමේන්තු මන්ත්‍රින් 119ක් ඒ අසාර්ථක ජනාධිපති වෙනුවෙන් පෙනී සිටියහ. මෙය සෙල්ලමක් නොවේ.


මේ යන ආකාරයෙන් අන්තිමේ සජිත්ගේ ප්‍රාර්ථනාව අනුව රට මහ ඡන්දයකට තල්ලු විය හැකිය. ඡන්දයකින් පත්වන පාර්ලිමේන්තු සංයුතිය කෙබදු වේද? සමහර විට ඒ හරහා තවත් මහ ඡන්දයකට පාර කැපෙනු ඇත. 1959 බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ඇතිවූ අරාජිකත්වය පාලනය කළ නොහැකි විය. අගමැති දහනායකට විශ්වාසි කැබිනට් මණ්ඩයක සේවය අහිමි වීම නිසා ඔහු පාර්ලිමේන්තුව විසිරවිය. ප්‍රතිපලය 1960 මාර්තු මස පත්වූ ආණ්ඩුව පැවතියේ තුන් මාසයකි. තවත් මහ මැතිවරණයකට රට තල්ලු විය. 1960 ජූලියේ  පත්වූ නව රජයේ අගමැති පත්වුණේ සෙනෙට් සභාවෙනි.


එවැනි සෙල්ලම් දාන තැනක ලංකාව වර්තමානයේ නැත. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර පවත්නා දේශපාලන එදිරිවාදිකම මේ මොහොතේ මහා විනාසයක් කිරිමට ඉඩ ඇත. පවත්නා තත්වය තුල පක්ෂයකට තනි තීන්දුවක් ගැනීම පවා දුෂ්කරවී ඇත.

එහෙත් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරනවා යනුවෙන් සජිත් නිකුත් කළ ලිපිය පවා තනිව ගත් තීන්දුවක් අතර එකි ලිපියේ අන්තර්ගතය ගැන කණ්ඩායම් මන්ත්‍රින්ගේ විමසුම් හමුවේ සජිත්ට කට උත්තර නැතිවිය. ඔහු ලිපිය යවා ඇත්තේ කිසිවෙකුගේ විමසීමකින් තොරවය.

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නියෝජ්‍ය කතානායක ලෙස පොදු එකගතාවකට පැමිණිමට සාකච්ඡා පැවති පසුබිමක සජබෙන් රෝහිණි විජේරත්න මන්ත්‍රිවරිය ඉදිරිපත් කරන බවට ජලනි ප්‍රේමදාස ටිවිටර් පණිවිඩයක් යවා ඇත්තේ රෝහිණීගෙන් හෝ නොවිමසා බව කියැවේ.

ඒ අතර සජබය ඉදිරිපත් කරන්නේ ඉම්තියාස්ද රෝහිණීද යනුවෙන් දැක්වෙන මාධ්‍ය වාර්තා සමාජ ජාලයේ පළවිය.

සජබයේ සමහරුන්ට පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ තනි කිරීමේ උවමනවක් ඇත. ඒ හරහා සිවිල් සමාජය අපේක්ෂා කරන සියල්ල කනපිට හැරෙන තත්වයන් නිර්මානය විය හැකිය. සියලු තත්වයන් සලකා සිවිල් සංවිධාන එකතුවත් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යැවූ යෝජනා මාලාව, ශ්‍රී  ලංකා නිතිඥ සංගමයේ මැදිහත්වීම මෙන්ම බරසාර ලේඛනයක් බව කිව යුතුවේ.

 උදාවි ඇත්තේ  විනාසය හෝ ගැලවීම මිස, රනිල් හෝ සජිත් තෝරා ගන්නා මොහොතක් නොවේ.



චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


Leader Whats app

  

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...