The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

May 21, 2022 • 5:49 AM

 මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවදානම ගන්න අයට මහ ගහෙන් කෙළවීමේ සම්භාවිතාව වැඩියි.
  • රටට කොහොමත් කෙළවෙලා ඉවරයි කියලා පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ගේම් ගහන්න පුළුවන් විදේශ රටවල ඉන්න අයට විතරයි.
  • අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා.
අකුරු ප්‍රමාණය (Font Size):


අවදානම ගන්න අයට මහ ගහෙන් කෙළවීමේ සම්භාවිතාව වැඩියි.

විපක්ෂය කියල එකක් නැහැ. විපක්ෂයෙ සියලු බලවේග සමගි වුණත්, තමන් සුපිරි බලයක්ය, සබන් කෑල්ලක් වගේ පිරිසිදු එකක්ය කියල හිතාගෙන ඉන්න ජාතික ජන බලවේගය එකතු වෙන්නෙ නැහැ. ඒ නිසා මොකුත් කරන්න බැහැ.

ඡන්දෙකින් තවමත් වැඩි බලය ලැබෙන්නෙ පොහොට්ටුවට වෙන්න පුළුවන්. දැන් ඔවුන්ට අනුකම්පා සාධකයකුත් මාකට් කරගන්න පුළුවන්.

අනෙක් පක්ෂවලට ලොකු සටනක් කරන්න වෙනවා මිනීමැරීමේ, ගෙවල් ගිනිතැබීමේ අවලාදයෙන් ගැලවෙන්න. ඒක රනිල්ට බටලන්දෙ චෝදනාවෙන් ගැලවෙන්න තියෙන අමාරුකමටත් වඩා දුෂ්කරයි.

සමගි ජන බලවේගය ජනප්‍රිය වුණාට ඒකෙ උඩ ඉඳන් යට දක්වාම ඉන්න අය දේශපාලනය දන්නෙ නැහැ.


බොහෝ අයගෙ බලාපොරොත්තුව වන කෝපජ (කෝපයට පත් ජනතාව) කියන බිලිබෝයිස්ලා සෙට්ටෙක තව දශකයකටවත් ආපහු පාවිච්චි කරන්න ලැබෙන්නෙ නැහැ. දැන් උන් කාපු ගිනි වමාරන අවධිය. චූන් කරපු අය හීංසැරේ මාරුවෙන සමය.


ලංකාවෙ දේශපාලනය කරන්න වෙන්නෙ ඔය පසුබිම තුළයි.

රටට කොහොමත් කෙළවෙලා ඉවරයි කියලා පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ගේම් ගහන්න පුළුවන් විදේශ රටවල ඉන්න අයට විතරයි. එවැනි බොහෝ අයට මේ රටේ මිනිසුන්ගෙ පෝෂණය, ලෙඩරෝගවලට බෙහෙත්, ළමයින්ගෙ අධ්‍යාපනය ආදිය වැදගත් නැහැ.

ලංකාවෙත් මධ්‍යම පන්තික දේශපාලකයන්ට තවම ඒවා වැදගත් නැහැ. මොකද, මධ්‍යම පන්තිය තවම ඉතුරුම්වලින් දුවනවා. ලිපි ගිනි මොළවන තෙක් හැලියෙ දිය කෙළින කකුළුවන් වගේ.

දිළින්දන්ට දැනටමත් කෙළවෙලා ඉවරයි. ඒ අයට අවශ්‍ය ආහාර, තෙල්, ගෑස්, බෙහෙත්, පෝර ආදියයි.


සංකීර්ණ දේශපාලනය තුළ දැලි පිහියෙන් කිරි කන්න ධෛර්යය තිබුණු එකම ලාංකීය දේශපාලකයා රනිල්. තව එකෙක් ඉන්නවා. ඒ තමයි මහින්ද.


ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා.

ඒ පිංතූරෙ මෙතන දැම්මෙ දේශපාලන රූපකයක් විදියට.

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

praja.lk

AJITH PARAKUM




 

 

 

Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...