The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

May 22, 2022 • 8:14 AM

ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ.
  • ජවිපෙ නායකයන් සැඟවුණු අතර අනෙක් පක්ෂ නායකයන් භාරවී චෝදනා බොරු බව පහදාදී පක්ෂ තහනම් ඉවත් කරගත්හ.
  • ජවිපෙ 1983 ජුලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුතු නැති බව දැන් පිළිගත් කරුණකි.
  • එහෙත්, මා හොඳින්ම දන්නා පරිදි මතුගම කන්දේ හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයන් පිරිසක් දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් වින්දහ.
අකුරු ප්‍රමාණය (Font Size):



එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ.

එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත.

1983 ජුලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යයි චෝදනා කරමින් ජවිපෙ, නව සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලදී. ජවිපෙ නායකයන් සැඟවුණු අතර අනෙක් පක්ෂ නායකයන් භාරවී චෝදනා බොරු බව පහදාදී පක්ෂ තහනම් ඉවත් කරගත්හ.

ජවිපෙ 1983 ජුලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුතු නැති බව දැන් පිළිගත් කරුණකි. එහෙත්, මා හොඳින්ම දන්නා පරිදි මතුගම කන්දේ හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයන් පිරිසක් දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් වින්දහ. එය ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාවක් මිස පක්ෂ මට්ටමෙන් කරන ලද්දක් නොවේ.

1983 වන විට ජවිපෙ එම ප්‍රචණ්ඩත්වය වළක්වාගැනීමේ හැකියාව තිබුණු පක්ෂයක් නොවේ.

 

2022 මැයි වන විට ජවිපෙ හා පෙසප යනු ජනාධිපතිවරයාට එරෙහි අරගලයේ ප්‍රධාන මෙහෙයවන්නෝය. එහෙත්, ඔවුන් මැයි 9දා පළිගැනීමේ ප්‍රහාරය මෙහෙයවූ බව මම නොසිතමි. අපගේ පෞද්ගලික සොයාබැලීම්වලින් එවැනි සාක්ෂියක් ද හමුවී නැත. එසේම, ඔවුන් එය වැළැක්වීමට උත්සාහ කළ බවක් ද නොපෙනේ.

 

මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස යම් සැකසහිත මිලිටරි සලකුණු තිබිණි. නිවෙස්වල වැසිකිළි කඩාදමා ඒවා නිවැසියන්ට ඉක්මණින් ආපසු පදිංචි විය නොහැකි තැන් බවට පත්කිරීම එවැනි සලකුණකි. ගෝල්ෆේස් විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ද රජය අනුගමනය කරන්නට උත්සාහ කළ උපක්‍රමයක් වන්නේ වැසිකිළි පද්ධතිය ඉවත් කරන ලෙස එය අයත් සමාගමට බලකිරීමයි. කිසියම් සංවිධානාත්මක පිරිස් මෙම ප්‍රහාර පසුපස සිටියා විය හැකිය.

2022 මැයි 9 සිදුවීම් පිළිබඳ ඉතා පුළුල් විමර්ශනයක් සිදුකළ යුතුය. ගෝල්ෆේස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මෙන්ම පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍යය. පළිගැනීමේ රටා හා ඒවා පසුපස තිබුණු මනෝභාවයන් අධ්‍යයනය කිරීම එවැනි ක්‍රියා නැවත සිදුනොවන බව තහවුරු කිරීමේ ලා ඉතා වැදගත්ය.

ජවිපෙ හා පෙසප මේ විමර්ශනවලට සහාය දිය යුතුය. පක්ෂ මට්ටමෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ තීරණ ගෙන නොමැති නම්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත්වන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතුය.
 
 
 
සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය. සියලු පක්ෂ එම ආදර්ශය අනුගමනය කළ යුතුය.
 
 
මේ අතර, හාන්සි පුටුවල සිටිමින් සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රහාර දිරිගැන්වූ අය ඒවායේ සැකකරුවන් බවට පත්වන අය සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. විශේෂයෙන්ම, පසුගිය සමයේ නීතීඥවරුන් හැසිරුණ ආකාරය දැන් ක්ෂණිකව වෙනස් කිරීම වැරදිය. ඔවුන් දිගටම මෙම සැකකරුවන්ට නීති ආධාර සැපයිය යුතුය. මේ වැරදි සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීමක් ද තිබේ.

අප පසුකළේ සිය ගණන් නීතීඥයන් නොමිළේ පෙනීසිටිමින් මහේස්ත්‍රාත්වරුන්ගේ අභිමතයට අනිසි බලපෑම් කළ හා සැකකරුවන් නිදහස් වන විට නීතීඥවරුන් අත්පොළසන් දී පිළිගත් විකෘති සමයකි.


බොරු චණ්ඩින්ට මතක් කිරීමක් :


මේ අතර, ප්‍රචණ්ඩත්වයට පෞද්ගලිකව සම්බන්ධ නොවී, එහි අයිතිවාසිකම් තම භුක්තියට තබාගැනීමට උත්සාහ කරන බොරු චණ්ඩින්ට මේ ටිකත් මතක් කර දිය යුතුය.

ඔබට තව තවත් මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වුවත්, කෝපයට පත් ජනතාව නැවතත් තව බොහෝ කලක් යනතෙක් එවැනි මට්ටමකින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එන්නේ නැත. ඒ නිසා ඔබේ අරමුණු වෙනුවෙන් අපරාධ කිරීමට බිලිබෝයිලා සෙවීම තේරුමක් නැත. ඔබගේ දේශපාලන වැඩපිළිවෙල එම ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල මත තවදුරටත් රඳාපවතින්නේ නම්, වඩා හොඳ ඔබම සන්නද්ධ වීමයි.

මෙය 1987දී සිදුවිය. ජනතාව 1987 ජුලි මස මේ හා සමාන අන්දමින් නැගීසිටියමුත්, 1989දී පවා ඔවුන් නැවත අවදි කරගැනීමට ජවිපෙට බැරි විය. අරගලය ඉදිරියට ගියේ ජවිපෙ සන්නද්ධ බලයෙනි.

පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයේ තීව්‍රතාව අනුව පහසුවෙන් විමර්ශන සිදුකළ නොහැකිය. එහෙත්, පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතුය. සියල්ල වාර්තාගත කළ යුතුය. නීතිය හා පිළිවෙල ස්ථාපිත කිරීම සඳහා එය අත්‍යවශ්‍යය.
 
 
ගෝල්ෆේස් විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් මෙන්ම පළිගැනීමේ ප්‍රහාර සම්බන්ධයෙන් ද සාධාරණ විමර්ශන සිදුවිය යුතුය. තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කතාකිරීමට වින්දිතයන්ට තිබෙන අයිතියට බාධා නොකළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වාම මෙම කරුණු වාර්තා වීම අත්‍යවශ්‍යය.
 
 
පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයන් බවට පත්වූවන් සොරුන් ලෙස නම්කරමින් ඔවුන්ට අවලාද නැගීම අප දකින්නේ ඔවුන් තවදුරටත් බියවද්දා කතාකිරීම වැළැක්වීම සඳහා කරන සංවිධානාත්මක කාර්යයක් ලෙසයි. ඔවුන් සොරුන් නම්, ඒ පිළිබඳ වෙනම විමර්ශන කළ යුතුය. ඔවුන් සොරුන් වුවත්, ඔවුන්ගේ දේපළ මේ අන්දමින් විනාශ කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ යුතුය.

විශේෂයෙන්ම, අමරකීර්ති අතුකෝරාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔහුගේ නිල ආරක්ෂක නිලධාරියාත් පහරදී මරාදැමීම (lynching) සම්බන්ධයෙන් වගකිව යුත්තන් වහා ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගත යුතුය.



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ගෝල්ෆේස්හිදී එල්ල වූ ප්‍රහාරය ඝාතන ප්‍රයත්නයකි. ඒ හා සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

නීතිය සමසේ ක්‍රියාත්මක විය යුතුය. ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතුය. එම ප්‍රහාරය සඳහා පුද්ගලයන් පෙළඹවූ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය.

නීතිය ක්‍රියාත්මක වන බව මහජනයාට පෙනීම ද අවශ්‍යය. ඒ අන්දමින්ම ප්‍රසිද්ධියේ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කළ අය ද සිටිති. ඔවුන් ද අත්අඩංගුවට ගත යුතුය.

ශ්‍රී ලංකාව ම්ලේච්ඡයන්ගේ රටක් බවට පත්වීමට ඉඩ නොදීමේ වගකීම අප සැමට තිබේ.



සජිතසාත්මිකතාව - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk



සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ද? - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader