The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නැති උනේ කොහොමද කියා නොඅසන මනුස්සකම - (කුසල් පෙරේරා)

T

The Leader Desk

May 22, 2022 • 10:11 AM

නැති උනේ කොහොමද කියා නොඅසන මනුස්සකම - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුස්සකම අද අහඹුවෙන් කලාතුරකින් හමුවන්නක් බව සැබෑය.
  • එනිසාම මේ සමාජයේ අලුත් පරම්පරාව එය ඉතා වටිනා මානුෂිය ලක්ෂණයක් ලෙස කියවන්නේ හතර වටේටම හමුවන අසාධාරණය, අයුක්තිය, අපරාධ, වංචා දූෂණ, ස්ත්‍රී හා ළමා අපයෝජන වැනි ශීලාචාර සමාජයක නොතිබිය යුතු අමන ලක්ෂණ හමුවේ ඒ සියල්ල පුද්ගල පිරිහීම් ලෙස, සමාජ පැවැත්මෙන් වියුක්ත කොට ගැනීම හේතුවෙනි.
  • එයට ඉතාම හොඳ පිළිතුරු ලබා ගත හැක්කේ '80 ජුලි වැඩ වර්ජනයට සහභාගී වීම නිසා ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුවෙන් අවුරුදු දෙක තුන රැකියා අහිමි කෙරුණු පවුල්වල සාමාජික සමාජිකාවන්ගෙනි.
  • නැවත රැකියාවක් ලැබෙන තෙක් ගෙවල් කුලිය එපා යැයි කියූ ගෙහිමියන් ගැන කතා අද කියුවහොත් ඒවා සුරංගනා කතා වැනිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවේදී කතා කියවීමි.

මනුස්සකම අද අහඹුවෙන් කලාතුරකින් හමුවන්නක් බව සැබෑය. එනිසාම මේ සමාජයේ අලුත් පරම්පරාව එය ඉතා වටිනා මානුෂිය ලක්ෂණයක් ලෙස කියවන්නේ හතර වටේටම හමුවන අසාධාරණය, අයුක්තිය, අපරාධ, වංචා දූෂණ, ස්ත්‍රී හා ළමා අපයෝජන වැනි ශීලාචාර සමාජයක නොතිබිය යුතු අමන ලක්ෂණ හමුවේ ඒ සියල්ල පුද්ගල පිරිහීම් ලෙස, සමාජ පැවැත්මෙන් වියුක්ත කොට ගැනීම හේතුවෙනි.

 

ඔවුන් නොඅසන, අවධානයක් යොමු නොකරන ප්‍රශ්නය වන්නේ, ඔවුන් ඉල්ලා සිටින මනුස්සකම මීට පෙර පරාම්පරාවල සමාජ භාවිතයේ තිබුණාද නැද්ද යන ප්‍රශ්නය වන්නේය.

 

එයට ඉතාම හොඳ පිළිතුරු ලබා ගත හැක්කේ '80 ජුලි වැඩ වර්ජනයට සහභාගී වීම නිසා ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුවෙන් අවුරුදු දෙක තුන රැකියා අහිමි කෙරුණු පවුල්වල සාමාජික සමාජිකාවන්ගෙනි. පළමු හත් අට මාසයේ, අවුරුද්දේ ඔවුන් ඒ සමාජයේ අත්දුටු මනුස්සකම ගැන ඇසීමෙනි.

රජයේ ලිපිකරු සේවා සංගමයේ ගාල්ල ප්‍රදේශයේ වැඩ වර්ජිත ක්‍රියාකාරිකයකු වරක් මා සමග කියූ වර්ජකයින්ට සළකනූ ලැබූ මනුස්සකම ගැන කතා ගණනාවකි. නැවත රැකියාවක් ලැබෙන තෙක් ගෙවල් කුලිය එපා යැයි කියූ ගෙහිමියන් ගැන කතා අද කියුවහොත් ඒවා සුරංගනා කතා වැනිය.

වර්ජකයින් කොටුව ලිපිකරු සංගම් මූලස්ථානයේ ආරම්භ කළ සිල්ලර කඩයට හලාවත ප්‍රදේශයේ කරවල වෙළඳුන් නොමිලේ කරවල ලබාදීම ගැන සහ ජාඇල, මීගමුව, හලාවත ප්‍රදේශවල එවැනි මනුස්සකම් ගැන කතා අපමණ අසා දැන ගැනීමට තිබූ වැදගත්ම සාධකය දැන් නැත. ඒ ලීනස් ජයතිලක සහෝදරයා ය.

වැඩ වර්ජනයෙන් පසු වරක් මා ලංකා ගුරු සංගමයේ සභාපති එච්.එන්.ප්‍රනාන්දු සහෝදරයා සමග යාපනය දිස්ත්‍රික්කයේ වැඩ වර්ජිතයින් හමුවන්නට ගිය විට, යාපනය වර්ජකයින්ගේ කමිටුවේ සභාපති සහෝදරයා අපට නෙල්ලියාඩි සති පොලේ වෙළෙන්දෙකු හඳුන්වා දුන්නේ ඔහු හඳුනන ඒ ප්‍රදේශයේ වැඩ වර්ජිත පවුල් ගණනාවකට වියළි අහර මල්ලක් සති පතා ලබා දුන් දෙවියෙකු යැයි කියා ය.

80 දසකය වන විටද සමාජයේ තිබූ එවැනි වූ මනුස්සකම්, අවුරුදු 40 ක කාලයක් තුල අහඹුවක් බවට පත් වූයේ කෙසේද? සමස්ථ සමාජයේම ඇති වූ බරපතල පිරිහීමක් පුද්ගල දොසක් ලෙස සැළකීමට හැකිද? එසේ නම් එයටද හේතු තිබිය යුතු නොවේද?

 

 

"මනුස්සකම" සමාජයේ නොමැති මනුස්සකමක් ලෙස නොව, සමාජ පිරීහිම් සමග "අහිමි වූ" මනුස්සකමක් ලෙස සළකා කතා කිරීම උත්තර සොයා ගැනීමට උපකාරී වන්නකි.

 


චීවරධාරීන්ට උත්තර දෙන්න නම් මංගල පීල්ල මාරු කළ යුතුයි - කුසල් පෙරේරා(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 මැයි 22
 

Leader Whats app

  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...