The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න...- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 22, 2022 • 10:58 AM

වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න...- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි 9 පුපුරාගිය ලාංකික විප්ලවීය මොහොත අවසන් බල හුවමාරුවක් දක්වා ගමන් කළේ නැහැ.
  • බල හුවමාරුව එහෙම සනීප සුවපහසු දෙයක් නම් 'විප්ලවය' වගේ වචනයක් වෙනුවෙන් ලෙනින් ල, මාවෝ ල, චේ ල ඔච්චර කට්ට කන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ලස්සනටම කතා කරන කෙනාට බලය එනවා කියල කොහෙවත් නියමයක් ඇත්තේ නැහැ.
  • හැබැයි මිනිස්සු අර පරණ විදියට එළියට එන්නේ නැති වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මැයි 9 පුපුරාගිය ලාංකික විප්ලවීය මොහොත අවසන් බල හුවමාරුවක් දක්වා ගමන් කළේ නැහැ. නමුත් ඒ මොහොත සිමියුලේක්රම් කරලා රනිල්ගේ අවතාරය බලය ලබා ගත්ත.

ලාංකික වම විප්ලවීය මොහොතක් සඳහා සහ ඒ ඔස්සේ සිදුවන බල විතැන්වීමක් වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ. හැබැයි රනිල් සුදානම් වෙලා හිටිය. දැන් රනිල්ට බැනල වැඩක් නැහැ. දැන් කරන්න ඕනි මෙතැනින් පස්සේ වැඩ කරන්නේ කොහොමද කියල හිතා බලන එක.

රනිල් බලය ගත්තේ දේශපාලන නිරවද්‍ය විදියට නොවෙන්න පුළුවන්. හැබැයි බලය කියන්නේ පොඩි මැකියාවෙල්ලියානු ගතිකයක් තියන දෙයක්.

බලය ගන්න ඕනි හරිම විදිය මේක කියල පොතක කොහේවත් ලියල නැහැ. ඒක හදිසි ආපතික මොහොතක්. ග්‍රහණය කර ගන්න ඕනි. බලය ගන්න ඉස්සර තත්වය සහ ගත්තට පස්සේ තත්වය වෙනස්.

 

රාසමනික්කම් දේශපාලන ආචාරධර්ම වගේ තැනකදී හරි වෙන්න පුළුවන්. හැබැයි බලය කියන්නේ එහෙම සනීපෙට, කතිකා කලාපෙක විතරක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බල හුවමාරුව එහෙම සනීප සුවපහසු දෙයක් නම් 'විප්ලවය' වගේ වචනයක් වෙනුවෙන් ලෙනින් ල, මාවෝ ල, චේ ල ඔච්චර කට්ට කන්නේ නැහැ. 

 

පාර්ලිමේන්තුවේ ලස්සනටම කතා කරන කෙනාට බලය එනවා කියල කොහෙවත් නියමයක් ඇත්තේ නැහැ. එන්නත් පුළුවන්. නොඑන්නත් පුළුවන්. වෙන කෙනෙක් උදුරා ගන්නත් පුළුවන්.

බල හුවමාරුවක් එක්ක සමාජය කොහොමත් තරමක් පස්සට යනවා. දැන් වෙලා තියෙන්නෙත් ඒක. පෝලිම් නැවතිලා නැහැ පොඩ්ඩක්වත්. හැබැයි මිනිස්සු අර පරණ විදියට එළියට එන්නේ නැති වෙයි. මොකද දැන් එයාල තනි වෙනවා කියල දන්නවා.

 

sanath h

''මචං අපිත් බයවුණා ගෙවල් ගිණිගන්න එක දැකල''

 

නව වෙනිදා රෑ බය නැතුව ඉස්සරහට ආපු මිනිස්සු දැන් දන්නවා සංවිධිත කියන දේශපාලන පක්ෂ එයාල සුදානම් වුන 'හදිසි මොහොත' (ගමන) වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ කියල.

ඒ වෙනකොට අපි කැඩිලා විසිරිලා හිටියේ. සිදුවන දේ එක්ක වික්ෂිප්ත වෙලා හිටියේ. මට සමහර වමේ නැඹුරුවක් තියෙන කෙනෙක් කිව්වා 'මචං අපිත් බයවුණා ගෙවල් ගිණිගන්න එක දැකල' කියල. මම නිරුත්තර උණා.

'අනික මචං ඕ ලෙවල් විභාගේ නිසා ලොකු පීඩනයක් අපිට ආව දෙමව්පියන් ගෙන්...' එහෙමත් කීව.

ඕ ලෙවල් විභාගේ වෙනුවෙන් විප්ලවීය මොහොතක් දැකල ආපසු දිව්ව විප්ලවවාදීන් පිරිසක් අපි....උම්මා කැටේ. ?

ඉන්දියාවෙන් තෙල් නැවක් ආව කියල මේ අර්බුදය ඉවර වෙන්නේ නැහැ. ගෑස් ටිකක් දුන්නට මේක ඉවර වෙන්නෙත් නැහැ.

 

මියගිය සිස්ටම් එකක් බැන්ඩේජ් කළා කියල ආයේ පණ එන්නේ නැහැ. ඒ නිසා ආනාගතයේ උණත් විප්ලවීය නිමේෂයන්ගෙන් අඩුවක් වෙන එකක් නැහැ. ඒවා ග්‍රහණය කර ගන්න. එකම දේ පොතේ තියන විදියට නම් ඒවා සිද්ද වෙන එකක් නැහැ. ඇස් ඇරගෙන ඉන්න.

 

වසඟයෙන් ගන්න පුළුවන් නම් වසඟයෙන් ගන්න. වසඟයෙන් ගන්න පුළුවන් තැන ආයේ යුද්ද කරන්න ඕනිත් නැහැ. එහෙම කිව්වේ මැකියාවෙල්ලි. රනිල් අගමැතිකම ගත්ත දවසෙම ඒක මගේ වෝල් එකේ දැම්මා.

makiyaweli


මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න...- (මහේෂ් හපුගොඩ) | The Leader